Posts

පුරවැසි කොලම

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

Image
  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ නාමයෙන් පසුගිය යහපාලන ආණ්ඩුව ඉන්දියානු සහ ජපාන ආණ්ඩු සමඟ 28/5/2019 වන දින අත්සන් කළ සහයෝගිතා ගිවිසුමේ මෙසේ සඳහන් වේ. ”කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය අත්පත් කර ගැනීම ඉන්දියාවට සහ ජපානයට භූ දේශපාලන උපායමාර්ගික වශයෙන් වැදගත් වේ.” යහපාලන රජයේ වරාය ඇමැති සාගල රත්නායක මහතා ”කණ අත්සන” ගැසූ එම ගිවිසුම අනුව පර්යන්ත මෙහෙයුම් සමාගමේ 49% ක අයිතිය ලබා ගන්නා ඉන්දියාවට එම පර්යන්තය කළමනාකරණය කිරීමේ අයිතිය ලැබෙන අතර ජපානයේ වගකීම පොලියට ණයක් ලබා දීම පමණි. එනම් වරායේ කළමනාකරණය අත්පත් කර ගැනීමට මාන බලන ඉන්දියාවේ අධානි නම් වූ සමාගම එක රුපියලක් හෝ ආයෝජනය නොකර කළමනාකරණ අයිතිය ලබා ගනියි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ රජය ඩොලර් මිලියන 80 ක් වැය කොට ඉදිකළ ජැටිය අධානි අතට නොමිලේම ලැබේ. එම එකඟතාව අත්සන් කිරීමෙන් පසුව 29/5/2019 දින මාධ්‍ය අමතමින් අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවේ රජයට මුදල් නොමැති නිසා සහ ඉන්දියාව සමඟ ගැටුම් ඇතිකර ගැනීමට නොහැකි නිසා එම ගිවිසුමට එළඹුනු බවය. ඒ අනුව ඉන්දියානු රජය නැගෙනහිර පර්යන්තය ඉල්ලා ශ‍්‍රී ලංකාවට බලපෑම් කළ බව සහ ගැ...

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

Image
  ජනාධිපතිවරයාගේ විධායක බලතල සියල්ල නැවත ශක්තිමත් කිරීමෙන් හෙවත් ‌ජේ. ආර්. යුගයට ආපසු යාමෙන් තොරව රටට ගමනක් නොමැති බවට ආණ්ඩුවේ යම් පාර්ශ්ව තර්ක කරති. එම උවමනාව දැන් ඉටු වී ඇත. මෙම ලිපියේ මූලික අරමුණ ජනාධිපතිවරයාට 20 වන සංශෝධනයට පෙර තිබූ බලතල යොදා ගනිමින් වුවද ඉතා පහසුවෙන් රට වෙනස් කරන බොහෝ තීරණාත්මක ක්‍රියාමාර්ග ගත හැකි බව පෙන්වා දීමය. එසේ දැනට තිබෙන බලතල යටතේ ක්‍රියාත්මක කළ හැකි එහෙත් නොකරන දේ බලතල වැඩි වූ පමණින් ක්‍රියාත්මක වනු ඇති බවට සහතිකයක් ලබා දිය හැකිද? එසේ තිබෙන බලතල යටතේ කළ යුතු තීරණාත්මක දේ නොකරන්නේ නම් අන් කුමක් සිදුකළත් රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගත නොහැකි බව පෙන්වාදීමට සිදුවේ. එය සර් ව බලධාරී ජනාධිපති ජේ. ආර්. නොව සක්‍රයා නැවත පහළ වුවත් අදාළ වන බව සඳහන් කිරීමට සිදු වන්නේ කළ යුතු දේ ඒ තරමට තීරණාත්මක සහ මූලධාර්මික වන බැවිනි. වෙනත් වචනවලින් කියන්නේ නම් කොරෝනා වසංගතයට පෙර සිටම ප්‍රපාතයට ගමන් කරමින් තිබෙන රටේ ආර්ථිකය නැවත ගොඩ ගැනීම මුල්කරගෙන රටේ නිෂ්පාදන ආර්ථිකය උද්දීපනය කිරීම සඳහා අවශ්‍යවන මූලික පූර්ව කොන්දේසියක් සැපිරීමෙන් තොරව කිසිදිනෙක එම ආර්ථිකය ප්‍රපාතයෙන් ගොඩ ඒමට නොහැ...

සරත් වීරසේකරට පිළිතුරු : විකිණීම නොකරන බව සහතික කරන තෙක් චෝදනා වලංගු වේ

Image
  අපගේ ආදරණීය සටන් සඟයකු වූ රියල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යවරයා මා විසින් දිවයින පුවත්පතට සැපයූ “ හම්බන්තොට වරාය චීනයට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට: ඊළඟට කුමක්ද? ” නම් වූ ලිපියට පිළිතුරු බැඳීම මඟින් එම චෝදනාවලට අදාළව එතුමාගේ මතය සෘජුව ප්‍රකාශ කිරීම ඉතා අගය කළ යුතුය. විශේෂයෙන්ම ජාතික සම්පත් සහ උපායමාර්ගික මර්මස්ථාන අන්සතු කරන්නේ නම් එය පාවාදීමක් බවත්, එසේ වන්නේ නම් තමාද ඊට වගකිව යුතු බව සහ තමා ඊට එරෙහි වන බව නිර්භයව ප්‍රකාශ කිරීම ඉතා ඉහළින් අගය කළ යුතුය. එය සරත් වීරසේකර සන්නාමයේ ගුණයක් බව අප දනිමු. අප මිත්‍ර සරත් වීරසේකර මහතා ඇතුළු අප සැම පසුගිය යහපාලන ආණ්ඩුව පරාජය කිරීම සඳහා පොළඹවනු ලැබූ එක් ප්‍රධාන හේතුවක් වූයේ එම අවංක දේශපාලන ස්ථාවරය නොවේද? ඊට අමතරව බෙදුම්වාදයට සහ ඉස්ලාම් අන්තවාදයට පක්ෂපාතීව කටයුතු කිරීමද යහපාලන ආණ්ඩුව පලවා හැරීම සඳහා අපගේ අධ්‍යාත්මය මෙහෙයවූ ප්‍රධාන හේතු බවට විවාදයක් නැත. නමුත් විකිණීමේ චෝදනා විකිණීම පිළිබඳ අප වෙත එල්ල කෙරෙන චෝදනා කිසි සේත්ම පිළිගත නොහැක. ඔබත් අපත් ඉතා දුක්මහන්සියෙන් විකිණීමේ චෝදනා අලෙවිකරනු ලැබුවේ යහපාලන ආණ්ඩුව පරාජ...

එළවළු වෙළඳපොළේ අවුල සහ ආර්ථික මධ්‍යස්ථාන න්‍යායේ දුප්පත්කම

Image
  රුසියානු වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ලියොනිඩ් රොෂාල් මහතා ජාත්‍යතර මාධ්‍ය වලට ඉතා සුවිශේෂි ප්‍රකාශයක් සිදු කොට ඇත. රුසියානු ජනාධිපති වැල්ඩ්මීර් පූටින්ගේ පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා උපදේශකයෙකු වන ඒ මහතා සඳහන් කරන්නේ වර්තමාන කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය ගෝලීය මට්ටමේ ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් ලෙස සැලකිය යුතු බවය. ඒ අනුව මෙවැනි වසංගත වලට මුහුණ දීම සඳහා රුසියාවේ රාජ්‍ය පද්ධති සහ හමුදාව පමණක් නොව ජනතාවද ශක්තිමත් කළ යුතු බව ඔහු පවසයි. ඔහුගේ මතයට අනුව මධ්‍යගත ක්‍රියාවලියට අමතරව පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් පමණක් නොව ගෘහස්ථ මට්ටමින්ද මුහුණදීමේ හැකියාව සහ ධාරිතාව වර්ධනය කළ යුතුය. ඊට අමතරව ආරක්ෂක හමුදා සිවිල් වගකීම් ඉටුකිරීම සඳහා විධිමත්ව සූදානම් කළ යුතු බව පමණක් නොව වසංගත තත්වයකදී පළමු මට්ටමේ සෞඛ්‍ය සේවා මැදිහත් වීම ආරක්ෂක හමුදාවල වෛද්‍ය ඒකක මඟින් සිදුකළ යුතු බවද ඔහු කියයි. එම ලෝක ප්‍රකට ” දේශපාලන වෛද්‍යවරයාගේ ” උපදේශය දෙස ශ්‍රී ලංකාවට සාපේක්ෂව බැලීමේදී අප රටේ මධ්‍යගත මට්ටමේ සිට ගෘහස්ථ මට්ටම දක්වා වන මුහුණදීමේ හැකියාව සහ ධාරිතාව තවදුරටත් වර්ධනය කළ යුතු බව පිළිගැනීමට ස...

ආර්ථික ඝාතකයන් සහ දේශීය ආර්ථිකයට ඇති බාධා

Image
  පසුගිය දින වල   යුරෝපා සංගමය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රජය දීර්ඝ කාලිනව ආනයන තහනම් කිරීම පිළිබඳව විරෝධය පළ කොට ඇති බව වාර්තා විය. ඒ අතර ශ්‍රී ලංකාවට කහ ආනයනය තහනම් කිරීම නිසා ඉන්දියාවේ කහ ගොවියාට මුහුණදීමට සිදුවී ඇති තත්වයන් පිළිබඳව ඉන්දියාව පැත්තෙන් කරුණු දැක්වීමක් සිදුවන බවද වාර්තා විය. ඊට පෙර ශ්‍රී ලංකාව හරහා වෙනත් රටවලින් ආනයනය කරන බාල ගම්මිරිස් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීම වැළැක්වීම සඳහා පනවා තිබූ “ අවම ආනයන මිල ” නැමැති බාධකය නිසා පසුකාලීනව වර්තමාන ජනාධිපතිතුමා විසින් ප්‍රතිඅපනයනය තහනම් කළද ගම්මිරිස් මිල අපේක්ෂිත මිලට ඉහළ යාමක් සිදුවූයේ නැත. ශ්‍රී ලංකාවේ රජය විසින් ඉන්දියාවෙන් කහ ආනයනය තහනම් කිරීම නිසා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ගම්මිරිස් සඳහා පනවා ඇති මිල බාධකය බවත් නොකරන බවද වාර්තා විය. එම තත්වය තුළ මුහුදු මාර්ග හරහා නීතිවිරෝධීව රටතුළට ඉතා විශාල වශයෙන් කහ ගෙන එන බවද වාර්තා විය. ඒ ආකාරයට කහ ආනයනය සම්න්ධයෙන් රජය ඉතා දැඩි ස්ථාවරයක සිටියද ආනයන වියදම් සහ ප්‍රමාණය අනුව බලනවිට තිරිඟු පිටි කෑමට ගන්නා තෙල් වර්ග සහ කිරිපිටි වැනි ආහාර සමඟ සසඳන විට කහ ආනයනය...

පොල් තෙල් ‘පල්’ කරන ෆාම් තෙල් මාෆියාව රටම ලෙඩ කිරීමට පෙර

Image
  .  “ජනාධිපති මාමේ අපට පොල්තෙල් කියා ෆාම් තෙල් කවන්න ඉඩ දෙන්න එපා. අපට ලොකු වුණාම පිළිකා හැදෙයි” මේ වෛද්‍යවරයකුගේ පාසල් වයසේ දියණියක විසින් ජනපතිතුමන් වෙත යවන ලද ලිපියක සඳහන්ව තිබූ වැකි දෙකකි. මෙම සංවාදය ඉතියෝපියාවේ හෝ සෝමාලියාවේ මිනිසුන් හෝ දරුවන් අතර සිදුවූවා නම් අපට හිත හදාගත හැක. නිදහස් අධ්‍යාපනයෙන් උගත් නිලධාරීන් අතිරික්ත වශයෙන් පවා සිටින මහා රාජ්‍ය ආයතන පද්ධතියක් මෙන්ම විද්වත් සංවිධාන රාශියක් තිබෙන රටක මහජනයාට වංචා කරමින් සහ මහජන සෞඛ්‍ය අනතුරේ හෙළමින් ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මිශ්‍ර කොට විකිණීමේ මහා ජාවාරම නිදහස් කරගෙන යාමට සුළු පිරිසකට ඉඩ ලබා දී ඇත. විවිධ මට්ටම්වලදී සිදු කරන මහජන සෞඛ්‍යයට අහිතකර මෙම ආහාර බාල කිරීමේ ජාවාරම ආහාර පනත සහ පාරිභෝගික අධිකාරී පනත යටතේ මෙන්ම පොල් සංවර්ධන අධිකාරී පනත යටතේ නිතිවිරෝධී වේ. ඊට අමතරව පොල් සංවර්ධන මණ්ඩලයේ මූලික වගකීම අනුවද මෙම ජාවාරම වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට එම ආයතනය බැඳී සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනයේ යම් නිලධාරීන් ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය පිරික්සීම සඳහා නවසීලන්තයට ගොස් අදාළ කර්මාන්තශාලා පවා පරික්ෂා ක...

ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන උවමනාව සහ බෙදුම්වාදීන්ගේ කූඨ සැලසුුම්

Image
  පසුගිය දිනවල පුද්ගලික රූපවාහිනී නාලිකාවක ජනප්‍රිය වැඩසටහනකදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය ක්ෂණිකව ඉවත් කළ යුතු බවය. ඊට අමතරව ආණ්ඩුවේ විවිධ පාර්ශව ඊට පෙර සඳහන්කොට ඇත්තේ 19 වැනි සංශෝධනය සමග එය සාධාරණීකරනය සඳහා හේතු වූ 18 වැනි සංශෝධනය ද ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවය. ඒ අතර නව අදිකරණ අමාත්‍යවරයා පුවත්පත් වලට ප්‍රකාශකොට ඇත්තේ 19 වන සංශෝධනය අහෝසි කොට එහි තිබූ යම් වගන්ති 20 වැනි සංශෝධනය මගින් නැවත පනවන අතර 18 වැනි සංශෙෘ්ධනයේ යම් ප්‍රතිපාදන සංශෝධනය කරන බවය. ඔහුගේ ප්‍රකාශය අනුව දැනටමත් 20 වැනි සංශෝධනයේ කෙටුම්පත සකස්කොට අවසානය. නමුත් ව්‍යවස්ථාපිත පටිපාටිය අනුව එසේ කෙටුම්පතක් සකස් කිරීමට පෙර සංශෝධනය කෙරෙන වගන්ති දළ වශයෙන් සඳහන් කොට එසේ කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුය.   කෙසේ වෙතත්  ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘’ සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනවරමක් ඉල්ලා සිටිනු ලැබුවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහාය.එහි සඳහන් වූයේ වරින් වර සංශෝධනය කොට විකෘතියක් බවට පත්කොට ඇති අප රටේ ව්‍යවස...