ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන උවමනාව සහ බෙදුම්වාදීන්ගේ කූඨ සැලසුුම්
පසුගිය දිනවල පුද්ගලික රූපවාහිනී නාලිකාවක ජනප්‍රිය වැඩසටහනකදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය ක්ෂණිකව ඉවත් කළ යුතු බවය. ඊට අමතරව ආණ්ඩුවේ විවිධ පාර්ශව ඊට පෙර සඳහන්කොට ඇත්තේ 19 වැනි සංශෝධනය සමග එය සාධාරණීකරනය සඳහා හේතු වූ 18 වැනි සංශෝධනය ද ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවය. ඒ අතර නව අදිකරණ අමාත්‍යවරයා පුවත්පත් වලට ප්‍රකාශකොට ඇත්තේ 19 වන සංශෝධනය අහෝසි කොට එහි තිබූ යම් වගන්ති 20 වැනි සංශෝධනය මගින් නැවත පනවන අතර 18 වැනි සංශෙෘ්ධනයේ යම් ප්‍රතිපාදන සංශෝධනය කරන බවය. ඔහුගේ ප්‍රකාශය අනුව දැනටමත් 20 වැනි සංශෝධනයේ කෙටුම්පත සකස්කොට අවසානය. නමුත් ව්‍යවස්ථාපිත පටිපාටිය අනුව එසේ කෙටුම්පතක් සකස් කිරීමට පෙර සංශෝධනය කෙරෙන වගන්ති දළ වශයෙන් සඳහන් කොට එසේ කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘’ සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනවරමක් ඉල්ලා සිටිනු ලැබුවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහාය.එහි සඳහන් වූයේ වරින් වර සංශෝධනය කොට විකෘතියක් බවට පත්කොට ඇති අප රටේ ව්‍යවස...