Posts

පොල් තෙල් ‘පල්’ කරන ෆාම් තෙල් මාෆියාව රටම ලෙඩ කිරීමට පෙර

Image
  .  “ජනාධිපති මාමේ අපට පොල්තෙල් කියා ෆාම් තෙල් කවන්න ඉඩ දෙන්න එපා. අපට ලොකු වුණාම පිළිකා හැදෙයි” මේ වෛද්‍යවරයකුගේ පාසල් වයසේ දියණියක විසින් ජනපතිතුමන් වෙත යවන ලද ලිපියක සඳහන්ව තිබූ වැකි දෙකකි. මෙම සංවාදය ඉතියෝපියාවේ හෝ සෝමාලියාවේ මිනිසුන් හෝ දරුවන් අතර සිදුවූවා නම් අපට හිත හදාගත හැක. නිදහස් අධ්‍යාපනයෙන් උගත් නිලධාරීන් අතිරික්ත වශයෙන් පවා සිටින මහා රාජ්‍ය ආයතන පද්ධතියක් මෙන්ම විද්වත් සංවිධාන රාශියක් තිබෙන රටක මහජනයාට වංචා කරමින් සහ මහජන සෞඛ්‍ය අනතුරේ හෙළමින් ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මිශ්‍ර කොට විකිණීමේ මහා ජාවාරම නිදහස් කරගෙන යාමට සුළු පිරිසකට ඉඩ ලබා දී ඇත. විවිධ මට්ටම්වලදී සිදු කරන මහජන සෞඛ්‍යයට අහිතකර මෙම ආහාර බාල කිරීමේ ජාවාරම ආහාර පනත සහ පාරිභෝගික අධිකාරී පනත යටතේ මෙන්ම පොල් සංවර්ධන අධිකාරී පනත යටතේ නිතිවිරෝධී වේ. ඊට අමතරව පොල් සංවර්ධන මණ්ඩලයේ මූලික වගකීම අනුවද මෙම ජාවාරම වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට එම ආයතනය බැඳී සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනයේ යම් නිලධාරීන් ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය පිරික්සීම සඳහා නවසීලන්තයට ගොස් අදාළ කර්මාන්තශාලා පවා පරික්ෂා ක...

ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන උවමනාව සහ බෙදුම්වාදීන්ගේ කූඨ සැලසුුම්

Image
  පසුගිය දිනවල පුද්ගලික රූපවාහිනී නාලිකාවක ජනප්‍රිය වැඩසටහනකදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය ක්ෂණිකව ඉවත් කළ යුතු බවය. ඊට අමතරව ආණ්ඩුවේ විවිධ පාර්ශව ඊට පෙර සඳහන්කොට ඇත්තේ 19 වැනි සංශෝධනය සමග එය සාධාරණීකරනය සඳහා හේතු වූ 18 වැනි සංශෝධනය ද ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවය. ඒ අතර නව අදිකරණ අමාත්‍යවරයා පුවත්පත් වලට ප්‍රකාශකොට ඇත්තේ 19 වන සංශෝධනය අහෝසි කොට එහි තිබූ යම් වගන්ති 20 වැනි සංශෝධනය මගින් නැවත පනවන අතර 18 වැනි සංශෙෘ්ධනයේ යම් ප්‍රතිපාදන සංශෝධනය කරන බවය. ඔහුගේ ප්‍රකාශය අනුව දැනටමත් 20 වැනි සංශෝධනයේ කෙටුම්පත සකස්කොට අවසානය. නමුත් ව්‍යවස්ථාපිත පටිපාටිය අනුව එසේ කෙටුම්පතක් සකස් කිරීමට පෙර සංශෝධනය කෙරෙන වගන්ති දළ වශයෙන් සඳහන් කොට එසේ කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතුය.   කෙසේ වෙතත්  ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘’ සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනවරමක් ඉල්ලා සිටිනු ලැබුවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහාය.එහි සඳහන් වූයේ වරින් වර සංශෝධනය කොට විකෘතියක් බවට පත්කොට ඇති අප රටේ ව්‍යවස...

තිරිඟු පිටි මාෆියාව ගොයම කන විට සහල් මාෆියාව නම් වූ මුව හමට තඩිබෑම

Image
  අප රටේ සහල් මාෆියාවක් තිබෙන බවට උපකල්පනය කරමින් සහ එම මාෆියාව පැරදවීම සඳහා යැයි පවසමින් විමුක්ති වීදියබණ්ඩාර නම් වූ මහත්මයෙකු විසින් පසුගිය ඉරිදා දිවයින පුවත්පතට සපයන ලද ලිපියට පිළිතුරු ලිපියක් ලෙස නොවුවත් එම ලිපිය මුල්කරගෙන මෙම ලිපිය ලියන බව කරුණාවෙන් සළකන්න. එම ලිපිය මඟින් පැහැදිළි කෙරෙන සහල් සහ වී ගබඩා කිරීමට අදාළව නව තාක්ෂණයක් සොයා ගැනීම ඉතා වැදගත් බවට විවාදයක් නැත. එම නව තාක්ෂණය සොයා ගෙන එය අත්හදා බැලීමට ලක්කොට ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මට්ටම වැඩිදියුණු කිරීම පිළිබව අප සැමගේ ගෞරවය මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂ මහතාට පුද කළ යුතුය. එම නව තාක්ෂණය ප්‍රායෝගිකව යථාර්තයක් බවට පත්කිරීම සඳහා දියත් වූ ක්‍රියාදාමය සහ ඊට මුල්වූ පිරිසගේ කැපවීම රටට එළිදරව් කිරීම ද ඉතා වැදගත් කර්තව්‍යයකි. එසේ වුවත් ඉහත ලියුම්කරු විසින් සඳහන් කරන ආකාරයට  සති දෙකක කාලයකට රටට අවශ්‍ය සහල් ප්‍රමාණයක් ගබඩාකළ හැකි ගබඩාවක් අලුත්වැඩියා කිරීම මඟින් සහල් කර්මාන්තය ආශ්‍රිත බහු විධ ගැටළු නිරාකරණය වන්නේ කෙසේ දැයි පැහැදිළි නැත. මීට පෙර එස්.බී දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිව සිටි සමයේදී වී ගොවියා සහ සහල් කර්මාන්තකරුවන් මුහ...

ජාතිවාදී බළල් අත් ගැන අගමැති ප්‍රකාශය

Image
සමගි ජන බලවේගය ජාතිවාදී දේශපාලන පක්ෂවල බළල් අතක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සුවිශේෂි තත්වයකි. එතුමා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කරනු ලබන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උතුරු ප්‍රදේශයේදී කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් බව පෙනේ. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශකොට ඇත්තේ තමා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය. එම ව්‍යවස්ථා සංශෝධනය බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව ඒ තුළට පනවා ඇති ව්‍යවස්ථාමය බාධක නිසා බව රහසක් නොවේ. ටී.එන්.ඒ පක්ෂය ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග විසින් යුද්ධය පැවති කාලයේදී පවා ඉල්ලා සිටිනු ලැබුවේ එම ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන සංශෝධනයක් මඟින් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙසය. පසුගිය යහපාලන රජය විසින් පත්කරන ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ටී.එන්.ඒ පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා තුළින් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටිනු ලැබුවේ එම ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන ලෙසය. ඊට අමතරව ඔවුන් විසින් 13 වැනි සංශෝධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එනම් පරිධිය ශක්තිමත් කිරී...

ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ආනයනික භාණ්ඩ වලට බදු පැනවීම සහ බදු සහන දීම : දූෂිත සහ ආර්ථික ඝාතක සෙල්ලමක්

Image
වර්තමාන ආණ්ඩුව බලයට පත් වී ගත වූ මාස 6 ක කාලය තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව මුදල් අමාත්‍ය වරයාගේ අත්සනින් පමණක් අවස්ථා 5 කදී ආනයනික භාණ්ඩ සඳහා බදු සහන ලබා දීම සහ බදු පැනවීම සිදුකොට ඇත. ඒ සඳහා රේගු ආඥා පනත, ආනයන – අපනයන පාලන පනත, විශේෂ පරිභෝජන බදු පනත, වැට් බදු පනත ආදී පනත් වලින් මුදල් අමාත්‍යවරයාට බලය තිබෙන බව සත්‍යයකි. එහෙත් 1977 ට පෙර එසේ නව බදු පැනවිම හෝ සහන දීම සිදු කරනු ලැබුවේ අය වැය මඟින් හෝ රටට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන යම් විශේෂ හේතු දැක්වීම් සහිත ප්‍රකාශයක් මඟිනි. ඒ ආකාරයට බදු පැනවීම හෝ සහන දීම මඟින් ආර්ථිකය තුළ සිදුවන වෙනස එනම් දිරිගැන්වීම හෝ අධෛර්යමත් කිරීම කුමක්දැයි මහජනයාට පැහැදිළි වන අතර එය සාධාරණීකරනය කෙරේ. නමුත් 1977 න් පසු ආරම්භ වී දැන් එක්තරා උච්චතම අවස්ථාවකට පත් වී ඇති මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ සිදුකරනු ලබන බදු වෙනස්කම් පිළිබඳ තීන්දු ගනු ලබන්නේ නිලධාරීන් කිහිප දෙනෙකු විසිනි. බොහෝවිට එසේ ලබා දෙන බදු සහන පිළිබඳ සොයා බැලීමේදී පැහැදිළි වන්නේ අදාළ තීන්දු වලින් යම් තෝරාගත් සමාගම්, විශේෂයෙන්ම ආනයනික, භාණ්ඩ වෙළඳාමේ නියුක්ත සමාගම්, ක...

ටී.එන්.ඒ පක්ෂය දකුණෙන් වමට පීලි මාරුකිරීමේ රහස

Image
පසුගිය දිනවල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 50 වසරක දේශපාලන දිවියට සුභ පැතුම් ලිපියක් යවමින් ටී.එන්.ඒ පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. එහිදී ඔහු මහින්ද රාජපක්ෂ චරිතය වර්ණනා කිරීම සඳහා ඉතිහාසයේ ඔහු විසින් කිසි දිනෙක භාවිතා නොකළ බවට සඳහන් කළ හැකි ඉතා සුන්දර සහ යහපත් වචන රාශියක් යොදා ගෙන තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාගේ 50 වසරක විචිත්‍රවත් දේශපාලන ගමන විග්‍රහ කිරීම සඳහා ඊට වඩා ප්‍රභල වචන යොදා ගැනීම වරදක් නොවේ. එහෙත් සම්බන්ධන් මහතා ප්‍රමුඛ එදා එල්.ටී.ටී සංවිධානයේ දේශපාලන හස්තය ලෙස ක්‍රියාකළ පිරිස එම වසර 50 න් වසර 30 කට වැඩි කාලයක් මරාගෙන මැරෙන ආකාරයෙන් උත්සහා කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ චරිතය වර්ණනා කිරීමට නොව දේශපාලන වීමෙන් පමණක් නොව භෞතිකවද මිහිපිටින් ඉවත් කිරීමටය. යුද්ධය පැවති කාලයේදී එම දෙවන උවමනාව ඔවුන්ගේ ප්‍රමුඛතම ප්‍රාර්ථනාව වූ බව රහසක් නොවේ. ඉන්පසුව 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට සහ 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වැලැක්වීම සඳහා ටී.එන්.ඒ පක්ෂය දෙස් විදෙස් සියළු ප්‍රතිගාමී බලවේග සමඟ එකතු විය. ඇත්තවශයෙන්ම 2015 දී මහින්ද ර...

කෝවිඩ් 19න් පසු නැගී සිටීම: මඟ පෙන්වීමේ නාමයෙන් මඟ වැරැද්දවීම

Image
කොරෝනා වසංගතය ගෝලීය මට්ටමින් සමනය කර ගැනීම සඳහා තවත් මාස 6 ක් පමණ ගත විය හැකි බවට විවිධ වසංගත රොග විද්‍යාඥයින් විසින් සංඛ්‍යානමය ආකෘති යොදා ගනිමින් අනාවැකි පළ කොට ඇත. ඒ අතර ස්වාධීන යැයි පෙන්වන ආර්ථික විද්‍යාඥයින් මෙන්ම මූල්‍ය අරමුදල වැනි ආයතන නියෝජනය කරන පාර්ශවීය යැයි කියන විද්වතුන්ද එක් පොදු මතයක් ඉදිරිපත් කරති. ඒ 1930 ඇතිවූ මහා ගෝලීය ආර්ථික අවපාතයට පසුව එන දරුණුතම ආර්ථික අවපාතයකට ලෝක වැසියාට මුහුණ දීමට සිදුවන බවය. එසේ නම් කොරෝනා පාලනයේ දිගුවක් ලෙස ආර්ථික අවපාතය පාලනය කිරීමේ හෝ ඊට මුහුණදීමේ ක්‍රියාන්විතය දියත් කිරීමට ලෝකයේ සෑම රාජ්‍යයකටම සිදුවනු ඇත. නමුත් කොරෝනා වසංගතය පැන නැගීමට පෙර යුරෝපයේ බලවත් බැංකු කිහිපයක විශ්ලේෂකයින් විසින් අනතුරු අඟවා තිබුණේ යුරෝපයේ සහ ඇමරිකාවේ මූල්‍ය වෙළඳපළ බරපතල කඩා වැටීමකට ලක් විය හැකි බවය. එසේ නම් කොරෝනා වසංගතය එම රටවලට ආශිර්වාදයක් වූ බව පිළිගැනීමට සිදුවේ. එනම් බලවත් රටවල් පමණක් ඇද වැටීම වෙනුවට සමස්ථ ලෝකයම ඇද වැටීම මඟින් එම බලවතුන්ගේ ස්ථානය යම් පමණකට ආරක්ෂා වීමය. කෙසේ වෙතත් දැන් බලවතුන් මෙන්ම දුබලයින්ද වසංගතයෙන් පසුව නැවත නැගී සිටීම සඳහා විවිධ ක්‍රියාමාර්ග...