Popular posts from this blog
‘‘අතුරුදහන්වූවන්ගේ කාර්යාල’’ පනතේ රණවිරුවන් පාවාදෙන මාරක වගන්ති 10ක්
ශ්‍රී ලංකාවේ එක ` ගතාවයෙන් ශ්‍රී ලංකාවට විරුද්ධව ජිනිවා මානව හිමිකම් සමුළුවට ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුව යුද සමයේදී අතුරුදහන් වූවන් ලෙස සැලකෙන පිරිස් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුව එක ` ගවී ඇත. යෝජනාව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ එය ඉතා අහිංසක ඉල්ලීමක් බවයි. එනම් අතුරුදහන් වූ පුද්ගලයින් ජීවත්ව සිටීද යන්න සොයා බලා ඔවුන් ජීවත්ව නොසිටීනම් ඊට අදාළ සහතිකයක් නිකුත් කිරීමයි. ඒ මගින් ඥාතීන්ට මනෝවිද්‍යාත්මකව තම මතක පරිජ්ජේදය වසා දමා සිත හදා ගැනීමට ඉඩ ලැබේ. නමුත් ඒ ටෝජන් අශ්වයා තුළ ස ` ගවා ඇති ආයුධ මොනවාදැයි පැහැදිලි වන්නේ පනත් කොටුම්පත ගැසට් කිරිමෙන් පසුවය. අතුරුදහන් වූවන් පිළිබඳ සොය බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවන බව පනතේ හැදින්වීමේ සඳහන් වේ. එහෙත් එහි අඩංගු වන බරපතල වගන්ති වලින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ අතුරු දහන් වූවන් පිළිබඳ පරික්ෂණ පවත්වනු ලබන කොමිසමක් ස්ථාපනය කෙරෙන බවය. අතුරුදහන් වූවන් පිළිබඳ සොය බලා ඔවුනට සහතික නිකතු කිරීමේ...
කිරි මෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම
පසුගිය වසර 15 කට අධික කාලයක් තිස්සේ විවිධ පාර්ශව විවිධ ප්‍රමාණවලින් සමාජ ගත කිරීමට උත්සාහ කළ කිරිපිටි ප්රශ්නය ට හදිසියේම ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇත. ඊට හේතුව කිරි ගොවීන් විසින් තමාට විකුණාගත නොහැකි කිරි මහාභාණ්ඩාගාරය ඉදිරිපිට මහ පාරේ හැලීම නොවේ. එසේම දේශීය කිරි කර්මාන්තකරුවන් තම කර්මාන්ත වසා දමා ගොවියන්ගෙන් කිරි මිලදී ගැනීම නවතා දැමීම නිසා ද නොවේ. එසේ නොවේනම් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහජන සෞඛ්‍යය සඳහා වන තම පරම යුතුකම ඉටුකිරීම සඳහා ආනයනික කිරිපිටි තොග වරායෙන් පිට කිරීමට පෙර පරික්ෂා කිරීම සඳහා දැඩි තීන්දුවක් ගෙන ක්‍රියා කිරීම නිසා කිරිපිටි සමාගම් විසින් කිරි පිටි ආනයනය කිරීම නතර කිරීම නිසාද නොවේ. බදු සහන ලබා දී බාල කිරිපිටි අඩුමිලට ආනයනය කිරීමට ඉඩ ලබාදී තම රටේ කිරි කර්මාන්තය සහ කිරි ගොවියාගේ ජීවන තත්ත්වය කඩා වැටීමට ඉඩ සලසන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වුවත් ඊට එරෙහිව එවැනි ප්‍රතිචාර දක්නට ලැබෙන්නේ නැත. එසේ නම් පසුගිය දිනවල කිරිපිටි ප්රශ්නය හෙවත් ‘කිරිපිටි සෙල්ලම’ පිළිබඳ මහජන සංවාදයක් ඇති කිරීමට හේතු වූයේ කුමක්ද? ඊට හේතු වූයේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් පාර්ලිම...
Comments
Post a Comment