‘‘වකුගඩු සටන’’ යුද්ධයක් වන හැටි


        ආචාර්ය වෛi චන්න ජයසුමනයන් විසින් රචිත වකුගඩු සටන’’ කෘතිය අගෝස්තු 3 වැනි දා එළිදැක්විනි. චන්න ජයසුමනනම් වූ වෛiවරයා, පර්යේෂකයා සහ සමාජ ක‍්‍රියාකාරිකයා වකුගඩු සටන් බිමට අවතීර්ණ වී දශකයකට ආසන්න කාලයක් ලබාගත් අත්දැකිම් සහ රෝගයට අදාල විiාත්මක පැතිකඩ එම කෘතිය මගින් මනාව ඉදිරිපත් කොට ඇත. මේ රටේ නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට අහිංසක පොදු ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබාගෙන සමාජ හිනිමගේ ඉහළට නගිමින් තමාට අතදුන් පහළ තලයට පස්ස හරවන උගතුන්ට චන්න විසින් බරපතල අභියෝගයක් එල්ල කොට ඇත. එම කෘතියට පසුවදනක් සපයන සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර ශූරීන් පවසන්නේ එම කෘතිය චන්නගේ චරිතාපදනය ලෙස සැලකිය හැකි බවය. එසේම වල්මත් වූ වර්තමාන උගතුන්ට චන්න පහන් ටැඹක් වන බව ඔහුගේ නිගමනයයි. අඹමල් රේනුවක හෘද සාක්ෂියක් ඇති සෑම මිනිසෙකුම තම හෘදසාක්ෂිය පරික්‍ෂාකර බැලීම සඳහා මෙම කෘතිය කියවිය යුතුය. 

                චන්න ජයසුමනයන් වකුගඩු සටන්බිමට කඩා වැදීමට පෙර වසර 10ක පමණ කාලයක් තිස්සේ එම සටන රෝගීන් සහ රෝගියා අතර සටනක් ලෙස පැවතින. යම් මට්ටමකට එය යම් වෛiවරු පිරිසක් සහ රෝගය අතර සටනක් ලෙසද දක්නට ලැබුණි. අදවන විට එම සටනින් 25000කට අධික අසරණයින් පිරිසක් පරාජය වී දිවි අහිමි කොට ගෙන ඇත. එසේම තවත් 75000කට අධික පිරිසක් නිරායුධව එම සටන් බිමේදී එකා බැගින් ඇද වැටෙමින් ඇත. සටන් බිමේ ඇද වැටෙන සෑම ගොවියකුම පරාජය භාර ගන්නේ තම දරු පවුලද දරිද්‍රතාවය තුළ ගිල්ලවමිනි. රෝගයට ප‍්‍රතිකාර ලබාගැනීමේ අතුරු වියදම පියවා ගැනීම සඳහා අති බහුතරයක් ගොවීන් තම කුඹුරු ඉඩම් උගස්කොට ඇත. ඒ නිසා සටනින් පරදින ගොවියා තම දරුවාට උරුම කරන්නේ තමාගේ ඉඩමේ වැඩවසම් කුලීකරුවෙකු වීමයි. දරිද්‍රතාවයේ ගිලියන එම දරු පවුල්ද අවසානයේදී වකුගඩු රෝගයටම ගොදුරු වෙති.

                මෙම විශම චක‍්‍රයට මුහුණදෙමින්, වකුගඩු රෝගීන් තනිතනිව තම රෝගය සම`             ග සටන් වදින විට යම් වෛiවරු පිරිසක් රෝගියා සහ සැබෑ රෝගකාරකයෙන් ව්‍යුක්තව රෝගය සම`ග හුදකලා සටනක නියැළුනි. හඳුනානොගත් වකුගඩු රෝගය නැමති ලේබලය යම් වෛiවරු පිරිසක් විසින් සොයාගන්නේ එම හුදකලා සටනේ ප‍්‍රතිඵලයක් ලෙසය. ඒ නිසා බොහෝ කාලයක් තිස්සේ සටනේ සැබෑ නිර්මාතෘවරුන් හෙවත් ගොවියාගේ සැබෑ සතුරා හඳුනාගැනීමට නොහැකි විය. චන්න ජයසුමන ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම හදුනා නොගත් සතුරා හදුනා ගැනීමේ සටන ආරම්භ කරන විට හඳුනානොගත්වෛළදනාමයේ අයිතිකරුවන් පළමු වටයේදීම යුද්ධ ප‍්‍රකාශ කළේය. මුල් වටයේදී ඔවුන් බොහෝ දෙනෙකු ඒ වන විට කරන ලද විවිධ පර්යේෂණවල ඊනියා සොයා ගැනීම් චන්න ජයසුමනලා විසින් අභියෝගයට ලක්කිරීම එම විරෝධයට හේතු විය.

                එහෙත් ඒ වන විට පැනනගිමින් තිබෙන තත්වය දෙස අවධානයෙන් සිටි සැබෑ සතුරා හෙවත් බහුජාතික කෘෂි රසායන සමාගම් විසින් චන්න විරෝධී ඊනියා විද්වත් බල ඇනිය තම ග‍්‍රහණයට යටත්කර ගනු ලැබීය. ඒ සඳහා මහා විශාල මුදලක් ඔවුන් වියදම් කලා යැයි සිතිය නොහැක. බොහෝ විද්වතුන් විශේෂයෙන්ම විශ‍්‍රාම යාමෙන් පසුව එම සමාගම්වල රැුකියා බලාපොරොත්තු වූ පිරිස් තුට්ටු දෙකට තම ආත්මය පවාදුන් බවට බොහෝ චෝදනා එල්ල විය. යම් පිරිස් එසේ විවිධ ප‍්‍රතිලාභ සඳහා කෘෂි රසායන සමාගම්වල න්‍යායපත‍්‍රයට යටත්වන විට තවත් පිරිස් හුදු චන්න විරෝධී හීනමානය නිසාම එම බහුජාතක සමාගම්වල කුලිකරුවන් බවට පත්විය. පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප‍්‍රමුඛ ඉහළ පෙළේ කෘෂිකාර්ම නිලධාරීන් රාශියක් කෘෂිරසායන සමාගම් තුරුලේ සිට චන්න ජයසුමනලාට තාක්‍ෂණික මෝටාර් ප‍්‍රහාර එල්ල කළහ. ඊනියා හඳුනා නොගත් වකුගඩු රෝගය කෘෂිකාර්මික වකුගඩු රෝගය බවට තහවුරුවන විට එම ප‍්‍රහාර තව තවත් ත_ව‍්‍ර විය. එම තත්වයට මුහුණ දීම සඳහා චන්න ජයසුමන වෛiවරයා පර්යේෂකයකුගේ භූමිකාව ඉක්මවා යමින් සමාජ ක‍්‍රියාකාරිකයකුගේ භූමිකාව අතට ගනිමින් වකුගඩු සටන යුද්ධයක් බවට හැරවිය. එනම් සටන් පෙරමුණු රාශියක් විවෘත කරමින් සතුරාට පහරදීමේ උපාය මාර්ගය තේරීමට චන්නලා සමත් විය. ඒ අනුව මාධ්‍යවේදීන්, ගොවීන්, භික්ෂුන් වහන්සේලා ආදී විවිධ සමාජ බලවේග පමණක් නොව රේගු නිලධාරීන් පවා කෘෂි රසායන විරෝධි සටනට කැඳවීමට චන්නලා සමත්විය. ඒ අතින් චන්න උපාය මාර්ගික විශේෂඥයකුද වේ.

                ඒ විචිත‍්‍ර කතාව ‘‘වකුගඩු සටන’’ පොත කියවන්නන්ට තම අධ්‍යාත්මයට සමීපකරගත හැක. එම විශිෂ්ඨ ග‍්‍රන්ථය 1962දී ඇමෙරිකානු විiාඥවරියක් වූ රේචල් කාසන් මහත්මිය විසින් රචිත ලෝක පූජිත ‘‘නිහ`ඩ වසන්තය’’ ග‍්‍රන්ථයට වඩා ජනාදරයට සහ විද්වතුන් අතර ගෞරවයට ලක්වන බව මෙම ලියුම්කරුගේ විශ්වාසයයි. බොහෝ සෙන්පතියන් සටන් පිළිබඳව ප‍්‍රත්‍යාවලෝකනය කරන්නේ ජයග‍්‍රහණයේ අසිපත බිම තැබීමෙන් පසුවය. නමුත් චන්න ජයසුමන නම් වූ සේනාධිනායකයා මේ පොත ලියන්නේ එක් අතකින් තවදුරටත් අසිපත දරා සිටිමිනි. වෙනත් වචන වලින් කියන්නේනම් මෙම ග‍්‍රන්ථය ඔහු නියැලී සිටින සටනේම දිගුවක් හෙවත් සටන වඩා පුළුල් පෙරමුණකට ගෙනයාම සඳහා වූ උපාය මාර්ගික අවියක් ලෙස හැඳින්විය හැක. ඉතා දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමින් චන්න ජයසුමනලා විසින් යුද්ධයක් බවට පත්කළ වකුගඩු සටන දැන් පොදු මහජනයා විසින් තම අතට ගත යුතුව ඇත. බහුජාතික කෘෂිරාසායන සමාගම්වල දුෂ්ඨ ආක‍්‍රමණයට එරෙහිව නිර්භීතව යුද්ධ ප‍්‍රකාශ කළ චන්න ජයසුමන ප‍්‍රමුඛ වීරයින්ට ගරුකළ හැක්කේ ඒ මගින් පමණි.

                කෙසේවෙතත් පොදු ජනතාවට දැන් මතු පිටින් පෙනෙන්නේ ‘‘සටන් විරාමයක්’’ පවතින බවය. එහෙත් සතුරා තම අවි බිම තබා නැත. ගතවන සෑම දිනකම දස දෙනා බැගින් සටනේ ගොදුරු බවට පත්වේ. එසේ සටනට ගොදුරුවන පිරිස සෑම වසර 4කට වරක් දෙගුණයක් වන බව පර්යේෂකයන් විසින් ඔප්පු කොට ඇත. ඒ නිසා පළමුවෙන්ම ඊනියා ව්‍යාජ සටන් විරාමය ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වීමට කිසිවකුට ඉඩ නොදිය යුතුය. දෙවනුව සටන් විරාමය හෙවත් කෘෂි රසායන සමාගම්වල සූක්‍ෂම නව සටන් සැලසුමට ගොදුරු නොවී සතුරා තම සටන් බිමට කාදවීමට මහජනයා සූදානම් විය යුතුය. ඒ නව සටන් බිම ඉතා පැහැදිලිව විද්වතුන්ගේ තාක්‍ෂණික සටන් බිම ඉක්මවා යන පොදු දේශපාලනික සටන් බිමකි.

                අද වන විට මිත‍්‍ර පාර්ශ්වය ලෙස මහජනයා වෙනුවෙන් පෙනී සිටින රජය දැනුවත්ව සහ නොදැනුවත්ව යන ආකාර දෙකටම සටන් කරන්නේ සතුරාගේ සටන් සැලසුමට අනුවය. තහනම් කළ බව කියන කෘෂිරසායන, විශේෂයෙන්ම වකුගඩුරෝගයට හේතුවන් බවට තහවුරු වී ඇති රසායනික වෙළඳපලේ පස්ස දොරෙන්  ඕනෑම ප‍්‍රමාණයක් ලබාගත හැක. එකම වෙනස ඒ සඳහා ගොවියාට වැඩි මිලක් ගෙවීමට සිදුවීම පමණි. ඊට අමතරව ග්ලියිෆොසේට් වැනි විෂ රසායනික නාමිකව තහනම් කළද ඊට වඩා දසගුණයකින් විෂ සහිත ගලයිෆොසෙට් නම් වූ නව රසායනික වලට පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය විසින් බලපත‍්‍ර ලබාදී ඇත. අද වන විට එම කර්යාලය කෘෂිරසායන සමාගම්වල රහස් ලේකම් කාර්යාලයක් බවට පත් වී ඇත. අනෙක් පැත්තෙන් ඊනියා සටයන් විරාමය ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වීම සඳහා රජය විසින් වතුර පිරිසිදු කිරිමේ යන්ත‍්‍ර සහ රුධිර කාන්දු කරන යන්ත‍්‍ර ලබාදීමේ ප‍්‍රචාරක ව්‍යාපාරයක්ද දියත් කොට ඇත. ඒ තුළ අහිංසක රෝගීන් හෙවත් යුද්ධයේ ගොදුරු පෙන්වා ජාවාරම් කිරිමේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඡුාලායක්ද බිහිවී ඇත.  

                මෙම තත්වය වෙනස් කිරීමට යම් පිරිස් දැනට ඉතා සද්භාවයෙන් කරනු ලබන ‘‘අහිංසක වැඩ’’ වලින් පමණක් හැකිවන්නේ නැත. තෝරාගත් සුළු භූමි ප‍්‍රදේශයක ඉතා දුක් මහන්සියෙන් වස විස නැතිව සම්ප‍්‍රදායානුකූල වී ප‍්‍රභේද වගා කළද ඒවාට වොළඳපළේ සාධාරණ මිලක් ලැබෙන්නේ නැත. අවසානයේදී එම ක‍්‍රියාවලියද බහු ජාතික කෘෂිරසායන සමාගම් විසින් ලාභ ඉපයීමේ ව්‍යාපාරයක් ලෙස තම ග‍්‍රහණයට නතුකර ගෙන ඇත. ඒ මගින් සමස්ථ කෘෂි රසායන භාවිතයේ අඩුවක් හෝ සමස්ථයක් ලෙස ස්වභාවික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීමක් විධිමත්ව සිදුවන්නේද නැත. එසේම රෝගයට ගොදුරු වූ ප‍්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වෙනස් කිරීම සඳහා අවම වශයෙන් දිර්ඝකාලීනව පානිය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් හෝ විධිමත්ව දියත් වී නැත. අතන මෙතන ක‍්‍රියාත්මක වන අවිධිමත් සහ දිර්ඝකාලීනව පවත්වාගත නොහැකි ඊනියා දේශපාලන ව්‍යාපෘතිවලින් මහජන මුදල් ගසාකෑම හැර අඩුතරමින් ආදර්ශයක් ලෙස පෙන්විය හැක ආදර්ශ ව්‍යාපෘතියක්නිර්මාණය වී නැත.

                මේ නිසා දිර්ඝකාලීනව මහා පින්තුරය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ සඳහා රජය සම`ග දේශපාලන සටනක් ආරම්භ කිරීම වකුගඩු යුද්ධයේ එක් පෙරමුණක් බවට පත්කළ යුතුය. යම් මධ්‍යස්ථ විද්වතුන් රටට කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවට හ`ඩක් නැගූ පමණින් ප‍්‍රශ්නය විසදෙන්නේ නැත. පවතින තත්වය තුළ ඊනියා ප‍්‍රතිපත්ති කෘෂිරසායනික සමාගම්වල ගෝල බාලයන්ට උවමනා ආකාරයට සකස් කිරිමේ වැඩි ඉඩක් ඇත.ඒ නිසා ප‍්‍රතිපත්තිය ලේඛනගත කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික රාමුව සහ ඊට අදාල අවම ප‍්‍රමිතීන් පිළිබඳ කථිකාව මහා සමාජය විසින් ආරම්භකළ යුතුය. අප ටේ නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය දිවි පුදා හෝ රැුකිය යුතුය යන සමාජ සම්මතයක් ඇත. එහෙත් ඊට සමානව රටේ ආහාර සුරක්‍ෂිතතාවය රැුකීම මුල්කරගෙන දේශීය ගොවියා සහ දේශීය කෘෂිකර්මාන්තය රැුකිය යුතුයැයි සමාජ සම්මතයක් ගොඩනැගී නැත. දැන් ඊට කාලය පැමිණ ඇත.

                වගුගඩු රෝගය පමණක් නොව තවත් බොහෝ සෞඛ්‍ය ගැටළු තුරන් කිරීම සඳහා අවශ්‍ය දේශීය කෘෂිකර්මාන්තය ප‍්‍රචලිත කළ හැක්කේ එම පූර්ව කොන්දේසිය ඉටුවුවහොත් පමණි. වෙනත් වචනවලින් කියන්නේනම් බටහිර රටවල් තම රටවල ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා මීට වසර 60කට පෙර යොදාගත් ප‍්‍රතිපත්ති අප පමාවී හෝ ක‍්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව ගොවියාට තම ආහාර නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක් ලබාදීම සඳහා ආනයනික ආහාර සඳහා ලබාදෙන බදු සහන වහා අහෝසි කළ යුතුය. දකුණු කොරියාව වැනි රටවල ආනයනික ආහාර වලට බදු පනවා දේශීය කර්මාන්තය රැුකගන්නා ලෙස ඉල්ලමින් ජනතාව විදි බසිති. අප රටේ සිදුවන්නේ එහි සම්පූර්ණ අනෙක් පැත්තවීම කුමන සරදමක්ද? අප රටට ආහාර ආනයනය කරන සමාගම්වලට බදු සහන ලබාදෙන්නේ රහසිගතවය. නමුත් අප ආවඩන බටහිර රටවලඒවා සියල්ල විනිවිදභාවයෙන් සිදුවේ. ඒ අනුව සටනේ අවම ප‍්‍රමිතිය ලෙස තිරි`ගු පිටි, කිරිපිටි, සිනී ඇතුළු ප‍්‍රධාන ආනයනික ආහාර සඳහා මිල සුත‍්‍ර හදුන්වා දී දේශීය ගොවියාට සාධාරණ මිලක් ලැබෙන ලෙස ඒවාට බදු පැන විය යුතු බව පිළිගත යුතුය.

                කෘෂි රසායනික වලින් තොරව ස්වාභාවික ගොවිතැන් ක‍්‍රම මගින් නිපදවන ආහාර වලට හොඳ මිලක් ලැබේනම් නිෂ්පාදනය වැඩි කිරිමේ ව්‍යාජ කෙටිකාලීන ක‍්‍රමවේද පෙන්වා කෘෂිරසායනික ප‍්‍රචලිත කිරීම පහසු වන්නේ නැත. පොහොර සහනාධාරය පොහොර ලෙස ලබානොදී ඊට අදාල සෑම රුපියලක්ම ස්වාභාවික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරිමේ කොන්දේසිය යටතේ දිරිගැන්වීමක් ලෙස මුදල් වශයෙන් ලබාදිය යුතුය. ඒ සඳහා ගොවිජන බැංකුව නැවත ආරම්භ කළ යුතුය. ගොවිය සමාගම්වල වැඩවසම් ග‍්‍රහණයෙන් මුදවාගත හැක්කේ එවැනි සහනදායී බැංකු ක‍්‍රමයක් මගින් ඔවුන්ට මූල්‍ය සහන ලබාදේනේනම් පමණි. එම මූල්‍ය සහන කෘෂි රසායන අවම කිරිම සහ ස්වභාවික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීම සඳහා පෙළඔවීමේ උපාංග ලෙස භාවිතා කළ හැක. ඇමෙරිකාව විසින් අප වැනි රටවල ජනතාවට තිරි`ගු පිටි පුරුදු කොට ආහාර සුරක්‍ෂිතතාවය අනතුරේ හෙළීම සඳහා තම ගොවීන්ට 20% ඍජු මූල්‍යමය සහනාධාරයක් ලබාදේ. සමස්ථ බටහිර රටවල් විසින් ඔවුන් මත යැපෙන කෘෂිකර්මාන්තයක් අප වැනි රටවල තහවුරු කිරීම සඳහා වසරකට එම රටවල ගොවීන්ට අමෙරිකානු ඩොලර් බිලියන 300ක සහනාධාර ලබාදේ. නමුත් ඔවුන් අප වැනි රටවල කෘෂිකර්මාන්තය ‘‘දියුණු කිරීමේ නාමයෙන්’’ දල වශයෙන් සමස්ථ ලෝකයටම ඊනියා ආධාර ලෙස වෙන්කරන්නේ ඩොලර් බිලියන 10කට අඩු මුදලකි.

                ඔවුන් තම ගොවීන්ට සහනාධාර ලබාදෙන්නේ අඩු මිලට අප වැනි රටවල ආහාර ප‍්‍රතාපනය කොට දේශීය කෘෂිකර්මාන්තය විනාශ කිරීම සඳහාය. දැනට විවිධ පර්යේෂණවලින් ඔප්පු වී ඇති ඇත්ි ආකාරයට සමස්ථ ලෝකයටම බටහිර රටවල් ලබාදෙන සහනාධාර ප‍්‍රමාණය ඩොලබිලියන 10කට අඩු වුවත් ඔවුන්ගේ නිර්දේශ අනුව අප වැනි රටවල ක‍්‍රියාත්මක කරන විනාශකාරී වගාක‍්‍රම සහ හඳුන්වාදෙන බෝග නිසා පසට සහ පරිසරයට සිදුවන හානිය බිලියන 20කට ඇස්තමේන්තු කොට ඇත. අප වැනි රටවල ප‍්‍රතිපත්ති සම්පාදකයින් ආහාර සුරක්‍ෂිතතාවය අනතුරේ හෙලමින් අත්‍යවශ්‍ය ආහාර ආනයනය දිරිමත් කරන අතර කෙටිකාලීන වෙළඳ පොළ වාසිය සඳහා යම් ආහාර වර්ග අපනයනය සඳහා වගාකිරීම දිරිමත් කෙරේ. එහි එක් තකතීරු අන්තයක් වන්නේ එක් ගමකට එක් බෝගයක් තේමාව යටතේ ඊනියා අපනයන ගම්මාන පිහිටුවීමය. සත්ව ආහාර සඳහා අපනයනය කිරීමට වානිජ වශයෙන් ධාන්‍ය නිෂ්පාදනය දිරිගැන්වීමද එවැනිම උදාහණයකි. ඒ සියල්ල මගින් අධික කෘෂි රසායනික භාවිතය දිරිගැන්වේ.

                අප රට තිරිගු පිටි ආනයනය සඳහා  රු. මිලියන 40000ක් වැය කරන විට කෙසෙල්ගෙඩි සහ අනෙකුත් පළතුරු අපනයනයෙන් උපයන්නේ රු. මිලියන 2000කට අඩු මුදලකි. එහෙත් ඉන් ලැබෙන ප‍්‍රතිලාභය දේශීය පරිභෝජනය සඳහා ආහාර නිෂ්පාදනය කිරීමට වඩා ඉතා අඩු මට්ටමක පවතී. අනෙක් පැත්තෙන් ගත්විට කුකුල් මස් කිලෝග‍්‍රෑම් 1ක් නිපදවීම සඳහා බඩ ඉරිගු කිලෝග‍්‍රෑම් 4ක් අවශ්‍ය වේ. වකුගඩු රෝග කාරක ගලයිපෝසෙට්, කාබාෆියුරාන් වැනි රසායනික වැඩි වශයෙන් යොදාගන්නේ බඩ ඉරිගු වගාව සඳහාය. එම නිසා ආහාර පරිභෝජන සංස්කෘතිය වෙනස් කර ගැනීම මෙන්ම කුඩා පරිමානයෙන් ගෙවතු වගාව මගින් බෝග වගාව සහ සත්ව පාලනය දිරිමත් කිීමද වකුගඩු සටනේ ජයග‍්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධක බවට පත්වේ. අප ඓතිහාසිකව අහාර වර්ග 800ක් පමණ පරිභෝජනය කළ ජාතියකි. අද එම ප‍්‍රමාණය 50 දක්වා පමණ අඩු වී ඇත. ඒ නිසා තෝරාගත් ආහාර කිහිපයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අධික ලෙස කෘෂි රසායන භාවිතය දිරිමත් කිරීමට බහුජාතික කෘෂිරසායනික සමාගම් වලට හැකියාව ලැබී ඇත.

                ඊට අමතරව පවතින තත්වය වෙනස් කිරීමටනම් කෘෂිරසායනික සමාගම්වල කුලීකරුවන් ලෙස රාජා්‍යසේවය තුළ රාජකාරී කොට විශ‍්‍රාම යැමෙන් පසුව එම සමාගම්වලම රැුකියාවක් ලබාගැනීම සඳහා ගොවියා සහ රට පාවාදෙන නිලධාරීන් යමපාලනයකට යටත්කළ යුතුය. කෘෂිරසායනික සමාගම්වල අලෙවි නියෝජිතයන් විසින් ගොවීන්ට උපදෙස් දෙනක‍්‍රමය වෙනුවට සැබැලෙසම දේශීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උපදෙස් දෙන නව ව්‍යාපෘති සේවයක්ද රටට අවශ්‍ය වේ. එසේම පලිබෝධ නාශක පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කොට එහි ක‍්‍රියාකාරීත්වය මහජන අධීක්‍ෂණයට යටත්කළ යුතුය. ඒ සියල්ලටම ඉහලින් ලවත්වාගතයුතු මූලික උපාය මාර්ගික පිළිගැනීමක් ඇත. ඒ බේග මුල්කරගත් කෘෂිකර්මාන්තයක් වෙනුවට ගොවියා සහ ආහාර සුරක්‍ෂිතතාවය මුල්කරගත් කෘෂිකර්මාන්තයක් දිරිගැන්වීමයි.

                එසේම එම ක‍්‍රියාමාර්ගවල දිර්ඝකාලීන ප‍්‍රතිඵල ලැබෙන තෙක් දැනට රෝගයට ගොදුරුව ඇති ජනතාවගේ සුභ සාධනය සඳහා විධිමත් ආකෘතියක් යටතේ විසදුම් ලබාදිය යුතුය. උදාහරණයක් ලෙස දිර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි. ආකාරයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා බහුවිධ ක‍්‍රමවේද හදුන්වාදීම ප‍්‍රමුඛ වේ. එසේම පොදුවේ රටට බත සපයන ගොවි ජනතාව දරිද්‍රතාවයෙන් ගලවා ගැනීම පොදු මහත් ජනතාවගේ වගකීමක් බවට සමාජ සම්මතයක් ඇතිකොට ඒ සදහා රාජ්‍ය මුදල් යෙදවිය යුතුය. වකුගඩු සටන යුද්ධයක් බවට පත්කොට ජයග‍්‍රහණයෙන් අවසන් කිරීම සඳහා ඒ සෑම සටන් පෙරමුණකම  සටන් වැදිය යුතුය. එය චන්න ජයසුමනලාට තනිව කළ හැකි දෙයක් නොවේ. ඔවුන් සටනේ පෙරමුණු කිහිපයක ජයග‍්‍රහණ අත්පත්කොට දී ඇත. දැන් සියළු දේශපාලන පක්‍ෂ සහ පොදු ජනතාව අනෙකුත් සටන්බිම්වල සටන් තම අතට ගත යුතුව ඇත. ජාතියක් ලෙස අප ඊට සූදානම් නොමැත්තේනම් අවසන් ප‍්‍රතිඵලය වන්නේ සමස්ථ ජාතියම ඊට ගොදුරුවීමය. එය කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි.      


වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර 


Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: