කපා කොටා ඇලවීමෙන් වෙළද ප‍්‍රතිපත්තියක් සකස් කළහැකිද?
‘‘එට්කා’’ ගිවිසුම කෙසේ හෝ අත්සන් කළයුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් ක‍්‍රියාත්මක වන විද්වතුන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් සහ උපායමාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළදාම පිළිබද අමාත්‍යාංශයේ නමින් ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් කොට ඇත. නමුත් එම ලේඛනය සකස් කිරීමට පෙර ඒ සදහා විධිමත්ව බල අධිකාරිය පවරමින් කමිටුවක් පිහිටවමින් හෝ මහජන අදහස් ඉල්ලා සිටිමින් කිසිදු ප‍්‍රසිද්ධ දැන්වීමක් පළවූයේ නැත. එම ප‍්‍රතිපත්තිය සකස් කිරීම සදහා අදහස් ඉල්ලා සිටිමින් රාජ්‍ය ආයතන වලට යැවූ ආකෘතියක එසේ අදහස් ඉදිරිපත් කළහැකි අවසාන දිනය 2016 ජූනි 28 බව සදහන්වේ. එසේ අදහස් ලබා ගැනීමෙන් පසුව පත‍්‍රිකාවක් ලෙස එහි කතුවරුන් විසින් නම් කොට ඇති එම ප‍්‍රතිපත්තිය එළිදක්වන්නේ 2016 සැප්තැම්බර් මස 05 වැනිදාය. ඒ අනුවසති 5ක් ඇතුලත ඒ සියලූ අදහස් සැලකිල්ලටගෙන ඒ 4 පිටු 112කින් සමන්විත ජාතික වෙළද ප‍්‍රතිපත්තිය සකස් කිරීමට එහි කතුවරුන්ස මත්වී ඇත.
එම ප‍්‍රතිපත්තියේ හෝ පත‍්‍රිකාවේ කතුවරුන් එතරම් කෙටිකාලයක් තුල ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් සකස් කිරීම මගින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් එම විද්වතුන් විසින් 2003 සිට ආරම්භවූ සේවා වෙළදපල ආශ‍්‍රිත ‘‘සීපා’’ ගිවිසුමට අදාල සාකච්ඡුා ක‍්‍රියාවලිය තුල එවැනි ‘‘ආශ්චර්යයක්’’ හෝ දක්ෂකමක්’’පෙන්වූයේ නැත. අඩු තරමින් ඊට අදාළ සාකච්ඡුා ක‍්‍රියාවලිය අවසන් කොට 2008දී පළමු ගිවිසුම් කෙටුම්පත එළිදැක්වීමෙන් පසුව පැනනැගුණු මහජන විරෝධය හමුවේ හෝ ප‍්‍රතිපත්තියක් ගැන කතාකිරීමට එම විද්වතුන්ට උවමනාවක් තිබුනේ නැත. එනම් පසුගිය වසර 8ක කාලය තුල ජාත්‍යන්ත වෙළද ගිවිසුමකට එළඹීමට පෙර ඊට මගපෙන්වන ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවට ඔවුන් විසින් කිසි දිනක අවධාරණය කර නැත. එවැන්නක් අවශ්‍ය බව මෙම විද්වතුන්ට කල්පනා වන්නේ පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක්වූ‘‘එට්කා’’ගිවිසුමේ අවසන් කෙටුම්පත එළිදැක්වීමෙන් පසුවයි. එම ගිවිසුමේ කෙටුම්පත එම විද්වතුන්ගේ නායකත්වයෙන් ඉදිරිපත් කරන්නේ 2016 ජූනිමස 8 වැනිදාය. එනම් ප‍්‍රතිපත්තිය නිකුත් වීමට දළ වශයෙන් මාස දෙකකට පෙරය. එසේ ප‍්‍රතිපත්තිය එළිදැක්වීමට පෙර ප‍්‍රතිපත්තිය මුල්කරගෙන සකස් විය යුතු ගිවිසුම් කෙටුම්පත එළි දක්වන්නේ කෙසේද?
එම පරස්පරය පැහැදිලි කිරීම සදහා හේතු 3ක් ඉදිරිපත් කළ හැක. පළමුවැන්න අදාළ ප‍්‍රතිපත්තිය පත‍්‍රිකාවක් ලෙස හෝ ලේඛනයක් ලෙස එළිදක්වා නොතිබුණා වුවත් ගිවිසුමේ අඩංගු වන කොන්දේසි සහ එකගතාවයන්ට අදාළ ප‍්‍රතිපත්තිමය පදනම පිළිබදව මෙම විද්වතුන් අතර පූර්ව එකගතාවයක් තිබෙන බව පිළිගැනීමය. දෙවැන්න එම විද්වතුන්ගේ ඒකපාර්ශවීය සහ අත්නෝමතික ක‍්‍රියා පිිළිවෙත ආවරණය කිරීම සහ ඉන්දියානු නිලධාරීන්ට යටත්වීමේ අවමානයෙන් ගැලවීම සදහා හෙවත් මහජනයා ඇන්දවීම එසේ පමාවී හෝ ප‍්‍රතිපත්තියක් නමින් යම් ලේඛනයක් සකස් කළ බව පිළිගැනීමය.
නමුත් ඇත්ත වශයෙන්ම සිදුවූයේ එම තර්කානුකූල පැහැදිලි කිරීමට වඩා වෙනස් දෙයකි. ‘‘එට්කා’’හිතවාදී විද්වතුන් දරුවා ලැබුණු පසු පියා සෙවීමට උත්සාහ කරන්නේ රජයේ වෛi නිලධාරීන්ගේ සංගම යවිසින් කරන ලද අභියෝගයෙන් ගැලවීම සදහා සදහා බව දැන් පැහැදිලිවම පෙනේ. ‘‘සීපා’’සහ‘‘එට්කා’’විරෝධී කථිකාව තුල එම සංගමය විසින් දිගින් දිගටම ඉදිරිපත් කළ ඉල්ලීම වූයේ වෙළද ප‍්‍රතිපත්තිය පමණක් නොව ගිවිසුම සකස් කිරීමේ ක‍්‍රියාවලියට අදාළ බල අධිකාරීය පැවරීම සහ එහි ක‍්‍රියාදාමය මෙන්ම ඊට වගකිවයුතු පුද්ගලයන්ද එළිදරව් කරනලෙසය. එසේ නැතහොත් ආණ්ඩුව නිතර කතාකරන යහපාලන මූලධර්ම වලට අනුව විනිවිධ භාවය සහ වගවීම සහතික වන ලෙසය. එය බැලූ බැල්මට සාධාරණ ඉලිලීමකි. ඊට අමතරව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙළද ප‍්‍රතිපත්තියක් නැති රටක එවැන්නක් සකස් කිරීම සදහා මග පෙන්වන පොත් පිංචක්ද ප‍්‍රකාශයට පත් කළේය. ඒ මගින් ඔවුන් එවැනි කටයුත්තකට උනන්දුවක් නැති අර්ථ ශාස්ත‍්‍ර විද්වතුන්ට සහ ඔවුන්ගේ ආයතනවලට ආදර්ශයක් සපයා ඇත.
ඔවුන්ගේ දෙවන ඉල්ලීම හෙවත් ක‍්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම සහතික කිඑරීමට අදාළ ක‍්‍රියාමාර්ග ඉතා පහසුවෙන් ගත හැකි වුවත් අද වන තුරු එය ඉටුවී නැත. විද්වතුන් යැයි ලේබල් අලවාගත් පිරිස්වලට තිරය පිටුපස සිට ඉන්දියානු උවමනාවන් ඉටුකිරීමට හැකිවී තිබෙන්නේ එසේ එම ක‍්‍රීයාවලිය රහසක් ලෙස තබා ගන්නා බැවිනි. එම චෝදනාව අසාධාරණයැයි කෙනෙකුට තර්ක කළහැක. එසේනම් එම රහස අමාත්‍යවරයාගේ පටන් පහළට සෑම දෙනා විසින්ම රැුක ගැනීමට උනන්දුවන්නේ කුමක් නිසාද යන්න ඔහු හෝ ඇය විසින් පැහැදිලි කළ යුතුය. රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත් කළ‘‘වෙළද ගිවිසුම් සදහා තාර්කික ප‍්‍රවේශය’’නම්වූ පොත් පිංචට අනුව සියල්ල සිදුවිය යුතුයැයි ඔවුන් කිසිවිටෙක පවසා නැත. නමුත් ඔවුන් දිගින් දිගටම ඉතා ප‍්‍රභල ලෙස අවධාරණය කළේ ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ ක‍්‍රමවේදයේ වැදගත්කම පිළිබදවය. ඔවුනට එසේ බල කිරීම සහ ක‍්‍රමවේදයක් යෝජනා කිරීමට සදාචාර බලයක් ඇත. ඔවුන් මීට පෙර වැටුප් කොමිසමක් පත් කිරීම සදහා මෙන්ම වැටුප් කොමිසමේ් ක‍්‍රියාවලියට ප‍්‍රභල දායකත්වයක් සපයා ඇත. ඇත්ත වශයෙන් එම ක‍්‍රියාවලිය යෝජනා කළේ ඔවුන් විසින්ය.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ‘‘එට්කා’’ සංවාදය තුල දිගින් දිගටම ඉල්ලා සිටියේ ජනාධිපතිතුමාගේ බලතල යටතේ ජාතික වෙළද ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සහ එය යාවත්කාලීන කිරීම සදහා ස්ථාවර ස්වාධීන කොමිසමක් පත් කරන ලෙසය. එවැන්නක් වැදගත් වන්නේ ඒ මගින් මහජනයාට, විශේෂයෙන්ම වෘතිය සමිති සහ විද්වත් සංවිධාන වලට තම යෝජනා සහ අදහස් විවෘතව ඉදිරිපත් කිරීමට හැකි වන නිසාය. එවිට ඊට අදාල තර්ක විතර්ක මාධ්‍ය වලට විවෘත වන අතර කොමිසමේ සාමාජිකයන්ට පක්ෂපාතී නීන්දු ගැනීමට තිබෙන ඉඩද අවමවේ. ප‍්‍රතිපත්ති සම්පාදනය පිළිබද ශාස්ත‍්‍රීය අධ්‍යාපනයක් සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විද්වතුන් ඉදිරිපත් කරන එක් පොදු මතයක් ඇත. එනම් ප‍්‍රතිපත්ති සම්පාදනයේදී අන්තර්ගතයට වඩා ඊට ලගාවන ක‍්‍රියාදාමය වැදගත් වන බවය. මෙම ලියුම් කරුද එම මතය සාධාරණීය කරණය කරන්නේ ඊට අදාල සුදුසුකම් සහ ජාත්‍යන්තර අත්දැකීම් සහිතව මිස හුදු දේශපාලන උවමනාවකින් නොවේ.
නමුත් එවැනි ස්වාධීන කොමිසමක් පත්කළ විට දැනට තිරය පසුපස සිටිමින් තමාගේ පක්ෂපාතී න්‍යායපත‍්‍ර රටේ ජනතාව මත පටවන විද්වතුන්ට ප‍්‍රසිද්ධියේ තමාගේ විද්වත්භාවය පරීක්ෂාවට ලක් කිරීමට සිදුවේ. ඒනිසා ස්වාධීන කොමිසමකට එකගවීම යනු ඔවුන්ගේ රක්ෂාව නැතිවන වැඩක් බවට විවාදයක් නැත. කෙසේවෙතත් රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය බලවත් වෘතීය සමිතියක් බැවින් සහ ඔවුන් දිගින් දිගටම තම ඉල්ලලීම ඉදිරිපත් කරන බැවින් කුමන හෝ කමිටුවක් මගින් ප‍්‍රතිපත්තියක් හෝ පත‍්‍රිකාවක් ලෙස මගින් කුමන හෝ ලේඛනයක් එළියට දැමීමට ඔවුන්ට සිදුවිය. දැන් රටේ ජනතාවට හෝ සෙසු විද්වතුන්ට විවාද කිරීමට සිදුවන්නේ වැරදි ක‍්‍රමවේදයක් තුලින් එළියට දැමූ ලේඛනයක අන්තර්ගතය පිළිබදවය. ඉහත සදහන් කළ ආකාරයට යම් කූඨ අරමුණක් සහ අසරණ මනෝ භාවයකින් යුතුව කළබලයේ සකස් කරන ලේඛනයක දක්නට ලැබෙන දුප්පත් ගුණාංග බොහෝමයක් එම ඊනියා ප‍්‍රතිපත්තියේ දක්නට ඇත.
පළමුවෙන්ම එම විද්වතුන් තමා විසින් සකස් කළ ලේඛනය ශ‍්‍රී ලංකාවේ ජාතික වෙළද ප‍්‍රතිපත්තියේ කෙටුම්පතක් ලෙස නම් කළත් ඊට අදාළ පැහැදිලි කිරීමේදී ඔවුන් පෙන්වීමට උත්සාහ කරන්නේ වෙනත් පින්තූරයකි. එනම් එම ලේඛනය හෙවත් පත‍්‍රිකාව ප‍්‍රතිපත්තියක් නොව ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සදහා යොදාගත හැකි උපායමාර්ගික ප‍්‍රතිපත්ති රාමුවක් බවය. නමුත් එම ලේඛනය මගින් මහජනයාට තේරුම් ගත හැකි සහ රජයට මගපෙන්වන පැහැදිලි උපය මාර්ගික ප‍්‍රවේශයක් ඉදිරිපත්කොට නැත. උදාහරණයක් ලෙස ඉන්දියානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති 2015-2020අන්තර්ජාතික වෙළද ප‍්‍රතිපත්තියේ මූලික අංග නැමති ලේඛනය මගින් ඉතා පැහැදිලිව අවධරණය කරන්නේ අපනයනය දිරිගැන්වීමට සහ අන්තර්ජාතික වෙළදාමට පහසුකම් සලසන ක‍්‍රමවේද දියුණු කිරීමට අදාළව යොදා ගන්නා ක‍්‍රමවේද සහ උපාංග පිළිබදවය. නමුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති පත‍්‍රිකාවේ එවැනි නිශ්චිත නිර්දේශ නොමැති අතර ඒ වෙනුවට ඔනෑම රටක් විසින් සලකා බැලිය හැකි පොදු උපායමාර්ගික උපාංග 10ක් පිළිබද සංකල්පීය කරුණු ඇතුලත් කොට ඇත. එම ප‍්‍රතිපත්ති පත‍්‍රිකාව තුල පාඨ ග‍්‍රන්ථ සහ ජාත්‍යන්තර ගිවිසුම් සහ සාකච්ඡුා පත‍්‍රිකා වලින් කරුණු විශාල වශයෙන් උපුටා දක්වා ඇත.
පාඨ ග‍්‍රන්ථවල අඩංගු සංකල්පීය කරුණු එසේ ‘‘කපා කොටා අලවා’’ ප‍්‍රතිපත්තිමය ලේඛන වල ප‍්‍රමාණය විශාල කිරීම යල් පැන ගිය උපක‍්‍රමයකි. ඉහත සදහන් කළ විවිධ ජාතයන්තර ආයතන වලට සේවය කරන ප‍්‍රතිපත්ති සම්පාදනයකින් හෙවත් අන් අයට කුලියට ප‍්‍රතිපත්ති නිශ්පාදනය කරන විද්වතුන් එම කලාව හෙවත් ක‍්‍රීඩාව හොදින් ප‍්‍රගුණකොට ඇත. අපේ රටේ ජාතික වෙළද ප‍්‍රතිපත්තිය සකස් කළ විද්වතුන් එම කලාවේ සහ ක‍්‍රීඩාවේ කෙළ පැමිණි අය බවට විවාදයක් නැත. ඔවුන් ඉතා සූක්ෂමව ඔවුනට අවශ්‍ය මූලික උපායමාර්ගික ප‍්‍රවේශයන් එම මහා ලේඛනය තුල සගවා ඇත. ඊට අමතරව පට්ටපල් බොරු ජනතාව නොමග යැවීම සදහා ඒ මහා චක‍්‍රලේඛ නය තුලට ඇතුලත් කර ඇත.
උදාහරණයක් ලෙස එම ඊනියා ප‍්‍රතිපත්තිය තුල එට්කා සහ සීපා ගිවිසුම් වලට අදාළ සේවා වෙළදාමේ 4 වැනි ක‍්‍රමවේදයට ශ‍්‍රී ලංකාව බැදී නැති බව හුවා දක්වා ඇත.(64 සහ79 පිටු* එය එම විද්වතුන් සහ අමාත්‍යවරයා ප‍්‍රමුඛ නිලධාරීන් දිගින් දිගටම තහවුරු කරන්නට උත්සාහ කළ පට්ටපල් බොරුවකි. ශ‍්‍රී ලංකාව අත්සන් කොට ඇති ලෝක වෙළද සංවිධානයේ ‘‘ගැට්ස්’’ ගිවිසුමට අනුව ඉන්දියාවට වඩා ඉතා පුළුල් ලෙස සහ සීමා බාධක වලින් තොරව සේවා වෙළදාමේ 4 වැනි ක‍්‍රමවේදය විවෘත කිරීමට ශ‍්‍රී ලංකාව එකගවී ඇත. ගිවිසුමේ පස්වන පරිෙඡ්දයට අනුව එසේ ලබා දෙන අවම එකගතාව හෙවත් බැදීම සේවා වෙළදාම ආශ‍්‍රිත වෙනත් ද්වීපාර්වික හෝ බහු පාර්ශ්වික ගිවිසුම් වල මූලික පදනම බවට පත්වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාව විසින් ගැට්ස් ගිවිසුම සංශෝධනය නොකරන්නේනම් ඉන්දියාව සමග අත්සන් කරන ‘‘සීපා හෝ එට්කා ගිවිසුම් වල සේවා වෙළදාම යන්නට 4 වැනි ක‍්‍රමවේදය ඇතුලත්වේ. එනම් ඉන්දියානුවන්ට රැුකියා සදහා නිදහසේ ගමන් කිරීමට ඉඩ දීමට ගැට්ස් ගිවිසුම මගින් අප ලබාදී ඇති එකගතාව සීපා හෝ එට්කා ගිවිසුම් වල වගන්ති වලින් අවලංගු කළ නොහැක.
ඊට අමතරව පාඨ ග‍්‍රන්ථ වලින් සහ එක් ප‍්‍රධාන විද්වතෙකුගේ පර්යේෂණ පත‍්‍රිකා රාශියකින් උපටුා ගත් පොදු සංකල්පීය කරුණ,ු උපදෙස් සහ නිර්දේශ තොගයක් අතර සගවා ඇති ප‍්‍රධාන උපායමාර්ගික ප‍්‍රතිපාදන කිහිපයක් හදුනාගත හැක. ඒ අතරින් පළමුවැන්න ආනයන සදහා සීමා පැනවීම් නොකළ යුතු බවයි. ඊට අදාළ මානසික බාධක ඉවත් කිරීම මගින් දේශීය නිශ්පාදනය ආරක්ෂා කිරීමට අදාලව ගත යුතු ප‍්‍රතිපත්තිමය තීරණ අවතක්සේරු කිරීමට එම පත‍්‍රිකාව මගින් විශේෂ අවධානයක් යොමු කොට ඇත. ඊට අමතරව අපනයන දිරිමත් කිරීමට සහ ආනයන අධ්‍යෙමත් කිරීම සදහා යොදා ගන්නා බදු සහ බදු ගෙවන උපාංග මගින් තරගකාරීත්වය පාලනය කිරීම නොකළයුතු බවට ඒ මගින් අවධාරණය කෙරේ.කෙසේවෙතත් එට්කා ගිවිසුමේ තරගකාරී ප‍්‍රතිවිරුද්ධ පාර්ශවය වන ඉන්දියාව විසින් එම උපාංග යොදා ගනිමින් ආරක්ෂණවාදී වෙළද ප‍්‍රතිපත්තියක්අනුගමනය කිරීම වරදක් බව එහිදී කියවෙන්නේ නැත.
එසේම එම ප‍්‍රතිපත්ති සම්පාදකයන් විසින් ඕනෑම රටක ඕනෑම කාලයක යහපත් යැයි තර්ක කළ හැකි පරිසර හිතවාදී වෙළදාම, තිරසාර සංවර්ධනය, පොදු ජනතාව ඇලත කර ගැනීම වැනි වර්ණ ගැන්වූ අරමුණු වලට අදාළ වන දීර්ඝ සංකල්පීය විස්තර එම ප‍්‍රතිපත්ති පත‍්‍රිකාවට ඇතුලත් කොට ඇත. නමන් එම සුන්දර අරමුණු යථාර්තයක් බවට පත් කළ හැකි ප‍්‍රායෝගික උපායමාර්ගික ප‍්‍රවේශයන් පිළිබද නිර්දේශ ඔවුන් ඉදිරිපත් කරන්නේ නැත.ඒ අතර ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී ගුරුකොට ගතයුතු ප‍්‍රමිතීන් සහ ක‍්‍රමවේද පිළිබද දීර්ඝ විස්තර පාඨ ග‍්‍රන්ථ වලින් කපා කොටා ඇලවීම ඔවුන් විසින් අති දක්ෂ ලෙස සිදුකොට ඇත. ඒ අනුව වෙළද ගිවිසුම් අත්සන් කිරීමට පෙර අදාළ සාකච්ඡුා ක‍්‍රියාවලිය කළමණාකරණය කළ යුතු ආකාරය පිළිබදවද බොහෝ උපදෙස් ලබා දීමට එම විද්වතුන් නිර්ලෝභී වී ඇත.ඒවා ගැන ඉගෙන ගැනීමට ප‍්‍රතිපත්තියක් වමින් ලේඛනයක් සකස් කිරීමට අවශ්‍ය නැත.
කොත්තු රොටී නැමති බැලූ බැල්මට ආකර්ශනීය එහෙත් ශරීරයට අහිතකර ක්‍ෂණික ආහාරය ක්‍ෂණිකව සකස් කළත් ඊට යොදා ගන්නේ පෙර දිනයේ හෝ දින කීපයකට පෙර සකස් කළ රොටී සහ මස් හෝ එළවළු වර්ග බව රහසක් නොවේ. ඒ ආකාරයටම එට්කා හිතවාදී විද්වතුන් විසින් වෙළද ප‍්‍රතිපත්තියක් නමින් කොත්තු රොටියක් ක්‍ෂණිකව සකස්කොට සැරසිලි සහිතව මේසයට ඉදිරිපත් කළත් එහි අඩංගු වන්නේ ඊට පෙර කාලයකදී සකස් කළ ද්‍රව්‍ය වලින් කපා කොටා සොයාගත් දේවල්ය. ඔවුන් දැන් දැන් අනෙක් විද්වතුන්ට කියන්නේ එම කෑම වට්ටෝරුවෙන් අවශ්‍යදේ තෝරාගෙන කැමති සෝස් වර්ගයක් යොදාගෙන ආහාරයට ගන්නා ලෙසය. ඒත් බලාසිටින්නන්ට පෙනෙන්නේ ඉතා හොද ආහාරයක් පිගාන පිරෙන්නට සකස්කර දී ඇති බැවින් දැන් ගැටළුවක් නොමැතිව ආහාරයට ගත හැකි බවය.
කෙසේවෙතත් මෙම‘‘ කොත්තු රොටී’’ නාඩගමේ තිර පිටපත ලියා ඇත්තේ ‘‘එට්කා’’ ගිවිසුමේ අන්තර්ගතය පිළිබදව නිර්නායක පනවන ඉන්දියානු කෝකියන් විසින් බවට සැකයක් නැත. දැන් එහි අවසාන ජවනිකාව අනුව ජාතික ප‍්‍රතිපත්තියකට අනුව එට්කා ගිවිසුම සකස්වන බැවින් විරෝධතා එල්ල කිරීමට හේතුවක් නැත. ඒ නිසා වෙනත් ප‍්‍රතිපත්ති සකස් කිරීමට ස්වාධීන කොමිසම් පත්කිරීමේ උවමනාවක්ද දැන් නැත. මහජනයාගේ පැත්තෙන් ගත්විට විද්වතුන් පිරිසක් විසින් මහා බර සාර ග‍්‍රන්ථයක් සම්පාදනය කොට ඇති බැවින් ඊට අනුව එට්කා ගිවිසුම අත්සන් කළහොත් ගැටළුවක් ඇතිවිය නොහැක. මේ බොරුව සීපා වෙනුවට එට්කා නමින් ලේබල් මාරු කරමින් සහ බොරු සාකච්ඡුා වලින් විවිධ විද්වත් කණ්ඩායම් අන්දවමින් ඉදිරියට ගෙන ගිය බලහත්කාරී සහ රැුවටිලිකාරී ක‍්‍රියා පිළිිවෙතේම දිගුවක් නොවේද? මේ සෙල්ලමට අභියෝග කළ හැක්කේ මෙම ඊනියා ප‍්‍රතිපත්තිය හෝ පත‍්‍රිකාව ප‍්‍රතික්‍ෂ්පකොට ස්වාධීන කොමිසමක් මගින් විධිමත් ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුය යන ඉල්ලීම ප‍්‍රභලව ඉදිරිපත් කිරීම මගිනි.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

Comments
Post a Comment