වැට් බදු ආධායමට සමාන මුදලක් සමාගම් කිහිපයක් අතට
එක්සත් ජාතික පක්‍ෂයට
වැඩි බලයක් සහිත පිටකොටුව වෙළඳ ප‍්‍රජාව ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එම පක්‍ෂයේ
ආණ්ඩුවකට විරුද්ධව වීදි බැසීම විශේෂ තත්වයකි. ඔවුන් තම වෙළඳ සැල් වසා දමා වැට් බදු
විරෝධී පෙළපාලියට එක්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ඍජුව
මැදිහත් වුවත් වෙළෙන්දෝ ඊට අවනත නොවූහ. වැට් බදු ගහන්නේ වෙළෙදුන්ට එරෙහිව නොව
ජනතාවට බව අෘණ්ඩුව පුන පුනා ප‍්‍රකාශ කළත් සිල්ලර සහ තොග වෙළදාමට අදාළ බදු පරාසය
වසරකට මිලින 250සිට 12 දක්වා අඩු කිරීම නිසා
ඉතා කුඩා වෙළඳ ව්‍යාපාර පවා වැට් බදු දැළට හසුවේ. එවිට එම කුඩා ව්‍යාපාර වැට් බදු
සඳහා ලියාපදිංචි වී මදු ගණනය කිරිමේ හා ගෙවීමේ යාන්ත‍්‍රණ පවත්වාගෙන යාමට සිදුවේ.
විශේෂයෙන්ම වැට් බදු නොමැති භාණ්ඩවලට වෙනම බිල්පත් නිකුත් කිරීමට සිදුවීමද ඔවුන්ට
බරපතළ ගැටළුවකි. ඒ සඳහා ඔවුන්ට අමතර පිරිවැයක් දැරීමට සහ කරදර රාශියකට මුහුණදීමට
සිදුවේ.
පසුගිය රජය විසින්
වාර්ෂිකව රු. මිලියන 2500කට වැඩි
පිරිවැටුම සහිත තොග සහ සිල්ලර වෙළඳමට වැට් බදු පැනවීම මගින් ආර්ථික උපාය මාර්ගික අවශ්‍යතාවයක්
ඉටුවිය. එනම් මහාපරිමාන සුපිරි වෙළඳසැල් සහ බෙදාහැරීමේ ආයතන වල පැ.තිරීම සීමා
කිරීමයි. ඒ මගින් එවැනි මහ පරිමාන සමාගම් තම ඒකාධිකාරිය භිවාතිකොට සුළු නිෂ්පාදකයා
පීඩාවට පත්කිරීම යම් පමණකට සීමා වේ. ඇමෙරිකාවේ ‘‘වුල්වර්ත්’’ සහ ‘‘වෝල්මාර්ට්’’ වැනි මහා සුපිරි අලෙවිසැල් ජාල විසින්
නිෂ්පාදකයාගෙන් 40%,50%තරම් ඉහළ
කොමිස් ප‍්‍රතිශත ඉල්ලා සිටීම නිසා අද එම රටේ කුඩා පරිමාන නිෂ්පාදන ව්‍යාපාර
සියල්ල බිඳ වැටී ඇත. එම තත්වය තුළ චීනයෙන් අඩු මිලට ආනයනය කරන බාණ්ඩවලට ඇමෙරිකානු
සුපිරි වෙළඳසැල් රාක්ක වල වැඩි ඉඩක් වෙන්වී ඇත. අප රටේ වැට් බදු පරාසය අඩු කිරීම
මගින් සුපිරි අලෙවිසැල් වර්ධනයට තිබූ බාධකය ඉවත්වී කුඩා පරිමාන සිල්ලර වෙළදාම
කඩාවැටීමේ තත්වයක් දැන් උදාවී ඇත.
කෙසේ වෙතත් මේ වන විට
වැට් බද්ද පනවා ඇති ආකාරය නීති විරෝධී බවට විමල් වීරවංශ මන්ත‍්‍රිවරයා ප‍්‍රමුඛ
පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාගැනීම නිසා දැන් බදු අය කිරීම සඳහා එම
පනත සංශෝධනය කිරීමට සිදුවේ. නමුත් රටපුරා වෙළඳ සංගම් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට
අනතුරු අ`ගවන්නේ
මහජනයාට අසාධාරණ බදු බර පටවන එම පනතට ඡුන්දය දී ගමට නොඑන ලෙසය. බදු බර සහිත අය වැය
ලේඛනයකට ඡුන්දය දෙන ආකාරයට වැට් බදු පැනවීම සඳහා විශේෂයෙන් ගෙනඑන පනතකට ඡුන්දය දීම
මන්ත‍්‍රිවරන්ට පහසු වන්නේ නැත.
එවැනි තත්වයක් තුළ
ආණ්ඩුව මහජනයා සහ වෙළඳ ප‍්‍රජාව සම`ග පමණක් නොව තමාගේම මන්ත‍්‍රිවරු සම`ග පවා මරාගෙන මැරෙන
සටනක් කොට වැට් බදු පැනවීම මගින් උපයා ගැනීමට අපෙක්ෂා කරන මුළු ආදායම රුපියල්
මිලියන ලක්‍ෂයක් හෙවත් බිලියන 100කි. එහෙත් විශාල දේශපාලන වන්දියක් ගෙවා උපයාගන්නා මුදලට
සමාන මුදලක් මහා සමාගම් කිහිපලයකට බදු සහන ලෙසලබාදීමට ක‍්‍රියාකාරීම පුදුම සහගතය.
ආණ්ඩුව වැට් බදු විරෝධී ඝෝෂාවට මුවාවී ගන්නා වූ එම කූඨ ක‍්‍රියාමාර්ගය තුළන් මහජන
මනසේ පුදුමයක් ජනිත කරනවාට වඩා තම දුෂ්ඨ බව ප‍්‍රකට කරයි.
එම දුෂඨ උත්සාහය තුළන්
රටේ නිෂ්පාදන ආර්ථිකය මහා පරිමානයෙන් බිඳ වැටීම ආර්මභපවන අතර ආනයනික විදේශීය
භාණ්ඩවලට බදු සහන දීමේ එම ප‍්‍රතිපත්තිය අනෙක් ක්‍ෂෙත‍්‍රවලටද හදුන්වාදීම
සිදුවුවහොත් රටේ නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශවනු ඇත. උදාහරණයක් ලෙස
විදේශීය තිරිගු පිටි සමාගම් වලට ලබාදෙන සහන වී ගොවියා මෙන්ම කුඩා පරිමාන සහල් සහ
සහල් පිටි කර්මාන්තකරුවන්ද විනාශ මුඛයට ඇදවැටී ඇත. එම සහනය කිිරිපිටි ආනයනය කරන
මහා පරිමාණ සමාගම් වලටද ලබාදුනහොත් දේශීය කිරි කර්මාන්තය සහ කිරි ගොවියා ඉතා කෙටි
කලෙකින් වළපල්ලට යනු ඇත. අතිබහුතරයක් වෙළඳ ප‍්‍රජාව සහ පොදු මහජනතාව සම`ග බරප.තල දේශපාලන
විරසකයක්ඇතකර ගනිමින් උපයා ගැනීමට නියමිත බදු ආදායමට සමාන මුදලක් අත දිගහැර මහා
සමාගම් කිහිපයක් අතට ලබාදෙන්නේ කාගේ උවමනාවටද? සමාගම් වලට ලබාදෙන බදු සහන මිල අඩුවීම මගින්
මහජනයා අතට ලැබෙනවා යැයි තර්ක කළත් ප‍්‍රායෝගිකව එවැන්නක් සිදුවන්නේ නොගිනිය හැකි
සුළු ප‍්‍රතිශතයකිනි. එම බදු සහන නතරකොට අදාල බදු නැවත පැනවුවහොත් ‘‘මරාගෙන මැරෙන වැට්
බද්ද’’ හෙවත් වැට්
බදු වැඩි කිරීම අවශ්‍යවන්නේ නැත. ඒ අනුව සමාගම්වලට බදු සහන ලබාදී දේශිය ආර්ථිකය
විනාශ කිරිමේ තීන්දුව ආණ්ඩුවේ පොදු තීරණයක් යැයි සැලකිය නොහැක. විශේෂයෙන්ම
ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊට ලැබුණා යැයි මහජනයා විශ්වාස නොකරනු ඇත. එසේනම් ලබාදෙන
සහන වලට අදාල කොමිස් කුට්ටි වැටෙන්නේ කාගේ සාක්කු වලටද?
පුද්ගලයන් දෙතුන්
දෙනකුට කොමිස් ගැසීම සඳහා රටක් සහ ආණ්ඩුවක් අර්බුදයට යැවීමේ අභතෝකෝටිකය පැහැදිලි
කරන්නේ කෙසේද? ඒ සඳහා වන
පූර්ව කොන්දේසිය වන්නේ චෝදනාවට අදාල සාක්‍ෂි පළමුව විමසා බැලීමය. ආණ්ඩුව තිරිගු
පිටි සඳහා පනවා තිබූ විශේෂ බද්ද කිලෝ ග‍්‍රෑම් එකකට රු.10කින් අඩු කලා පමණක් නොව ලෝක වෙළඳපලේ තිරිගු
මිල මෙ.ටො. එකකට ඩොලර් 500 සිට 350 දක්වා අඩුවීම නිසා
පැනවිය යුතුව තිබූ රුපියල් 20ක අමතර බද්ද
පැනවූයේ නැ. ඒ වෙනුවට ඉවත් කළ බද්දෙන් රු.6ක් පමණක් නැවත පැනවීය. වසරකට ශ‍්‍රී ලංකාවට
තිරිගු මෙ.ටෙ ලඞෂ 13ක් ආනයනය කරන
තත්වයක් තුළ ආණ්ඩුව ලැබිය යුතු රුපියල් මිලියන 32,000ක් හෙවත් රු. බිලියන 32ක් මෙම බදු සහන
සෙල්ලමෙන් අදාල සමාගමේ ගිණුමට වැටේ.
දෙවනුව ආණ්ඩුව තම මතට
තිත ප‍්‍රතිපත්තිය මුහුදට විසිකරමින් මත්පැන් ලෙස වෙළඳපලේ විකිණිම සඳහා ආනයනය කරන
මධ්‍යසාර සඳහා පනවා තිබූ විශේෂ බද්ද ලීටරයකට රුපියල් 200 සිට රු. 10 දක්වා අඩුකර ඇත. ඒ අනුව වසරකට මධ්‍යසාර
ලීටර් මිලියන 20,000ක් ආනයනය කරන
තත්වයක් තුළ ආණ්ඩුවට සිදුවන සමස්ථ පාඩුව හෙවත් අදාළ සමාගම් වලට ලැබෙන අමතර ලාභය
වසරකට රුපියල් මිලියන 38,000ක් හෙවත් රු.
බිලියන 38ක් වේ. රට ලෙඩ
කරන මධ්‍යසාර ආනයනය කරන රේන්ද කාරයන්ට එසේ නිර්ලෝභිව බදු සහන දෙන අතර ආණ්ඩුව දේශීය
කර්මාන්ත සඳහා ආනයනය කරන ස්ප‍්‍රීතු බද්ද රු. 800 සිට 1200දක්වා වැඩිකොට ඇත. ඒ මගින් දේශීය කර්මාන්ත
කරුවන්ට ආණ්ඩුව සලකන ආකාරය ප‍්‍රකට වේ. ඒ අතර ආනයනික සුවඳ විලවුන් සඳහා කිසිදු
මහජන ඉල්ලීමකින් තොරව වැට් බදු සහන
ලබාදීමද පැහැදි කරගත යුත්තේ ඊට සාපේක්‍ෂවය.
තුන්වනුව ආණ්ඩුව අත
තබන්නේ මේ වන විට ඉතා ඉහළ මට්ටමක පවතින දේශිය රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයටය.
ආනයනික රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා පසුගිය රජය විසින් පැනවූ 30%ක සෙස් බද්ද ඉවත්
කිරිමේ ගැසට් නිවේදනය දැන් සකස් වෙමින් ඇත. පසුගිය රජයේ බදු ප‍්‍රතිපත්තිය නිසා ඒ
වන විට පැවති රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලා ප‍්‍රමාණය 5 සිට 38 දක්වා වැඩි විය. එය
ඉතා සැලකිය යුතු වර්ධනයකි. එම සාමගම් අතරින් කිහිපයක් අපනයන වෙළඳපල තුලද සැලකිය
යුතු කොටසක් අත්පත්කර ගැනීමට සමත් විය. එම තත්වය තුළ විදේශිය රටවල් බොහෝමයක් ශ‍්‍රී
ලංකාවේ රූපලාවන්‍ය නිෂ්පාදන විසින් ඔවුන්ගේ වොළඳපල අත්පත්කර ගැනීම වැළැක්වීම සඳහා
බදු නොවන බාධක පැනවීම ආරම්භ කළේය. නමුත් අප රටේ රජය රූපලාවන්‍ය ඖෂධ ලියාපදිංචි
කිරීම සඳහා පනවා තිබූ ප‍්‍රතිපාදනද ඉවත් කොට විදේශීය නිෂාප්දන වලට සියලූ දොරවල්
විවෘත කරයි. දැන් ඉන් නොනැවතී සෙස් බද්ද ඉවත් කිරීම මිග්න මහා සමාගම් වලට ලබාදෙන
සමස්ථ සහනය හෙවත් රජයට සිදුවන පාඩුව රුපියල් මිලියන 10,000ක් හෙවත් රු බිලියන 10කි. ශ‍්‍රී ලංකාවේ
රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදී සිටි මහා පරිමාන සමාගමක් පසුගිය පෙබරවාරියේදී
තම කර්මශාලාව ගිනි ගැනීමෙන් පසුව රක්‍ෂණ වන්දි ලබාගත් නමුත් කර්මාන්ත ශාලාව නැවත
විවෘත කළේ නැත. ඒ අනුව දැන් එම සමාගමට තම වෙළඳපල කොටස පවත්වානෙ යාම සඳහා ඉන්දියාවේ
සහ පකිස්ථානයේ තිබෙන ඔවුන්ගේ ප‍්‍රධාන කර්මාන්තශාලාවල නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට
සිදුවේ. ශ‍්‍රි ලංකාවේ පවත්වාගෙන ගිය කර්මාන්තශාලාව එසේ නැවත ඉදිකිරීම නොකරන්නේ
මෙම බදු සහනය පිළිබඳ ඉවත් එම සමාගමට තිබු නිසාදැයි මහජනයාට සැක පහළවීම වැළැක්විය
නොහැක. කෙසේ වෙතත් ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ‘‘‘එට්කා’’ ගිවිසුම අත්සන් කළහොත් එම සමාගම් විසින් ශ‍්‍රී
ලංකාවේදී නිපදවනවාට වඩාඉන්දියිවෙන් ආනයනය කිරීම වඩා ලාභදායක වේ. කෙසේ වෙතත් මෙම
තත්වය විසදීම සඳහා සහනාධාර නිලදාරීන් සතු එකම විසදුම වන්නේ ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත
කරුවන් විදේශීය නිෂ්පාදන සම`ග තරගකාරී වීම
සඳහා ඉගෙනගත යුතු බවට තර්ක කිරීමය. නමුත් ඔවුන්ට කිව යුත්තේ 1950 දශකයේදී අද දියුණු
යැයි කියන රටවල් තම රටවල දේශීය කර්මාන්ත ආරක්‍ෂාකර ගැනීම සඳහා බදු පැනවූ ආකාරය අධ්‍යනය
කරන ලෙසය.
හතරවනුව ආණ්ඩුවේ ඊළ`ග ඉලක්කය දේශිය සීනි
කර්මාන්ත, විශේෂයෙන්ම
දැනට රජයට පවරාගෙන ඇති සීනි සමාගම් වළපල්ලට යවා ජාවාරම්කාර ආනයනකරුවන්ට සහන
සැලසීමය. ඒ අනුව ආනයනික සීනි සඳහා පනවා තිබූ ක‍්‍රි.ග‍්‍රෑ එකකට රු.30ක් වූ විශේෂ බද්ද ශත 25කත් දක්වා අඩුකර ඇත. ඒ
මගින් රජයට සිදුවන පාඩුව හෙවත් ජාවාරම්කාරයින්ට බන්දේසියක තබා ලබාදෙන සහනය වසරකට
රුපියල් මිලියන 20,000ක් හෙවත්
බිලියන 20කි. එම අරුම
පුදුම තීන්දුව සාධාරණිකරණය කිරීම සඳහා අදාල ඇමතිවරයා සූක්‍ෂම උපක‍්‍රමයක් අනුගමනය
කළ බව පෙනේ. ඔහු පළුමව සීනි සඳහා පාලන මිලක් පනවා ඊට එරෙහිව ඝෝෂාවක් ඇතිකිරීමට ඉඩ
සලසා එම ඝෝෂාවට මුවා වී අදාල බදු සහනය ලබාදීමට ක‍්‍රියා කළේය.
ඒ අනුව ජාවාරම්කාර
සමාගම් කිහිපයකට ලබාදුන් මෙම බදු සහන හතර මගින් රජයට අහිමිවන මුලූ ආදායම රු.මිලියන
100කි. එම මුදල
මරාගෙන මැරෙන දේශපාලන සටනක් කොට එකතුකර ගැනීමට බලාපොරොත්තු වන වැට් බදු ප‍්‍රමාණයට
සමාන වීම පිළිබඳව ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයා රටට කියන්නේ කුමක්ද?
වෛද්‍ය
කේ.එම්. වසන්ත බණ්ඩාර

Comments
Post a Comment