රණවිරුවන් වෙනුවෙන් ජනපතිදුන් කියන දේ සහ කරන දේ



   පසුගිය දිනෙක රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකරමින් අතිගරු ජනාධිපතිතුමා රණවිරුවන් වෙනුවෙන් ඉතා ප‍්‍රභල ලෙස පෙනී සිටිනු දක්නට ලැබුණි. නමුත් එතුමා රට තුළදී වචන වලින් එසේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටියත් ඔවුන්ට එරෙහිව දියත්ව ඇති බරපතල ජාත්‍යන්තර මෙහෙයුම හමුවේ තම මුනිවත් රැුකීමට පරිස්සම් වන බව පැහැදිලිව පෙනේ. විශේෂයෙන්ම බන්ති මූන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය තුළදී ඔහු විසින් කරන ලද ප‍්‍රකාශ හමුවේ ජනාධිපතිතුමා තම මුනිවත ඉතා හොඳින් රකිනු දක්නට ලැබුණි. ඒ නිසා   බන්කි මූන්ගේ දෙවන ශ‍්‍රී ලංකා සංචාරය පළමු වැන්න තරම් ශ‍්‍රී ලංකාවට අනර්ථකාරී නොවූ බවට ජනමාධ්‍යවල විවිධ මත පළවිය. එහෙත් ඔහු විසින් ඔහුගේ දෙවන ගමනේදී සිදුකළ ප‍්‍රකාශ ගැඹුරින් විශ්ලේණණය කිරිමේදී පෙනී යන්නේ ඔහු ඉතා බරපතල ඉදිරි පියවරක් තැබූ බවය. ඔහු තම පළමු ගමනේදී ඊනියා ඒකාබද්ධ ප‍්‍රකාශයට යම් වචන කිහිපයක් ඇතුල්කර ගනිමින් ආරම්භකළ ගමනේ තර්කානුකූල අවසානය දෙවන ගමනේදී සිදුකළ එක් ප‍්‍රකාශයක් මගින් සනිටුහන් කළයේ. විදේශීය තනාපතිවරුන්, සහ අමාත්‍ය මහින්ද සමරසිංහ පවා ඉදිරිපිට සිටියදී ඔහු ප‍්‍රකාශ කළේ රුවන්ඩාවේ සහ සර්බියාවේ සිදුවූ යුද අපරාධ වලට සමාන යුධ අපරාධ ශ‍්‍රී ලංකාවේ යුද්ධය තුළ සිදුවූ බවය.

                කදිරගාමර් ජාත්‍යන්කර අධ්‍යන ආයතනය විසින් කොළඹ හිල්ටන් හෝටලයේදී සංවිධානය කළ දේශනයකදී කදිරගාමර් වැනි ශ්‍රේෂ්ඨ නාමයකට නිගරු කරමින් බන්කි මූන් විසින් එවැනි ප‍්‍රකාශයක් කලද එහි සිටි අමාත්‍යවරු මී පැටවුන් සේ එම චෝදනා අනුමත කරමින් ඔළුව පහත් කරගෙන සිටියෝය. ඉන් පසුව මාධ්‍ය සාකච්ඡුාවකදී බන්කි මූන් විසින් එවැනි ප‍්‍රකාශයක් සිදු නොකළ බව තහවුරු කිරීමට මහින්දසමරසිංහ මහතා අසරණ උත්සාහයක් ගත්තේය. නමුත් බන්කි මූන් මහතාගේ ප‍්‍රකාශකයකු බන්කි මූන් අදහස් කළේ කුමක්දැයි තහවුරු කළ බව ද අයිලන්ඞ්පුවත්පතේ මාධ්‍යවේදියකු පැවසූ විට ඔහු නිහ`ඩ විය. අතිගරු ජනාධිපතිතුමාද එවැනි කිසිවක් සිදුනොවූ ලෙස තමාට හෙමින් යාමට බන්කිමූන් ඉඩදුන් බව සතුටින් ප‍්‍රකාශ කළේය. අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත බන්කිමූන්ගේ පැමිණිමට පෙර සම්මත කිරිමේදී පෙන්වූ හදිසිය  සම`ග සසදන විට ජනාධිපතිතුමා කියන හෙමින් ගමන කොපමණ හෙමින් යාමට බන්කිමූන්ලා ඉඩදෙනු ඇත්ද යන්න සිතාගත හැක. 

                රුවන්ඩාවේ සහ සර්බියාවේ මානව සංහතියට එරෙහිව සිදුකළ අපරාධ සහ සමූළ ඝාතන අපරාධ චෝදනා එල්ල වුණේ එම රටවල රජයේ හමුදාවලටය. ඒ අනුව බන්කි මූන් මහතා ශ‍්‍රී ලංකාවේ සිදු වූ දේ එම රටවල සිදුවූ දේට සමාන කරමින් චෝදනා එල්ල කරන්නේ ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවල ප‍්‍රධානීන්ටය.  එම රටවල දේශපාලන සහ හමුදා නායකයන්ට එරෙහිව ජාත්‍යන්තර විශේෂ යුද අපරාධ අධිකරණ මගින් නඩු පැවරිනි. එහිදී එම රටවල යුද අපාරධ සිදුවූ බවට ප‍්‍රභල සාක්ෂි සහිතව ඔප්පු විය. රුවන්ඩාවේ ජාතිවාදී පදනමින් අමානුෂික ලෙස මරා දැමුණු ටුට්සි ගෝතික වැසියන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 08ක් ඉක්මවා යයි. එසේම කොසෝවෝ වල එක් සිදුවීමකදී පමණක් මරා දැමුණු සංඛ්‍යාව 8000කි. එම සිදුවීමට මුල්වූයේ සර්බියානු හමුදා නොව කොසෝවෝ ගරිල්ලන් බව පසුව ඔප්පු වීම වෙනම කාරණයකි. නමුත් ශ‍්‍රී ලංකාවේ එවැනි මහා පරිමාන අමානුෂික ඝාතන කිසිවක් සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ ශ‍්‍රී ලංකාවේ හමුදාව ලෝකයේ කිසිදු රටක සිදුනොවූ ආකාරයට තම ජිවීත සහ අතපය පරිත්‍යාග කරමින් බෙදුම්වාදී සටන්කරුවන් විසින් ප‍්‍රාණ ඇපයට ගත් ලක්‍ෂ 3කට අධික අහිංසක ජනතාව බේරා ගැනීමය. ශ‍්‍රී ලංකා හමුදාවේ එම කැපකිරීම් පිළිබඳව ජාත්‍යන්තකර රතු කුරුස සංවිධානය පවා ප‍්‍රසංශා කොට ඇත.

                බැන්කි මූන් මහතා කිසිදු අධිකරණමය පරික්‍ෂණ වාර්තාවකින් තොරව එවැනි ද්වේශ සහගත ප‍්‍රකාශ කරන්නේ ඔහු විසින්ම කැදවූ දරුස්මාන් වාර්තාව මත පදනම් වෙමින් බවට කිසිදු සැකයක් නැත.  එම වාර්තාව පදනම් වන්නේ නම සඳහන් නොකළ සහ විශ්වාසය තහවුරුකළ නොහැකි ඊනියා සාක්‍ෂිකරුවන් 2500කගේ ඒක පාර්ශවීය ප‍්‍රකාශ මතය. එහි සඳහන්වන පට්ටපල් බොරු සහ ඒ මත එල්ල කෙරෙන චෝදනා එකින් එකි ගෙන විශ්ලේෂණය කොට දරුස්මාන්ලාගේ රෙදි ගැලවීම අමාරු කාරියක් නොවේ.      ද අයිලන්ඞ් පුවත්පතේ  ප‍්‍රවෘත්ති කර්තෘ ශමින්ද ෆර්ඩිනැන්ඩෝ මහතා තම ලිපිවලින් එම කාර්යය බොහෝ දුරට ඉටු කොට ඇත. එහෙත් අප රටේ කිසිදු විශ්ව විiාලයක පර්යේෂකයෝඊට අතගසා නැත. මේ වන විට යම් දේශප්‍රේමී විද්වතුන් පිරිසක් පමා වී හෝ ඒ සඳහා උත්සාහයක් ගනිමින් ඇත. දරුස්මාන් වාර්තාවෙන්  ඕනෑම රටක යුද හමුදාවකට එරෙහිව එල්ල කළ හැකි සහ මිහිපිට සිදුවිය හැකි සියලූ අපරාධ පිළිබඳව අද්භූත චෝදනා එල්ලකොට ඇත. මෙම චෝදනා ඉතා පහසුවෙන් බිද හෙළිය හැකි සියලූ සාක්‍ෂි අප රට සතුව ඇත. අවශ්‍ය වන්නේ එම අද්භූත චෝදනා වලට පිළිතුරු දීම යනු ජාතියට නිදහස දිනා දුන් අප රටේ රණවිරුවන් වෙනුවෙන් ඉටුකළ යුතු අවම යුතුකමක් ලෙස රටේ පාලකයන් විසින් පිළිගැනීම පමණි.

                කෙසේ වෙතත් අවසානයේදී 2015 සැප්තැම්බර් මස ශ‍්‍රී ලංකා රජයේ එක`ගතාවයෙන් ඇමෙරිකාව විසින් යෝජනාවක් සම්මත කළේය. අප රටේ විදේශ අමාත්‍යවරයා විසින් එම යෝජනාව පිළිගනු ලැබුවේ එහි  1 වැනි වග්න්තියේ  සඳහන් ආකාරයට මානව හිමිකම් කොමසාර්ස්ගේ වාර්තාව මගින් රණවිරුවන්ට එරෙහිව එල්ල කළ සියලූ අද්භූත චෝදනා පිළිගනිමිනි. ඉන් පසුව 2016 මාර්තු මාසයේදී මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් නව වටයකින් ආරක්‍ෂක හසමුදාවලට එරෙහිව චෝදනා එල්ල කරන ලදී. ඉන් පසුව  බන්කි මූන් මහලේකම්වරයා රට තුළට පැමිණ ඍජුවම බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කොට ඇත. මෙවර ඔහු රුවන්ඩාවට  සහ සර්බියාවට ශ‍්‍රී ලංකාව සමාන කරමින් එසේ චෝදනා එල්ල කරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයට චෝදනා එල්ල කරන මුවාවෙනි.

                නමුත් එහිදී වෙතත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකළ යුද අපරාධ වැළැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක‍්‍රියා නොකළ බව ඔහු පැවසූවේ නැත. එල්.ටී.ටී.ඊ සංවිධානය 2008 මුල් භාගයේ සිටම සිවිල් ජනතාව ප‍්‍රාණ ඇපයට ගැනීම මගින් ඔවුන් යුද්ධයේ පළිහක් ලෙස යොදා ගැනීමට සැලසුම් කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය දැන සිටියේය. ත‍්‍රස්තවාදීන් විසින් එසේ මහජනතාව ප‍්‍රාණ ඇපයට ගැනීම නැවැත්වීමට උත්සාහ කළ එක්සත් ජාතීන්ගේ දෙමළ ජාතික ස්වේච්ඡුා සේවකයන් අත්අඩංගුවට ගැනීමට එල්.ටී.ටී. සංවිධානය ක‍්‍රියා කළේය. එහෙත් ඊට එරෙහිව එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලය කිසිදු පියවරක් ගත්තේ නැත. එවැනි අතපසුවීමක් සිදුවූ බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශකයා විසින් පිළිගත් බව ‘‘ද අයිලන්ඞ්පුවත්පත වාර්තා කළේය. ඒ අනුව ලක්‍ෂ 3ක ප‍්‍රාණ ඇපකරුවන්ට එරෙහිව එල්.ටී.ටී සංවිධානය විසින් සිදු කළ යුද අපරාධ වලට එක්සත් ජාතීන්ගේ සංවිධානය වගකිව යුතුය. නමුත් බන්කි මූන් චෝදනා එල්ල කරන්නේ ආරක්‍ෂක හමුදාවලට පමණි.

                එසේ ක‍්‍රමක‍්‍රමයෙන් ප‍්‍රාණ ඇපකරුවන් එකතුකර ගනිමින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සටන් කරුවන් වන්නි නැගෙනහිර දෙසට පසු බසින විට 2008 මස අගෝස්තු මස සිට සිවිල් ජනතාවගේ ඝාතන ගණනය කිරිමේ ක‍්‍රමවේදයක් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් හදුන්වා දුනි. අවසානයේදී එම ගණනය කරීම් වල එකතුව 2009 මැයි 19 යුද්ධය අවසන්වීමෙන් පසුව ප‍්‍රකාශයට පත්කිරීමට එවකට එක්සත් ජාතින්ගේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීල් බුනේ මහතා ක‍්‍රියා කළේය. ඔහුගේ වාර්තාවට අනුව එම කාලය තුළ මියගිය සිවිල් වැසියන් සහ සටන් කරුවන්ගේ සම්පූර්ණ එකතුව 7721කි. නමුත් බැන්කි මූන්ගේ දරුස්මාන් වාර්තාව යුද්ධය අවසාන භාගයේදී මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යෘව 40000ක් යැයි පට්ටපල් බොරු වාර්තා ඉදිරිපත් කරන්නේ එසේ නිල වශයෙන් බැන්කි මූන්ටම ඉදිරිපත් කළ ‘‘නිවැරදි’’ සංඛ්‍යා ලේඛන තිබියදී ය. ඉන් පසුව 2010දී දරුස්මාන් වාර්තාව පිටවීමට පෙර ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය විසින් නිකුත්කළ වාර්තාවක් මගින්ද සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව 10000කට අඩු බවට සාක්‍ෂි සහිතව ප‍්‍රකාශ කරන්නට යෙදුනි.

                මේ සියල්ලෙන් පෙනී යන්නේ බන්කි මූන් මහතා කෑමට අවශ්‍ය වූ විට කබරගෙයින් තලගොයින් බවට පත් කිරීමට අති දක්ෂයෙකු බවයි. එදා ඔහු යුද්ධය අවසන් වී දින තුනක් ඇතුළත ශ‍්‍රී ලංකාවට කඩා පැන ඒකාබද්ධ ප‍්‍රකාශයක් මුවාවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ලවා වචන කිහිපයක් ප‍්‍රකාශ කරවා ගැනීමට උත්සාහ කළේය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේ බන්කි මූන් කියන දුක් ගැනවිලි ගැන සොය බලන බව පමණි. ඒ සඳහා ඊනියා  වගවීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවන බවයට ඔහු එක`ග වූයේ නැත නමුත් කිසිවක් පිළිබඳ සොය බැලීමට කිසිදු ඉඩක් නොතබා ඊට දින 6කට පසු එදා සිටි මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ බරපතල යුද අපාරධ සිදුවූ බැවින් ඒවා පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. ඒ අනුව බන් කි මූන් සහ ඔහුගේ ගෝලබාලයින් පූර්ව නිගමන මත යම් සැලසුමකට අනුව ශ‍්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ බව පැහැදිලි වේ. එදා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2010 මැයි මාසයේදී උගත් පාඩම් කොමිසම පත්කොට මාස දෙකක්වත් ඉක්ම යාමට පෙර එහි වාර්තාව ලබාගැනීමට ඉඩක් නොතබා බන්කි මූන් විසින් දරුස්මාන් කමිටුව පත්කිරිමෙන් ඔහුගේ පහත් ක‍්‍රියාපිළිවෙත ඔහු විසින්ම ලෝකයට පෙන්විය.

                මහින්ද රාජපක්‍ෂ රජය බන්කිමූන්ගේ බලහත්කාරයට කැමැත්තෙන් යටත්වූයේ නැත. ඒ අනුව ඔහුගේ  රජය මානව හිමිකම් කොමිසම විසින් 2012,2013 සහ2014 වසරවලදී සම්මත කළ යෝජනා පූර්ව නිගමන සහිත බවට සහ අසාධාරණ බවට හේතු දක්වමින් ඒවාට එරෙහි විය. එම නිසා එම යෝජනා වලින් ඉල්ලා සිටි ආකාරයට මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට හෝ විශේෂ බලයලත් නිලධාරීන් ශ‍්‍රී ලංකාවට පැමිණ පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩක් ලැබුණේ නැත. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ බලහත්කාරය ආශිර්වාදයක් සහ ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වෙන තත්වයක් ඇතිවී ඇත. එදා 2015 සැප්තැම්බර් 30 වෙනිදා ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් විසින් ඉදිරිපත් කළ යෝජනාවට ශ‍්‍රී ලංකා රජය පක්‍ෂපාත වන්නේ එම පදනමිනි. ලෝකයේ කිසිදු රටක් තම රටේ හමුදාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවක් ස්තුති පුර්වකව පිළිගත් බවට ඉතිහාසයේ සාක්ෂි නැත.

                ශ‍්‍රී ලංකවේ ආරක්‍ෂක හමුදා විසින් මිහිපිට සියලූ යුද අපරාධ සිදුකළ බවට එල්ල කළ චෝදනා මත පදනම් වූ වාර්තා සියල්ල මංගල සමරවීර මහතා විසින් ස්තුති පුර්වකව පිළිගත්තේය. ඒ මගින් ඔහු රාජ්‍යයට දෝහී වීමේ වරද සිදුකර ඇත. ඔහුගේ  කතාව තුළ එම චෝදනා වලට එරෙහිව සිහින් කෙදිරියක් හෝ නැගුවේ නැත. අඩු තරමින් යම් චෝදනා ප‍්‍රමාණයක් හෝ ප‍්‍රතික්ෂේප කිරීමට ඉඩක් තිබුනත් ශ‍්‍රීලංකාවේ ගරුත්වය වෙනුවෙන් ඒ යුතුකමවත් ඔහු විසින් ඉටු කළේ නැත. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විදේශිකයකු සේ ක‍්‍රියාකරන විදේශ අමාත්‍යවරයෙකි. ශ‍්‍රී ලංකවේ ආරක්‍ෂක හමුදා යුද අපරාධ සිදුකළ බව ස්තූති පුර්වකව පිළිගැනීමට ඔහුට බලය දුන්නේ කවුද? ඇමෙරිකානු යෝජනාවට එක`ගතාවය පළ කිරීමට පෙර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් හෝ ජනාධිපතිවරයා විසින් හෝ පාර්ලිමේන්තුව විසින් ඔහුට කිසිදු බලයක් ලබාදී නැත. එසේම විදේශ අමාත්‍යවරයාට බලය පවරන ගැසට් නිවේදනයේ එවැනි බලයක් පිළිබඳ සඳහන් වන්නේ නැත. එම තත්වය තුළ අනාගතයේදී ඔහුට උසාවියකදී තම පාවාදීම පිළිබඳව පාපෝච්චරණය කිරීමට සිදුවනු ඇත.

                එහිදී රජ්‍යයට දෝහීවීමේ වරද මංගල සමරවීර මහතාට පමණක් එල්ල වන්නේ නැත. ඊට සමාන චෝදනාවක් ජනාධිපතිතුමාටෙද එල්ල වේ. එයට හේතුව ශ‍්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර පරණගම කොමිසමේ දෙවන බල අධිකාරීය මගින් නිකුත් කළ විදේශීය විශේඥයින්ගේ වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කොට ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවල නිර්දෝශීත්වය වෙනුවෙන් පෙනී නොසිටීමය. ශ‍්‍රී ලංකවේ ආරක්‍ෂක හමුදාව විසින් සිදුකළා යැයි කියන යුද අපරාධ සැබැවින්ම සිදු නොවූ බවට ප‍්‍රභල සාක්ෂි සහිතව සකස් කළ විදේශීය වාර්තා 06ක් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් නොකර ස`ගවා තබා ගත්තේ සුමන්තිරන් මන්ත‍්‍රිවරයාගේ ඉල්ලීමක් අනුවය. ඒ අනුවද එම වාර්තා එළිදැක්වීම වැළැක්වීමේ අරමුණ පැහැදිලි වේ. සර් ජෝන් හෝල්මස්, සර් ජෙප්රි නයිස්, සර්. ඩෙස්මන් ද සිල්වා ආදී ලෝක පූජිත යුද සහ නීති විශේෂඥයින් විසින් සකස් කළ එම වාර්තා ඉදිරිපත් කිරීම සඳහා විශේෂ සභාවාරයක් කැඳවීමට වුවද ඉල්ලීමක් කිරීමේ ඉඩක් තිබිණි.

                නමුත් ශ‍්‍රී ලංකා රජය බෙදුම්වාදීන්ගේ ඉල්ලීම පරිධි එසේ තම හමුදාවට දෝහී වීමට තීරණය කිරිමෙන් පෙනේන්නේ ශ‍්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ බියකරු පින්තුරයකි. යහපාලන රජය බලයට පත්වීමෙන්පසුව මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පවත්වාගෙන ගිය වැරදි විදේශ ප‍්‍රතිපත්ති නිවැරදි කරන බව පැවසේ. නමුත් එම නව ප‍්‍රතිපත්තිය මගින් ලැබෙනවායැයි කියන ප‍්‍රතිඵල සැබැවින්ම ලැබෙනවාද යන ප‍්‍රශ්නය මතුවේ.  රජය විසින් අපේක්ෂා කරන ප‍්‍රතිඵලය වන්නේ අරෙක්‍ෂක හමුදා බිල්ලට දෙමින් රට බේදීමේ මර උගුලට පය තැබීම නම් එය ඉතා හොදින් ඉටුවන බව නම් පැහැදිලිව පෙනේ. විදේශ අමාත්‍යවරයා පමණක් නොව ජනාධිපතිවරයාත් බලාපොරොත්තු වන  ආකාරයට රජය විසින් බන්කි මූන්ලාට පෙන්වන හොඳ හිත හෝ යටහත් පහත් භාවයට සාපේක්ෂව ඔවුන්ගෙන් සාධාරණය ඉටුවන බවක් කිසිසේතම පෙනෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් තමා විසින් දියත් කළ ශ‍්‍රී ලංකා රජයේ අත කරකවා තම අරමුණු ඉටුකර ගැනීමේ උපායමාර්ගික සැලසුම තවදුරටත් වේගයෙන් ඉදිරියට තල්ලූ කරන බව පෙනේ. බන්කිමූන්ගේ අගතිගාමී ප‍්‍රකාශය මගින් ආණ්ඩුවට හීන් කෙදිරියකින් හෝ එම මෙහෙයුමට එරෙහිව විරෝධයක් පළ කිරිමේ අවස්ථාවක් උදා කළේය. එහෙත් ජනාධිපතිතුමා එම අවස්ථාව භාවිතා කළේ නැත. ඒ වෙනුවට දේශීය පේ‍්‍රක්‍ෂකයා ඉලක්ක කරමින් පමණක් රණවිරුවන් වෙනුවෙන් පෙනීසිටිමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත.

වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර
       
               

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: