ව්‍යවස්ථා කමිටු වාර්තාවෙන් බෙදුම්වාදී බළලා එළියට
ව්‍යවස්ථා සම්පාදක
සභාවේ මෙහෙයුම් කමිටුව මගින් පත්කළ උප කමිටු වාර්තා සියල්ල මේ වන විට මෙහෙයුම්
කමිටුවට බාරදී ඇත. ඒ අතරින් ‘‘මාධ්‍ය සහ
පරිධිය අතර සබඳතාව’’ ලෙස නම්කර ඇති
ඊනියා බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් කරන උප කමිටුව විසින් දින වකවානුවක් නොමැතිව
ඉදිරිපත් කළ වාර්තාව දැන් මහජනතාව අතට පත්වී ඇත. ඊට අමතරව ‘‘නීතිය සහ විධානය’’
සහ ජාතික අනන්‍යතා නම්
වූ උප කමිටු වාර්තාද මහජනයා අතට පත්වී ඇත. අනෙක් වාර්තා කෙසේ වෙතත් බෙදුම්වාදී
බලවේග නම් විශාල උනන්දුවක් සහිතව බලා සිටින්නේ මෙම වාර්තා තුනට අදාල මහජන ප‍්‍රතිචාර
දෙස බවට කිසිදු සැකයක් නැත. නමුත් මෙහෙයුම් කමිටුව විසින්නිළ වශයෙන් මෙම වාර්තා ප‍්‍රසිද්ධියට
පත් කිරීමට කටයුතු කර නැත. එසේ වුවත් සමස්ථ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියට
පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවේ 11 වැනි වගන්තියට අනුව
එම වාර්තා සියල්ල ලැබුණු සැනින් ප‍්‍රසිද්ධ
කිරීමට මෙහෙයුම් කමිටුව බැදී සිටියි. ආණ්ඩුව නීති සහ පොරොන්දු කඩමින් තොරතුරු ස`ගවන විට මහජනයා
වෙතත්අවධිමත් මාර්ග හරහා ඒවා ලබාගැනීමට උත්සාහ කිරීම වරදක්ද? කෙසේ වෙතත් අවසානයේදී
ඒකාබද්ධ විපක්‍ෂය විසින් එම වාර්තා මාධ්‍යයට නිකුත්කර ඇත.
පසුගිය කාලය තුළ ව්‍යවස්ථා
සම්පාදාක සභාවක් මගින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක‍්‍රියාවලියට දායක නොවන ලෙස
විවිධ ජාතික සංවිධාන විසින් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉල්ලා සිටිනු දක්නට ලැබුණි. දෙමළ
ජනතාවට පිලිගත හැකි ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය
කළයුතු බවට මත දැක්වූ පිරිස් විසින් නායකත්වය සපයන ක‍්‍රිියාවලියකින් රටට
සාධාරණයක් විය හැකි දැයි එම සංවිධාන විසින් ප‍්‍රශ්න කරන්නට යෙදුනි. ඊට අමතරව ඉතා
දැඩි ජාත්‍යන්තර පීඩනයකට කැමැත්තෙන් යටත්වෙමින් කටුතු කරන වර්තමාන ආණ්ඩුව
බෙදුම්වාදී බලවේග වල ගොදුරක් බවට පත්වන බැවින් එම ක‍්‍රියාවලිය ස්වාධීනව
අපක්ෂපාතීව හෝ සාධාරණව සිදුනොවන බවටද එම සංවිධාන විසින් තර්ක කරන්නට යොදුනි. නමුත්
ඒකාබද්ධ විපක්‍ෂයේ මතය වූයේ ව්‍යවස්ථා සභාව තුළ රදී සිටිම මගින් ඒ තුළ සිදුවන්නේ
කුමක්ද යන්න දැනගත හැකි බැවින් සහ ආණ්ඩුවේ කාලසටහන අවුල් කිරීම සඳහා ඉන් ඉවත්වීය
නොහැකි බවයි.
කෙසේවෙතත් එම තර්කය
සාධාරණීකරණය කළ හැක්කේ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් විසින් ඉහත සඳහන් කළ
වාර්තාවල අඩංගු කරුණු පිළිබඳව තම මතය පළකරමින් ‘‘විපක්‍ෂ වාර්තා’’ ඉදිරිපත් කළ හොත් පමණි. නමුත් මේ වන තුරු
අදාළ කමිටුවලට පත් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් විසින් එම වාර්තාවල අඩංගු
බරපතළ බෙදුම්වාදී යෝජනා පිළිබඳව විරුද්ධත්වය පළකරන වාර්තා කිසිවක් නිලවශයෙන්
ඉදිරිපත් කොට නැත. එවැනි තත්වයක් තුළ ඔවුන් විසින් රට වෙනුවෙන් ඉටුකළ යුතු අවම
යුතුකම වන්නේ ඒවා නැවත සාකච්ඡුාවටසහ සංශෝධනයට ලක්කල යුතු බවට ඉල්ලා සිටීමයි. එසේ
නැතහොත් අවශ්‍යනම් සභාව තුළ රැුදී සිටින අතර එම වාර්තා සියල්ල ප‍්‍රතික්ෂේප කළ
යුතුයි. එසේ නොකරන තත්වයක් තුළ රටේ මහජනයාට නව ව්‍යවස්ථාවේ අඩංගුවීමට නියමිත බරපතළ
බෙදුම්වාදී ලක්‍ෂණ පිළිබඳව ‘‘විපක්‍ෂයේ
විරෝධයක් නොමැත’’ යන පණිවිඩය
ලැබෙනු ඇත. ඒ මගින් ඉතිහාසයේ කිසිදිනෙක නිවැරදි කළ නොහැකි බරපතළ වරදක් විපක්‍ෂයේ
සියළූ පක්‍ෂ (නිළ විපක්‍ෂය හැර* විසින් තම හිස මත පටවාගනු ඇත. එම නිසා පළමුවෙන්
සිදුවිය යුත්තේ වහාම සියළු වාර්තා ප‍්‍රසිද්ධ කරන ලෙස ආණ්ඩුවට බලකිරීමය. එසේ නොවන
තත්වයක් යටතේ විපක්‍ෂය විසින් ඒවා රටට එළිදරව් කිරීමට කටයුතු කළ යුතුය.
අවසාන වශයෙන් සම්මත
කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක සභාවේ සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වෙත
ඉදිරිපත් කරන්නේ සියළු උප කමිටු වාර්තාවල එකතුවක් පමණක්ද? එසේ නැතහොත් ඒවා ආශ‍්‍රීතව
සකස් කළ වෙනත් වාර්තාවක්ද යන්න මේ වනතුරු පැහැදිලි නැත. කෙසේවෙතත් ව්‍යවස්ථා
සම්පාදක ක‍්‍රියාවලියට අනුමැතිය ලබාදුන් යෝජනාවේ 21 සහ 22 වගන්ති අනුව එම සභාවට ඉදිරිපත් කළ යුත්තේ
වාර්තාවක් නොව ව්‍යවස්ථා කෙටුම්පතකි. වාර්තාවක් ඉදිරිපත් කිරීමට යෝජනාවන්නේ එම
කෙටුම්පතට විශේෂ බහුතර අනුමැතිය නොලැබුණු අවස්ථාවක එය පාර්ලිමේන්තුව හරහා අමාත්‍ය
මණ්ඩලය වෙත යැවීමේදීය. ඒ අනුව වාර්තාවේ අඩංගු කරණු මත කෙටුම්පත සකස් කොට එය සභාවට
ඉදිරිපත් කරනවා වෙනුවට ආණ්ඩුව ඉතා සුක්‍ෂම වාර්තාවක් පමණක් ඉදිරිපත් කිරීමට කටයුතු
කරන බව පැහැදිලිව පෙනේ. ඒ මගින් ආණ්ඩුවට වාසි දෙකක් ලැබේ. පළමුවෙන්න එම වාර්තාව මත
පදනම්ව හෝ ඊට අමතර එකතු කිරීම් සහිතව වෙනත් බාහිර පිරිසක් මගින් මූලික ව්‍යවස්ථා
කෙටුම්පත සකස් කිරීමට අවස්ථාව සලසා ගැනීමය. දෙවැන්න, ව්‍යවස්ථාවේ අඩංගු වීමට නියමිත නිශ්චිත
වගන්ති වෙනුවට හුදු සංකල්පීය කරුණු වලට අනුමැතිය ගැනීමය. එය ගණන් නොදැමූ හිස් චෙක්
පනතට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම වැනි කූඨ ක‍්‍රියාවකි. මෙම
ලිපියේ අරමුණ සමස්ථ ක‍්‍රියාවලියට අදාළ ඉහත සඳහන් කළ ‘‘මහා පින්තූරය’’ තේරුම් ගනිමින් ප‍්‍රධාන උප කමිටු වාර්තාවක්
වන ‘‘මාධ්‍ය-පරිධිය
සබඳතා කමිටු’’ වාර්තාවේ
අඩංගු බෙදුම්වාදී ලක්‍ෂණ සාකච්ඡුා කිරීමය.
පිටු 30කින් සමන්විත එම
වාර්තාව තුළ පුර්විකාවට සහ මූලික හැදින්වීමට අමතරව මාතෘකා 6ක් යටතේ සාකච්ඡුාවට
ලක් වූ කරුණු සහ නිර්දේශ වෙන් වෙන්ව දක්වා ඇත. එහි 7 වැනි පරිච්ෙඡ්දයක් අමතර එකක් කිරීමක් ලෙස
හදුන්වා තිබුණත් ඉතා භයානක බෙදුම්වාදී යෝජනා ඇතුළත් වන්නේ එම කොටස තුළය. 13 වැනි ව්‍යවස්ථා
සංශෝධනයේ අඩංගු සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කිරීම, ඉඩම් සහ පොලිස් බලතල වැඩි කිරීම සහ ව්‍යවස්ථා
අධිකරණයක් පිහිටුවීම යන ප‍්‍රධාන කරුණු 4 ඊට අයත්වේ. ඒ අතරින් සමගාමී ලැයිස්තුව ඉවත්
කිරීම සහ ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීම යන ඉල්ලීම් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ
දින පටන්ම ඉදිරිපත් කළ ඒවා බව බෙදුම්වාදීන්ගේ පරිනාමය ගැන දන්නා අය ඉතා හොදින්
දනිති. ජේ.ආර්. ජයවර්ධන මහතා එම යෝජනාවලට බරපතළ ලෙස විරෝධය දැක්විය.
ඉඩම් බලයට අදාළ
නිර්දේශ අනුව පළාතක ඉඩම් කළමනාකරණය කිරිමේ සම්පූර්ණ බලය පළාත් සභාවට ලැබේ. නමුත්
ව්‍යාතිරේඛයක් ලෙස ඊට එකතුකොට ඇත්තේ පළාත් ඉඩම් සැලසුමට අනුව පමණක් මධ්‍යම රජයේ
බලතල වලට අදාළ කාරණ සඳහා ඉඩම් නිදහස් කළ හැකි බවයි. ඊට අනුව පළාත් ආණ්ඩුව මධ්‍යම
රජයේ ඉඩම් ඉල්ලීම් වලට අවනත වන්නේ කොන්දේසි රාශියකට අනුව සලස් වන පළාත් ඉඩම්
පරිහරණ ප‍්‍රතිපත්තිය අනුවය. ඒ අනුව මධ්‍යම රජයට ඉඩම් ලැබෙන්නේ එම සැලසුමට අනුව
අදාළ භූමිය නිදහස් කළ හැකිනම් පමණි. එවැනි තත්වයක් තුළ ජාතික ආරක්‍ෂාවට අදාළ හමුදා
කඳවුරු පිහිටුවීම වැනි කාරණ වලට පවා පළාත් ආණ්ඩුවේ අනුමැතිය අවශ්‍යවේ. එවිට දැනට
පවතින කඳවුරු පවා නැවත ස්ථානගත කිරීමට, කුඩා කිරීමට හෝ ඉවත් කිරීමට බල කිරිමේ හැකියාවක් පළාත්
සභාවට ලැබේ. වර්තමාන රජය එවැනි බොහෝ බලපෑම් වලට අවනත වන බවටද සැකයක් නැත. කෙසේ
වෙතත් මහජන පීඩනය නිසා ඉඩම් බලතලවලට අදාලව මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර
ගැටුමක් ඇති වුවහොත් එය විසදීම සඳහා යොමු කෙරෙනු ඇත්තේ නව අධිකරණයක් වන ව්‍යවස්ථා
අධිකරණයටය.
උප කමිටු වාර්තාව
මගින් යෝජනා කෙරෙන ව්‍යවස්ථා අධිකරණය සමන්විත වන්නේ සියළු ජනවර්ග නියෝජණය කෙරෙන ආකාරයට පත්කෙරෙන
සාමාජිකයින්ගෙනි. එම ඊනියා අධිකරණය බෙදුම්වාදී එන්.ජී. ඕ. කාරයින්ගෙන් සමන්විතවන
බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව පළාත් ආණ්ඩුව සහ මධ්‍යම ආණ්ඩුව අතර බලය පරිහරණය
කිරීමට අදාලව මතුවන සියළු ගැටුම් මෙම අධිකරණයට යොමුකෙරනු ඇත. එවිට එම අධිකරණයේ
තීරණය බලපැවැත්වෙනු ඇත. උදාහරණයක් ලෙස යම් පළාත් සභාවක් නීති විරෝධී ලෙස බලය
පාවිච් කරන අවස්ථාවක ජනාධිපති බලතල යටතේ එම සභවාව විසුරුවා හැරියද ජනාධිපතිගේ
තීන්දුවේ ‘‘හරි - වැරුද්ද
ව්‍යවස්ථා අධිකරණයේ පරීක්‍ෂාවට ලක්කෙරෙනු ඇත.
පොලිස්බලයට අදාලව මෙම
කමිටු වාර්තාව මගින් ලබාදී ඇති නිර්දේශ වලට අනුව පළාත තුළ මධ්‍යම රජයේ පොලිස්
කොමිසමට සමාන පළාත් පොලිස් කොමිසමක් පත්කෙරෙනු ඇත. නමුත් එම කොමිසමේ බහුතර
සාමාජිකයින් පත්කිරිමේ බලය ලැබෙන්නේ මහඇමැතිවරයාටය. ඒ අනුව එම කොමිසමට ස්වාධින
ලේබලය ඇලවීමේ ඉඩක් නැත. කෙසේ වෙතත් පළාත් කොමිසම විසින් ස්වාධීනව ගනු ලබන ප‍්‍රතිපත්තිමය
තීරණ මත පළාත් පොලීසිය පාලනය වනු ඇත. ඒ අනුව රථ වාහන පොලිසියක් පමණක් නොව වෙරළ
ආරක්‍ෂක පොලිසියක් පිහිටුවීම මගින් නාවික හමුදාවේ රාජකාරී පවා අත්පත්කර ගැනීමේ
හැකියාව පළාත් පොලිසියට ලැබේ. එම තත්වය වඩාත් බරපතළ වියහැක්කේ මෙම කමිටු වාර්තාව
මගින් ඉදිරිපත් කරනු වෙනත් ප‍්‍රභල නිර්දේශයක් නිසාය. එනම් මධ්‍යම රජයේ බලතල
ලැයිස්තුවේ පවතින ජාතික ප‍්‍රතිපත්ති තීරණය කිරිමේ බලය ඉන් ඉවත් කිරීමයි.
පවතින තත්වය තුළ මධ්‍යම
රජය විසින් පළාත් විෂයන්ට අදාළව යම් ප‍්‍රතිපත්තිය ම`ග පෙන්වීමක් ලබාදිය හැක්කේ යම බලතල අනුවය.
එම බලය මධ්‍යම රජයෙන් ඉවත්කළ විට ඕනෑම
පළාත් ආණ්ඩුවකට පොලිස් බලයට හෝ ඉඩම් බලයට අදාලව පමණක් නොව ඕනෑම විෂයකට අදාලව පළාතට සුවිශේෂී වන ප‍්‍රතිපත්ති
සකස්කරගෙන ක‍්‍රියාත්මක කළ හැක. ඒ මගින් උතුරු නැගෙනහිර පළාත්වලට කිසිදු පළාතක ක‍්‍රියාත්මක
නොවන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට ඉඩ ලැබේ.
එම වාර්තාවේ අමතරව
ඉදිරිපත් කෙරෙන නිර්දේශ අතුරින් ඉතා භයානකම නිර්දේශය වන්නේ සමගාමී බලතල ලැයිස්තුව
ඉවත් කිරීමය. ඒ මගින් ප‍්‍රයෝගිකව මධ්‍යම රජය සහ පළෘත් ආණ්ඩුව අතර නිශ්චිතව ‘‘ඉරිගසා’’ වෙන් කිරීම සිදුවේ.
එවිට මධ්‍යම රජයට කිසිදු පළාත් බලතලයකට අදාළ කුමන හෝ පියවරක් ගත නොහැක. එනම් එම බල
ව්‍යුහ දෙක අතර බලතල නිශ්චිතව බෙදා වෙන්කොට දැක්වේ. එමගින් පරමාධිපත්‍යයේ බලය
බෙදීයාම’’ නමැති සංකල්පය
වචනයෙන් සදහන්ව නැතත් ඉතා ප‍්‍රබල ලෙස තහවුරු වේ. ඒ පිළිබඳව නිර්වචනයක් අවශ්‍ය
වුවහොත් ඊට පූර්වාදර්ශයක් සපයනු ඇත්තේ ව්‍යවස්ථා අධිකරණය මගිනි. එක් නඩු තීන්දුවක්
මගින් ව්‍යවස්ථාවේ වචන වලින් සඳහන්ව නැති සංකල්පයක් එහි තිබෙන බවට තහවුරු කළ හැක.
පරමාධිපත්‍යයේ බලය
විධායක, ව්‍යවස්ථාදායක
සහ අධිකරණ වශයෙන් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර බෙදී යා යුතුයැයි වාර්තාවේ
හැදින්වීම තුළ සඳහන් වේ. ඒ මගින් පරමාධිපත්‍ය බලය බෙදීයාමේ සංකල්පය තවදුරටත්
තහවුරු කෙරේ. එහි සඳහන් වන නිර්දේශය අනුව එසේ පළාත් සහ මධ්‍යම රජය අතර එම බලතල ත‍්‍රිත්වයට
අදාළ සීමා මායිම් නිශ්චිතව ව්‍යවස්ථාවේ සඳහන් විය යුතුය. ඊට අමතරව එම සංකල්පය තව
දුරටත් තහවුරු කිරීම සඳහා එම වාර්තාවේ ප‍්‍රාදේශීය ආණ්ඩු පිළිබඳව වන නිර්දේශද ඉතා
සූක්‍ෂමව යොදාගෙන ඇත. ඒ අනුව නිශ්චිත බලතල වෙන්කොට පරිහරණය කරන ආණ්ඩු 3ක් ස්ථාපිත කළ යුතුය.
එනම් පිරමීඩාකාරව මධ්‍යම ආණ්ඩුව පළාත් ආණ්ඩුව සහ ප‍්‍රාදේශිය ආණ්ඩුව වශයෙන්
නිශ්චිත බල ව්‍යුහයන් ඇතිකෙරෙනු ඇත. ඒ එක් එක් බල ව්‍යුහයට නිශ්චිත බල පරාසයක්
තිබේ. ඒ අනුව ඒ මගින්ද තහවුරු කෙරෙන්නේ
පරමාධිපත්‍ය බලය බෙදීයාමේ සංකල්පය නොවේද?
ඊට අමතරව එම බල ව්‍යුහ
අතර ජනතාවට තම දේශපාලන බල අධිකාරිය හෙවත් ‘‘පරමාදිපත්‍යයේ බලය ස්වාධීනව යෙදවීමට හැකියාව
ඇත.’’ යන සංකල්පයද
තහවුරු කෙරේ. ඒ මගින් වචන නොමැතිව සංකල්පීය වශයෙන් තහවුරු කෙරෙන්නේ යම් භූගෝලීය ප‍්‍රදේශයක
වාසය කරන ජනතාවට පොදුවේ ඇතැයි සැලකෙන ස්වයං තීරණ අයිතිය නොවේද? අනාගතයේදී එම ස්වයං
තිරණ අයිතිය පිළිබඳ සංකල්පය පිළිබඳ නිර්වචන ඉල්ලා සිටිනු ඇත්තේ උතුරු නැගෙනහිර
පළාතතුලය. එවැනි අවස්ථාවක ඊනියා ව්‍යවස්ථා අධිකරණය මගින් එම ස්වයං තීරණ
අයිතිය අදාළ පලාතේ ජනතාවට තිබෙන බවට
තහවුරු කෙරෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ යම් ගැටුමක් නිර්මාණය කොට නිර්වචන ලබාගැනීම
මගින් ‘‘අධිකරණමය ව්‍යවස්ථා
සංශෝධනයක්’’සිදු කිරීමය.
පරමාධිපත්‍ය බලය
බෙදීයාම සහ ස්වයං තීරණ අයිතිය සහ යම් ජනකොට්ඨාසක් සුළු ජාතික ජනකොට්ටාක් ලෙස යම්
භුගෝලීය ප‍්‍රදේශවල ඓතිහාසිකව ජීවත් වූ බව යනාදී සංකල්ප ව්‍යවස්ථාව තුළින් මතුකර
ගැනීම වැදගත් වන්නේ කුමක් සඳහාද? ඒ අන්කිසිවක් සඳහා නොව ජාත්‍යන්තර මැදිහත්වීම මත ‘‘ව්‍යාජ ගැඑටුම් තුළ
බලහත්කාරයෙන් වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කරන අවස්ථාවේදී එය ජාත්‍යන්තරව
සාධාරණීකරණය කිරීම සඳහා පමණි. කුමන හෝ ‘‘සාධාරණ හේතුවක්’’ පිළිගැනීමට බලා සිටින ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවට
අබමල් රේනුවක හෝ නීතිමය වලංගු භාවයක් පෙන්වීම මගින් බෙදුම්වාදී අවසන් අරමුණ ජයග‍්‍රහණය
කළ හැක. මේ සියළු කරුණු මගින් පෙනී යන්නේ එම්.ඒ. සුමන්තිරන් මන්ත‍්‍රිවරයා කියන
ආකාරයට ව්‍යවස්ථාවේ ලේබල් වැදගත් නැති බවය. ඔහුට වැදගත් වන්නේ මහජනයාට පිළිගත හැකි
හෝ ගිල්ලවිය හැකි ඕනෑම ලේබලයක් යටතේ ව්‍යවස්ථාවට
ඇතුල් කෙරෙන බලතල හෝ සංකල්ප මගින් කෙතෙක් දුරට බෙදුම්වාදී උවමනාවන් තහවුරු
කෙරෙනවාද යන කාරණය නොවේද?
13 වැනි ව්‍යවස්ථා
සංශෝධනයෙන් ඔබ්බට යාම ලෙස එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ජයම්පති
වික‍්‍රමරත්න මහතා අදහස් කරන්නේ කුමක්ද? ප‍්‍රමාණාත්මකව වැඩිබලතල ප‍්‍රමාණයක් පළාත්
වලට ලබාදීමට වඩා සංකල්පීය වශයෙන් ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරිමේ වැදගත් කම ඔහු
අවධාරණය කරන බවට සැකයක් නැත. ලේබලය ඒකීය වුවත් ඒ තුළ ෆෙඩරල් හෝ කොන්ෆෙඩරල් ලක්‍ෂණ
තිබේනම් ඔවුන් සැහීමට පත්වනු ඇත. ඉහත සඳහන් කළ සංකල්පීය නිර්දේශ වලින් තහවුරු
වන්නේ එය නොවේද? මෙම උප කමිටු
වාර්තාව මගින් 13 වැනි සංශෝධනය
සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව එල්ල වූ බාධක 4ක් හඳුනාගෙන ඇත. පළමු වැන්න, සමගාමී ලැයිස්තුව වන
අතර දෙවැන්න මධ්‍යම රජයේ බලතල ලැයිස්තුවේ සඳහන් ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරිමේ
බලයයි. තුන්වැන්න ආණ්ඩුකාරවරයා සතු බලතල වන අතර හතර වැන්න පළාත් මූල්‍ය බලය මධ්‍යම
රජය මගින් පාලනය කිරීමය. ඒ අනුව මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කෙරෙන්නේ 13 වැනි සංශෝධනය මගින්
ලබාදී ඇති බලතල තවදුරටත් ශක්තිමත් කරමින් ඊට වැඩිදුරක් යාම සඳහා බව පැහැදිලිවේ.
මෙම උප කමිටු නිර්දේශ
වලින්ද එම බාධක හතරම ඉවත් කිරීමට යෝජනා කොට ඇත. ආණ්ඩුකාරවරයා සතු විධායක බලය මහ
ඇමතිවරයාට ලබාදීමට මෙම වාර්තාව යෝජනා කරයි. ඊට අමතරව ඉතා බරපතල ආකාරයට මුල්‍යමය
පාලනයට අදාළව ස්වාධීනත්වයක් පළාත් සභාවලට ලබාදීමටද යෝජනා කෙරේ. ඊට අමතරව එම යෝජනා
මගින් පළාත් රාජ්‍ය සේවා සම්පූර්ණයෙන්ම මහ ඇමතිවරයාගේ විධායක බලයට යටත්කෙරේ. ඒ තුළ
දිස්ත‍්‍රික් සහ ප‍්‍රාදේශිය ලේකම්වරුද මහ ඇමතිගේ බලයට යටත්වනු ඇත. එසේම
ආණ්ඩුකරවරයා පත් කිරීම සඳහා මහ ඇමතිගේ අනුමැතිය අවශ්‍ය වන අතර ඔහු හෝ ඇය හුඳු රබර්
මුද්‍රාවාක් පමණක් බවට පත්වනු ඇත. ටී.එන්.ඒ පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රකාශන අනුව ඔවුන්
තම බෙදුම්වාදී මාර්ග සිතියම දිග හරින්නේ පියවර දෙකකිනි. පළමු වැන්න 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක
කිරීමට එරෙහිව පවතින බාධක ඉවත් කොට එය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමය. දෙවන
පියවර වන්නේ 13 වැනි
සංශෝදනයේ පවතින ෆෙඉරල් ලක්‍ෂණ තවදුරටත් තහවුරු කෙරෙන සංකල්පීය කරුණු ව්‍යවස්ථාවට
ඇතුල් කිරීමය. ඉහත සඳහන් කළ ‘මධ්‍ය පරිධිය
සබදතා’ නැමති උප
කමිටු වාර්තාව මගින් ඒ සියළු අවශ්‍යතා සැපරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කොට ඇත. එම
නිර්දේශ ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන බවට පත්වුවහොත් සිදුවන්නේ කුමක්ද?
වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර

Comments
Post a Comment