අපේ ගොවියා සහ පිට රට ගොවියා එක විට සතුටු කළ හැකිද?
යහ පාලන ආණ්ඩුව බලයට පත් වූ විගස දින 100 වඅඩසටහන තුල ඉටු කළ පළමු පොරොන්දුව තිරිගු සදහා පනවා තිබූ විශේෂ බද්ධ ඉවත් කිරීමය. ඒ අනුව කි:ග‍්‍රෑ: 1 කට රුපියල් 10ක උපරිමයකට යටත්ව 15්‍ර ලෙස පනවා තිබූ බද්ධ ඉවත් විය. ප්ටරට තිරිගු ගොවියාට ඒ ආකාරයට සහනාධාර ලබාදීම නිසා දැන් තිරිගු ඇට කි:ග‍්‍රෑ: එකක් රට තුලට එන්නේ රුපියල් 38කට අඩු මිලකටය. තිරිගු පිටි කෙසේ වෙතත් තිරි`ගු ඇට මිල අඩුකරන බවත් ආැණ්ඩුව මහජනයාට පොරොන්පදු වූයේ නැත. එසේම මහජනයා එවැන්නක් ඉල්ලා සිටියේද නැත. සමහරවිට ඡන්දයට පෙර යම් දේශපාලන නායකයින් තිරුඟු ඇට අඹරා පිටි විකුණන සමාගමකට එවැනි පොරොන්දුවක් දුන්නාද විය හැක.
දැන් එම බදු සහනය හෙවත් සහනාධාරය නිසාම සමාගමකට රුපියල් මිලියන 13000ක පමණ අමතර ලාඝයක් ලැලෙන බව ගණන් හිලව් ඇති බව අකිව හැක. සමාගමට ලැබෙන සහනාධාරයේ ප‍්‍රතිලාභ වෙළ`දපල හරහා පිටරට ගොවීන් අතට ලැබේ. ඊට අමතරව හම ගොවීන්ට එම රටවල ආණ්ඩු වලින් ද සෘජු සහනාධාර ලැබේ. ඇමෙරිකාවේ තිරි`ගු ගොවියාට අස් වැන්න අනුව 20්‍ර සෘජු සහනාධාරයක් ලැබේ. දැන් දේශීය වෙළ`දයලේ පිටි මිල අඩු වීම නිසා බේකරි හිමියන්ට වැඩි ලාභයක් සහ වෙළ`දපලක් ලැබී ඇත. රට පුරා ‘‘ චූන් පාන්’’ වෑන් රත දහස් ගණනින් සැරු සරන්නේ එම තත්වය තුලය. වෙළ`දපල දත්ත අනුව ලෝකයේ අඩුම පාන් මිල පවතින්නේ ශ‍්‍රී ලංකාවේය. එම නිසා 2014 දී මෙ:ටො: ලක්‍ෂ 13ක් වූ වාර්ෂීක තිරි`ගු පිටි පරිභෝජනය මේ වන විට මෙ:ටො: ලක්‍ෂ 15 දක් වා ඉහළ ගොස් තිබිය හැක. අප රටේ සැබෑ තිරි`ගු පිටි පරිභෝජනය නිවරදිව ගණනය කිරීමේ දී ප‍්‍රශ්නයක්ද ඇත. සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරන ප‍්‍රමාණයට වඩා තිරි`ගු ඇට රට තුලට ගෙන එන බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය. රේගුව විසින් එල්ල කළ පරීක්‍ෂණයක් මගින් ඒ බව අනාවරණබය විය. නමුත් පරීක්‍ෂණය අවසන් වූයේ අදාළ නිලධාරියා වැඩ තහනමට ලක් වීමෙනි.
එදා චන්ද්‍රිකා බණ්ඩාරණායක මහතිමිය විසින් රු : 3.50ට පාන් දීම සදහා තිරි`ගු පිටි වලට බදු සහන දීම ආරම්භ කළ දින සිට තිරි`ගු පිටි පරිභෝජනය ක‍්‍රමයෙන් දෙගුණයක් දක්වා වැඩි විය. ඒ අනුව වසරකට කි:ග‍්‍රෑ: 30ක් වූ ඒකපුද්ගල තිරි`ගු පිටි පරිභෝජනය කි:ග‍්‍රෑ 68 දක්වා වැඩි විය. ඊට සමගාමීව ඒකපුද්ගල සහල් පරිභෝජනය 135 සිට 105 දක්වා අඩුවිය. එහි තර්කානුකූල ප‍්‍රතිඵලය සහල් පරිභෝජනය අඩුවීම නිසා වෙළ`දපලේ ව්‍යාජ අතිරික්තයක් ඇතිවීමයි. යම් ආදේශකයක් නිසා හෝ මිල වැඩිවීම නිසා පරිභෝජනය අඩු වූ විට ඇතිවන අතිරික්තය ව්‍යාජ එකකි. සැබෑ අතිරික්තයක් ඇතිවන්නේ නිශ්පාදනය වැඩිවීම තුලිනි. නමුත් අප රටේ නිලධාරීන් දිගින් දිගටම කියා සිටින්නේ රටේ වී අතිරික්තයක් තිබෙන බවය. ඒ මගින් වී වගාවට අඩු සැලකිලි දැක්වීම සාධාරනීකරණය කෙරේ. එය ආහාර සුරක්ෂිත තාවයට අදාළව සියදිවි නසා ගැනීමේදී වැරදි න්‍යායකි.
අප රටේ ජාතික වී නිශ්පාදනය මෙ:ටො 40-45 අතර ප‍්‍රමානයකි. ඒ අනුව දළ වශයෙන් සහල් නිශ්පාදනය මෙ:ටො ලක්‍ෂ 26ක් පමණ වේ. රටේ ජනතාව ඉන් අඩකට වඩා හෙවත් මෙ:ටො ලක්‍ෂ 13ක් පාන්පිටි පරිභෝජනය කරන නිසා රටතුල ඉතිරි වනවායයි කියන සහල් ප‍්‍රමානය මෙ:ටො 1.5 හෙවත් දළ වශයෙන් 5්‍රට මදක් වැඩි ප‍්‍රමාණයකි. දැනට රජය විසින් වී මිලදීගෙන ඒවා නරක්වීම නිසා සත්ව ආහාර විකුණන ප‍්‍රමාණය මෙ:යො ලක්‍ෂ එකක් පමණ වේ. එය 3්‍ර වඩා වැඩි ප‍්‍රමාණයකි. බියර් සෑදීම ස`දහා භාවිතා කරන සහල් ප‍්‍රමාණය මෙ.ටො ලක්‍ෂ 0.15ක් හෙවත් 0.7 කි. අප රටේ පවතින ඊනියා වී අතිරික්තය නිසා වී මිල පහත වැටීමේ පහත වැටීමේ ප‍්‍රශ්නයකට උත්තර සොයන නිලධාරීන් දැන් උත්සාහ කරන්නේ බියර් සදහා යොදා ගන්නා සහල් ප‍්‍රමාණය 0.7්සිට 2්‍දක්වා වැඩි කිරීමය. මේ කැකිල්ලේලාගේ අංක ගණිතයට අනුව ආණ්ඩුව මිළදී ගන්නා වී තොග නරක්වීමට ඉඩ හරින ප‍්‍රමාණය 3්‍ර 5්‍රදක්වා වැඩි කළ හොත් සත්ව ආහාර සදහා වී තොග අඩු මලට විකිණීමෙන් පවා ප‍්‍රශ්න විසදිය හැක. ඒවා අඩු මිලට ගන්නා පාන් පිටි සමාගම් සත්ව ආහාර අංශය විසින් වීමද විශේෂ තත්වයකි. ඒ අනුව ආහාර සුරක්‍ෂිතතාවය අනතුරේ හෙළන එම ක‍්‍රියාමාර්ග වලින් වාසි අත්වන්නේ කාටදැයි පැහැදිලිවේ.
නමුත් එම ඊනියා විද්වතුන් සහ නිලධාරීන් මෙන්ම ජනතා විමුක්තිපෙරමුණේ ගොවි සංවිධාන නායකයින් සහල් පරිභෝජනය සියයට 5 කින් වැඩි කළ යුතු බව හෝ තිරි`ගු පරිභෝජනය එම ප‍්‍රමාණයකින් අඩු කළ යුතු බව කියන්නේ නැත. අනෙකුත් පක්‍ෂ වල දේශපාලන නායකයින් වී ගොවියාගේ ප‍්‍රශ්න ගැන හෝ රටේ ආහාර සුරක්‍ෂිතතාවය ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. තිරිගු පිටි සමාගමට රුපියල් මිලියන 13000කට අමතර ලාභයක් ලැබෙන විට දේශපාලන නායකයින්ගේ කටවල් වැසීමත් අමාරු දෙයක්ද? කෙසේ වෙතත් සැබෑම ප‍්‍රශ්නය වන්නේ උවමනාදේ කතා නොකරනවාට අමතරව ප‍්‍රශ්නය තව දුරටත් වර්ධනය වන දේ තේරුම්ගන්නේ කෙසේද?
දැන් ජ.වි.පෙ ගොවි සමිති නායකයින් යෝජනා කරන්නේ යෝජනා කරන්නේ වී සදහා වන සහතික මිල නීතිගත කරන ලෙසය. වෙළ`දපල පිළිබ`දව අබ මල් රේණුවක දැනුමක් ඇත්නම් එවැනි බොල`ද යෝජනා ඉදිරිපත් වන්නේ නැත. සහතික මිල නීතිගත කල විට ඊට වඩා අඩු මලට වී මිලදී ගැනීම ද`ඩුවම් ලැබිය හැකි වරදක් බවටත් පත්වේ. එවිට කුඩා මෝල් හිමියා වී මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම අත්හරින අතර මහා මෝල් හිමියාගේ ඒකාධිකාරය තව දුරටත් ශක්තිමත්වේ. එවිට ගොවියා පමණක් නොව පාරිභෝගිකයාද මහා මෝල් හිමියාගේ අත් අඩංගුවට පත්වේ. මේ සරල න්‍යාය තේරුම්ගත නොහැකි අය ගොවි සමිති නායකයින් වීම රටේ අවාසනාවකි.
දැන් ආපසු හැරී බලන විට ඒ ආකාරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ සිටම වී මිල පහත වැටීමේ ප‍්‍රශිනයට විවිධ උත්තර සපයා ඇත. වෙළ`දපල තත්වයන් වෙනස් නොකර කුඩි මෝල් හිමියාට බලහත්කාරයෙන් ණය ලබාදී ඔවුන් නැත්තටම නැති කිරීමේ සිට පිට රටින් තාවකාලික ගබඩා ආනයනය කොට රජය මිලදී ගන්නා වී ප‍්‍රමාණය වැඩි කිරීම දක්වා විවිධ විසදුම් ඇමතිවරු යටතේ ඉදිරිපත්කොට ඇත. ඒ ඒ කාලවලදී මොළ සේදීමට ලක්වූ නිලධාරීන් විසින් දේශපාලනඥයින්ට ලනු ගිල්ලවීම මගින් රාජ්‍ය අරමුදල් නාස්ති කිරීම හැර ප‍්‍රශ්නය තාමත් විස`දී නැත.
ඊට අමතරව දැන් අළුත් ප‍්‍රශ්නයක්ද ඇතිවී ඇත. රජය මගින් මිලදී ගන්නා වී තොග සහල්කර විකිනීමට නොහැකි තත්වයක් යටතේ ඒවා පාඩුපිට සත්ව ආහාර ස`දහා සහ බියර් සමාගම් වලට විකිණීම නිසා රජය විසින් වී මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක්ද උදාවී ඇත. ආණ්ඩුව විසින් වී මිලදී ගැනීම නවතා පාඩුවන මුදල් ප‍්‍රමාණය කුඩා සහල් සහ සහල් පිටි මෝල් හිමියන්ට සහනාධාර ලෙස ලබා දෙන්නේනම් ප‍්‍රශ්නයෙන් භාගයක් විසදිය හැක. නමුත් වසර 20ක් තිස්සේ අතීසාරයට අමුඩ වල සීමාවක් නැතත් තවදුරත් කනරන්නේ ඒ බොළ`ද දුප්පත් ක‍්‍රියාවම නොවේද?
දින 100 පොරොන්දු අනුව ඉහළ දැමූ වී ස`දහා වන සහතික මුල දැන් ආණ්ඩුව නිල වශයෙන්ම පහත දමා ඇත. ඒ අනුව රුපියල් 45 ට මිලදීගැනීමට පෙරොන්දු වූ නාඩු කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 38කටය.
රුපියල් 50කට මිලදී ගැනීමට පොරොන්දු වූ සම්බා කිලෝව දැන් වී අළෙවිමණ්ඩලය මිලදී ගන්නේ ර: 41ටය. ඒ සමග මෙතෙක් කලක් නිහඩව සිටි ගොවීන් ශබ්ද නගා කතා කිරිමට පටන්ගෙන ඇත. නැතහොත් ඊනියා විපක්‍ෂයේ දේශපාලනඥයන් තාමත් සිටින්නේ කසාය බීව ගොළුවන් සේය. එසේ නැතහොත් මොළ සෝදාගත් නිලධාරීන්ගේ ‘‘ අතිරික්ත තියරිය’’ අනුව වී වගාව ක‍්‍රමයෙන් අත්හැරීම වක‍්‍රව සාධාරණීය කරණය කරති. පෙහොර සහනාධාරය මුදලින් ගෙවන බවට ලබාදුන් පොරොන්දු කඩ කිරීම ගැනද ඔවුන් නිහඩව සිටිති.
කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ මහතා 2002 දීත් කුඹුරු ගොඩ කිරීමට කතා කළ අයෙකු බැවින් එතුමා හෝ එතුමාගේ මුදල් අමාත්‍යවරයා වී වගාව අත්හැරීමට යෝජනා කිරීම පුදුමයක් නොවේ. ඔවුන් ’’කෙසෙල් රාජ්‍ය’’ න්‍යාය පිළිගන්නා පිරිසක් බැවින් සුද්ද්ට කෙසෙල් වැවීම ස`දහා කුඹුරු යොදාගෙන ඉන්දියාවෙන් අඩු මිලට සහල් ආනයනය කිරීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ. සහල් වලින් බියර් සහ මධ්‍යසාර සෑදීම ඔවුනට අනුව කෘෂි නිශ්පාදන වලට වටිනාකම් එකතු කිරීමේ ප‍්‍රවේශයකි. එහෙත් ආණ්ඩුවට පිස්සු කෙළිය හැක්කේ හැලියේ දිය රත්වනතුරු පමණි. ලෝකයේ තෙල් මිල පහත වැටීම නිසා සහ විපක්‍ෂයේ අලසයින් ලගිනි පිඹින්නේ නැති නිසා තවම වතුර රත්වන්නේ නැත. එහෙත් ඉදිරි මහ කන්නයේදී අස්වනු කැපෙන විට ‘‘ වී මිල ප‍්‍රශ්නය ’’ නැවත කරළියට පැමිණෙනු ඇත. එවිට මෙතෙක් කල් වැඩ කළ ආකාරයට බඩවැල් බරවූ විට කැලේට දුවන තාලයට ප‍්‍රශ්නය විසදිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ලනු ඇත. එසේ නැතහොත් මළ සරමේම පහවන බවට කිසිදු සැකයක් නැත.
ගොවියාගේ පැත්තෙන් ගත් විට ආණ්ඩුවට මෙන්ම විපක්‍ෂයට කිව යුත්තේ වී මිල පහත වැටීමේ ප‍්‍රශ්නය විසදීමට තිබෙන්නේ එක් උත්තරයක් බවය. මේ ආකාරයට ප‍්‍රශ්න විසදෙන්නේ නම් බෙහෝ විට ආණ්ඩුව විසින් වී මළදී ගැනීම අවශ්‍ය නොවනු ඇත. එහෙත් ආහාර සුරක්‍ෂිතභාවය පැත්තෙන් ගත්විට රජය විසින් වෙළ`දපල වගකීම ඉටු කිරීම වැදගත්වේ. කෙසේ වෙතත් ඒ වගකීම ඉටුකිරීම ස`දහා මිළදී ගන්නා වී සහල් බවට පත් කර විකිණීමට නොහැකිනම් ඒ මැදිහත්වීමෙන් ලිබෙන්නේ නිශේදාත්මක ප‍්‍රතිඵලයකි. මිලදී ගන්නා වී තොග ගබඩා කර තබා ගැනීමද යම් වියදමක් දරා අවසානයේදී ඒවා අඩු මිලට සත්ව ආහාර ලෙස තිරි`ගු පාටි දසමාගමට අයත් සත්ව ආහාර කර්මාන්තශාලාවට නම් එසේ වගකීම ඉටු නොකිරීම රටට මහත් යහපතකි.
ඒ අනුව එසේ කළ යුතු එකම දේ පිලිබ`දව උපදෙස් දීමට වඩා දැන් වැදගත් වන්නේ ඒ එකම උත්තරය හැර අන් ආකාරයකට ප‍්‍රශ්න විසදිය හැකිනම් කරලා පෙන්වන ලෙසය. ඒ අභියෝගය තුන් වැදෑරුම් වේ. පළමු වැන්න ගොවියාට සහ කුඩා මෝල් හිමියන්ටඅවම මට්ටමෙන් හෝ ජීවත්විය හැකි ආකරයට වීමල සහ සහල් මිල ස`දහා එක`ගතාවයක් ඇතිකර ගැනීමයි. එම එක`ගතාවය අනුව තීරණය වන සහල් මිල බාර ගැනීම හැර අන් විකල්පයක් පාරිභෝගිකයාට නැත. ගොවියා සහ කුඩා මෝල්හිමියන් විනාශ කර පාරිභෝගිනයාට දීර්ඝ කාලයක් පැවතිය නොහැක. ඒ නිසා සහල් මිල පිළිබ`දව සමාජ සම්මතයක් ඇතිකර ගත යුතුය. ඒ අනුව වී කිලෝවකට රුපියල් 41ක් ගෙවා මෝල් හිමියාට කි:ග‍්‍රෑ එකක් ස`දහා රු: 8ක් ගෙව්වත් දළ වශයෙන් නාඩු සහල් කිලෝවක් රු: 80ක සිල්ලර මිලට විකිණිය හැක. කැකුළු සහල්් ඊට වඩා අඩු මිලකට විකිණිය හැක.
දෙවන කොන්දේසිය සහල් පිටි සහ තිරි`ගු පිටි අතර මිල වෙනස් අවම වශයෙන් රුපියල් 20ක මට්ටමක තබා ගැනීමය. උදාහරණයක් ලෙස සහල් පිටි කි:ග‍්‍රෑ එකක සිල්ලර මිල රුපියල් 90ක් නම් පාන්පිටි කිලෝවක මිල රු: 110ක් විය යුතුය. එම මූලික කොන්දේසිය සපුරාගත හැකිනම් තිරි`ගු පිටි පරිභෝජනය 10්‍ර ත් 20්‍රත් අතර ම‍්‍රමාණයක් අබඩුකර ගැනීම සහ ඊනියා සහල් අතිරික්ත ප‍්‍රශිනය විසදීම ඉතා සරල කාරණයකි. ඒ ස`දහා ඉවත් කළ තිරි`ගු බද්ධ නැවත පැනවීමට අමතරව කිගෝවකට තවත් රුපියල් 10ක බද්ධක් පැනවීම අවශ්‍ය විය හැක. ඒ මගින් රජයට ගැලෙන රුපියල් මිලියන 20, 000කට අධික බදු ආදායමින් වතුකරයේ ජනතාවට සහ සමෘධි ලාභීන්ට සහන ලබාදිය හැක. දැනට සමෘධිය සදහා වැය කරන්නේ ර: මිලියන 15,000ක් පමණි.
තුන්වන කොන්දේසිය වන්නේ පාන් පිටි පරිභෝජනය අධෛර්යමත් කිරීම සහ සහල් සහ සහල් පිටි පරිභෝජනය දිරිමත් කිරීම සදහා අධ්‍යාපනික සහ සීමා කිරීමේ ක‍්‍රියාමාර්ග ගැනීමයි. අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදෙස් පොත් පිංචේ මුල් පිටුව සැරසීමට පාන් ගෙඩියක් දැමීමේ සිට යම් රෝහල්වල කුස්සියෙන් රෝගීන්ට පාන් දීම රෝහල් සුභසාධන ආයතනවල බේකරි පවත්වාගෙන යන තරමට පාන් සංස්කෘතියක් ගොඩනගා ඇත. එම අමාත්‍යාංශයේ ප‍්‍රධානීන් රෙද්දක් ඇගෙන බෝ නොවන රෝග වැලැක්වීම ස`දහා මහා ව්‍යාපෘති දියත් කරන්නේ කෙසේ දැයි පැහැදිිලි නැත. ඔවුන්ට ධෛර්ය තිබේනම් එක පෑන් පහරකින් රෝහල්වලින් සහ ආපනශාලා වලින් තිරි`ගුපිටි කෑම ඉවත්කළ හැක. එවිට අහස කඩාවැටේවි යයි එම නිලධාරීන් බිය වන්නේ නම් තිරි`ගු පිටි ආහාර වෙනුවට ලබාදිය හැකි පෝෂ්‍යදායී දේශීය ආහාර ලයිස්තුවක් ඔවුනට ලබාදිය හැකිය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන් පත්තර කැබැලි වල මස් එතීමේ ආදීනව ගැන රූපවාහිනී වැඩසටහන් කරති. නමුත් බහුජාතික සමාගම් විසින් ක්‍ෂණික පාන්පිටි නූඞ්ල්ස් සහ පාන් පිටි කොත්තු ප‍්‍රචලිත කිරීම ස`දහා අජිනමොටෝ හෙවත් මොනොසෝඩියම් නැමති විෂ සහිත රසකාරකය යොදා ගැනීම ස`දහා කිසිදු පියවරක් ගන්නේ නැත. එම විෂ රසකාරක යොදන්නේ නැත්නම් ඒවා ළමුන් අතර ප‍්‍රචලිත කළ නොහැක. සෞඛ්‍ය අදාත.්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය පනත හකුලා දමා බහුජාතික සමාගම් වල කුලී කරුවන් සේ ක‍්‍රියා කිරීම අවසන් කිරීමද ගොවියාගේ ප‍්‍රශ්න විසදීම සදහා පූර්ව කොන්දේසියකි. අවසාන වශයෙන් කිව යුත්තේ වැඩිපුර ඉවසන්නා කෝප වූ විට වඩා දරුණු බවට සමාජ පිළිගැනීමක් ඇති බවය. රටේ ජනගහනයෙන් 50්ට වැඩි අහිංසක ගොවි ජනතාව සහ කුඩා සහල් සහ දසහල් පිටි මොල් හිමියන් නොසලකමින් සහ බහුජාතික සමාගම් සතුටු කරමින් ආන්ඩුව යන මේ ගමනට වැඩි ආයුෂ නැති බවද කිව යුතුය.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

Comments
Post a Comment