එට්කා ගැන නොසිතන, නොදකින, නොඅසන දේ


       පසුගිය වසර 13ක කාලයක් තිස්සේ අප රටේ රජයන් දෙකක් යටතේ විවිධ විද්වත්හු ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත සේවා ආශ‍්‍රීත වෙළඳ ගිවිසුමේ වැදගත්කම පිළිබඳ විවිධ තර්ක ඉදිරිපත් කරති. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ එම ගිවිසුම නම් කරනු ලැබුවේ සීපාහෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම ලෙසයි. පසුව නව රජය  විසින් සීපා ගිවිසුමට එරෙහිව දියත්වූ විරෝධතා සමනය කිරිමේ අරමුණින් ඊට එට්කායනුවෙන් නව ලේබලයක්ඇලවීය. එහෙත් එම ගිවිසුම් වලට අදාල ලේඛණ වල අන්තර්ගතය තුළ ගිවිසුමේ කොන්දේසි හෝ ආවරණය වන විෂය පරාසයට අදාලව වෙනසක් දක්නට නැත. එසේ අන්තර්ගතය වෙනස් නොකර ලේබල් මාරු කිරීම තුළම අරමුණෙහි සද්භාවය ප‍්‍රශ්න කෙරේ. ගිවිසුමට පක්‍ෂපාතව බරපතල මැදිහත්වීමක් කරන විද්වතුන් සියළු දෙනාම ගිවිසුමට අදාලව විවිධ බැදීම් ඇති පිරිසක් බවට දිගින් දිගටම චෝදනා එල්ල වේ. යම් අය ඍජුවම ලෝක වෙළඳ සංවිධානයේ උපදේශකයින් ලෙස කටයුතු කරති. තවත් අයට ඉන්දියාව සමග ගැඹුරු නෑකම් ඇති බව කියවේ. අනෙක් පිරිස රජයෙන් වැටුප් ලබා එම කාර්යය ඉටුකරන පිරිසති. එම නිසා ඔවුහු සියළු දෙනා කෙසේ හෝ ගිවිසුම අත්සන් කරන තැනට ආණ්ඩුව තල්ලූ කිරීම සඳහා ඉන් ලැබෙන වාසි පිළිබඳව පමණක් ඉතා පැතැලි සහ තර්ක කිහිපයක් දිගින් දිගටම ඉදිරිපත් කරති.

                එම තර්ක අතුරින් පලමුවැන්න නිදහසේ වෙළදාම ඊට දායකවන සියළූ පාර්ශව වලට වාසිදායක බැවින් සැම විටම එය ප‍්‍රචලිත කළ යුතු බවයි. නමුත් දැනට පවතින නිදහසේ වෙළඳ ගිවිසුම යටතේ ශ‍්‍රී ලංකාවේ අපනයන වලට දිගින් දිගටම කෝටා ක‍්‍රම සහ බදු නොවන බාධක හරහා සීමා පනවන්නේ කුමක් නිසාද? යන ප‍්‍රශ්නයට ඔවුන් උත්තර සපයන්නේ නැත. එම තත්වය තුළ රටවල් දෙක අතර වෙළඳ පරතරය ඉන්දියාවට වාසි දායක ලෙස දස ගුණයකින් වැඩිවන්නේ කෙසේදැයි ඔවුන් පැහැදිළි කරන්නේ නැත. විශාල වෙළඳ පොළක් ශ‍්‍රී ලංකාවට විවෘත වන බවට පුන පුනා කියා සිටියත් එහි වාසිය ශ‍්‍රී ලංකාවට නොලැබෙන්නේ කුමක් නිසිදැයි ඔවුන් පැහැදිලි කරන්නේ නැත.

                ඔවුන්ගේ දෙවන තර්කය වන්නේ පාර්ශව දෙක අතර පවතින අසමනතාවය සැලකිල්ලට ලක්කොට ඒවා ගිවිසුම තුළම සාධාරණව විසදිය හැකි බවයි. එහෙත් ප‍්‍රායෝගිකව සිදු වන්නේ අසමානතාවය දිගින් දිගටම වර්ධනය වීම නොවේද? තුන්වන තර්කය ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ මීට පෙර ගිවිසුම්වල ගැටළු නව ගිවිසුමක් යටතේ විසදිය යුතු බවයි. ඒ අනුව නිදහස් ගිවිසුමේ ගැටළු එම ගිවිසුමේ පවතින ප‍්‍රතිපාදන යටතේ විසදීම වෙනුවට ඒ සඳහා සීපා ගිවිසුම යොදාගත යුතු බවට තර්ක කෙරේ. ඊ අමතරව එම විද්වත්හු දෙරටේ නීතිමය රාමුවල වෙනස නිසා ඇතිවන බාධක නොසලකා ගිවිසුම අත්සන් කොට ඒවා ක‍්‍රමයෙන් විසදාගත යුතු බවට හතරවන තර්කයක්ද ඉදිරිපත් කරති. එහිම දිගුවක් ලෙස ඉන්දියානුවන්ගේ අභියෝග වලට මුහුණ දීම සඳහා තම රටේ නීති පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් පුර්ව කොන්දේසියක් බවට පත්කරගෙන ගිවිසුම අත්සන් කිරීම පමා නොකළ යුතු බවට පස්වන තර්කයක්ද ඔවුහු ඉදිරිපත් කරති. 

                ගිවිසුමට පක්ෂපාත ඊනියා විද්වතුන් සියලූ ප‍්‍රශ්න වලට පිළිතුරු ලෙස ඉදිරිපත් කරන එම ‘‘රෙඩිමේඞ්’’ තර්ක වලින් දිගින් දිගටම යැපෙනවා මිස විරුද්ධ පාර්ශ්ව විසින් මතු කරන ගැටළු පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කිරීමට වෙහෙසෙන්නේ නැත. පසුගිය දිනවල එට්කා විරෝධී විද්වතුන් පිරිසක් විසින් ශ‍්‍රි ලංකාවේ නීති පද්ධතියේ පවතින දුර්වලතා සහ ඉන්දියාවේ යම් නීති මගින් පනවන බාධක නිසා ගිවිසුම අත්සන් කළහොත් ශ‍්‍රී ලංකාවට සිදුවන අගතිය පැහැදිලි කරමින් දීර්ඝ ලේඛනයක් ඉදිරිපත් කරන්නට යෙදුනි. එම කරුණු පිළිබඳව එට්කා හිතවාදී විද්වතුන්ට කිසිදු අවබෝධයක් නොතිබූ අතර ඔවුන් කටවල් ඇරගෙන බලාසිටියා මිස ඒවා පිළිබඳව අදහසක් පළ කිරීමටවත් දැනුවත්වී සිටියේ නැත. එම තත්වය තුළ මෙම ඊනියා විද්වතුන් සහ ඇමතිවරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ අපරික්‍ෂාකාරී හැසිරීම කිසිසේත්ම පිළිගතනොහැකි තත්වයක ඇත. කෙසේ හෝ ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉන්දියාවට දුන් පොරොන්දුව පසු පස හඹායාම නවතා කූට ඉන්දියානුවන් මෙන් තම රටට සිදුවිය හැකි යහපත සහ අයහපත ගැන ගැඹූරු අධ්‍යනයකට ඔවුන් යොමුවිය යුතුය. අමාත්‍යාංශය විසින් මුදල් ගෙවා සේවය ලබාගන්නා සියලූ ව්දිවත්ුන් සහ නිලධාරීන් ඒ සඳහා බැදී දසිටියි. ඔවුන් එට්කා විරෝධින්ගේ සියලූ ප‍්‍රශ්න සහ අභියෝගවලට පිළිතුරු බැදීමට බැදී සිටිති. එසේම රටේ ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට ද ඔවුහු බැදී සිටිති. වෙළඳ ගිවිසුමක් මගින් වෙනත් රටක පුරවැසියන්ට විශේෂ රැුකවරණ සහ වරප‍්‍රසාද ලබාදීමේදී එම ගිවිසුම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතවිය යුතු බවට ව්‍යවස්ථාවේ 157 වැනි වගන්තිය මගින් ප‍්‍රතකිපාදනයක් පණවා ඇත්තේ විශේෂයෙන්ම සේවා ගිවිසුමක් හරහා සිදුවන පුද්ගල ආගමනයේ බලපෑම සැලකිල්ලට ගනිමිනි. නමුත් එම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය නොසලකා කටයුතු කිරිමේ පැහැදිලි ප‍්‍රවනතාවයක් දක්නට ඇත.

                මීට ඉහත 1994දී ලෝක වොළඳ සංවිධානයේ ‘‘ගැට්ස්ගිවිසුමට අත්සන් තැබීමේදී අප රටේ වානිජ දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විද්වතුන් කටයුතු කර ඇති හදිසි සහ වගකීම් විරහිත ආකාරය නිසා අද අප රට බරපතල ආර්ථික සහ වෙළඳ උගුලකට කොටුවී ඇත. එම ගිවිසුමට අදාළව අප රටේ විද්වතුන් බලවත් තාක්ෂණික වරදක් සිදුකොට ඇත. ඔවුන් එක් පැත්තකින් ආරම්භයේදී ක්‍ෂෙත‍්‍ර හතරක් පමණක් සේවා සඳහා විවෘත කරන බවට ධනාත්මක ලැයිස්තුවක් යොමුකොට ඇත. ඒ සම`ග විවෘත කිරීමට එක`ග නොවන අංශ  ලෙස තවත් කේෂ්ත‍්‍ර 5ක් අඩංගු ලැයිැස්තුවක් ගිවිසුම් ගතකොට ඇත. එම නිසා අප රට එසේ සීමා නොකරන සියලූ අංශ විවෘත කරන බවට බැදීමක් ඇතිවේ. අප රටේ විද්වතුන්ගේ එම දුප්පත් ක‍්‍රියාව දෙස බලන විට පෙනී යන්නේ ඒ වන විට අයෝජන මණ්ඩලය විසින් අයෝජන සඳහා සකස් කොට තිබූ නිර්ණායක ලැයිස්තුවක් කිසිදු සොයා බැලීමකින් තොරව එසේ ‘‘ගැට්ස්’’ ගිවිසුමට යොමුකොට ඇති බවය. ඊට අමතරව ගැට්සම් ගිවිසුමේ සේවා වෙළඳාමේ හතරවන ක‍්‍රමවේදය අනුව ‘‘ක්‍ෂෙත‍්‍ර වලට විශේෂිත’’ සහ ‘‘ තිරස් බැදීම්’’ ලබාදීමේදී ශ‍්‍රී ලංකාව පනවා ඇත්තේ ඉතා සරල කොන්දේසියකි. එනම් පවතින නීතිය යටතේ වෘත්තිකයන්ට හෝ සේවාසපයන්නන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළත් විය හැකි බවයි. නමුත් ඉන්දියාව ඊට අදාල දිර්ඝ කොන්දේසි ප‍්‍රමාණයක් පනවා ඇත. ඒ අනුව ඉන්දියානු ශ‍්‍රමිකයින්ට ශ‍්‍රී ලංකාවට ඉතා පහසුවෙන් පැමිණිය හැකි වුවත් ශ‍්‍රී ලංකාවේ  වෘත්තීකයින්ට හෝ ඉන්දියාවට එසේ පහසුවෙන් ඇතුළ්විය නොහැක. දැන් අප රට ලෝක වෙළඳ සංවිධානයේ ගැට්ස් ගිවිසුමට වලංගුභාවයක් ලබාදී ඇති බැවින් අප ඉන් පසුව ලෝකයේ කුමන් රටක් සම`ග සේවා ගිවිසුම් අත්සන් කළත් වලංගු වන්නේ අප රට ගැට්ස් ගිවිසුමට ලබාදී ඇති එම අවම බැදීමය. එම තත්වය නිසා අපට එම ගැට්ස් බැදීම් වලට පිටුපාමින් සීපා හෝ එට්කා ගිවිසුම් වලට සීමා පැනවිය නොහැක. එසේ පැනවිය හැකි බවට නිලධාරීන් සහ විද්වතුන් කියන්නේ පට්ටපල් බොරුවකි.

                එම තත්වය තුළ අප රටේ වෙළඳ ගිවිසුම් ඉතිහාසය තුළ  අප රටේ විද්වතුන් සහ නිලධාරීන් කටයුතුකොට ඇති දුප්පත් ආකාරය දෙස බලන විට ඔවුන්ගේ අරමුණු සැබෑ හෙවත් සැගවුණු පරීක්‍ෂාකර බැලීමට මහජනතාවට අයිිතියක් ඇත. ඒ අනුව ඒ සඳහා වන පරීක්‍ෂාවක් ලෙස එට්කා හිතවාදී විද්වතුන්ට සහ නිලධාරීන්ට ප‍්‍රශ්න මාලාවක් මෙසේ ඉදිරිපත් කෙරේ. එහි පළමුවැන්න මෙසේය. ‘‘ගැට්ස්’’ ගිවිසුමට අදාලව තාක්ෂණිකව වැරදි ආකාරයට ලබාදී ඇති බැදීම් සංශෝධනය නොකර එට්කා ගිවිසුමට අදාලව පමණක් පුද්ගලයන්ගේ ආගමනය පාලනය කළ හැකි බව පැවසීම පට්ටපල් බොරුවක් නොවේද? උදාහරණයක් ලෙස අප රට ගැට්ස් ගිවිසුමට අදාලව සේවා වෙළඳාමේ හතරවැනි ක‍්‍රමවේදය හෙවත් පුද්ගල ආගමනයට එක`ගවී ඇති තත්වයක් තුළ එට්කා ගිවිසුමට එම ක‍්‍රමවේදය ඇතුළත් නොකරන බව පැවසීම පට්ටපල් බොරුවක් නොවේද? අප රටේ විද්වතුන් එම වරද හෙවත් පළමු ප‍්‍රශ්නය පිළිගන්නවානම් ඔවුන්ගෙන් ඇසිය යුතු අතුරු ප‍්‍රශ්නය වන්නේ එට්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර ගැට්ස් ගිවිසුමේ වරද නිවැරදි කිරීම සඳහා අයදුම් කළ යුතු නොවේද? යන්නයි. එය අප රටේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබූ විද්වතුන්ගේ හා නිලධාරීන් මෙන්ම මහජන ඡුන්දයෙන් බලයට පත්වූ ඇමතිවරයා විසින් ද ඉටුකළ යුතු අවම යුතුකම නොවේද? එවැනි නිවැරදි කිරීමක් කිරීමට තාක්ෂණික ඉඩක් තිබිය දී ඒ සඳහා ඉල්ලූම් නොකිරීම බරපතල ලෙස රට පාවාදීමක් නොවේද? එසේ නොකර ඒ මගින් බලපෑමක් සිදුනොවන බවට බොරු කීම කුමන විද්වත් භාවයක්ද?

                දෙවන ප‍්‍රශ්නය වන්නේ විද්වත් ක්‍ෂෙත‍්‍රවල ඉන්දියානු වෘත්තිකයන්ගේ පැමිණිමට ඉඩ සැලසීමේදී දෙරටේ එම වෘත්තික ක්‍ෂේත‍්‍ර නියාමනය කරන ආයතන අතර අන්නෝන්‍ය හදුනාගැනීමේ එක`ගතාවය ඇතිකර ගැනීමේදී පැන නගින ගැටළු ගැඹුරින් හැදැරීමට ලක්කොට ඇත්ද? යන්නයි. උදාහරණයක් ලෙස අප රටේ වාස්තු විiඥයින් ලියාපදිංචි කිරීම සඳහා නීතිමය රාමුවකින් ආවරණය සපයන විශේෂිත ආයතනයක් නොමැත. ඊට අදාල ඉන්දියාවේ ආයතනය නියාමනය කරන පනත අනුව විදේශිකයන්ට ලියාපදිංචිය ලබාගත නොහැක. එවැනි තත්වයක් තුළ එම වෘත්තික ක්‍ෂේත‍්‍ර විවෘත කිරීමට පෙර අප රටේ නව නීතියක් සම්මත කිරීම සහ ඉන්දියාවේ නීතිය සංශෝධනය කිරීම පූර්ව කොන්දේසියක් නොවේද? එසේ නොකර ගිවිසුම අත්සන් කළ විට එම ක්‍ෂේත‍්‍රයේ ඉන්දියානුවන්ට ශ‍්‍රී ලංකාවට පැමිණිය හැකි වුවත් ශ‍්‍රී ලාංකිකයින්ට ඉන්දියාවට ඇතුල් වී එම ක්‍ෂේත‍්‍රයේ රැුකියාවක් ලබාගත නොහැක.

                මෙම ගැටළු ගැඹුරින් අධ්‍යනය නොකර සහ ඒවා නිවැරදි කිරීමට නිර්දේශ ඉදිරිපත් නොකර ගිවිසුම අත්සන් කිරීමට උපදෙස් දෙන විද්වතුන් රටට එරෙහිව වගකීමෙන් තොරව කටයුතු කරන පිරිසක් ලෙස නීතිය ඉදිරියට පැමිණවිය යුතු නොවේද? එම දෙවන ප‍්‍රශ්නයට අදාල තවත් උදාහරණයක් වන්නේ අප රටේ වෛද්‍ය සභාවේ විශේෂඥයින් ලියාපදිංචි කරන ‘‘රෙජසිටරයක්’’ නීතිය මගින් පිහිටුවා නොමැති නිසා අප රටේ විශේෂඥ වෛiවරුන්ට ගිවිසුම් අත්සන් කිරිමෙන් පසුව ඉන්දියාවේදී විශේෂඥයකු ලෙස රැුකියාව කිරීම සඳහා ලියාපදිංචිය ලබාගැනීමේ ගැටළුවක් මතුවේ. නමුත් ඉන්දියානුවන්ට ශ‍්‍රී ලංකාවේදී එවැනි තත්වයක් මතු නොවේ. එසේනම් එට්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර ශ‍්‍රී ලංකාවේ වෛi සභා පනත සංශෝධනය කොට විශේෂඥ වෛi රෙජිස්ටරයක් ආරම්භකළ යුතු නොවේද? ඉන්දියානු හොර දොස්තරලා රටට පැමිණිම වැළැක්වීම සදහාද එය වැදගත්වේ. එට්කා වාදී විද්වතුන් ඊට දෙන පිළිතුර කුමක්ද?

                තුන්වන ප‍්‍රශ්නය වන්නේ ගිවිසුමේ ජාතික සත්කාරය නැමැති ප‍්‍රතිපාදන අනුව ඉන්දියානුවෙකුට සහ ශ‍්‍රි ලාංකිකයෙකුට වෙනස් ආකාරයට සැලකීමේදී ඉඩක් නොමැති බැවින් අසමානයන් දෙදෙනෙකුට සමානව සැලකීමෙන් සිදුවන අසාධරණය වළක්වන්නේ කෙසේද?  යන්නයි. ගැට්ස්ගිවිසුමේ ජාතික සත්කාරය නැමති මූලධර්මය එට්කා ගිවිසුමටද අදාල වන බැවින් අනෙක් රටේ පුරවැසියාට තම රටේ පුරවැසියාට මෙන් සැලකීමට පාර්ශ්ව දෙකම බැදී සිටියි. ඒ අනුව උදාහරණයක් ලෙස ඉන්දියාවේ වෛi විiාලයක එකම පන්තියේ ඉගෙනගත් ඉන්දියානුවෙකු සහ ශ‍්‍රි ලාංකිකයකු උපාධි ලබාගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකාවට පැමිණිය හොත් සිදුවන්නේ කුමක්ද? එවිට ඉන්දියානු වෛi සභාවේ ලියාපදිංචි ඉන්දියානුවාට ගිවිසුම අනුව ශ‍්‍රී ලංකාවේ වෛi සභාවේ ලියාපදිංචිය ලැබුනත් ශ‍්‍රී ලාංකිකයාට ඒ සඳහා විශේෂ විභාගයකට හෙවත් පරික්‍ෂණයකට පෙනී සිටීමට සිදුවේ. එසේ වෙනස්ලෙස සැලකීම බේරා ගැනීමට සිදුවන්නේ අධිකරණයේන්ද? එසේ නැතහොත් ගිවිසුම අත්සන් කිරීමට පෙර නිවැරදි කළ යුතු නොවේද?

                හතර වන ප‍්‍රශ්නය වන්නේ වසර 16ක් ක‍්‍රියාත්මක වූ නිදහස් වෙළඳ ගිවිසුම සමාලෝචනයකට ලක්කොට එහි පවතින ශ‍්‍රී ලංකාවට අවසිදායක තත්වයක් නිවැරදි කරගැනීමට නොහැකි වී ඇත්තේ කාගේ වරදින්ද? යන්නයි. විශේෂයෙන්ම කෝටා ක‍්‍රම සහ බදු නොවන බාධක මගින් ශ‍්‍රී ලංකාවේ අපනයන වලට බාධා එල්ල කිරිමේ ගැටළු විසදා ගැනීමට අප රටේ විද්වතුන්ට සහ නිලධාරීන්ට නොහැකි වූයේ කුමක් නිසාද? දැන් ඊට වඩා සංකීර්ණ සේවා ගිවිසුමක් යටතේ අනිවාර්යෙන්ම පැන නගින ගැටළු විසදීම සඳහා එම පිරිසට හැකියාවක් සහ විභවයක් තිබේද?මෙම ප‍්‍රශ්න කිරීමෙන් ගැලවීම සඳහා ඔවුන් ‘‘අස්වනු කලින් නෙලා ගැනීම’’ නමින් වගන්තියක් එට්කා ගිවිමුසට ඇතුල්කොට ඒ මගින් නිදහස් වෙළඳ ගිවිසුමේ ගැටළු කඩිනමින් විසදන බවට ව්‍යාජ පොරොන්දුවක් ලබාදේ. වසර 16ක් නොලකළ දේ කිරීමට හදිසියේ ඔවුන්ට ලැබෙන හැකියාව කුමක්ද? එම නිසා එම විද්වතුන් සහ නිලධාරීන් මහජන විශ්වාසය දිනාගැනීම සඳහා එට්කා අත්සන් කිරීමට පෙර නිදහස් වෙළඳ ගිවිසුමේ නම්කළ ගැටළු ප‍්‍රමාණයක් විසදා පෙන්විය යුතු නොවේද?

                පස්වන ප‍්‍රශ්නය වන්නේ සේවා ආශ‍්‍රිත වෙළදාමේ හතරවැනි ක‍්‍රමවේදය අනුව පුද්ගලයින් දේශසීමා හරහා පැමිණ සේවා සැපයීමට ඉඩ සැලසීම මගින් ඉන්දියානු කම්කරුවන් සමූහ වශයෙන් ශ‍්‍රී ලංකාවට ඇතුල් වීම නිසා පැන නැගිය හැකි සමාජ, සංස්කෘතික ආරක්‍ෂක සහ සෞඛ්‍ය ගැටළු පිළිබඳ එට්කා හිතවාදී විද්වතුන් පූර්ව අධ්‍යයනයක් සිදුකොට ඇත්ද? යන්නයි. ශ‍්‍රම වෙළඳ පොළ විශේඥයයන්ගේ අධ්‍යනයන්ට අනුව එසේ කෙටි කලකින් ශ‍්‍රී ලංකාවට කඩා වදින ඉන්දියානු ශ‍්‍රමිතයන්ගේ ප‍්‍රමාණය ලක්‍ෂ 6ක් පමණ විය හැක. ඒ මගින් ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම වෙළඳ පොළ තුළ වැටුප් මට්ටම බරපතළ ලෙස පහත වැටීම මගින් ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රමිකයින්ගේ ජීවන තත්වය කඩා වැටීමේ ප‍්‍රශ්නය මෙම විද්වතුන් අධ්‍යනය කොට ඇත්ද? එදා වතු ආර්ථිකය සඳහා අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දියානු කම්කරුවන් යොදාගත් ආකාරයට මෙදා ලාභ ශ‍්‍රමය මත පදනම්වන විදේශ ආයෝජන දිරිගැන්වීම සඳහා එට්කා ගිවිසුම යොදාගන්නා බව සැ`ගවිය හැකිද?

                හත්වන ප‍්‍රශ්නය වන්නේ රජයේ වෛi නිලධාරන්ගේ සංගමය විසින් ඉතා සාධාරණ බව පෙනෙන ආකාරයට පුන පුනා ඉල්ලා සිටින ඉල්ලීම් දෙකක් ඉටුකිරීමට මැලිවන්නේ කුමක් නිසාද යන්නයි. ඔවුන්ගේ පළමු ඉල්ලීම වන්නේ වෙළඳ ගිවිසුමට අදාල ප‍්‍රතිපත්තීමය තීන්දු ගන්නා පරිපාලන ක‍්‍රියාවලියේ පියවර මොනවාද එහි වගකීම් දරණ නිලතල මොනවාද සහ ඊට නීතිමය ආවරණය සපයන නීතිමය රාමුවේ ප‍්‍රතිපාදන මොනාවාද යන්න එළිදරව් කිරීමයි. එය ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් වුවත් අද වනතුරු එය ඉටු නොවන්නේ සැගවීමට බොහෝ දේ තිබෙන නිසාද? එසේ රටේ අනාගතයට බලපාන බරලතළ තීන්දු ගැනීමේදී යම් විනිවිද භාවයක් පෙන්වීමට අකමැති විද්වතුන්, නිලධාරීන් සහ ඇමතිවරුන් පිළිබඳ විශ්වාසය තැබිය හැකිද?

                රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ දෙවන ඉල්ලීම වන්නේ මහ ජනයාට සහ ස්වාධින විද්වතුන්ට අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකි ආකාරයට ස්වාධින කොමිසමක් පත්කොට වෙළඳ ගිවිසුම අවාරණය කෙරෙන ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමයි. ඒ සඳහා දැනටමත් නීතිමය ප‍්‍රතිපාදන තිබියදී එසේ නොකර හොර රහසේ හොරාගේ අම්මාගෙන් පේන අසන්නා සේ එට්කා හිතවාදී පක්‍ෂපාතී විද්වතුන් පිරිසකට එම කටයුත්ත බාර දීම මගින් ඊට වගකිව යුතු පිරිස් මහජනයාට පෙන්වන ගුණය කුමක්ද? වෙළ\ ගිවිසුමක් කළමනාකරණය කිරිමේදී නිලධාරීන්ට වැදගත්වන තාක්ෂණික කරුණු මහජනයාට එතරම් වැදගත් නැත. මහජනයාට තේරුම්ගත හැක්කේ සහ ඔවුන් දැනගත යුත්තේ උපාය මාරිගිකව වැදගත් වන ප‍්‍රතිපත්තිමය කාරණය. කුමන වෙළඳ ගිවිසුමක් අත්සන් කළත්  ඕනෑම රටක් තම රටේ ආර්ථිකය ආරක්ෂා කරන ක්‍ෂෙත‍්‍ර පිළිබඳව ජාතික එක`ගතාවයකට පැමිණිය යුතුය. ඒ අනුව අප රටේ ආණ්ඩුව ආරක්‍ෂා කරන්නේ අප රටේ ආර්ථිකයේ, පරිසරයේ, සංස්කෘතියේ සහ ජන ජීවිතයේ කුමන ක්‍ෂෙත‍්‍රද, කුමන අංගද යන්න මහාජනයා දැනගත යුතුය. අවසාන ප‍්‍රශ්නය හෙවත් අටවැනි ප‍්‍රශ්නව ලෙස එට්කා හිතවාදීන්ට ඉදිරිපත් කළ යුත්තේ එසේ ආරක්‍ෂා කරන්නේ මොනවාදැයි සහ කුමන ක්‍ෂෙත‍්‍රදැයි ගිවිසුම අත්සන් කිරීමට පෙර එළිදරව් කරනවාද යන්නයි.

වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර    

               



Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: