මතට තිත: බොරු සහ පට්ට බොරු
කෙසේ වෙතත් දුම්වැටි
පැකට්වල රූපමය අවවාද යෙදීම මගින් හේා ඒ කිසිවක් නොමැතිව බීඩි මිටියක් ලෙස සුදු
කඩදාසියක ඔතා විකුණුවද දුම්වැටි භාවිතය අඩුකිරීම ලෙහෙසි පහසු කාර්්‍යයක් නොවන බවට
විවාදයක් නැත. දුම්වැටි පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කොට ඇති
නිර්දේශ අතුරින් ප‍්‍රමුඛ වන්නේ දුම්කොළ බද්ද 80% දක්වා වැඩි කිරීමයි. එහෙත් අපරටේ එම බද්ද 60% මට්ටමේ පවතී. එවැනි
තත්වයක් තුළ 90% බදු වැඩිකිරිමේ
අපෙක්ෂාව ඉටුකර ගැනීම යනු බරපතල අභියෝගයකි. පසුගිය අයවැය මගින් දුම්වැටියක මිල රු.5කින් වැඩි කරන විට
රජයට ලැබුනේ රු. 3ක් පමණි.
ඉතිරි රු.2ක් කප්පමක්
ලෙස සමාගමට ලබාදීම නිසා ශ‍්‍රී ලංකාවේ දුම්කොල බදු අනුපාතය පවතින්නේ 60% මට්ටමේ බවට පැහැදිලි
සාක්ෂියක් ඇත. ඒ අනුව 72% බදු ප‍්‍රතිශත
කථාව නිලධාරීන් විසින් ඇමැතිවරයා නොම`ග යැවීම සඳහා ලබාදුන් බොරු තොරතුරුක් බව පැහැදිලි වේ.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා
මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගය වන්නේ මුදල් අමාත්‍යවරයාගෙන් සහ භාණ්ඩාගාර
නිලධාරීන්ගෙන් බදු වැඩිකිරීම සඳහා එක`ගතාවය ලබාගැනීමය. ඒ සඳහා එතුමාට උසාවි ගානේ රස්තියාදු
වීමට සිදු නොවුනත් සමහර විට භාණ්ඩාගාරයේ බංකු උඩ රස්තියාදු වීමට සිදුවිය හැක. එයට
හේතුව දුම්කොළ සමාගමේ අපෙක්ෂා රැුකීම සඳහා බලවත් භාණ්ඩාගාර නිලධාරීන් පිරිසක්
කටයුතු කිරීමය. කෙසේ වෙතත් අවශ්‍යනම් එතුමාට ධෛර්යමත් වීම සඳහා එසේ බදු වැඩිකළ
රටවල් කිහිපයක් උදාහරණයක් ලෙස මෙසේ නම්කළ හැක. ඊශ‍්‍රාලයේ බදු ප‍්‍රතිශතය 86%කි. තුර්කියේ එම බද්ද 82%කි ග‍්‍රීසියේ අයකරන
බදු ප‍්‍රමාණය 81%කි. අප රටේ
දුම්කොළ සමාගම ‘‘සිලෝන් ටුබැකෝ’’
යනුවෙන් හැඳින්වුවද එම
සමාගමේ කොටස් වලින් 92% අයිතිවන්නේ
බි‍්‍රටිෂ් ඇමෙරිකන් ටුබැකෝ නැමති බහුජාතික සමාගමටය. මෙම බලවත් සමාගමේ බලපෑම මත අප
රටේ දුම්කොල බද්ද ඒ ආකාරයට අඩුමට්ටමක පවතී. අප රටේ බදු අනුපාතය අඩු මට්ටමක
පවතිනවාට අමතරව සිගරට් මිල ද ඒක පුද්ගල
ආදායමට සාපේක්‍ෂව අඩු මට්ටමක පැවතීම නිසා විදේශීය සමාගමට වක‍්‍රව විශාල රාජ්‍ය
සහනාධාරයක් ලැබේ. උදාහරණයක් ලෙස ලෝක සම්මත පිළිගැනීම අනුව අප රටේ ගෝල්ඞ්ලිෆ්
සිගරට්ටුවක් රු. 40ක් විය යුතුය.
නමුත් වෙළඳපල මිල රු.35ක මට්ටමේ පවතී
ඒ අනුව භාණ්ඩාගාර නිලධාරීන්ගේ අනුකම්පාව මත එම සමාගමට ලබාදෙන මහා පරිමාන සහනාධාරය
නිසා රටට අහිමිවන බදු ආදායම රු. මිලියන 56000ක් බවට විවිධ පර්යේෂණ ආයතන විසින් ගනන් බලා
ඇත.
අදාල නිලධාරීන් විසින්
මෙම ගණන් හිලවු ප‍්‍රතික්ෂේප කරන්නේනම් මිල සූත‍්‍රය සහ බදු ගණනය කිරිමේ ක‍්‍රියාවලිය
විනිවිද භාවයෙන් යුතුව රටට ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාල
නිලධාරීන්ට අභියෝග කළ යුතුය. ඒ සඳහා වැඩිදුර යාම අවශ්‍ය නැත පසුගිය අයවැයේදී රු.5කින් දුම්වැටියක මිල
වැඩි කිරිමේදී රු.3ක් පමණක් රජයට
ලබාගෙන ඉතිරි රුපියල් 2ක සමාගමට
දුන්නේ කුමක් නිසාදැයි නිලධාරින් පැහැදිළි කළ යුතුය. විවිධ පර්යේෂණ ආයතනවල ගණන්
බැලීම් වලට අනුව ලංකාවේ දුම්වැටියක නිෂ්පාදන වියදම රුපියල් 1කි. ඒ අනුව රජය විසින්
වැඩි කරන මුදලින් 40%ක් සමාගමට
පිනට දීමේ තර්කය කුමක්ද? අදාල
භාණ්ඩාගාර නිලධාරීන් විසින් ඊට හේතු පැහැදිලි කළ යුතුය. එසේ නොවේනම් මිල සූත‍්‍ර
වලට වගකිව යුතු නිලධාරීන් සහ දම්වැටි සමාගම අතර පවතින සම්බන්ධය කුමක්දැයි අමාත්‍යවරයා
විසින් සොයා බැලිය යුතුය.
පසුගිය කාලයේදී
දුම්වැටි අලෙවිය අඩුවෙමින් පවතින විට සමාගමේ ලාභය ක‍්‍රමයෙන් වැඩි වන්නේ ඒ රහස්
සම්බන්ධතාවයන් නිසා බව අමාත්‍යවරයාට සොයගත හැකිවනු ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්
මෙම වරද නිවැරදි කළහොත් දැනට දුම්වැටි බදු ලෙස ලැබෙන මිලියන 74,000ක මුදල මිලියන 130,000ක් හෙවත් බිලියන 130 දක්වා වැඩිවනු ඇත. එම
වැඩිවීම ආණ්ඩුව විසින් මරාගෙන මැරෙන සටනක් කොට වැට් බද්ද ගසා සොයා ගැනීමට ද`ගලන ආදායමෙන් අඩකට
වැඩි ප‍්‍රමාණයකි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයාට එම ප‍්‍රශ්නයේදී මුදල් අමාත්‍යවරයා
සම`ග බරපතල
ගැටුමක් ඇතිකර ගැනීමට සිදුවනු ඇත. එයට හේතුව මේවන විට මුදල් අමාත්‍යවරයා ජනතාවට
වැට් බදු ගසා මහා සමාගම්වලට බදු සහන ලබාදෙන ප‍්‍රතිපත්තියක සිටීමයි. ඒ අනුව එතුමා
ආණ්ඩුවේ මතට තිත ප‍්‍රතිපත්තියට තිත තබමින් පසුගිය දිනවල මධ්‍යසර ලෙස කලවම් කිරීම
සඳහා එතනෝල් ආනයනය කරන ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුට බරපතල බදු සහනයක් ලබාදුනි. ඊට
අමතරව එම ගැසට් නිවේදනය නිකුත්කොට දින කිහිපයකට පසුව චක‍්‍රලේඛයක් මගින් මහා
පරිමාන දේශීය බියර් සමාගමකට බියර් ආනයනය කිරීම සඳහාද මහා පරිමාන බදු සහනයක්
ලබාදුනි.
එතනෝල් මධ්‍යසාර
ආනයනකරුවන්ට පනවා තිබූ ලීටරයට රු.200ක් වූ විශේෂ බද්ද මුදල් අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය
මගින් රු.10ක් දක්වා
අඩුකොට ඔවුන්ට ලීටරයකට රු.190ක සහනාධාරයක්
ලබාදුනි. ශ‍්‍රී ලංකාවේ සුවඳ විලවුන් නිෂ්පාදනය ආදී කර්මාන්ත සඳහා ආනයනය කරන බවට
ව්‍යාජ තොරතුරු සපයා මධ්‍යසාර නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය කිරීමද සිදුවේ. එසේ
නීතිවිරෝධිව ගෙනඑන පරිමාණයන් හැර නීත්‍යනුකූලව මධ්‍යසාර සඳහා වසරකට ශ‍්‍රී ලංකාවට
එතනොල් ලීටර් මිලියන 20ක් හෙවත්
දලවශයෙන් මෙ.ටො 20,000ක් ආනයනය
කරයි. ඒ අනුව එම ත්‍යාගශීලී බදු සහනය නිසා රටට අහිමිවන මුදල රු මිලියන 4000කට ආසන්න වේ.
මතට තිතට තවදුරටත් තිත
තබමින්් ඊළ`ගට මුදල්
අමාත්‍යවරයාගේ සහන පැකේජයට හිමිකම් කියන්නේ මහා පාරිමාන දේශිය බියර් සමාගමකි. එම
සමාගම දේශිය බියර් වෙළඳපොලෙන් 85%ක් අත්පත්කර ගෙන ඇත. පසුගිය ගංවතුර සමයේදී එම සමාගමේ ප‍්‍රධාන
කර්මාන්ත ශාලාවට සිදුවූ හානිය නිසා දේශීය බියර් නිෂ්පාදනය අඩාල වී ඇත. ඒ අනුව
සමාගමට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා එම සමාගම විසින් ආනයනය කිරීමට නියමිත බියර්
වර්ග සඳහා බරපතල බදුසහනයක් ලබාදී ඇත. කෙසේ වෙතත් එම කර්මාන්ත ශාලාවට සිදුවූ හානිය
පියවා ගැනීම සඳහා ඊට අදාල ද්විතික රක්‍ෂණ සමාගම විසින් රක්‍ෂණ වන්දි ගෙවා ඇත.
කර්මාන්ත ශාලාවකට සිදුවු හානියක් පියවා ගැනීම සඳහා රක්‍ෂණ ගෙවීම් වලට අමතරව එම
සමාගම විසින් විකිණිම සඳහා අනයනය කරන ද්‍රව්‍ය වලට බදු සහන දෙන්නේ කුමන රටේද?
බියර් කර්මාන්ත ශලාව නැවත පටන්ගැනීම ස\හා ආනයනය කරන යන්ත‍්‍ර
සත‍්‍ර සුත‍්‍ර සඳහා බදු සහන ලබාදීම වෙනම කාරනයකි. දැන් මෙම බදු සහනය මගින් ගංවතර
නිසා සිදුවූ විනාශයට වඩා වැඩි ප‍්‍රතිලාභයක් අදාල සමාගමට ලැබේ. එය රක්‍ෂණ මූලධර්ම
වලට ද පටහැනි වේ. ඊට අමතරව ආනයනික නිෂ්පාදන සඳහා බදු සහන ලබාදුන් විට දේශීය
නිෂ්පාදන වෙනුවට දිගින් දිගටම ආනයනය කිරීමේ ප‍්‍රවනතාවයක් ඇතිවේ. ඒ අනුවද එය
ආර්ථික වශයෙන් වැරදි දිරිගැන්වීමකි. මෙම සහනය ඉතා පුදුම සහගත වෙස්සන්තර පන්නයේ ක‍්‍රියාවකි.
මෙම සමාගම ආනයනය කරන 5% වැඩි මධ්‍යසාර
ප‍්‍රතිශතයක් අඩංගු බියර් ලීටරයකට 50% සහනාධාරයක් ලැබේ. ඒ අනුව ලීටරයකට රු. 500ක් වූ විශේෂ බද්ද රු.246 දක්වා අඩුකර ඇත. එසේම
5% අඩු මධ්‍යසාර
ප‍්‍රතිශතයක් අඩංගු බියර් වර්ග සඳහා පනවන බද්ද රු.500 සිට රු. 129 දක්වා 75%කින් අඩුකර ඇත. එම සමාගම මාසයකට බියර් ලීටර්
මිලියන 5ක්පමණ ආනයනය
කිරීමට ඉඩ ඇති බැවින් වසරකදී රජයට අහිමිවන සමස්ත බදු මුදල රු.මිලියන 18,000 පමණ වේ. මේ ආකාරයට
මධ්‍යසාර ආනයනයට බදු සහන දෙන අතර ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය ඇමතිතුමා
හතරවිලිලැජ්ජාවෙන් එකක්වත් සහිතව මතට තිතක් ගැන කථා කරන්නේ කෙසේදැයි මහා සංඝරත්නය
හෝ ප‍්‍රශ්න කරන්නේ නැත.
ජනතාවට වැට් බදු ගසන
අතර මහා පරිමාන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට බදු සහන ලබාදීමේ දුෂ්ඨ බදු ප‍්‍රතිපත්තිය
අදාල වන්නේ මධ්‍යසාර සහ දුම්වැටි වලට පමණක් නොවේ. රහසිගතව ඒ ආකාරයට බදු සහන දීමේ
කූඨ ක‍්‍රියාවලි විය නීත්‍යානුකූල ස්වරූපයෙන් මෙන්ම නීතියට පිටින්ද සිදුවේ. නීතියට
පිටින් නියෝගදීම හරහා රේගුව විසින්
රදවාගෙන තිබූ වාහන නියමිතබදු ගෙවීමකින් තොරව නිදහස් කර ගැනීම පිළිබඳ
සිදුවීම් රාශියක් පසුගිය වසර එකහමාර තුළ වාර්තා විය. ඒහෙත් ඒවා පිළිබඳව පරික්‍ෂණ
පැවැත්වීමක් හෝ එසේ වරදක් සිදු නොවූ බවට පැහැදිලි කිරීමක් වගකිවයුතු පාර්ශ්ව වලින්
සිදුවූයේ නැත.
කෙසේ වෙතත් නීතියට
අනුව ගැසට් නිවේදන සහ විශේෂ චක‍්‍රලේඛ හරහා මුදල් අමාත්‍යවරයා විසින් ලබාදෙන බදු
සහන පිළිබඳව මහජන කථිකාවක් ඇතිවෙන්නේම නැත. උදාහරණයක් ලෙස දේශීය සීනි කර්මාන්තය
වළපල්ලට යවන ආකාරයට කිසිදු මහජන ඉල්ලීමක් නොමැතිව සීනකි අනයනකරුවන් 5 දෙනෙකුට ලබාදුන් බදු
සහනය 99%කි. එනම් කි.ග‍්‍රෑ
1 කට 30 වූ විශේෂ බද්දශත 25 දක්වා රු. 29 ශත 75 කින් අඩු කෙරිනි. ඒ මගින් රජයට සිදිවූ
පාඩුව රු. මිලියන 20,000කි.
ඊට අමතරව තිරි`ගුපිටි වලට කි.ග‍්‍රෑම්
1කකට රු10ක බදු සහනයක් ලබාදීම
සහ ලෝක වොළඳ පලේ මෙ.ටොන් එකක් ඩොලර් 500 සිට 350ට අඩුවීම නිසා පැනවිය යුතව වූ රු. 20ක බද්ද පැනවීම
සිදුනොකිරීම නිසා රජයට සිදුවන සමස්ථ පාඩුව මිලියන 35,000ක් ඉක්මවා යයි. එසේම ආනයනික රූපලාවන්‍ය ද5ව්‍ය වලට පනවා තිබූ
ලිටරයට 30%ක් වූ සෙස්
බද්ද ඉවත් කිරීම නිසා රජයට සිදුවන පාඩුව මිලියන 10,000කි. රාජිත සේනාරත්න ගරු අමාත්‍යවරයාට මෙම
මුදල් අමාත්‍යවරයාගේ ‘‘බදු සහන ව්‍යාපාරයට’’
එරෙහිවද යමක් කළහැකි
නම් වංචා දුෂණ ගැන තවදුරටත් කථාකිරීමට ඔහුට යම් සදාචාර බලයක් ලැබෙනු ඇත.
වෛi කේ.එම්. වසන්ත
බණ්ඩාර

Comments
Post a Comment