ඖෂධ අධිකාරිය නපුංසක කිරීමේ දෙවන ශල්‍යකර්මය
පසුගිය දින වල විවිධ පිරිස් විසින් අභිනවයෙන් පිහිටවූ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරු දැරූ මහාචාර්ය වරුන් දෙදෙනාට එරෙහි විවිධ චෝදනා එල්ළ කිරන්නට යෙදුනි. ඔවුනට එරෙහිව එල්ලවූ චෝදනා අතුරින් ප‍්‍රධාන චෝදනාවක් වන්නේ රටේ ඖෂධ හිගයක් ඇති කිරීමට ක‍්‍රියා කිරීමයි. එහෙත් රටේ ඖෂධ හි`ගයක් ඇත්නම් ඊට වගකිව යුත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාල නිලධාරීන් මිස ඖෂධ අධිකාරියේ නිලධාරීන් නොවේ. එසේ වුවත් එම චෝදනා පදනම්කර ගනිමින් හෝ ඊට පරිබාහාර මහජනයා නොදන්නා වෙනත් හේතු මත ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධානීන් දෙදෙනාම ඉල්ලා අස්විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බලපෑම් එල්ල කළ බව වාර්තා විය. කෙසේ වෙතත් එම මහාචාර්ය වරුන් දෙදෙනා ඉවත්කර ගැනීම සදහා දියත්වූ මෙහෙයුම පිටුපස ඖෂධ මාෆියාව ක‍්‍රියාත්මක වූ බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.
ඖෂධ අධිකාරියේ නිලධාරීන් දෙදෙනාට විරුද්ධව ඖෂධ මාෆියාව විසින් එල්ල කළ චෝදනාව හෙවත් සැබෑ චෝදනාව කුමක්ද? ඒ ‘‘ හදිසි අවශ්‍යතාවය’’ නැමති ලේබලය යටතේ ලියාපදිංචි නොකළ යම් ඖෂධ වර්ගය ආනයනය කිරීම සදහා විරුද්ධතාවයක් නොමැති බවට ලිපියක් ලබා නොදීමය. ඖෂධ අධිකාරිය විසින් එසේ අවස්ථා කිහිපයකදී එවැනි ලිපි ලබාදීම ප‍්‍රතික්‍ෂ්ප කොට ඇත. එම වරද ඖෂධ ආනයනය කරන සමාගම්වල සහ රජය වෙනුවෙන් සමාගම් වලින් ඖෂධ මිලදී ගන්නා ඖෂධ සංස්ථාවේ යම් නිලධාරීන්ගේ උදහසට හේතු වන බවට විවාදයක් නැත.
කෙසේ වෙතත් තමාට හිතවත් සමාගම් හරහා වැඩි මිලට ලියාපදිංචිනොකළ හෝ ලියාපදිංචිය අහෝසිවී ඇති ඖෂධ ආනයනය කිරීමට උත්සාහ කරන පිරිස් නිදහසට කාරනාවක් ඉදිරිපත් කරති. ඔවුනට අනුව් ඖෂධයක ලියාපදිංචිය අවසාන වන කාලය වන වසර 5 ඉක්මවා යාමට පෙර අධිකාරිය විසින් ලියාපදිංදිය අලූත් නොකිරීම නිසා එම තත්වය උදාවී ඇත. ඒ අනුව ඖෂධ අදිකාරියේ යම් නිලධාරීන් තමාට හිතවත් සමාගම්වල උවමනාව මත තවත් සමාගමක් විසින් ලියාපදිංචිය ලබා ගන්නා ඖෂධයක කාලය දීර්ඝ කිරීමේ ක‍්‍රියාවලිය පමා කිරීමට කටයුතු කරන බවට ප‍්‍රති චෝදනා එල්ලවේ. නමුත් නිදහසට කාරනා ලෙස අධිකාරියේ වගකිව යුත්තන් ප‍්‍රකාශ කරන්නේ සේවක හිගය සහ වෙනත් පරිපාලන ගැටළු නිසා පමාවීම් සිදුවිය හැකි බවයි.
නව පනත යටතේ ඖෂධ අධිකාරිය නැවත පිහිටුවීමෙන් සෘජුව එහි එදිනෙදා කටයුතු සාමාන්‍ය තත්වයට ගෙන ඒමට යම් කාලයක් ගත වන බවට විවාදයක් නැත. සේවක හිගයක් ඇතිනම් ප‍්‍රශ්නය තව බරපතල වන බවද පිළිගත හැක. එහෙත් එම පනත පිලිබ`දව මහජනයා තැබූ බලාපොරොත්තු සහ ඔවුන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිවී ඇත්තේ එවැනි සරල පරිපාලන දුර්වලතා නිසා පමණක්ද? ඖෂධ වෙළදුන් විසින් මිල අධික ඖෂධ පමණක් ගබඩා කර ගනිමින් ඒවා හිතූ හිතූ මිල ගණන් වලට විකුණමින් මහජනයා ගසා කෑමේ ක‍්‍රියාවලිය ඉදිරියේ ඖෂධ අධිකාරිය අසරණ වන්නේ එවැනි පරිපාලව අඩුපාඩු නිසා පමණක්ද? පනතේ මූලික අරමුණු නොසලකා එදිනෙදා පරිපාලන කාර්යක්‍ෂමතාව ගැන පමණක් කරදර වන ඊනියා ‘‘දක්ෂ නිලධාරීන් ’’ අදාළ තනතුරු වලට පත් කිරීමෙන් පමණක් ප‍්‍රශ්නය විසදිය හැකිද?
ඖෂධ මාෆියාවට අවශ්‍ය වන්නේ ඖෂධ ලියාපදිංචි කිරීමේ වගකීම පමණක් ඔවුනට අවශ්‍ය ආකාරටය ඉටු කරන‘‘ වැල යන අතට මැස්ස ගහන’’ නිලධාරීන් පිරිසකි. වෙනත් වචන වලින් කියන්නේ නම් අළුත් පනත යටතේ පරණ වැඩම කරන පිරිසකි. නව ඖෂධ පනතේ බල නහර කැපීම හෙවත් පනත නපුංසක කිරීමට තමා විසින් සිදු කළ සියුම් ශල්‍යකර්ම නැවත ප‍්‍රතිසංස්කරණය කිරීමට ද`ගලන නිලධාරීන් විසින් ඖෂධ අධිකාරියේ වගකීම් බාර ගැනීම ඖෂධ මාෆියාව ඉවසන්නේ නැත. වැඩිය දැ`ගලූවොත් ඉල්ලා අස්වීමට සිදුවන බවට ඔවුන් අනතුරු අ`ගවන්නේ අනාගතයේ පත්වීමට නියමිත අය ඇතුළු සියලූම දෙනාටය.
මෙම තත්වය තුල පොදු මහජනයා හෙවත් පනතේ සහ අධිකාරියේ සියලූ අවුල්වල අහිතකර ප‍්‍රතිඵලය භුක්ති වි`දින පිරිස් කළ යුත්තේ කුමක්ද? පළමුවෙන්ම ඖෂධ අධිකාරියේ නව නායකත්වය විසින් ඖෂධ මාෆියාවේ කූඨ ඉල්ලීම් වලට යටත්වීම ප‍්‍රතික්‍ෂ්ප කිරීම මහජනයාගේ ඇගයීමට ලක්විය යුතුය. නමුත් යහපත් දේ සහ නිවරදිදේ කිරීමට ඔවුන්ගේ මනස තුල කොතරම් විලි රුදාවක් තිබුනත් ඊට අවශ්‍ය උපාංග නොමැතිනම් ඔවුන්ගේ උත්සාහයෙන් ප‍්‍රතිඵලයක් ලබා ගත නොහැක. රියදුරු කොතරම් දක්‍ෂ වුවත් ඔහු කොතරම් දැගලූවත් ට‍්‍රැක්ටරයේ න`ගුල නැතිනම් සී සෑමට නොහැකි බව අධිකාරියේ සිටින යහපත් මිනිසුන් මෙන්ම එළියේ සිටින වෛiවරු ඇතුළු සෙසු විද්වතුන් තේරුම් ගත යුතුය.
එහිදී න`ගුල නැතත් ට‍්‍රැක්ටරයෙන් මඩ කළ හැකියයි විවාදයක් තිබිය හැක. පනතේ අවශ්‍ය උපාංග නොමැතිව විවිධ දේ කිරීම දැගලීමෙන් ම`ඩ කිරීමට මිස පිලිවෙලකට හීයක් හෑමටනම් ලැබෙන්නේ නැත. හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වචන වලින්ම එතුමාට උසාවියේ බංකු ගානෙ රස්තිවයාදුවීමට සිදුවූයේ දුම්කොළ පනතේ අවශ්‍ය ප‍්‍රතිපාදන නොමැතිව රෙගුලාසි පැනවීමට උත්සාහ කිරීම නිසාය. නමුත් අවාසනාවකට එතුමා ඒ තුලින් පාඩම් ඉගෙන ගෙන ඖෂධ පනතට අවශ්‍ය උපාංග සියල්ල ඇතුල් කිරීමට උත්සාහ නොකළේය. එතුමා එසේ කටයුතු නොකළා පමණක් නොව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පනත පිලිබදව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පවා අවස්ථාව නොදී ඒ දුර්වල පනත කලබලයේ සම්මත කරනවිට ඊට ඉඩදී බලා සිටියේය.
ඖෂධ මාෆියාවේ ශල්‍යකර්ම නිසා පනතේ නියාමන වගකීමට අදාළ ප‍්‍රධාන බල නහර 10ක් කැපී ගොස් ඇත. දැන් එසේ කපා දැමූ බල නහර නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම වෙනුවට දෙවන ශල්‍යකර්මයක් මගින් ආයතනයේ නිලධාරීන්ගේ බලය බීදීමටද උත්සාහයක් ගනිමින් ඇත. එමනිසා මහජනයා සහ විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ වෘතිකයින් මේ අවසාන පැයේදී මැදිහත්වන්නේ නැතිනම් ඖෂධ මාෆියාව විසින් ඖෂධ අධිකාරිය නපුංසක ආයතනයක් බවට පත් කරනු ඇත. ඊට එරෙහිව පනතට අවශ්‍ය උපාංග හෙවත් ප‍්‍රතිපාදන ඇතුලත්කොට එය ශක්තිමත් කිරීම සදහා මහජන ක‍්‍රියාකාරීත්වයක් පණ ගැන්වීම සදහා පූර්ව කොන්දේසියක් ඇත. ඒ පනතේ බල නහර කපා ඇතිකරන ලද දශමහා දෝස මොනවාදැයි හදුනා ගැනීමය. මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ ඒ දශ මහා දෝෂ පිළිබදව මහජන සංවාදයක් ඇති කිරීමය. ඒ අනුව එම දෝෂ නිවැරදි කළ යුතු ආකාරය මෙසේ ඉදිරිපත් කෙරේ.
ඒවා අතරින් පළමුවැන්න වන්නේ මිල පාලනය සදහා මිල සූත‍්‍ර හදුන්වාදී ඒවා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත‍්‍රණය පිහිටුවීම සදහා ප‍්‍රතිපාදන පනතට ඇතුලත් කිරීමය. දැන් අදාළ රෙගුලාසි ඔෂධ සමාගම් විසින් අභියෝගයට ලක් නොකරන ආකාරයට පැනවීම සදහා ඖෂධ පනතේ ප‍්‍රතිපාදන නොමැත්ි බැවින් පාරිභෙෘ්ගික අධිකාරියට එම වගකීම පැවරී ඇත. ඒ අනුව එම වගකීමද තවත් දහසකුත් එකක් කිසිදා ඉටුනොකරන වගකීම් ගොන්නට එකතුවී ඇත.
දෙවැන්න ජාතික ඖෂධ සංග‍්‍රහය සහ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුව නීතිගත කිරීමය. එවිට ඒවා සකස් කිරීමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරෙන අතර ඊ ට අනුව පමණක් ඖෂධ ලියාපදිංචි කිරීම සහ ආනයනය කිරීමට ඉඩ ලැබේ. විද්වතුන්ගේ පුළුල් නියෝජනයකින් එම ලේඛන සකස්වූ පසුව දැන් සිදුකෙරෙන ආකාරයට ප‍්‍රතිඵල දායක නොවන ඖෂධ අත්‍යවශ්‍ය ලේබය යටතේ ලියාපදිංචි කිරීමට හෝ ලියාපදිංචිය නොමැතිව ‘‘හදිසි’’ ලේබලය සහ ‘‘ විරෝධතා නැත’’ ලිපි යටතේ ආනයනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.
තුන්වැන්න ඖෂධ ලියාපදිංචි කිරීමේදී ඖෂධයක තත්වය බිදවැටීම් පිළිබද ඉතිහාසය සහ මිල සාධකය ප‍්‍රධාන නිර්නායක ලෙස සැලකීමය. එසේ දේශීයව ගුණාත්මකත්ව බිද වැටීම මෙන්ම අදාළ වෙළද නාමය වෙනත් රටක අසාදු ලේඛණගතව ඇත්ද යන්නද සැලකිල්ලට ගත යුතුය. එම නිර්නායකය සැලකිල්ලට ගතයුතු ආකාරය නිශ්චිතව පනත මගින්ම නිර්දේශ කිරීම වැදගත් වන්නේ පසු අවස්ථාවල රෙගුලාසි පැනවීමේ දී ඖෂධ මාෆියාවේ බලපෑම් මත සිදුරු වලින් රිංගා යාම වැලැක්වීම සදහාය. හතරවැනි නිවැරදි කිරීම වන්නේ විනිවිද භාවය සහිත අසාදුලේඛන ගත කිරීමේ ක‍්‍රමවේදයක් හදුන්වාදීමයි. එහිදී ඖෂධයක ගුණාත්මක තත්වය බි`දවැටීම පිළිබද විධිමත් වාර්තා තැබිය යුතු අතර එම තොරතුරු මහජනයාට දැනගැනීමට හැකිවිය යුතුය. බිදවැටීම් නිවරදි කිරීම සදහා ගන්නා ලද පියවර පිළිබ`ද තොරතුරු සහ ඊට අදාළව ලබාදුන් දඩුවම් පිලිබ`ද දැනගැනීමට මහජනයාට ඇති අයිතිය ඖෂධ අධිකාරිය මෙන්ම ඖෂධ සමාගම්ද පිළිගත යුතුය.
පස්වැනි නිවරදි කිරීම ඖෂධ වල මිල ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමය. මිල තොරතුරු රෝගීන්ට ලබා දීමේ වගකීම නීතිමය වශයෙන් ඖෂධ අධිකාරියට පැවරිය යුතුය. ඒ අනුව බහුලව භාවිතාවන ඖෂධ ප‍්‍රමානයක මිල ප‍්‍රදර්ශනය කරන ලෙස අධිකාරිය විසින් අලෙවිසල් වලට නියෝග කළ යුතුය. එසේම ඖෂධ නිකුත් කිරීමට පෙර මිල සංසන්දනය කිරීම සදහා රෝගියා විසින් ඖෂධ නාම වල සහ වෙළ`ද නාම වල මිල ගණන් ඉල්ලා සිටින විට ඒ වා ලබා දීමට අලෙවිසල් හිමියා නීතියෙන් බැ`දී සිටියි. සය වැන්න අලෙවිසැලක් පවත්වාගෙන යාමේ මූලික කොන්දේසියක් ලෙස අත්‍යවශ්‍ය ඖෂධ ලයිසිතුවට අයත් අධිකාරිය විසින් නියම කරන බහුලව භාවිතා වන ඖෂධ වර්ග ප‍්‍රමානයක ඖෂධ නාමයෙන් තොග පවත්වාගෙන යාම අනිවාර්ය කිරීමයි. එම ඖෂධ ලයිස්තුවේ යම් ඖෂධයක තොග අවසන් වී ඇති විට පැහැදිලිව පෙනෙන ලෙස එම ඖෂධ වල ලයිසිතුවක් මිල ගණන් සහිතව ප‍්‍රදර්ශනය කළ යුතුය. එසේම වෛiවරයා විසින් ඖෂධ නාමයෙන් නිර්දේශ කළ ඖෂධයක තොග නොමැති අවස්ථාවක ඊට විකල් ප වෙලදනාමවල මිල ගණන් සහ ඖෂධ නාමයේ මිල ගණන් සන්සන්දනය කිරීම සදහා මිලදී ගන්නාට තොරතුරු ලබා දීමට අළෙවි කරන්නා නීතියෙන් බැදී සිටින ආකාරයට පනතට ප‍්‍රතිපාදන ඇතුලත් කළ යුතුය.
පස්වැනි නිවරදි කිරීම වන්නේ වෛiවරයා විසින් ඖෂධ වට්ටෝරු ලිවීමේදී ඒවා රෝගියාට කියවිිය හැකි ආකාරයට ඉංග‍්‍රීසියෙන් ‘‘කැපිටල්’’ අකුරින් ලිවීම හෝ පරිඝණකය මගින් මුද්‍රණය කළ යුතු බවට නීතිමය ප‍්‍රතිපාදන පනත මගින් පැනවීමය. එමෙන්ම ඖෂධ නාමයෙන් ඖෂධ නිර්දේශ කිරීම සහ වෛiවරයා විසිනයම් වෙලද නාමයක් නිර්දේශ කරන්නේනම් එය ඖෂධ නාමයට යටින් වරහන් තුල ලිවීම අනිවාර්ය කළ යුතුය. ඉහත සදහන් කළ ආකාරයට වෛiවරයා ඖෂධ නාමය සහ වෙලද නාමය යන දෙකම නිර්දේශ කළ විට අළෙවිකරන්නා ඒවා අතර පවතින මිල වෙනස පිලිබදව මිලදී ගන්නා දැනුවත්කොට කැමති ඖෂධය තෝරා ගැනීමේ අයිතිය රෝගියාට ලබා දිය යුතුය. එමෙන්ම අදාළ වෙළ`ද නාමය නොමැති අවස්ථාවල විකල්ප වෙලදනාමයේ මිල සහ නිර්දේශිත වෙල`ද නාමයේ මිල අතර වෙනස පිළිබද තොරතුරු ලබා දීමද අනිවාර්ය කළ යුතුය.
අටවැනි නිවරදි කිරීම වන්නේ ඖෂධ නිර්දේශ කිරීම පිළිබදව වෛiවරුන්ට නව දැනුම ලබාදෙන මාසික ප‍්‍රකාශයක් නිකුත් කිරීම ඖෂධ අධිකාරියේ නීතිමය වගකීමක් බවට පත් කිරීමයි. ඒ අනුව දැනට ඉතා සීමිත ආකාරයට ඖෂධ නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ප‍්‍රකාශනය වඩාත් දියුණු ලෙස නිකුත් කිරීමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරිය යුතුය. එම වගකීම ඖෂධ සමාගම් වලට පැවරිය නොහැක. නම වැන්න ආචාර ධර්ම විරෝධී ලෙස රෝහල් ආශ‍්‍රීතව ඖෂධ ප‍්‍රචලිත කිරීම පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් බවට පත් කළ යුතුය. නව ඖෂධ පිළිබදව වෛiවරුන් දැනුවත් කිරීමේ වගකීම ඖෂධ අධිකාරිය විසින් දැරිය යුතු අතර සමාගම් වලට අවශ්‍යනම් ඊට දායක වීමේ ඉඩ කඩ සහ ක‍්‍රමවේද පරිපාලන වශයෙන් සකස් කළ හැක. යම් සමාගමක් අධ්‍යාපන සැසියක් සංවිධානය කරන්නේ නම් යම් ප‍්‍රමිතියකට යටත්ව අධිකාරියේ අවසරය ලබා ගැනීම නීතියෙන් අනිවාර්ය කළ යුතුය.
දස වැනි නිවරදි කිරීම වන්නේ පනත ක‍්‍රියාත්මකවී වසර 02ක් ඇතුලත දී ඒ වන විට ලියාපදිංචිවී ඇති ඖෂධ නව නිරිනායක යටතේ නැවත ලියාපදිංචි කිරීමයි. එහිදී මිළ ගුණාත්මක තත්වය සහ මිළ සාධකය යන නිර්නායක එක්ව සලකා එක් ඖෂධයක් සදහා ලියාපදිංචි කළ හැකි වෙළ`ද නාම ප‍්‍රමානයට යම් සීමාවක් පැනවිය යුතුය. මුල් අවධියේ දී කරනු ලබන නැවත ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය කාර්යක්‍ෂමව කිරීම සදහා කොන්ත‍්‍රාත් පදනම හො ආවරණ පදනම යටතේ සේවකයින් බදවාගත හැක. දස වැනි ප‍්‍රතිපාදනය අන්තර්කාලීන ප‍්‍රතිපාදනයක් වේ. සෙසු ප‍්‍රතිපාදන පනත් අරමුණු ඉටුකර ගැනීම සදහා අත්‍යව්‍ය උපාංග සේ සලකා ඒවා ක‍්‍රියාත්මක කිරීමට අදාළ සවිස්තරාත්මක කරුණු පනතට ඇතුලත් කළ යුතුය. එවිට රෙගුලාසි පැනවීමේදී එම ප‍්‍රතිපාදන දුර්වල කිරීමට තිබෙන ඉඩ අවම වේ. මහාචාර්ය සේනක බිබිලේගේ උතුම් අරමුණු ඉටුකර ගැනීම සදහා ඒ සියලූ කරුණු ඉතා වැදගත්වේ. ඒවා නොසලකා පනතට ‘‘බිබිලේ ’’ ලේබලය ඇලවීම දුප්පත් ක‍්‍රියාවකි. තරුණ කාලයේ බිබිලේ වෙනුවෙන් තද බල ලෙස දේශපාලනිකව පෙනී සිටි වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා යටතේ එවැන්නක් සිදුවීම කිිසිසේත්ම සාධෘරණ නොවේ.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

Comments
Post a Comment