ගහන තරමට වඳින විපක්‍ෂය හෙවත් සටන්පාඨ නැති සටන්බිම
පසුගිය මැයි දිනයට පෙර
සිදුවූ ආකාරයටම මෙවරද මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින
රැුලියට පෙර මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බරපතල ප‍්‍රහාරයක්
එල්ල කළේය. මෙවර ඔහු පාක්‍ෂිකයන්ට තර්ජනය කිරීමෙන් නොනැවතී ඉතා ප‍්‍රභල
සාමාජිකයින් තිදෙනෙක් ආසන සංවිධායක තනතුරුවලින් පහකොට ඇත. ඒ මගින් ඔහු මහින්ද
රාජපක්‍ෂගේ හිසට පහර දෙන බව පෙන්වූවත් වඩා පුළුල් අර්ථයෙන් පහර වදින්නේ ශ‍්‍රී
ලංකා නිදහස් පක්‍ෂයේ යටි බඩටය. එසේ ජ්‍යේෂ්ඨ සහ මහජන බලය සහිත සංවිධායකයින්
පිරිසක් ඒකපාර්ශ්වීයව ඉවත් කිරීම මගින් ඔහු සෙසු පැරණි සාමාජිකයන්ට බරපතල
නිශේධාත්මක පණිවිඩයක් ලබාදේ. එසේ ඉවත්කළ ප‍්‍රභලයින් වෙනුවට පත්වී ඇත්තේ ජනබලය හීන
දුර්වලයින් පිරිසකි. ඒ මගින් අවසානයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බරපතල පසුබෑමකට
ලක්වන බවට සැකයක් නැත. එසේම අවසානයේදී එම ක‍්‍රියාව සේවය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ
උවමනාවන්ට නොවේද? දැන් අමාත්‍ය
මණ්ඩල වෙනස්කම් කිරීම සඳහා තමා සතුව දේශපාලන ධෛර්යය තිබෙන බව පෙන්වීම මගින්
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ තම පෞර්ෂය ආරක්‍ෂා
කර ගැනීමට සහ බලය තහවුරු කර ගැනීමට ප‍්‍රසශ්ත උත්සාහයක් ගෙන ඇත. එහෙත් එතුමා
දුවන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කඹය දිගේලි කරන තරමට බව වෙනස්කම්
ගැඹුරින් අධ්‍යනය කරන විට පෙනී යයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ වචනවලට අනුව එතුමා ශ‍්‍රී
ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාර දෙන්නේ සද්භාවයෙන්
පක්‍ෂයට සාධාරණය ඉටු කරනු ඇතැයි යන අපෙක්ෂාවෙනි. නමුත් දැන් මෛත‍්‍රීපාල සිරිසේන
මහතා විසින් එම පක්‍ෂයේ බෝඞ් ලෑල්ල සිරිකොත පිළිකන්නේ එල්ලන විට ඔහු නිහ`ඩ වත රකිමින් සිටියි.
ඇත්ත වශයෙන්ම එදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පක්‍ෂයේ සභාපතිකම ඉල්ලා සිටි
අවස්ථාවේදී, මහින්ද රාජපක්‍ෂ
මහතා විසින් කළ යුතුව තිබුනේ නිත්‍යානුකූල ආකාරයට එය ලබාගන්නා ලෙස ඉල්ලා සිටීමයි.
ඔහුට එසේ පක්‍ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අයෙකුට පක්‍ෂ සභාපතිකම බන්දේසියක තබා
පිරි නැමීමට ව්‍යවස්ථානුකූල බලයක් නැත. මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම පක්‍ෂය කඩා
බිඳ දමා ඉන් ඉවත් වී වෙනත් පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව
පක්‍ෂයේ සභාපතිකම උරුම වන්නේ එම පක්‍ෂයේ අපෙක්ෂකයා ලෙස තර`ගකොට ජයග‍්‍රහණය
කිරීමෙන් පසුව පමණි. එසේ නොමැතිව එම පක්‍ෂය විසින් යෝජනාකළ අපෙක්ෂකයා පරාජය කළ
වෙනත් පක්ෂයක ජනාධිපතිවරයෙක්ට නොවේ. එහෙත් රාජපක්‍ෂ මහතා විසින් සිරිසේන මහතා සම`ග එක්වසිටින ශ‍්‍රී
ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යේෂ්ඨයින්
පිරිසකගේ පීඩනයට යටත්ව එම ඓතිහාසික වරද සිදුකළේය.
එසේවුවත් මහින්ද
රාජපක්‍ෂට තමා අතින් සිදුවූ වරද පසු අවස්ථාවක හෝ නිවැරදි කිරීමට ඉතිහාසය විසින්
ඉඩක් ඉතිරිකොට ඇතත් ඔහු ඒ සඳහා උත්සාහයක් ගන්නේ නැත. ඒ සඳහා ඔහු ඉන්දිරා
ගාන්ධිගෙන් ඉගෙගන්නා බවක් පෙනෙන්නේ නැත. ඒ
වෙනුවට ඔහු ඉගෙන ගන්නේ සෝමවංශ අමරසිංහයන්ගෙන් බව දැන් පැහැදිලිව පෙනේ. ඉන්දිරා ගාන්ධි 1977දී තමාගේ ආසනය පැරදී පක්‍ෂයේ නායකත්වයද
අහිමි වූ අවස්ථාවේදී වෙනත් පක්‍ෂයක් හැදුවේ නැත. ඇය කොන්ග‍්‍රස් පක්‍ෂයේ ‘‘අයි (ඉන්දිරා*
පාර්ශ්වය’’ ලෙස පෙනී
සිටිමින් දේශපාලන සටන ඉදිරියට ගෙන ගිය බැවින් පක්‍ෂයේ සියළු මන්ත‍්‍රීවරු එම
පාර්ශ්වයට එකතු වූ අතර අවසානයේදී පක්ෂයේ නීතිමය අයිතියද ඇයට ලැබුණි. ඊට හේතුව
වෙනත් පක්‍ෂයක් ලෙස පෙනී සිටීම මන්ත‍්‍රීකම අහිමිවන වරදක් වුවත් පාර්ශ්වයක් ලෙස
පෙනී සිටීමේදී නීතිමය ගැටළුවක් මතු නොවීමය. නමුත් සෝමවංශ අමරසිහයන් තෝරාගත්තේ ඊට ප‍්‍රතිවිරුද්ධ
උපාය මාර්ගයකි. ඔහු මහගෙදර අයිතිය ඉල්ලා සිටිනවා වෙනුවට ඊට යාබද අනවසර ඉඩමක
පැල්කොටයක් අටවාගෙන මහ ගෙදරට ගල්කැට විසිකලේය.
ගතවන සෑම දිනකම ආණ්ඩුව
විසින් තම ගමන ‘‘බුල්ඩෝස්’’
කරමින් සිටියි. එහෙත්
විපක්‍ෂය ඊට ම`ග පාදා ම`ග දෙපස සිට බලාසිටින
භූමිකාව ර`ග දක්වමින්
ඇත. ආන්ඩුව ඉතා කෙටි කලකදී රට අනාරක්‍ෂිත කෙරෙන පනත් 4ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද විපක්‍ෂය
ආංශික කාරකසභා තුළ නියෝජනය වෙමින් ඒ දෙස උපෙක්ෂාවෙන් බලා සිටිති. දැන් ගීතා
කුමාරසිංහ මන්ත‍්‍රීවරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත්කොට තිබියදී
ඇයගේ මන්ත‍්‍රීධුරය අහෝසි කිරීම නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයා
යොදාගෙන ඇත. කථානායකවරයා විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී ද මන්ත‍්‍රිවරුන්ගේ
අයිතිවාසිකම් නොසලකා කටයුතු කිරීම පිළිබඳ නරකම ආදර්ශයක් සපයා ඇත. එහෙත් විපක්‍ෂයේ
මන්ත‍්‍රීවරුන් තම ඉවසීම උරගා බලමින් සුවෙන් පසුවෙති. එම තත්වය තුළ රනිල් වික‍්‍රමසිංහ
- මෛත‍්‍රීපාල සිරිසේන යුගලයට තම න්‍යාය පත‍්‍රය ගැටළුවකින් තොරව ඉදිරියට ගෙනයාමට
අවකාශය ලැබී ඇත. අද මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉටුකරනු ලබන්නේ රනිල් වික‍්‍රමසිංහ
මහතා විසින් ශ‍්‍රී ලංකා මාතාව නම් වූ උතුම් කන්‍යාවිය දුෂණය කරෙන තෙක් දොර මුර
කරන කූටාලියාගේ භූමිකාවයි. ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ඇන්දවීම සඳහා ව්‍යාජ
රනිල් විරෝධයක් මවා පෑවද 2003 දී මෙන්
විපක්‍ෂය විසින් දොරට පයින් ගසා දුෂකයා එලියට ඇද දැමීමට ඉඩ දෙන්නේ නැත. තීරණාත්මක
අවස්ථාවක දේශපාලන අහම්බයක් ලෙස ඔහුට එවැනි සිතක් පහලවිය හැකි වුවද ඔහු බලයට පත්කළ
බලවේග වලින් ඊට අවසර නොලැබෙන බවට කිසිදු සැකයක් නැත.
දැන් එක පැත්තකින් මෛත‍්‍රීපාල
සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්‍ෂ මහතාට උපදෙස් දෙන යම් උපදේශකයින් හරහා මෛත‍්‍රී-මහින්ද
සටන් විරාමයකට ආරාධනා කරනු දක්නට ඇත. එහෙත් අනෙක් පැත්තෙන් පෙනෙන්නේ ඔහු විසින් ශ‍්‍රී
ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද හිතවාදී නායකයින් සංවිධායක තනතුරු වලින් ඉවත්කරන
ආකාරයයි. මෙම පරස්පරය පැහැදිලි කරන්නේ කෙසේද? නමුත් එම පරස්පරය මෛත‍්‍රීපාල සිරිසේන
මහතාගේ මූලික උපාය මාර්ගික ප‍්‍රවේශයම බව මහින්ද රාජපක්‍ෂ මහතා තෙරුම් ගෙන තිබේද
යන්න සැක සහිතය. එසේ තේරුම්ගෙන තිබේනම් ඔහු විසින් ගහන ගහන තරමට වඳින ප‍්‍රතිපත්තියක්
අනුගමනය කිරීමට ඉඩක් නැත. මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කුට්ඨාලියාගේ භූමිකාව හෙවත්
දොර මුර කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉටු කළ හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඔහුට
එරෙහිව තීරණාත්මක ප‍්‍රහාරයක් එල්ල නොකර සිටිනතෙක් පමණි. තාවකාලික සටන්විරාමයක්
අවශ්‍ය වන්නේ එම තත්වය සහතික කර ගැනීම සඳහා පමණි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඊනියා රනිල් විරෝධය
ඉහළට ඔසවා පෙන්වන පිරිස විසින් මේ වන විට ඉතා සාර්ථක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා එම
සටන්විරාමයට නිළ නොවන ලෙස එක`ග කරගෙන තිබෙන
බව පැහැදිලිව පෙනේ. එසේ නොවේ නම් ඔහු
අඩියක් පෙරට තබා කටයුතු කළ යුතුව ඇත. දහනමවෙනි ව්‍යවස්ථා සංශෝධනයට පසුව
දැන් ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමේ බලයක් නැත. ඔහු ඉවත් කළ හැක්කේ
පාර්ලිමේන්තුවේ විශ්වාශභංග යෝජනාවක් මගින් පමණි. නමුත් එසේ කිරීම සඳහා එක්සත්
ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් කැමති විය යුතුය. මෛත‍්‍රී - මහින්ද සටන් විරාමය පිළිගනිමින් සහ ඒ මත ආන්ඩුවක්
හැදෙන බව පිළිගනිමින් එසේ විශ්වාසභංගයකදී ඡුන්දය දීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ
මන්ත‍්‍රීවරුන්ට ලැබෙන දිරිගැන්වීම කුමක්ද? මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ විපක්‍ෂ බලවේග
ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය පරාජය කිරීම සඳහා ප‍්‍රභල සටනක නියැලී සිටියි නම් සහ
මහජනතාව සක‍්‍රියව ඒ වටා පෙළ ගැසෙන තත්වයක් පවතී නම් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට
එවැනි දිරිගැන්වීමක් ඇතිවිය හැක. වෙනත් වචන වලින් කියනවානම් වවුලන්ට ගස මාරු කිරීම
සඳහා මහින්ද රාජපක්‍ෂ වෘක්‍ෂය ඵලබර වි තිබිය යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ
වෘක්‍ෂයේ එල්ලා ඇත්තේ නිල්පාට පිටතින් ආලේප කළ එක්සත් ජාතික පක්‍ෂයේම ගඩාගෙඩි බව
එම පක්‍ෂයේ සාමාජිකයෝ ඉතා හොඳින් දනිති. එවැනි තත්වයක් තුළ ඔළුගෙඩි මාරු කිරීමේ
සිහින දකිමින් මහින්ද රාජපක්‍ෂ මහතා සටන් විරාම එළුවා ලූහු බදිමින් යන අතරතුර මෛත‍්‍රීපාල
සිරිසේන මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මහ අතු සිදිමින් සිටියි. එසේම ගතවන සෑම
දිනකම රට අනාරක්ෂිත තත්වයට ඇද දමමින් සිටියි.
කෙසේවෙතත් මහින්ද
රාජපක්‍ෂ මහතා මීට පෙර නිහ`ඩව එක`ග වූ සටන් විරාම
දෙකකින් අමතක නොවන පාඩම් ඉගෙන ගෙන ඇත. පළමුවැන්න, 19වැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය
ලබාදීමට එක`ගවීමය. ඒ
මගින් ඔහු දෙවන වරටත් පරාජය වීය. දෙවැන්න, මෛත‍්‍රීපිල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ
ඔහුගේ සන්ධානයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමය. ඒ මගින් ඔහු තුන්වන වරටත්
පරාජය වූ අතර තමාගේ ලක්‍ෂ 58ක ඡුන්ද ප‍්‍රමාණය
ලක්‍ෂ 47 දක්වා
අඩුකරගනිමින් අගමැතිකමද අහිමිකර ගත්තේය. එම සටන් විරාමය අවසන් වන විට මහින්ද සුළ`ග සමග නැගිසිටි බලවේගය සමගම ඔහුද පෙර සිටි තත්වයට වඩා
දේශපාලන වශයෙන් අසිරු තත්වයකට පත්විය. එහෙත් ඔහු වටා පෙළගැසුණු බලවේගයේ අධ්‍යාත්මික
ශක්තිය සිදී ගොස් නැති බව මෙවර මැයි දිනයේදී ඉතා පැහැදිලිව ඔප්පු විය. කෙසේවෙතත් ඒ
ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාට ධෛර්ය ලබාදී ආපසු ගෙදර ගියේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා
පරාජය කළයුතු ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය කුමක්දැයි හරිහැටි නොදැනය.
මෛත‍්‍රී-මහින්ද සටන්
විරාමය ආණ්ඩුවට වැදගත් වන්නේ ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය හෙවත් තමන් බලයට පත්කළ බලවේග
වල උවමනාව ඉටුකරන තෙක් පමණි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජගත් මානව හිමිකම්
සමුළුවේදී ප‍්‍රකාශ කළ ආකාරයට ඔවුන් එක`ග වී ඇති සියළු කොන්දේසි අතුරින් ප‍්‍රමුඛ වන්නේ ව්‍යවස්ථා
සංශෝධනයයි. ආණ්ඩුව එසේ බටහිර සහ ඉන්දියානු බලවේග වලට පොරොන්දු වී ඇත්තේ 13 වැනි සංශෝධනය ප‍්‍රතිඵලදායක
ලෙස ක‍්‍රියාත්මක කිරීමට පමණි. ඒ නිසා ආණ්ඩුව විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ
පනත් කෙටුම්පත ඉතා කෙටි කලකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. එම අවස්ථාවේදී
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය ආරක්‍ෂාකර ගැනීමටනම් ශ‍්‍රී
ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 24 දෙනෙක් මහින්ද පාර්ශ්වයේ මතයට පක්‍ෂපාතිවීම වැළැක්විය
යුතුය. ඉහත සඳහන් කළ ආකාරයට එසේ මන්ත‍්‍රිවරුන්, පිරිසකට මහින්ද පාර්ශ්වයට එක්වීමට පෙළඹවීමක්
ඇති වනුයේ මහින්ද රාජපක්‍ෂ මහතා සටන් බිමේදී වීරයකු සේ ආණ්ඩුවට එරෙහිව කඩුව වනන
තරමටය. ඊනියා සටන් විරාමය වැදගත් වන්නේ එම තත්වය වැළැක්වීම සඳහාය.
මෙවර ඒකාබද්ධ විපක්‍ෂයේ
මැයි දින සටන්පාඨ වලින් පෙන්නුම් කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා තම කඩුව කොපුවේ තබා
ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බවය. නමුත් ආණ්ඩු විරෝධී මහජනයා සෑම විටම සිටින්නේ
බිම් මට්ටමේදී කඩු ලෙලවමින්ය. ඒ බව මැයි දින රැුලියේ දී ඉතා හොඳින් පිළිබිඹු විය.
නමුත් ‘මව්බිම’,
‘වැඩබිම’, ‘ගොවිබිම’ රැුකීමේ සාහිත්‍යමය
සංකල්පය ප‍්‍රභල සටන්පාඨ බවට පරිවර්ථනය කිරිමට මහින්ද පිළ අසමත් විය. සටන් බිමේදී
් දිනෙන් දින සටන මෝරන නමුත් මහින්ද පිළේ
වේදිකාවේදී සටන් පාඨ දුර්වල වන්නේ කුමක් නිසාද? ඊට හේතුව නොදන්නා මහින්ද රාජපක්‍ෂයන්ට ආදරය
කරන පොදු ජන බලවේගයේ අපේක්ෂා පමණක් නොව ඔවුන්ගේ සටන්කාමීත්වයද ඒ මගින් දුර්වල වේ.
ඉතිහාසයේ යම් දිනෙක මහින්ද රාජපක්‍ෂයන්ට විරුද්ධ වුවද අද පවතින තත්වය තුළ ආණ්ඩු
විරෝධී මනසින් වැට උඩට වී බලා සිටින පිරිස් තුළද සටන අතට ගැනීමට පෙළඹවීම ඇතිවන්නේ
එම මානසික බාධකය ජයගතහොත් පමණි. රාජ්‍ය නිලධාරීන්, ගෙස්ටාපෝ පන්නයේ පොලිස් නිධාරීන් ඇතුළු
ආණ්ඩුවේ ගාමක බලවේගය දුර්මුඛ වන්නේ ආණ්ඩු විරෝධි සටන තීව‍්‍ර වන ප‍්‍රමාණයට සහ
ගුණයට සාපෙක්ෂවය. ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය පරාජය කළ හැකි බවට සහ ඒ මගින් ආණ්ඩුව
පරාජය කළ හැකි බවට සෑම මට්ටමකම ජන බලවේග තුළ විශ්වාසය ඇතිවන්නේ ඒසේ වුවහොත්
පමණි. මැයි දිනයේ ජන පෙළගැස්ම ඓතිහාසිකව
වැදගත් වන්නේ එම අර්ථයෙනි. එහෙත් ඒ ඉදිරි දිනවලදී එම ජනතාවගේ අපේක්‍ෂාවන්ට සාධාරණය
ඉටු කළහොත් පමණි. එනම් නොපැකිළිව සටන අතට ගතහොත් පමණි.
නමුත් න්‍යායාත්මකව
ගත්විට සටනක් ත_ව‍්‍ර කිරීමට
පෙර යුද්ධය ප‍්‍රකාශයට පත්කළ යුතුය.සටනකට ජනතාව පමණක් නොව හමුදාව පවා පෙළගැසෙන්නේ
නායකයා විසින් විශ්වාසයෙන් සහ වීරත්වයෙන් යුතුව යුද්ධය ප‍්‍රකාශයට පත්කළ පසුවය.
මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමේදී එම න්‍යායාත්මක
පදනමේ වැදගත්කම ඉතා හොඳින් තේරුම් ගෙන තිබුණි. කෙසේවෙතත් යුද්ධය ප‍්‍රකාශයට
පත්කිරීමට පෙර සටන් පෙරමුණු පිළිබඳ මහජන අවබෝධය ඉතා වැදගත් වේ. මෛත‍්‍රී-මහින්ද
සටන් විරාම උගුලට මහින්ද රාජපක්‍ෂ මහතා පය නොතබන බව පෙන්වීම සඳහා මෙවර මැයි
දිනයේදී අදාළ සටන් පෙරමුණු හඳුනා ගැනීමට සහ ප‍්‍රකාශයට පත් කිරීමට ඉතා හොඳ
අවකාශයක් ලැබුණි. එදා එය සිදු නොකිරීම වරදක් වුවත් තවමත් ඊට පමා වී නැත. ඒ නිසා
දැන් මැයි දින අධිෂ්ඨානය වහාම යුද්ධය ප‍්‍රකාශ කිරීමේ ලියවිල්ල බවට පරිවර්ථනය කළ
යුතුය.
එම සටන් පෙරමුණු
අතුරින් පළමු සහ ප‍්‍රමුඛතම සටන් පෙරමුණ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාවස්ථා සංශෝධනය සහමුලින්ම පරාජය කිරීම නොවේද? ආන්ඩුවේ ප‍්‍රමුඛතම
අභියෝගය ලෙස ඔවුන් විසින්ම පිළිගන්නා එම සටන් පෙරමුණ විපක්‍ෂයට ප‍්‍රමුඛ නොවන්නේ
කෙසේද? ව්‍යවස්ථා
සංශෝධනයේ පරාජය ආණ්ඩුවේ පරාජයේ ආරම්භය බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව පිහිටුවීමට
උරදුන් බලවේගවල ප‍්‍රධානතම ආපක්‍ෂාව ඉටු
කිරීමට ආණ්ඩුව අසමත් නම් ඔවුන්ට එම බලවේග අතර තවදුරටත් කේවල් කිරීමේ බලයක් ඉතිරි
වන්නේ නැත. ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ දෙස් විදෙස්
බෙදුම්වාදී කප්පම්කරුවන්ට කප්පම්දීම මිස දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම නොවේ. දෙමළ ජනතාවට සැබෑ ලෙසම අයිතිවාසිකම් ලබාදෙන සහ
ප‍්‍රදේශිය මට්ටමේදී ජනතාවට සැබෑ ලෙසම ආණ්ඩු බලය ලබාදෙන නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය
බවට ව්වාදයක් නැත. එසේනම් සියළු සටන අතරින් ප‍්‍රමුඛතම සටන් වන්නේ 20 වැනි සංශෝදනය
සහමුලින්ම පරාජය කිරීම නොවේද? විපක්‍ෂය
විසින් එවැනි දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා 2000 වසරේදී රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ‘චන්ද්‍රිකාගේ පැකේජය’
පාර්ලිමේන්තුවේදීම
ගිනි තබා ඉතා නිර්භිත දේශපාලන ආදර්ශයක් සපයා ඇත.
දෙවන සටන් බිම ආරක්‍ෂක
හමුදා දුර්වලකොට දුර්මුඛ කිරීමේ පාපකාරී මෙයෙහුම පරාජය කිරීම නොවේද? එහෙත් සරත් වීරසේකරලා
දෙමුහුන් යුද අධිකරණයට විරුද්ධව ජිනීවා ගොස් සෙයිඞ් අල් හුසේන්ලා සම`ග හැපෙන විට අෘණ්ඩුව
විසින් දේශිය යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කළේය. ඊට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා සිහින් හ`ඩින් විරෝධය පළකළද තීරණාත්මකව යුද්ධ ප‍්‍රකාශකළේ
නැත. නමුත් පාර්ලිමේන්තුවේ සැබෑ බලය හවත් පරමාධිපත්‍යයේ බලය හිමි පොදු ජනතාව මළ
ගෙදරදී හෝ මගුල් ගෙදරදී ඒ පිළිබඳව කථාකරන විට කියන්නේ මන්ත‍්‍රිවරුන් විසින් එවැනි
දුෂ්ඨ පවාදීමක් කරන්නේ නම් පරමාධිපත්‍යයේ මහ දෙවොලට ගිනි තැබිය යුතු බවය.
තුන්වන සටන් පෙරමුණ
ආරම්භ වන්නේ අනාගතයේදී මහජන විරෝධතාවලට මුහුණදීම සඳහා හෙවත් නූතන හර්මන් ගෝරීන්ලාගේ ‘‘නීත්‍යානුකූල’’මැර හමුදා පිහිටුවන
විට ඊටවිරුද්ධව බව මේ දිනවල ආණ්ඩුවේ යම් ඇමතිවරුන් විසින් සිදුකරන ප‍්‍රකාශ වලින්
පැහැදිලි වේ. මහා ලේ ගංගාවලින් එතර වී
පැමිණ යහපාලනයක් මුවාවෙන් බලය ලබාගත් මිනිසුන්ට ඒ අතීතය අමතක වන්නේ නම් මහා හ`ඩක් න`ගා ඔවුන්ගේ මතකය අවධි
කිරීම සෑම ශිෂ්ඨ සම්පන්න මිනිසෙක්ගේම පරම වගකීම වේ. අනෙක් පැත්තෙන් ගත්විට ආණ්ඩුව
විසින් නිර්මාණය කිරීමට නියමිත ඊළ`ග ලේ ගංගාව අනෙක් සියළුම ලේ ගං`ගා වලට වඩා මහත් විශාල වන බවට කිසිදු සැකයක්
නැත. හතරවැනි සටන් පෙරමුණ වන්නේ ආණ්ඩුව විසින් ජාතික සම්පත් බලසම්පන්න අදිරාජ්‍යවාදී
රටවලට විකුණාදමා තම ආරක්‍ෂාව සලසා ගැනීමේ නහීන හි`ගන උත්සාහය පරාජය කිරීම නොවේද? නිදහස් වෙළදාමේ
නාමයෙන් ‘එට්කා‘
වැනි ගිවිසුම් හරහා
රටේ ආර්ථිකය අත්පත්කර ගැනීමට විදේශිය රටවලට ඉඩදීම වැළැක්වීම ද එම සටනේම
කොටසකි.
එසේම පස්වැනි සටන් බිම
මතුපිටින් නොපෙනුනත් මහජනයාගේ පැත්තෙන් ගත්විට අනෙකුත් සියළු සටන්බිම් වලට වඩා
දුෂ්කර සහ භයානක එකකි. එය සංහිදියාවේ නාමයෙන් ජාතිය බේද බින්නකොට එකිනෙකා මරා
ගැනීමට සැලැස්වීමේ සහ රට අනාරක්‍ෂිත කිරීමේ දුෂ්ඨ කුමන්ත‍්‍රණයයි. එක්සත් ජාතීන්ගේ
සංවිධානය සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් අරමුදල් සපයන විවිධ ආයතන
වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් එම සටන් ඇවිලවීම සඳහා යොදා ගැනේ. ඊට අමතරව
අසල්වැසි ප‍්‍රභල රටක ඔත්තුසේවාද ඊට අදාළව ප‍්‍රභල භූමිකාවක් ඉටු කරන බවට සැකයක්
නැත. එදා 1983දී ජාතිවාදී
කෝලාහල ආරම්භ කිරීම සහ ඇවිලවීම සඳහා එම බලවත් ඔත්තුසේවා විසින් ඉටුකළ භූමිකාව අද
එළිදරව් වී ඇත. එම නිසා අනාගතයේදී ඔවුන් විසින් ජාතිකත්ව අතර ගැටුම්, විශේෂයෙන්ම සිංහල
-මුස්ලිම් ජාතිවාදී ගැටුමක් ඇතිකිරිමට ගන්නා වූ උත්සාහයන් පරාජය කිරීම ජාතිය මුහුණ
දෙන ප‍්‍රධාන අභියෝගයක් වනු ඇත. එම උත්සාහය ඉතා භයානක වන්නේ එය බෙදුම්වාදී අරමුණු
සම`ග එකට ගැටගැසී
තිබීම නිසාය. නමුත් අප රටේ සැබෑ විපක්‍ෂය
වන මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය මොහොතේ ක‍්‍රියාකරමින් සිටින
ආකාරය අනුව ඔවුන් එම සටන්බිම් වල ජයග‍්‍රහණ
අත්පත්කර ගැනීම සඳහා පෙළගැසෙන බවක් තවමත්
මහජනයාට නම් පෙනෙන්නේ නැත. සටනට පෙර යුද්ද ප‍්‍රකාශ කිරීම වැදගත් වන්නේ ඒ නිසාය.
වෛද්‍ය
කේ.එම්. වසන්ත බණ්ඩාර

Comments
Post a Comment