අමු ජාතිවාදීන්ට කප්පම්දීමෙන් ප‍්‍රතිසන්ධානය ඇතිකළ හැකිද?
ජනාධිපති මෛත‍්‍රිපාල
සිරිසේන මහතා මෑතකදී ප‍්‍රකාශ කලේ තුවක්කු පත්තුවීම නැවැත්වීනේ පසුව කළයුතු දෙයක්
වූ උතුරේ ජනාතාවගේ මනසින් බෙදුම්වාදී හැ`ගීම් ඉවත් කිරිමේ කටයුත්තට තමා දැන් අතගසා
ඇති බවයි. ඔහුගේ අරමුණෙහි උසස් බව පිළිබඳව බෙදුම්වාදී බලවේග හැර අන් කිසිදු පාර්ශ්වයකට
විවාදයක් තිබිය නොහැක. නමුත් එතුමා තමාගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා යොදාගන්නා උපාය
මාර්ගික ප‍්‍රවේශය ජනතාවට නිරවුල්ව පැහැදිලි කළේ නැත. ඒ වෙනුවට ඔහු වෙනත්
අවස්ථාවකදී සඳහන් කළේ ෆෙඩරල් ඉල්ලීම් නොසකලා හැරියහොත් උතුරේ තරුණයින් නැවත ආයුධ
ගැනීමට ඉඩ ඇති බවය. ඉන් ඉතා පැහැදිලිව ගම්‍ය වන්නේ එතුමා උතුරේ ජාතිවාදී
බෙදුම්වාදී දේශපාලන කල්ලිවල ආශාවන් සහ අපේක්‍ෂාවන් ඉටු කිරිම මගින් පොදු ජනතාවගේ
මනසින් බෙදුම්වාදී හැගීම් ඉවත්කළ හැකි යයි විශ්වාස කරන බවය.
ජනාධිපතිතුමාගේ මුවින්
පිටවුවත් වචන යහපත් වූ පමණින් ක‍්‍රියාව යහපත් වන්නේ නැත. හොර හරක් ලොරියක්
ඉදිරිපස බුදුසරණයි යනුවෙන් ‘‘ස්ටීකරයක්’’
ඇලවූ පමණින් ඇතුලේ
සිටින අහිංසක සතුන්ට අභයදානය ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා
වචනාර්ථයන්ද පටලවාගෙන ඇති බව පෙනේ. එපමණක් නොව උතුරේ කුල පීඩනයට පමණක් නොව පන්ති
පීඩනයටද වගකිවයුතු සහ උතුරේ ජනතාව පිළිබඳව අඹමල් රේණුවක ආදරයක් තිබෙන බවක් ක‍්‍රියාවෙන්
නොපෙන්වන ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන කල්ලි කණ්ඩායම්වල නායකයන්ගේ අපේක්‍ෂා සහ
පොදු ජනතාවගේ අපෙක්ෂා අතර පවතින අහසට පොලව මෙන් වූ වෙනස ගැන එතුමාට තිබෙන අවබෝධයද
ඉතා දුප්පත් බව පෙනේ. අනෙක් පැත්තෙන් එතුමාගේ ඉහත ප‍්‍රකාශයෙන්ද ගම්‍ය වන්නේ
එතුමාද ඉහළ නායකත්වයක් දැරූ පසුගිය රජය විසින් යුද්ධය අවසන් කිරීමෙන් පසුව ප‍්‍රතිසන්ධාන
ක‍්‍රියාවලියට අවධානය යොමු නොකළ බවය. ඉතා පැහැදිලිව එය සත්‍යයක් නොවේ. එහෙත්
මහින්ද රාජපක්‍ෂ රජයට විශේෂයෙනක්ම උතුරේ පශ්චාත් යුද සංවර්ධන ක‍්‍රියාවලිය අතට ගත්
බැසිල් රාජපක්‍ෂ මහතාට සැබෑ ප‍්‍රතිසංධාන ක‍්‍රියාවලිය පිළිබඳව ගැඹුරු දේශපාලන
අවබෝධයක් නොතිබූ බව සැබෑවකි.
පශ්චාත් යුද සංවර්ධන ක‍්‍රියාවලිය
තුළ ප‍්‍රධාන වශයෙන්ම සිදුවූ වැරුද්දක් ඇත. එනම් යුද්ධයේ පීඩාවට පත් වූ උතුරේ
සාමාන්‍ය ජනතාවගේ සිත් සුවපත් කිරීම සහ ඔවුන් තුළ අනාගතය පිළිබඳ සුභවාදී
පින්තූරයක් මැවීම මුල්කරගෙන බහුතරයක් සිංහල ජනතාවගේ හොඳහිත ඒ ජනතාවට පෙන්වීම සඳහා
සහභාගීත්ව ප‍්‍රවේශය සහිතව සංවර්ධන වැඩ තේරීමට එදා රජය අසමත්ය. එහිදී ජනතාවගේ
එදිනෙදා ජීවිතයට දැඩිව බලපාන ගැටළු වසදීම සහ ඍජුව ආර්ථික ඉඩ ප‍්‍රස්ථා පුළුල් කරන
සංවර්ධන වැඩසටහන් වෙනුවට මහා සමාගම් වලට කොන්ත‍්‍රාත් ලබාදෙන මහා පරිමාන භෞතික
ගොඩනැගීම්වලට මුල්තැන හිමිවිය. ඒ තුළ එදා සුනාමියට පසුව දකුණේ රේල්පාර නැවත ප‍්‍රතිසංස්කරණය
කිරිම සහ නිවාස ඉදිකිරිම සඳහා මහජන ශ‍්‍රමය සහ ධනය යොදාගත් ආකාරයට මහා ජන
සහභාගීත්ව ක‍්‍රියාන්විතයක් දියත් කිරීමට තිබූ ඉඩ අහිමි විය. ඒ නිසා ශක්තිමත්
උතුරු දකුණු මානසික පාලමක් ඉදිකිරීමට තිබූ ඉඩ අහිමි විය. ඒ වෙනුවට මිලෙච්ඡු
යුද්ධයට දේශපාලන සුජාතභාවය ලබාදුන් ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම් සතුටු
කිරිමේ සහ ඔවුන්ගේ සිත් සුවපත් කිරිමේ විවිධ ක‍්‍රියාකාරකම් වලට වැඩි ඉඩක් ලැබිණ.
නමුත් එම මූලික
උපායමාර්ගික වරද එසේම තිබියදී ගොඨාභය රාජපක්‍ෂයන් විසින් හමුදාව මුල්කරගත් ක‍්‍රියාවලියට
වැඩි අවධානයක් යොමු කිරීම නිසා දිර්ඝකාලීන ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය සඳහා අවශ්‍යය
මූලික පදනම සකස් වූ බව අවිවාදයෙන් පිළිගත යුතුය. යුද්ධයේ අවසන් අදියරේදී බේරාගත්
ලක්‍ෂ තුනකට ආසන්න ප‍්‍රාණ ඇපකරුවන්ගේ මූලික අවශ්‍යතා සියල්ල ඉතා උසස් අයුරින් ඉටු
කිරීම සඳහා යුද හමුදාව ඉතාම මානුෂිය ආකාරයට කැප වූ බව අද මෛතී‍්‍රපාල සිරිසේන
ජනාධිපතිතුමාට අමතක වී ඇත. කෙසේ වෙතත් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම මාස
දෙකක් වැනි කෙටිකාලයක් තුළ ආරම්භ කලත් බිම් බොම්බ ඉවත් කිරිමේ ගැටලූව නිසා ප‍්‍රායෝගිකව
දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. එහෙත් ලෝකයේ එවැනි යුද්ධයකට මුහුණදුන් කිසිදු රටක
සිදු නොවූ ආකාරයට වසර දෙකක් තුළ බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත්කොට අවතැන් වූ
ජනතාවගෙන් 95%කට අධික
පිරිසක් නැවත පදිංචි කරනු ලැබීය. කදවුරු කිහිපයක ඉතිරි වූ ජන.තාව රජයේ වියදමින්
සාපෙක්ෂව සාධාරණ පහසුකම් සහිතව නඩත්තු කෙරිනි. දැනට එසේ නැවත පදිංචි කිරීමට ඉතිරි
වී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියළු පිරිස්
20,000කට ආසන්න වේ.
එහේත් ඔවුන්ගෙන් අතිබහුතරය උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පිටත පදිංචිව ඇත.
යුද්ධය අවසන් කළ පසුව
ළමා සොල්දාදුවන් ඇතුළු කොටි ත‍්‍රස්තවාදී සැකකරුවන් 11,600කට පොදු සමාව ලබාදී පුනුරුත්ථාපනය කළ බවද අද මෛත‍්‍රිපාල
සිරිසේන මහතාට අමතක වී ඇත. එසේම පසුගිය රජය යටතේ හමුදා කඳවුරු ආශ‍්‍රිතව ජනතාවගෙන්
පවරාගත් ඉඩම් වලින් 90%ක් එම රජය
යටතේම ආපසු ජනතාවට ලබාදුන් බවද දැන් අමතකව ඇත. තවදුරටත් ඉතිරි වී ඇත්තේ අධිආරක්‍ෂිත
කලාප වලට අයත්ව තිබූ 10%ක බිම් ප‍්‍රමාණයක්
පමණි. එසේ ඉටුකළ මූලික කර්තව්‍යයන් සියල්ල ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය ඉදිරියට
ගෙනයාම සඳහා ඉටුකළයුතුව තිබූ මූලික කොන්දේසි නොවේද? නමුත් දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා එවැනි
කිසිවක් සිදු නොවූ ආකාරයට කතාකිරීම ඉතාම කණගාටුදායකය. සමහර විට දෙමළ ඩයස්පෝරාව
ඇතුළු එතුමා බලයට පත්කිරීම සඳහා කැපවූ බෙදුම්වාදී බලවේග සුටු කිරීම සඳහා එතුමා
දැනුවත්ව එවැනි ප‍්‍රකාශ කරනවා විය හැක.
කෙසේ වෙතත් මෛත‍්‍රීපාල
සිරිසේන මහතා ප‍්‍රමුඛ යහපාලන රජය විසින් දැන් ප‍්‍රතිසංවිධානය නැවත විග‍්‍රහකිරීමට
පටන්ගෙන ඇතිබව පැහැදිලිව පෙනේ. එසේ නොවේනම් බෙදුම්වාදී ජාතිවාදී දේශපාලන නායකයින්
අතලොස්සකගේ ඉල්ලීම් උතුරු සහ නැගෙනහිර පළාත්වල පොදු ජනතාවගේ අපෙක්ෂා ලෙස අර්ථ දැක්වීමට කිසිදු ඉඩක් නැත.
එසේම බහුතර ජනතාවගේ කැමැත්ත සහ ආශිර්වාදය නොමැතිව සුළු ජන කොටසකගේ අපෙක්‍ෂා
ඉටුකිරීමට උත්සාහ දැරීමද සැබෑ ප‍්‍රතිසංවිධානය ලෙස අර්ථ දැක්විය හැකිද? ප‍්‍රතිසංවිධානය යනු
බහු පාර්ශවීය එකමිතියක් මත ඇතිවන එක`ගතාවක් මිස ජනතාව වෙනුවෙන් යැයි අධිරාජ්‍යවාදී බලවේගවල
බ්‍රෝකර් වැඩකරන අතලොස්සක් වූ පිරිසක් සම`ග කරන ඒකපර්ශවීය ගනුදෙනුවක් නොවේ. එවැනි
අත්ලොස්සක් වූ ජාතිවාදී බෙදුම්වාදී සහ අවස්ථාවදී දේශපාලකයන්ට ඔවුන් ඉල්ලා සිටින
කප්පම් ලබාදිමෙන් සැබැ ලෙසම දුකට පත්වී සිටින ජනතාව සතුටු කළ හැකි යයි තර්ක කිරීම
දේශපාලන දුප්පත්කමකි. කුල පීඩනයට සහ පන්ති පීඩනයට ලක්වී සිටින බහුතරයක වූ හඩක්
නොමැති දෙමළ ජනතාව සැබෑ ලෙසම සතුටු කළ හැක්කේ ඔවුන් පීඩාවට පත්කරන ඒ කප්පම්
කරුවන්ගෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් කරන දේශපාලන යෝජනාවකින් පමණි.
එහෙත් පසුගිය ආණ්ඩුව
මෙන්ම වර්තමාන ආණ්ඩුවද දිගින් දිගටම උත්සාහ කරන්නේ කප්පම් කරුවන් සතුටු කිරිමෙන් ප‍්‍රශ්නය
බේරාගැනීමටය. එනම් එක අතකින් අත්පුඩි ගැසීමටය. උතුරේ ජනතාවගෙන් 20%කට අධික ප‍්‍රමාණයක් සියළු බලපෑම් මැද වුවද ඒ
කප්පම්කරුවන්ට විරුද්ධව දිගින් දිගටම ඡුන්දය ප‍්‍රකාශ කළ බව ආණ්ඩුව නොදන්නේ කෙසේද?
එසේම කිසිවකුට ඡුන්දය
පාවිච්චි නොකරන 35%කට ආසන්න
ජනතාවද ෆෙඩරල්වාදී කප්පම්කරුවන් සම`ග එක`ග නොවන
පිරිසකි. පසුගිය ආණ්ඩුව සිදුකළ සහ මේ ආණ්ඩුව සිදුකරමින් සිටින ප‍්‍රධානතම වරද
ජාතිවාදී බෙදුම්වාදී කප්පම්කරුවන්ගේ දේශපාලනය අනුමත නොකරන ජනතාව අතුරින් ඔවුන්
නියෝජනය කිරීම සඳහා නව දේශපාලන නායකත්වයක් මතුකර නොගැනීමයි. මහින්ද රාජපක්‍ෂ පාලන
සමයේදී සිදු නොකළ ආකාරයට තර්ජන කිරීමට මෙම කප්පම්කරුවන් අද සමත්වී ඇත්තේ ඔවුන්
විසින් වර්තමාන යහපාලන ආණ්ඩුව පත්කිරීම සඳහා ඉටුකරනු ලැබූ වැඩ කොටස අනුව ඔවුන්ට
ලැබී ඇති කේවල් කිරිමේ බලය මතය. දැන් ලක්‍ෂ 2-3 අතර වන ඩයස්පෝරා සාමාජිකයන්ට ඡුන්ද බලය
ලබාගැනීමට ඔවුන් වලිකන්නේ ඒ කේවල් කිරිමේ බලය වැඩිකර ගැනීමටය.
මේ වන විට සම්බන්ධන් -
ව්ග්නේෂ්වරන් යුගලය විසින් තර්ජණාත්මකව ඉල්ලා සිටින්නේ ශ‍්‍රී ලංකාව භාෂාව අනුව
කොටස්වලට කඩා ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ඇතිකරන ලෙසය. මීට පෙර ඔවුන් කථාකලේ උතුරු සහ
නැගෙනහිර ප‍්‍රදේශ පිළිබඳව පමණි. දැන් ඔවුන්ට සෙසු ප‍්‍රදේශවල පාලනයට අදාලව
නිර්ණායක පැනවීමටද ධෛර්යය ලැබී ඇත. රජය හෝ විපක්‍ෂය මේ වනතුරු ඒ පිළිබඳව .තම
ස්ථාවරය නිරවුල්ව ප‍්‍රකාශකොට නැත. ඊට අමතරව බහුතර සිංහල ජනතාව අතර සැක සංකා
අතිකරවන ප‍්‍රකාශ කිරිමෙන් වැලකී සිටින ලෙස ඉල්ලීමක් හෝ සිදුකොට නැත. මහින්ද
රාජපක්‍ෂ සාධකය යටපත් කිරීම සඳහා සහ මෛත‍්‍රීපාල
සිරිසේන මහතා බලයට ගෙනඒම සඳහා ඉටුකළ වැඩ කොටස වෙනුවෙන් සම්බන්ධන්ලාට විපක්‍ෂනායකකම
ලබාදීම තුළ ඔවුන්ගේ ඉල්ලීම්වලට වැඩි සුජාතභාවයක් ලැබී ඇත. එසේම ව්‍යවස්ථා සම්පාදක
මණ්ඩලය නැමති වේදිකාව තනාදීමට විපක්‍ෂයේ සෙසු බලවේග සියල්ල සහයදීම තුළ ඔවුන්ගේ
බලහත්කාරී ෆෙඩරල් ඉල්ලීම් වලට තවදුරටත් දේශපාලන සුජාතභාවයක් ලැබී ඇත. දැන්
ජනාධිපතිවරයා විසින් ඒ සූජාතභාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා කථා පවත්වයි.
යුද්ධයෙන් පීඩාවට
පත්වූ ජනතාව වෙනුවෙන් රටක් ලෙස ඉටුකළ වැඩ කොටස සෑහෙන්නේ නැතිනම් ඒ සඳහා විශේෂ ප‍්‍රවේශයක්
අවශ්‍ය බවට විවාදයක් නැත. රජය ඒ සඳහා සුවිශේෂි පියවර ගැනීම පිළිබඳව බහුතර සිංහල
ජනතාව හෝ මුස්ලිම් ජනතාව කිසිදිනෙක විරුද්ධ වන්නේ නැත. එවැනි විරෝධයක් ඉතිහාසයේ
කිසිදිනෙක මතුවුයේ ද නැත. නමුත් අද සිදුවන්නේ බෙදුම්වාදී ගැටුම් ඉතිහාසය තුළ කිසි
දිනෙක සිදුනොවූ ආකාරයට රටේ ජනාධිපතිවරයා විසින්ම ෆෙඩරල් ඉල්ලීම සාධාරණය කිරීමකි.
එනම් පොදුවේ දෙමළ ජනතාවට විශේෂ ප‍්‍රශ්නයක් ඇතිබව පවසමින් ජාතිවාදී බෙදුම්වාදී
කප්පම්කරුවන්ට ජනාධිපතිවරයා යටත්වීමකි. ජේ.ආර්. ජයවර්ධන මහතා ඉන්දියාවේ තර්ජනවලට
බිය වී 13 වැනි සංශෝධනය
හරහා අර්ධ ෆෙඩරල් පාලනයක් බෙදුම්වාදීන්ට ලබාදීමේදීවත් ඔහු බෙදුම්වාදී
කප්පම්කරුවන්ගේ ඉල්ලීම් සාධාරණීකරණය කළේ නැත. එතැනින් නොනැවතී වර්තමාන
ජනාධිපතිවරයා මෙතෙක් කාලයක් රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් විසින් ඉටුකළ භූමිකාවක් තම
අතට ගනිමින් බෙදුම්වාදී කප්පම්කරුවන්ට එරෙහිව කථාකරන පිරිස් ජාතිවාදීන් ලෙස වංවඩු
ගසයි. ඒ මගින් ඔහු සහ ඔහු පිටුපස සිට ඔහුව ඉදිරියට තල්ලූ කරන පිරිස් බලාපොරොත්තු
වන්නේ සැබෑ ලෙසම ජාතිවාදයට සහ බෙදුම්වාදයට විරුද්ධ පිරිස්තුළ නව වටයකින් මානසික
බාධක පැනවීමටය. එය එක්තරා ආකාරයකට ඔවුන්ට එරෙහිව කෙරෙන තර්ජනයක් ලෙසද සැලකිය හැක.
ජනාධිපතිවරයා මෙන්ම
ඔහුගේ රාජ්‍ය නොවන කුලීකාර බලඇනිය සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජනතාවට ජාතිබේදයකින්
තොරව එක සමානව සැලකිය යුතුයැයි කිසිවිටෙක නොකියති. ජාතිකත්වවලට සමානව සැලකීම සඳහා කළයුතු සියල්ල
කරනවා යැයි අඩුතරමින් දේශපාලන පොරොන්දුවක් හෝ දෙන්නට ඔවුහු බියවෙති. එසේ කළහොත්
දෙමළ ජනතාවගෙන් කොටසකට රටේ භූගෝලීය ප‍්‍රදේශයක අයිතිය තිබෙන බව සහ ඔවුන්ට අන් අයට
වඩා වෙනස්ව සැලකිය යුතුය යන තර්කය බිඳ වැටේ. එය ඉතා සරල මතවාදී කරුණක් වුවත්
වර්තමාන ජනාධිපතිවරයා ෆෙඩරල් ඉල්ලීම් සාධාරණය කරන ආකාරයට සමානාත්මතා මතය ඉදිරිපත්
කරන්නේ නැත.
අමු ජාතිවදීන්ට තම
ජාතිවාදී බෙදුම්වදී මතවාද පතුරුවන අතර ජාතින් අතර සමානාත්මතාවයට පක්‍ෂ පිරිස් වලට
ජාතිවාදී හංවඩුව ගැසීමට හැකිවන්නේ උතුරේ දේශපාලකයන්ට විරුද්ධව කිසිදු විවේචනයකින්
හෝ නීතිමය ක‍්‍රියාමාර්ගයකින් තොරව ඔවුන්ගේ න්‍යායා පත‍්‍රය තවදුරටත් සාධාරණීකරනය
කිරීමට ඉඩ ලැබීම තුළය. ඒ වරද දිගින් දිගටම සිදුවේ. බෙදුම්වාදීන්ට කප්පම්දීමෙන්
ජාතික ගැටළුව විසදිය නොහැකි බවට න්‍යායාත්මකව ඉතා ප‍්‍රභල මතයක් ගොඩනැගුවේ රෝහණ
විජේවීරයන් විසිනි. නමුත් අද ජනතා විමුක්ති පෙරමුණ එම මතවාදය සමාජගත කිරීමට
වචනයකින් හෝ දායක වන්නේ නැත.
එපමණක් නොව අද සියළු
විපක්‍ෂ බලවේග බෙදුම්වාදී ව්‍යවස්ථා මරඋගුලට පය තැබීමට තරම් න්‍යායාත්මක
පටලැවිල්ලක සිටිති. එම තත්වය තුළ අද බෙදුම්වාදී මතවාදවලට මතවාදී තලයේදී පමණක් නොව
දේශපාලන ක‍්‍රියාමාර්ග තුළද ඉහළට පැමිණීමට ඉඩ ලැබී ඇත. රටේ ජනාධිපතිවරයා පවා බහුතර
සිංහල ජනතාවගේ මානසිකත්වය නොසලකා කටයුතු කරන තත්වයට තල්ලූ වන්නේ එසේ ඉහළට පැමිණි
මතවාදී ‘‘මතවාද’’
බලය නිසාය. වර්තමාන
ආණ්ඩුවේ පත්කිරිම් බලධාරියා ලෙස බෙදුම්වාදී බලවේග විසින් අත්පත්කොටගෙන ඇති කේවල්
කිරිමේ බලයට එම මතවාදී බලයද එකතු වූ විට රටට මුහුණදීමට සිදුවන්නේ ඉතා අනතුරුදායක
තත්වයකටය.
එම තත්වය වහා ආපසු
හැරවීම සඳහා දැන් අවසාන පැයේදී හෝ නව දේශපාලන බලවේගයක් මතුවීම ඉතා අත්‍යවශ්‍ය වේ.
එම බලවේගය විසින් බෙදුම්වාදී මතවාදය සහ ඉලලීම් තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර සිංහල,
දෙමළ, මුස්ලිම් ජාතිකත්වවලට
සමානව සැලකීමේ මූලධර්මය මත නව ජාතික දේශපාලන වැඩ පිළිවෙලක් රටට ඉදිරිපත් කළ යුතුය.
එසේම එදා විවිධ ඔත්තුසේවා විසින් දෙමළ සහ මුස්ලිම් ජනකොටස් සහ බහුතර සිංහල
ජාතිකවාදී බලවේග අතර ඇතිකල විරසකය සහ අවිශ්වාසය සමනය කෙරෙන දේශපාලන මුහුණතක්ද ඊට අවශ්‍යවේ. ජාතිකත්ව අතර සැබෑ ප‍්‍රතිසන්ධානය
ඇතිකළ හැකිවන්නේ සහ ජාත්‍යන්තර මර උගුලින් ජාතිය ගලවාගත හැකි වන්නේ එවැනි නව
දේශපාලන පෙළගැස්මක් සහ නායකත්වයක් තුලින් පමණි. සැබෑ නාකත්වය මතු වන්නේ ජාතිය ගලවා
ගැනීමේ න්‍යාය පත‍්‍රයක් මත කුළු ගැන්වෙන ජනතා පෙළගැස්මක් තුලිනි.
වෛi කේ.එම්. වසන්ත
බණ්ඩාර

Comments
Post a Comment