චීනයට එරෙහි වන සිංහ පැටවුන් ඉන්දියාව හමුවේ පූස් පැටවු වන්නේ කෙසේද?
පසුගිය දිනවල එක්සත් ජාතීන්ගේ වෙසක්
උත්සවය සැමරීමට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඉතා විවෘතව ප‍්‍රකාශ කළේ
ඉන්දියාවේ ආරක්‍ෂාව සහ ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂාව යනු දෙකක් නොව එකක් බවයි. ශ‍්‍රී
ලංකාවේ ආරක්‍ෂාවට අදාළව ශ‍්‍රී ලංකාව විසින් ගනු ලබන තීන්දු තීරණ ඉන්දියාවේ ආරක්‍ෂාවට
බලපාන බව ඉන්දියානු අගමැතිවරයා විසින් ප‍්‍රකාශ කළා නම් එය පිළිිගත හැක. එහෙත්
එතුමාගේ ප‍්‍රකාශය ඊට වඩා බෙහෙවින් බරපතල වේ. ඔහු ඉතා සෘජුව ප‍්‍රකාශ කරන්නේ
ඉන්දියාව විසින් තමන්ගේ ආරක්‍ෂාව ස`දහා
ගනු ලබන සහ නිර්දේශ කරනු ලබන සියලූ පියවර වලට ශ‍්‍රී ලංකාව එක`ග විය යුතු හෝ යටත් විය යුතු බවය. එය ශ‍්‍රී
ලංකා රජයට එරෙහි රාජ්‍ය තාන්ත‍්‍රික භාෂාවෙන් සිදු කළ තර්ජනයක් ලෙස සැලකීමේ වරදක්
නැත. එපමණක් නොව ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ ආර්ථික දියුණුව ඉන්දියානුවන්ගේ දියුණුව සමග
එකට ගැටගැසී ඇති බවද ඉන්දියානු අගමැතිවරයා අවධාරණය කළේය. ඒ මගින් ඔහු ඉන්දියාව
විසින් ශී‍්‍ර ලංකාව මත පටවන ‘‘එට්කා ගිවිසුම’’ සහ ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුමෙ අඩංගු සියලූ ව්‍යාපෘති
ඉතා වැදගත් බව අවධාරණය කළේය. ඒ සියල්ලටම වඩා ඔහු හැටන් ගොස් ඉංග‍්‍රීසි බසින් ඉන්දියානු සම්භවය සහිත
වතුකම්කරුවන් අමතා කතා කළේ තමාගේ පස්වැනි හමුදාව අමතන සේනාධිනායකයා මෙනි.
නමුත් මේ වනතුරු ඉන්දියානු
අගමැතිවරයාගේ එම ප‍්‍රකාශ පිළිබදව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ විපක්‍ෂය විසින් සිහින්
හඩින් විරෝධයක් හෝ අඩු තරමේ වෙනස් මතයක් හෝ පළ කොට නැත. හම්බන්තොට වරාය ආශ‍්‍රීත
චීන - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතිය රජය විසින් නිවේදනය කළ විගස මහජනතාව සමග
පාරට බැස විරෝධය ප‍්‍රකාශ කළ විපක්‍ෂ බලවේග ඉන්දියානු අගමැතිවරයාගේ ප‍්‍රකාශය සහ
ඔහු විසින් ශ‍්‍රී ලංකාව මත පටවන බරපතල ගිවිසුම් දෙස බිහිරන්සේ බිරාන්තව බලා
සිටිති. කෙසේ වෙතත් ඒ සියල්ලට අමතරව ඉන්දියානු අගමැතිවරයා තමා 1987ට පසුව ඉපදුන අයෙක් සේ කිසිදු ලජ්ජාවකින් තොරව
වෙසක් දිනට සරිලන හැගීම් බර ප‍්‍රකාශයක් ද සිදු කළේය. ඔහුට අනුව අප කළාපයේ ත‍්‍රස්තවාදය
උපදින්නේ වෛරය සහ ප‍්‍රචණ්ඩත්ය පතුරුවන මානසිකත්වය තුලින්ය. නමුත් 1987 දී බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් පුහුණු කොට ශ‍්‍රී
ලංකාවට එවා ගැටුම් අවුළුවා ඒවා දඩමීමා කර ගනිමින් ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීමේ
ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය දැන් වෙනස්වී ඇත්දැයි ප‍්‍රශ්න කළ හැකි රාජතාන්ත‍්‍රික
ජගතෙක් අප රටේ නැත.
කෙසේ වෙතත් ඉන්දියානු අගමැතිවරයාගේ වචන
පිළිබදව විපක්‍ෂයේ දේශපාලන නායකයින් සංවේදී නොවීම මහජනතාවට එතරම් ගැටළුවක් නොවිය
හැක. එහෙත් ඔහු විසින් ශ‍්‍රී ලංකා රජයේ අත කරකවා අත්සන් කරවා ගත් ඊනියා අවබෝධතා
ගිවිසුම මගින් පැනනැගීමට නියමිත ගැටළු පිළිබද සංවේදී නොවීම යනු බරපතල තත්වයකි.
විශේෂයෙන් චීනයට අදාළ ප‍්‍රකාශ නිකුත්වූ සැනින් විරෝධය පළ කරන ලද පිරිස් ඉන්දියාව
පිළිබ`ද වෙනස් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම
මහජනයා විසින් අනුමත නොකරනු ඇත. ඛනිජතෙල් සංස්ථාවේ සේවකයින් විසින් ඉන්දු - ශ‍්‍රී
ලංකා ගිවිසුමේ අඩංගු ව්‍යාපෘති 12ක් මගින් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මත ඇතිකරන ප‍්‍රභල
බලපෑම් තෙල් ටැංකි ව්‍යාපෘතියට පමණක් ලඝු කරමින් සහ අගමැතිවරයාගේ වචනය විශ්වාස
කරමින් තම වර්ජන ක‍්‍රියාමාර්ගය අත්හරින්නේ එවැනි තත්වයක් තුලය. ශ‍්‍රී ලංකාවේ
අගමැතිවරයා විසින් ලබා දුන් පොරොන්දුව ඔහු පසුදින ඉන්දියාවේදී කඩ කළ බව දැන් තෙල්
සංස්ථාවේ වෘතීය සමිති නායකයන් විසින්ම පිළිගෙන ඇත. එහිදී අගමැතිවරයා අවබෝධතා
ගිවිසුමට අත්සන් තැබුවේ ජනපතිතුමන් විසින් කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන ලෙසට
කරනු ලැබූ ඉල්ලීමද නොසලකා හරිමිනි. දැන් ජනතාව විසින් ඒ සියලූ දෙනාගෙන් ප‍්‍රශ්න
කළ යුත්තේ අවබෝධතා ගිවිසුම යනු ගිවිසුමක් නොවේද? යන්නය.
අවබෝධතා ගිවිසුමක් යනු මූලික ගිවිසුම්
රාමුවකට එකග වීමකි. එය අත්සන් කළ පසුව ඒ යටතේ අනාගතයේදී අත්සන් කරන බවට එක`ගවන විවිධ ව්‍යාපෘති වලට අදාලව ගිවිසුම් අත්සන්
නොකර සිටීමේ හැකියාවක් නොමැත. එයට හේතුව එම අවබෝධතා ගිවිසුම අත්සන් කරන්නේ ශ‍්‍රී
ලංකාවේ සහ ඉන්දියාවේ ආයතන දෙකක් අතර නොව රජයන් දෙකක් අතර වීමය. නමුත් අවසන්
ගිවිසුම අත්සන් කිරීමට පෙර යම් කේවල් කිරීමකට ඉඩක් තිබිය හැක. එහෙත් ව්‍යාපෘතිය
සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂ්ප කිරීම යනු ගිවිසුම් කඩ කිරීමකි. උදාහරණයක් ලෙස ත‍්‍රීකුණාමලයේ
තෙල් ටැංකි 99 පිළිබදව එ`ගතාවය මුලින්ම ඇතිකර ගන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුමේ කොටසක් ලෙසය. එම ගිවිසුම අනුව ඉන්දියාවේ අවසරය
නොමැතිව ඉන්දියාවට පිළිගත නොහැකි කිසිදු විදේශීය ආරක්‍ෂක හෝ ඔත්තුසේවා නිලධාරීන්ගේ
සහාය ලබා ගැනීම ශ‍්‍රී ලංකාවට තහනම් වේ. එසේම එම ගිවිසුම අනුව ශ‍්‍රී ලංකාවේ
කිසිදු වරායක් ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයට භාවිතා නොකළ යුතුය.
හම්බන්තොට වරාය ආශ‍්‍රිතව යෝජිත චීන - ශී‍්‍ර ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියට ඉන්දියාව
විරුද්ධ වන්නේ එම ගිවිසුමට අනුවය. ඊට අමතරව ඉන්දීය අගමැතිවරයා ආරක්‍ෂාවට අදාළව
සිදු කළ බරපතල ප‍්‍රකාශයද එම ගිවිසුම සම`ග බැදී ඇත.
නමුත් එදා 1987 දී සෝවියට් කදවුර සමග බැදුනු ඉන්දියානු විදේශ
ප‍්‍රතිපත්තිය එම කදවුරේ වැටීම සමග වෙනස් විය. එදා ඉන්දියාවට ගැටළුවක් වූයේ
ඇමෙරිකාව විසින් ත‍්‍රීකුණාමලය ආශ‍්‍රීත කලාපය වාණිජ සහ යුදමය වශයෙන් අත්පත් කර
ගැනීමේ උත්සාහයයි. අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. අද ඉන්දියාවට ඇමෙරිකාවට
පමණක් නොව ජපානයට අදාළව පවා ආරක්‍ෂක සහ භූ දේශපාලන වුවමනාව එකිනෙකාට සමපාතව ඇත. අද
එම රටවල් 3 දකුණු ආසියානු කලාපයේ තම උපායමාර්ග
තෝරන්නේ චීනයේ උපායමාර්ගික උවමනාවන්ට සාපේක්‍ෂකවය. ඉන්දු - ශ‍්‍රී ලංකා අවබෝධතා
ගිවිසුම මගින් ඉන්දියාව විසින් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති සියල්ල
ඉන්දු- ජපාන ඇමෙරිකානු පොදු උවමනාවට සේවය කරන බව පැහැදිලිව පෙනේ. ශ‍්‍රී ලංකාවේ
අගමැතිවරයාට එම ගිවිසුම් අත්සන් කිරීමේ බලය ලබාදුන් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවට
අනුව දැනටමත් ත‍්‍රීකුණාමලය ආශ‍්‍රිත ඉන්දියානු - ජපන්- ඇමෙරිකානු සහ දකුණු
කොරියානු වාණිජ්‍ය ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා ‘‘සර්බානා ජුරෝන්ග්’’ නැමති
සිංගප්පූරු සමාගමකට බාරදී ඇත.
නමුත් එසේ එවැනි බරපතල ආර්ථික ප‍්‍රතිපත්තිමය
තීන්දු ගැනීමේදී රජය විසින් පාර්ලිමේන්තුවට හෝ මහජනයාට කිසිදු නිල ප‍්‍රකාශයක්
සිදු කොට නැත. තොරතු දැනගැනීමේ අයිතිය යටතේ හෝ ඒ පිළිබදව තොරතු ලබා දෙන ලෙස විපක්‍ෂයේ
මන්ත‍්‍රීවරු විසින් හෝ කිසිදු ඉල්ලීමක් සිදු කළ බවක් දැනගන්නට නැත. ඉන්දු - ලංකා
අවබෝධතා ගිවිසුමේ අඩංගු මේ ව්‍යාපෘති පිළිබදව ඉදිරි කටයුතු කිරීම සදහා සිංගප්පූරු
සමාගමක් පත් කිරීම තුලින් පැහැදිලි වන්නේ ජනාධිපතිතුමා කොතෙක් ‘‘නැහැ’’ කීවද අග‍්‍රාමාත්‍යවරයා විසින් තම න්‍යායපත‍්‍රය ඉදිරියට ගෙන යන බවය.
ඉන්දියානු පුවත්පත් වාර්තා කරන ආකාරයට
ඉන්දු - ලංකා අවබෝධතා ගිවිසුමේ අඩංගු ව්‍යාපෘති 12ක් අතුරින් ප‍්‍රධාන ව්‍යාපෘති කිහිපයකට අදාලව දින වකවානු සහිතව
ඉදිරි කටයුතු සදහා ශ‍්‍රී ලංකාවේ අගමැතිවරයා දැනටමත් එක`ගවී ඇත. ඉන්දියාවේ ‘‘හින්දු’’ සහ ‘‘ඉන්දියන් එක්ස්ප‍්‍රස්’’ නැමති පුවත්පත් දෙක වාර්තා කරන ආකාරයට වෙසක්
උත්සවය ඉදිරියට දමමින් ඉන්දියානු අගමැතිවරයා ශ‍්‍රී ලංකාවට පැමිණියේ අවබෝධතා
ගිවිසුමට අදාළ ඉදිරි කටයුතු කඩිනම් කිරීමටය.
එම තර්කය තව දුරටත් තහවුරු වන්නේ
ඉන්දියාවේ වර්ථමාන ආරක්‍ෂක උපදේශකවරයා වන අජිත් ඩොවාල් නම් වූ හිටපු ඔත්තුසේවා ප‍්‍රධානියා
ද ඉන්දියානු අගමැතිවරයා සමග ශ‍්‍රී ලංකාවට පැමිණීම නිසාය. එම පුවත්පත් වලට අනුව ශ‍්‍රී
ලංකාවේ අගමැතිවරයා ඉන්දියානු අගමැතිවරයාගේ ශ‍්‍රී ලංකා ගමනට පෙර ඉන්දියාවට ගොස්
ඇත්තේ එම ගමන සදහා පහසුකම් සැලසීීමටය. එවැනි කටයුත්තක් සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ
විදේශ අමාත්‍යවරයා මගින් වුවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම නිසා එම කටයුතු දෙකම අගමැතිවරයා විසින් සිදු කළ බව
පිළිගත හැක. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ
ආණ්ඩුව විසින් එම අවබෝධතා ගිවිසුම එතරම් බරපතල නොවන බව පෙන්වීමට උත්සාහ කළත් එම
ගිවිසුමේ අඩංගු ප‍්‍රධාන ව්‍යාපෘති වලට අදාළ ඉදිරි කටයුතු සදහා දැනටමත් කාල
රාමුවක් සහිතව ඉදිරි කටයුතු ආරම්භකොට ඇති බව ඉන්දියානු පුවත් වාර්තා කරති. ඊට
අමතරව ශ‍්‍රී ලංකාවේ අගමැතිවරයා ඉන්දියානු මහාමාර්ග අමාත්‍යවරයා සමග‘‘ හනුමන් පාලම’’ ඉදිකිරීම පිළිබදවද සාකච්ඡුා කළ බවද වාර්තා විය. එහෙත් ශ‍්‍රී ලංකා
රජය විසින් ඒ පිළිබදව කිසිදු නිල ප‍්‍රකාශයක් සිදුකර නොමැත. ආසියානු සංවර්ධන
බැංකුවේ වෙබ් අඩවියට අනුව එම ව්‍යාපෘති සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක ණය මුදලක් අනුමත කොට ඇත. රටවල් දෙකක්
ඒකාබද්ධව සිදු කළ යුතු එවැනි ව්‍යාපෘතියක් සදහා ජාත්‍යන්තර බැංකුවක් මගින් ප‍්‍රතිපත්තිමය
පදනමින් හෝ මුදල් අනුමත කරන්නේ එම රටවල් අතර රහසිගතව හෝ යම් ගිවිසුමක් තිෙබිනම්
පමණි. ඒ අනුව එම ව්‍යාපෘතියට අදාලව ශ‍්‍රී ලංකාවේ අගමැතිවරයාගේ ප‍්‍රකාශයට වඩා
ඉන්දියානු මහා මාර්ග අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය‘‘ සත්‍යට බර’’ බව පැහැදිලිවේ.
ඉහත සදහන්කළ අකාරයට අවබෝධතා ගිවිසුමට
අදාල අවසන් ගිවිසුම් අත්සන් කිරීමත් සමගබැදුනු ක‍්‍රියාමාර්ග දැනටමත් කාල රාමු
සහිතව ආරම්භවී ඇත. එම කාලරාමුව අනුව මෙ.වො 500 මහා පරිමාණ එල්.එන්.ජී විදුලි බලාගාරයක් ආරම්භ කිරීම සදහා ශ‍්‍රී
ලංකා රජයේ නිල අභිලාශය දැනුම්දෙන ලිපිය 2017 මැයි මස අවසන් වීමට පෙර නිකුත් කළ යුතුය. එවැනි ලිපියක් නිකුත් කළ
පසු එම ලිපිය අවසන් ගිවිසුමේ කොටසක් බවට
පත්වේ. ඒ අතර එල්.එන්. ජී ගෑස් තොටුපල සහ ගබඩාව ඉදිකිරීම සදහා වන එම ලිපිය 2017 මැය මස මැද භාගය වන විට නිකුත් කළ යුතුය.
සාම්පූර් සුර්ය බලාගාරයට අදාළ ලිපියද එම කාලයේදීම නිකුත් කිරීමට ශ‍්‍රී ලංකා රජය
එක`ගවී ඇත. ඊට අමතරව තෙල් ටැංකි 48ක් සහ ඒවා ස්ථානගතකොට ඇති අක්කර 800 භූමිය ලබාදීමට අදාළ ඒකාබද්ද සමාගම 2017 ජූලි වන විට පිහිටුවීමට සහ 2017 සැප්තැම්බර් මස වැඩ පටන්ගත යුතු බවට ශ‍්‍රී
ලංකා රජය එක`ගතාවය පළකොට ඇති බව ඉන්දියානු පුවත්පත්
වාර්තා කරයි. එසේම ත‍්‍රීකුණාමල වරාය ආශ‍්‍රීත
තෙල් පිරිපහදුව සහ අනෙක් ව්‍යාපෘති වලට අදාළ ඒකාබද්ද කි‍්‍රයාකාරී කමිටුව 2017 ජූනි මස අගභාගය වන විට කැදවීමට දෙපාර්ශවයම එක`ගවී ඇත. ඒ සියල්ල මගින් පැහැදිලි වන්නේ
ඛනිජතෙල් සංස්ථාවේ වෘතීය සමිති නායකයින් විසින් අගමැතිවරයා විසින් ලබාදුන් කොහු
වලින් ලනු අඹරාගෙන ගිල දමා ඇති බවයි.
ඉන්දු ශ‍්‍රී ලංකා අවබෝධතා ගිවිසුම
අනුව ත‍්‍රීකුණාමල වරාය ආශ‍්‍රීත සියලූ ආර්ථික සහ යුදමය ක‍්‍රියාමාර්ග අවසානයේදී
ඉන්දියාවේ අනුකම්පාවට යටත්වනු ඇත. ඊට අමතරව එම ගිවිසුම මගින් යෝජිත මන්නාරම යාපනය
සහ ත‍්‍රීකුණාමලය දක්වා ඉදිවෙන අධිවේගී මාර්ග ඉදිකෙරෙන්නේ ඉන්දියාව විසින් ‘‘ඉදිකර පාලනය කර ආපසු භාර දීමේ’’ පදනමිනි. ඒ අනුව එම මහා මාර්ග වලින් මුදල් අය
කිරීමට සහ ආක්‍ෂව සැපයීම සදහා බොහෝවිට වසර 50 කාලයක් සදහා ඒකාධිකාරී බලයක් ඉන්දියාවට ලැබෙනු ඇත. ඒ මගින් බරපතල
දේශපාලන සහ ආරක්‍ෂාවට අදාල ගැටළු මතුවනබවට සැකයක් නැත. එම තත්වයේ බරපතලකම එතරම්
පැහැදිලිව පෙනෙන්නට තිබියදී පවා විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ විසින් පවත්වාගෙන යන
මුනිවත පුදුම සහගතය. නමුත් ඉහත සදහන් කළ ආකාරයට චීන සමාගමක් සහ වරාය අධිකාරිය අතර
ගිවිසුමක් යෝජනා වූ සැනින් මහජනයා පාරට බස්සවා විරෝධය පළ කිරීමට විපක්‍ෂය පසුබට
වූයේ නැත. එම ගිවිසුමේ අඩංගු වන බවට ප‍්‍රචාරය කළ යම් යෝජනාවල අතිශෝතියක් තිබෙන
බවද පැහැදිලිව පෙනුනි. උදාහරණයක් ලෙස හම්බන්තොට වරාය ආශ‍්‍රිත අක්කර 15,000ක් ලබා දීමේ යෝජනාව ප‍්‍රායෝගිකව ඉටු කළ නොහැක.
එය විරෝධතා උත්සන්න කිරීම සදහා යොදා ගන්නා යෝජනාවක් බව පැහැදිලිව පෙනුණි.
නමුත් ඒ මගින් ‘‘ චීනයට එතරම් ඉඩම් ලබා දෙනවානම් ඉන්දියාව ඊට අඩු
ප‍්‍රමාණයක් දුන්නාට මක් වෙනවද’’ යන
සමාජ මනෝභාවය දිරිගැන්වේ. කෙසේ වෙතත් හම්බන්තොට වරාය චීනයට විකිණා දැමීම කිසිසේත්ම
අනුමත කළ නොහැකි බවට විවාදයක් නැත. එය දුප්පත් හෝ අසරණ දේශපාලන තීන්දුවක් ලෙස මිස දියුණු ප‍්‍රතිපත්තීමය
තීන්දුවක් ලෙස සැලකිය නොහැක. ආණ්ඩුවේ ටයි කෝට් දමන මහත්වරුන්ගේ දුප්පත් මානසිකත්වය
නම් හම්බන්තොට වරාය විකිණීමේ තීන්දුව තුලින් පිළිබිඹුවේ. එක් පැත්තකින් ඩොලර්
මිලියන 1500 කට ආසන්න මුදලක් වැයකොට ඉදි කළ ව්‍යාපෘතිය
අවුරුදු 99කට බදු දෙන්නේ ඩොලර් මිලියන 1100 කටය. එය අසරණ කේවල් කිරීමකි. අනෙක් පැත්තෙන්
ගත්විට ණය ගෙවා ගැනීමට නොහැකි නිසා එවැනි වටිනා ස්වාභාවික සම්පතක් විකුණා කෑම
සාධාරණීයකරනය කිරීම යනු දුප්පත් කමකට එහා යන රස්තියාදුකාර පාදඩ කමකි. වරාය
ඉදිකිරීම සදහා ලබාගත් ණය ගෙවීම සදහා වාර්ෂිකව වැය වන්නේ ඩොලර් මිලියන 95කි. නමුත් ආණ්ඩුව විසින් වාර්ෂිකව ඩොලර් මිලියන
110කට ආසන්න වටිනාකමක් සහිත මුදලක්
රුපියල් වලින් තිරිගු ආනයනය කරන එක් සමාගමකට සහානාධාර ලෙස ලබාදේ. ඒ මගින් ටයි කෝට්
අදින ඇමතිවරුන්ට එම සමාගමේ අනුකම්පාව ලැබෙනවා විය හැක. නමුත් ආත්මගරුත්වයක් සහිත
රටවැසියන්ට එවැනි දුප්පත් ආර්ථික කළමණාකරන තීන්දු අනුමත කළ හැකිද?
කෙසේ වෙතත් හම්බන්තොට වරාය ගනුදෙනුවට
අදාළව චීන රජය විසින් කිසිදු දේශපාලන හෝ යුධමය කොන්දේසියක් පනවා ඇති බවක් වාර්තා
වන්නේ නැත. චීනය ඉන්දියාව මෙන් ශ‍්‍රී ලංකාවට දේශපාලන කොන්දේසි හෝ නියෝග පනවන රටක්
ලෙස ඉතිහාසයේ කවර කලකදී හෝ හදුනාගෙන නැත. යුද්ධය පැවති දුශ්කර සමයේ දී කොන්දේසි
වලින් තොරව ශ‍්‍රී ලංකාවට උදව් කළ එකම මිත‍්‍රයා චීනය පමණි.එවැනි තත්වයක් තුල
විපක්ෂය විසින් හම්බන්තොට වරාය ආශීත ව්‍යාපෘතියට විරෝධය එල්ල කළේ ශ‍්‍රී ලංකා
ආණ්ඩුවට විරුද්ධවද? එසේ නැතහොත් අපරටේ සර්වකාලීන මිත‍්‍රයාවූ
චීනයට එරෙහිවද යන්න පැහැදිලි නැත. විරෝධය එල්ල කළේ ආණ්ඩුවට නම් දැන් චීන ගිවිසුමට
වඩා බෙහෙවින් බරපතල බව පෙනෙන ඉන්දු - ලංකා අවබෝධතා ගිවිසුමට එරෙහිව විරෝධයක් පැන
නැගිය යුතුය. නමුත් එවැන්නක් දක්නට නොමැති වීමෙන් පැහැදිලි වන්නේ අප රටේ විපක්‍ෂය
විරෝධය එල්ල කළේ ආණ්ඩුවට විරුද්ධව නොව චීන රජයට විරුද්ධව බවය.
එම තත්වය චීන රජය විසින් කෙසේ විග‍්‍රහ
කරගන්නවාද යන්න පැහැදිලි නැත. නමුත් එය ශ‍්‍රී ලංකාවේ පැත්තෙන් ගත්විට දේශපාලන
ගුණමකු කමක් ලෙස පැහැදිලිව පෙනේ. එවැනි තත්වයක් වඩාත් කණගාටුදායක වන්නේ ඉන්දියානු
අගමැතිවරයා ශ‍්‍රී ලංකා භූමියට පැමිණ සිදු කරන තර්ජන ගැඹුරින් විග‍්‍රහ කරන විටය.
හම්බන්තොට වරාය කිසිසේත්ම චීනයට විකිණිය යුතු නොවේ. නමුත් ඊට එරෙහිව දක්වන කුමණහෝ
විරෝධතාවයකට වඩා වැඩි විරෝධතාවයක් ත‍්‍රීකුණාමල වරාය ආශ‍්‍රිතව ඉන්දු - ‘ඇමෙරිකානු’
- ජපාන ඒකාබද්ධ ව්‍යාපෘතියට එරෙහිව දැක්විය යුතු
නොවේද?
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

Comments
Post a Comment