ඉන්දියානු ගිලන්රථ සේවය ට්‍රෝජන් අශ්වයෙක්
අපේ රටේ පාලකයන්ගේ යම් ප‍්‍රකාශවලට අනුව ඔවුන්ට ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලන ඕනෑම දෙයක් ලබාදෙන මහා පුදුම වරමක් ලැබී ඇතැයි සැක පහළවේ. ඔවුන් කියන ආකාරයට ඔවුන් ඉන්දියාවට ගොස් සිටි අවස්ථාවක ‘‘බයිසිකල් ඇම්බියුලන්ස්’’ දැකීමෙන් ඇති වූ ආශ්චර්්‍යය නිසා ලංකාවටද එවානි සේවාවක් ලබාදෙන ලෙස ඉන්දියානු ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇත. එම ඉල්ලීම පිළඝිබඳව සිත උනුවූ ඉන්දියානුවන් ඩොලර් බිලියන 7.6ක් වටිනා ගිලන්රථ සේවාවක් වහාම ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නිර්ලෝභී වී ඇත. ඒ පුදුම සහගත පැහැදිළි කිරීම මගින් හදිසියේම ශ‍්‍රී ලංකාවේ සෙඛ්‍ය පද්ධතියේ මෙතෙක් නොතිබූ අංගයක් එහි පිටතින් ඇලවීම සඳහා ඉන්දියානු පාලකයින් විසින් ඉදිරිපත් කළා යැයි විශ්වා කළ හැකි සහ ශ‍්‍රී ලංකාවේ පාලකයින් විසින් පැනලා භාරගත් එම යෝජනාවේ බරපතලකම සැ`ගවිය හැකිද?
පළමුවෙන්ම ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් මහජනයා ප‍්‍රශ්න කළ යුත්තේ ඉන්දියාවේ ‘‘සෞඛ්‍ය පද්ධතියට’’ බයිසිකල් ගිලන්රථ අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි සොයා බැලූවාද යන ප‍්‍රශ්නයයි. සෞඛ්‍ය පද්ධතියක තිබිය යුතු විවිධ නිර්නායක අනුව බලන විට ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ විශිෂ්ඨත්වය අසලකටවත් ලබාගැවීමට ඉන්දියානුවන්ට හැකියාවක් නැත. ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාව සමග සසදන විට සංවිධිත පද්ධතියක් ලෙස ක‍්‍රියාත්මක වන සෞඛ්‍ය සේවයක් ඉන්දියාවේ නැත. එසේම ශ‍්‍රී ලංකාවේ මෙන් රටේ සෑම පුරවැසියකුටම සමානව සලකන නිදහස් සෞඛ්‍ය සේවාවක් ඉන්දියාවේ නොමැත. එහි ඇත්තේ අහඹු ලෙස සේවා සපයන රෝහල් සමූහයක් සහ සමාජ සංවර්ධනයේ පසුගාමීත්වය සහ භූගෝලියව ජනගහනයේ පැතිරීම ආශ‍්‍රිත සාධක නිසා ඉතා දුෂ්කර තත්වයන් යටතේ පවත්වාගෙන යන ප‍්‍රාධමික සෞඛ්‍ය සේවාවකි.
ඉන්දියාව ශ‍්‍රී ලංකාවට වඩා ‘‘දියුණු’’ විශාල රෝහල් තිබෙන බව සැබෑවකි. එහෙත් එාවා සංවිධිතව පද්ධතියක් ලෙස පහළ සිට ඉහළට ගැටගැසී නැත. ඒ ආකාරයට සංවිධිත සෙඛ්‍ය පද්ධතියක් නොමැති තත්වයක් තුළ ප‍්‍රාථමික සේවාවේ අහඹු අංගයක් ලෙස පෟර්ව රෝහල් හදිසි ප‍්‍රතිකාර සේවයක් ඉන්දියාවට ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම එවැන්නක් වැදගත් වෙන්නේ ඉතා දුෂ්කර ප‍්‍රදේශවල පවතින භූගෝලීය සාධක මෙන්ම සමාජයේ පහළ ස්ථාරවල සෞඛ්‍ය සේවාවට ප‍්‍රවේශවීමේ ගැටළු හේතුකොට ගෙනය. ඒ මගින් හදිසි රෝගී තත්වයන් නිසා සිදුවන මරණ ප‍්‍රමාණය අඩුකර ගැනීමට මෙන්ම මහජන ඇස් ඉදිරියේ පද්ධතියේ දුර්වලතා වසා ගැනීමටද හැකිවේ. ඉන්දියාවේ ජනගහනයෙන් 65%කට වැඩි පිරිසකට රාජ්‍ය නොවන හෝ රජයේ රෝහලක සේවාවක් ලබාගැනීම සඳහා කි.මී. 15කට වැඩි ුදරක් ගෙවීමට සිදුවේ. එසේම ඉන්දියාවේ ආයතනගත (රෝහලක සිදුවන* දරු ප‍්‍රසුති ප‍්‍රතිශතය 25%ක් වන විට යඑම ප‍්‍රතිශතය ශ‍්‍රී ලංකාවේ 95%කි. එවැනි තත්වයක් තුළ ඉන්දියාවේ පූර්ව රෝහල් හදිසි ප‍්‍රතිකාර සේවාවක අවශ්‍යතාවය තේරුම්ගත හැක. කෙසේ වෙතත් ඉන්දියාවේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ලබාදෙන එම සේවාව සඳහා මහජනයාට ඍජුව තම සාක්කුවෙන් මුදල් ගෙවීමක් කිරීමට සිදුවේ. ඉහතදී සඳහන් කළ ආකාරයට ශ‍්‍රී ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් එකකි. ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට කි.මි 5ක් ඇතුලත සේඛ්‍ය පද්ධතිය තුළ ස්ථානගත වී ඇත. රජයේ රෝහලක් ප‍්‍රතිකාර ලබාගැනීමේ හැකියාව ඇත. ඉතිරි 10%ටද අවම වශයෙන් කි.මි. 10කට අඩු දුරක් ඇතුළත රජයේ රෝහලකින් සේවාවක් ලබාගත හැක. අප රටේ විවිධ මට්ටම්වල රජයේ රෝහල් 1085ක් ඇත. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව බලන විට එක් කොට්ඨාසයකට රෝහල් 3ක් ලෙස සේවා බෙදී යයි. ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකම ද්විතීක සේවා සපයන මහා රෝහලක් පිහිටුවා ඇත. ඒවා අතරින් ශික්‍ෂණ රෝහල් ලෙස සැලකෙන රෝහල් ප‍්‍රමාණයක තෘතික මට්ටමේ ප‍්‍රතිකාර සේවාද ලබාදේ. කොළඹ ජාතික රෝහල මගින් අං`ග සම්පූර්ණ තෘතික සේවා පරාසයක් නොමිලේ ලබාදේ. මෑත කාලීනව මූලික රෝහල් වලද ද්විතීක සේවා හෙවත් විශේෂඥ වෛi සේවා ආරම්භ කොට ඇත.
මෙම රෝහල් ජාලය සම්බන්ධකරමින් පහළ සිට ඉහළට ප‍්‍රතිකාර අවශ්‍යතාව අනුව රෝගියා යොමු කිරීම සඳහා රටපුරා 1100කට ආසන්න රජයේ ගිලන්රථ සේවායක් ක‍්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස ජනගහනයෙන් 90%ට වැඩි පිරිසකට කි.මි. 5කට අඩු දුරක් ගෙවා රෝගියා රජයේ රෝහලක් වෙත රැුගෙන ඒමෙන් පහසු සියළු ඉදිරි පත‍්‍රකාර සඳහා රජයේ වයදමින් ගිලන් රථ සේවාව සැපයේ. රෝගියාට හෝ ඥාතීන්ට ඒ පිළිබඳ තවදුරටත් කරදර වීමට හෝ මුදල් ගෙවීමට සිදුවන්නේ නැත. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ අතිබහුතර රෝගීන්ට හදිසි වෛi සේවා අවශ්‍යතාවයකදී පුද්ගලික හෝ මහජන ගමනාගමන සේවාවක් (ත‍්‍රී රෝද රථ සහ කුලී රථ ද මහජන ගමනා ගමන සේවා ලෙස සැලකේ* මගින් කි.මි. 5කට අඩු දුරක් ගෙවා රජයේ රෝහලකට ල`ගාවිය හැක.
ශ‍්‍රී ලංකාවේ ත‍්‍රී රෝද රථ ලක්‍ෂ 8ක් ධාවනය වන අතර කොළඹ නගරයේ පමණක් 5000කට ආසන්න කුළ රථ ධාවනය වේ. දුරකථන ඇමතුමකින් හෝ ජංගම දුරකථනයේ ‘‘ඇප්’’ එකක් මගින් ල`ගම ඇති කුලී රථ කැඳවා ැගනීමේ හැකියාවද අද අප රටේ ඇත. එවැනි තත්වයක් තුළ මධ්‍යගත මධ්‍යස්ථානයකින් ගිලන්රථයක් කැඳවා එම රෝගියා සිටින ස්ථානයට ල`ගාවීමට ගතවන කාලයද ඉතිරි කර ගනිමින් ඉතා කෙටි වෙලාවකින් හදිසි රෝගියකු රෝහල් ගත කැරිමේ හැකියාව ශ‍්‍රී ලංකාවේ ඇත. ඒ නිසා එම රෝගීන්ට පූර්ව රෝහල් මූලික ප‍්‍රතිකාර ලබාදීම සඳහා හදිසි ප‍්‍රතිකාර තාක්ෂණික ශිල්පීන්ගේ අවශ්‍යතාවයද අවම වේ.
මීට වසර 2කකට පමණෙ පර කොළඹ නගර සභාව විසින් ගිනි නිවන හමුදාව සහ ශාන්ත ජෝන් ගලන් රථ සේවාවේ අධාර උපකාර ඇතිව පූර්ව රෝහල් ගිලන්රථ සේවයක් නගර සභා බල ප‍්‍රදේශය තුළ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහා කළේය. එහෙත් එවැනි ස්වාවක අවශ්‍යතාවය සහ සක්‍යතාවය තහවුරු නොවීම නිසා එම උත්සාහය අත්හැරුණැ බව වාර්තා විය. අදවන තුරු එවැනි සේවාවක අවශ්‍යතාවය පිළිබඳව බරපතළ මහජන ඉල්ලීම් ඉදිරිපත්වී නොමැති අතර එවැන්නක සක්‍යතාවය පිළිබඳව කිසිදු විධිමත් අධ්‍යනයකින් ඔප්පු වී නොමැත. ශ‍්‍රී ලංකාවට ගිලන් රථ සේවාවක් ලබාදීමට වලිකන ඉන්දියානු රාජ්‍ය නොවන සංවිධානය එවැනි අධ්‍යනයක් සිදුකළ බව ස\හන් වුවත් එම වාරතා ඔවුන් විසින් එළිදක්වා නැත. මෙම සේවාව අවශ්‍යයයි පොළෙවේ යැපෙන ඇමතිවරුන් දැන් කළ යුත්තේ එක් ප‍්‍රධාන රෝහලක් තෝරාගෙන එම රෝහල වෙත හදිසි රෝගීන් ප‍්‍රවාහනය කෙරෙන ආකාරය දුර ප‍්‍රමාණය සහ ප‍්‍රතිකාර අවශ්‍යතාවය පිළිබඳ සරල දත්ත ප‍්‍රමාණයක් එකතුකර ගැනීමය. එම තොරතුරු මහජනයාට ලබානොදුන්නත් අඩු තරමින් එමගින් ඔවුන්ට තම මොළය පාදාගෙන ආත්ම ගරුත්වයද බේරාගෙන හෙමින් පසුබැසිය හැක.
මේ වන විට මෙම කරුණු කිසිවක් පිළිබඳ අධ්‍යනය කිරීමකින් තොරව සහ කිසිදු පාර්ශව කරුවකුගේ අදහස් විමසීමකින් තොරව අමාත්‍ය මණ්ඩලය විසින් ඉන්දියානු පර්යේෂණ ආයතනවක්වන හදිසි ප‍්‍රතිකාර කළමනාකරණ සහ පර්යේෂණ (ඵරැුී ඨඪණ- ඵඍෂ* ආයතනය නැමති රාජ්‍ය නොවන ආයතනයකට මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇත. ඉන්දියානු රජයේ උවමනාව සහ ඔවුන්ගේ අරමුදල් මත ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතියක සැපයුම් කරුවා නම් කිරිමේ අයිතිය ඔවුනට ඇත. අවශ්‍යනම් එම ඉල්ලීම මෙන්ම පරිත්‍යාගය ප‍්‍රතික්ෂේප අයිතිය ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ද ඇත. මෙවැනි ව්‍යාපෘති ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන්නේ එසේ ඩෙන්ඩර් කැඳවීමකින් තොරව කරනු ලබන තෝරා ගැනීමකතින් බැවින් ඒ පිළිබඳ වාද කිරීම පළක් නැති ක‍්‍රියාවකි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව එම ආයතනයට බඳවා ගැනීම් කිරිමේ බලය ඇත. ඒ අනුව පළමු වටයේදී බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා ගිලන් රථ 88ක් සඳහා සේවකයින් 600ක් බඳවාගැනීම සඳහා එම ආයතනය විසින් පෙබරවාරි 09 වැනිදා ජාතික පුවත්පතක දැන්වීමක් ඵලකොට තිබුණි. ඊට අනුව 10 වැනිදා අයදුම්කරුවන්ට ඍජුව සම්මුඛ පරීක්‍ෂණයට පැමිණෙන ලෙස පැය 24ක කාලයක් ලබාදී තිබුණි. එම කලබලකාරී හාස්‍යජනක ක‍්‍රියාවලියේ අවශ්‍ය ප‍්‍රතිඵලය වන්නේ අවශ්‍ය පිරිස් ශ‍්‍රී ලංකාවේ ඉදිරිපත් නොවන බව තහවුරු කොට ඒ සඳහා ඉන්දියානුවන් බඳවා ගැනීම සාධාරනීකරණය කිරීම නොවේද? අමාත්‍ය මණ්ඩලය පත‍්‍රකාව අනුව එම ආයතනය විසින් ඉන්දියානුවන් බඳවා ගනු ලැබුවහොත් ඔවුනට විසා ලබාදීමට ශ‍්‍රී ලංකා රජය බැදී සිටී. අනෙක් පැත්තෙන් ගත්විට පූර්ව රෝහල් හදිසි ප‍්‍රතිකාර ලබාදීම සඳහා හදිසි වෛiප‍්‍රතිකාර තාක්‍ෂණි ශිල්පීන් ශ‍්‍රී ලංකාවේ පුහුණු කරන්නේ නැත. එසේම ඊට අදාල පුහුණු කිරීම් විෂය මාලා, ප‍්‍රමීතින් හෝ වෛi සභාවේ ලියාපදිංචි කිරිමේ ප‍්‍රතිපාදන ශ‍්‍රී ලංකාවේ නැත. එම තත්වය තුළ එම ශිල්පීන් ඉන්දියාවෙන් ආනයනය කිරිමේ වැඩි ඉඩක් ඇති අතර ‘‘එට්කා ගිවිසුමේ’’ සේවා වෙළඳාමේ 4වැනි ක‍්‍රමවේදය අනුව ඔවුනට අවසර ලබාදීමට ශ‍්‍රී ලංකා රජය බැඳී සිටිනු ඇත.
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ තාක්‍ෂණික අවකාශයක් නොමැති තත්වයක් තුළ එහි පිටතින් ඇලවීම සඳහා එක්තරා ආකාරයකට බලහත්කාරයෙන් නොමිලේ ලබාදෙන මෙම සේවාව නිසා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට සිදුවන බලපෑම කුමක්ද? ඉන්දියාව විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදල සෑහෙන්නේ මූලික ප‍්‍රාග්ධන වියදම් සහ වසරක කාලයක පුනරාවර්ථන වියදම් දැරීමට පමණි. ඒ අනුව එම කාලයට පසුව අදාල පිරිවැය ඉන්දියානු රජය, ශ‍්‍රී ලංකා රජය හෝ රෝගීන් විසින් දැරිය යුතුවේ. ඉන්දියානු රජය විසින් තම ආධාර මුදල වැයකරන ආකාරය ගැන නිශ්චිත සඳහනක් කොට ඇත. ඒ අනුව අදාළ පිරිවැය දැරීමට සිදුවන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හෝ දෙපාර්තමේන්තු සහ රෝගියා එක්ව පිරිවැය බෙදාගැනීමෙනි. එසේ නොමැතිව රෝගියා විසින් පුද්ගලිකව එම පිරිවැය සම්පූර්ණයෙන් දැරිය යුතු තත්වයක් උදා වුවහොත් එම සේවාව ආර්ථික සහ වානිජ වශයෙන් පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදාවේ. එයට හේතුව සේවකයින් 5-6ක් විසින් මෙහෙයවන එම ගිලන් රථයක සැබෑ පිරිවැය රෝගියා විසින් පෞද්ගලිකව දරා ගන්නවාට වඩා වෙනත් විකල්ප ප‍්‍රවාහන සේවා වඩා ලාබාදායී වීමයි. එවැනි තත්වයක් තුළ පූර්ව රෝහල් ගිලන්රථ සේවාව ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට පිළිලයක් වීමේ ඉඩකඩ ඉතා විශාල වේ. අනෙක් පැත්තෙන් ගත්විට එම පිරිවැය රෝගීයා සහ ආයතනය විසින් මේ අනුපාතයට අනුව දැරිය යුතුනම් තත්වය තවත් බරපතළ වේ. එවැනි තත්වයක් සාමාන්‍ය තත්වයක් බවට පත්වුවහොත් ඉදිරි යොමුකිරිමේ ගිලන් රථ සේවයට අදාල පිරිවැයෙන් කොටසක් ද රෝගීන් විසින් දැරීමට සිදුවන තත්වයක් උදාවිය හැක. ඒ අනුව වසරකට පසුව මෙම සේවාව සෞඛ්‍ය සේවාව විසින් වානිජ වශයෙන් භාහිරව ලබාගන්නා සේවාවක් බවට පත්වීමේ වැඩි ඉඩකඩක් ඇත. එම ආරම්භය අවසන් වන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමස්ථ ගිලන්රථ සේවාවස පෞද්ගලික අංශයට බදු දීම මගිනි. දැනට ආරක්‍ෂක සේවා සහ පිරිසුදු කිරිමේ සේවා ඒ ආකාරයට බාහිරින් මිලදී ගැනීම සිදුවේ. ඒ අනුව සෞඛ්‍ය සේවා වෙළඳ පොළක් බිහි කිරිමේ හෙවත් සෙඬඛ්‍ය සේවා පුද්ගලීකරණය කිරීමේ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාම සඳහා ඉන්දියානු ගිලන්රථ සේවය මගින් පිටුවහළක් වනු ඇත.
ඊට ප‍්‍රතිඋපකාර ලෙස ඉන්දියාවට ලැබෙන්නේ කුමක්ද? එනම් ඔවුන්ගේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක ආයෝජනයට ලැබෙන ප‍්‍රතිලාභය කුමක්ද? එය ඉතා පැහැදිලිව ඉන්දියානු ඔත්තුසේවාවල අවශ්‍යතා සැපරීමක් විය හැක. පරික්‍ෂණ ආයතනයක් විසින් මෙම ක‍්‍රියාන්විතය දියත් කිරීම නිසා එම සැකය තවත් වර්ධනය වේ. ලෝකයේ වැඩිම පිරිස්බලයේ යොදවන ඔත්තුසේවාවක් ලෙස සැලකෙන්නේ පාකිස්ථානයේ එස්.අයි.එස්. ඔත්තු සේවාවයි. එම පිරිස් බලය 10000ක් යැයි සැලකේ. එම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වන සහ ක‍්‍රියාත්මක වන බවටද සැක කෙරේ. එවැනි තත්වයක් තුළ ගිලන් රථ 88ක නැගී සැරිසරන 600ක මිනිස් බලමුළුවක් රෝ ඔත්තු සේවාවට ඉතා වැදගත්වන බවට සැකයක් නැත. රට පුරා එම ව්‍යාපෘතිය දියත්වුවහොත් එම ප‍්‍රමාණය අඩුම වශයෙන් තවත් තුන් ගුණයකින් වැඩිවනු ඇත. එම ආයතනයට රට පුරා නිදහස් සැරී සැරීමට අමතරව විශාල දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට අවශ්‍ය බලය සහ හැකියාවද ලැබේ. ඒ අනුව ඉන්දියානු ගිලන්රථ සේවය අපට බලෙන් තැගී දෙන ටෝජන් අශ්වයෙකු බවට කිසිදු සැකයක් නැත.
වෛද්‍ය වසන්ත බණ්ඩාර

Comments
Post a Comment