ඩයස්පෝරා ඡුන්ද මගඩියක් සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට


          විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අවතැන් බව කියන ඡුන්දදායකයන්ට විශේෂ වරප‍්‍රසාද ලබාදෙන නව පනතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුල්කොට ඇත. පසුගිය අපේ‍්‍රල් 7 වැනිදා ගැසට් පත‍්‍රයේ පළකරන ලද එම පනත හඳුන්වන්නේ ඡුන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත වශයෙනි. ඉතා සූක්‍ෂම ලෙස එම පනත හැදින්වීමේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡුන්දදායකයින් යන විශේෂණය ඉවත්කොට ඇත. නමුත් පනත වලංගු වන්නේ එම ප‍්‍රදේශවල ඡුන්දදායකයින්ට පමණි. එම පනත මගින් 1980 අංක 44 දරණ ඡුන්දදායකයින් ලියාපදිංචි කිරීමේ පනතේ සඳහන් කොන්දේසි නොසලකා උතුරු සහ නැගෙනහිර පළාත්වලට පමණක් විශේෂිතව 2009 මැයි 18 දිනට පෙර  ඕනෑම දිනයක අවතැන්වූ බව කියන අයට නැවත එම ප‍්‍රදේශ වල ඡුන්දදායකයින් ලෙස ලියාපදිංචි වීමේ අවස්ථාව සැලසේ. එසේ වුවත් එසේ අළුතින් ලියාපදිංචි වන්නන් එම ප‍්‍රදේශයේ පදිංචිවීම හෝ පදිංචිය පෙන්වීම අවශ්‍ය නොවේ.

                මතුපිටින් බලන විට හෙවත් බැලූ බැල්මට එය සාධාරණ උත්සාහයක් ලෙස පෙනේ. අවතැන් වූ පිරිස් වලට සිංහල දෙමළ මුස්ලිම් බේදයකින් තොරව නැවත ඔවුන්ගේ මුල් පදිංචි භූමියේ පදිංචිවීමට ඉඩ සැලසිය යුතු අතර ඔවුන්ට ඡුන්ද අයිතියද ලබාදිය යුතුය. ඔවුන්ගේ නිවාස යම් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාගෙන තිබේනම් සහ එම ඉඩම් ජාතික ආරක්‍ෂාවට අදාලව තවදුරටත් රජය යටතේ තබා ගැනීම අත්‍යවශ්‍ය නැතිනම් එම ඉඩම් මුල් පදිංචි කරුවන්ට ලබාදිය යුතුයත. යම් අයට වෙනත් සුදුදු ස්ථානවල ඉඩම් ලබාදීමට සිදුවන්නේ නම් එම කටයුතුද කඩිනමින් අවසන් කළ යුතුය. එසේම  එහිදී යම් ජනකොටසකට අයත් ජනතාව උතුරු සහ නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කළ නොහැකි බවට දේශපාලන බලපෑම් කරන පිරිස් දේශපාලන වශෙ යන් පරාජය කිරීමටද එම සමස්ථ කාර්යයේම කොටසකි. නමුත් මෙම පනත ඉදිරිපත් කිරිම මගින් කරන්නට උත්සාහ කරන්නේ ඒ නිවැරදි ක‍්‍රියාව නොවේ. අනෙක් පැත්තෙන් ගත්විට එසේ කළයුතු නිවැරදි දේ කිරිම ස\හා කාර්යක්ෂම පරිපාලන යාන්ත‍්‍රණයක් සහ දේශපාලන පිටකොන්දක් අවශ්‍ය වුවත් ඒ සඳහා නව නීතියක් අවශ්‍ය නොවේ. අවතැන් වූ යමෙක් සත්‍යවශයෙන්ම නැවත මුල් පදිංචි ස්ථානයේ පදිංචි වී ඇත්නම් හෝ එසේ පදිංචි වීමට උත්සාහ කරන්නේනම් ඔහුගේ හෝ ඇයගේ නම ඡුන්ද හිමි නාමලේඛනයට ඇතුල් කිරීම ස\හා නව නීතියක් අවශ්‍ය නොවේ.

                ඊට අමතරව මෙම නිතිය මගින් කුමන හෝ කාලයක උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචි වි සිටි හෝ නව නීතියේ පිහිටෙන් එම ප‍්‍රදේශවල ඡුන්ද ලයිස්තුවලට අළුතින් නම ඇතුල් කර ගැනීමට අපෙක්ෂා කරන පිරිස් වලට රටේ සාමාන්‍ය ජනතාවට වඩා වෙනස් ආකාරයකට හෙවත් විශේෂිතව සළකයි. නමුදු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය නිසාම අවතැන් වූ එදා මායිම් ගම්මාන ලෙස හැඳින්වූ යාබද දිස්ත‍්‍රක්කවල අවතැන් ජනතාවට මෙම නව නීතිය මගින් රැුකවරණයක් ලැබෙන්නේ නැත. ඊට අමතරව දකුණේ මතු වූ දේශපාලන ප‍්‍රචණ්ඩත්වය නිසා එම ප‍්‍රදේශවල අවතැන් වූ ජනතාව සිටිත්නම් ඔවුන්ටද මෙම නීතියෙන් පිළිසරණක් ලැබෙන්නේ නැත. ඒ අනුව මෙම නීතිය උතුරු සහ නැගෙනහිර ජනතාවට පමණක් විශේෂිතව සැලකීම නිසා ඒ මගින් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය වේ.

                මෙම නව නීතිය යටතේ යම් අයෙක් උතුරු හෝ නැගෙනහිර පළාත්වල පදිංචිව සිට එම ඉඩම් වකුණා දමා වෙනත් ප‍්‍රදේශයක පදිංචි වී ඇති විටෙක ද ඔහු හෝ ඇය අවතැන් වූ අයෙක් ලෙස සැලකේ. එවිට එම පුද්ගලයා නැවත එම මුල් ලිපිනයේ පදිංචියට නොගියද ඔහුට හෝ ඇයට අතුරු ලැයිස්තුවක් යටතේ එම ප‍්‍රදේශයේ ඡුන්දහිමි නාම ලැයිස්තුවට තම නම ඇතුළත් කර ගැනීමට විශේෂ වරප‍්‍රසාදයක් හිමිවේ. නමුත් පවතින නීතිය යටතේ එම පුද්ගලයා සැබෑ ලෙසම ආපසු තමා මුලින් පදිංචිව සිටි ස්ථානයේ නැවත පදිංචියට යනවා නම් ගැටළුවකින් තොරව පෙර ලිපිනය යටතේ නැවත ඡුන්ද නාම ලේඛනයේ ලියාපදිංචිය ලබාගැනීමට බාධාවක් එල්ල වන්නේ නැත. ඒ සඳහා නව නීතියක් අවශ්‍ය වන්නේ නැත. නව නිතියක් අවශ්‍ය වන්නේ එසේ සැබෑ ලෙසම නැවත පදිංචියට යාමෙන් තොරව සහ එසේ නැවත පදිංචිය සඳහා ස්ථානයක් නොමැති තත්වයක් යටතේ වුවත් ඡුන්දහිමි නාම ලැයිස්තුවට තම නම ඇතුල්කර ගැනීම සඳහාය. ඒ අනුව නව නීතිය ගෙන ඒමට ආණ්ඩුවට බලකරන පිරිස් ඒ මගින් අවසානයේදී ඉෂ්ඨ කර ගැනීමට උත්සාහ කරන්නේ කුමක්දැයි පැහැදිලි වේ.

                මෙම පනතේ 2වැනි වගන්තියේ 3(සී* උපවගන්තිය අනුව ඉතිහාසයේ යම් කාලවකවානුවක උතුරු සහ නැගෙනහිර පළෘත්වලින් අවතැන් වූ හෝ ස්වෙච්ඡුාවෙන් දේපළ විකුණා දමා විදේශගත වූ හෝ වෙනත් ප‍්‍රදේශයක පදිංචි වූ අයකුගේ දරුවෙක්ට ශ‍්‍රී ලංකාවේ කිසිදු දිනක කිසිදු ප‍්‍රදේශයක ඡුන්ද හිමි නාම ලේඛනයක ලියාපදිංචි වී නොසිටියද ඔහුට හෝ ඇයට තම මව හෝ පියා අතීතයේ පදිංචිව සිටි ප‍්‍රදේශයේ ඡුන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිය ලබාගත හැක. එම වගන්තිය අනුව මෙතෙක් කාලයක් විදේශගතව ජීවත් වූ ‘‘ඩයස්පෝරා’’ සාමාජිකයෙක්ට තම පියා අතීතියේ පදිංචිව සිටි බවට සාක්ෂි ඉදිරිපත්කළ හැකි ලිපිනයක් උතුරු හෝ නැගෙනහිර පළාතෙන් සොයාගත හැකිනම් සහ ඔහුගේ සහ පියාගේ අනන්‍යතාවයට අදාළ ලේඛන සහ උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ හැකිනම් ඔහුට ශ‍්‍රී ලංකාවට පැමිණ ඡුන්දහිමි නාම ලේඛනයට නම ඇතුළත්කර ගැනීම සඳහා ඉල්ලූම්කළ හැක.   එහිදී ඔහුට තව එක් කොන්දේසියක් සැපරීමට සිදුවේ. ඒ ශ‍්‍රී ලංකාවේ කුමන හෝ ප‍්‍රදේශයක ජීවත්වන තම ඥාතියකුගේ අත්සනින් තමා එම ඥාතියා සම`ග යම් කාලයක් ජිවත් වූ බවට ලිපියක් ලබාගැනීමය. අදාල ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා නිලධාරියාට එම සාක්‍ෂිය පිළිගැනීමට සිදුවන අතර ඔහුගේ නම මීට පෙර ශ‍්‍රී ලංකාවේ කිසිදු ප‍්‍රදේශයක ඡුන්දහිමි නාම ලේඛනයක ඇතුළත් නොවීම යන කරුණ කිසිවෙක්ට ප‍්‍රශන කළ නොහැක. ඒ සඳහා ආවරණය නව පනත මගින් ලබාදේ. ඒ අනුව අදාළ ග‍්‍රාම නිලධාරියාට ඔහු වෙත ලබාදෙන ලේඛන සියල්ල ඉල්ලූම්කරුගේ පියා ජිවත්වුණා යැයි සැලකෙන ප‍්‍රදේශයේ ඡුන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට සිදුවේ. මෙම පනත අනුව ඉල්ලූම් පත‍්‍රය සහ අදාල සාක්‍ෂි ඡුන්ද ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත යොමු කිරීමේ සම්පූර්ණ බලය හිමි වන්නේ ග‍්‍රාම නිලධාරියාටය.

                එම සාක්‍ෂි හෝ තොරතුරු විමසා බලා අනුමත කිරිම සඳහා ඊට ඉහළ නිලධාරියෙක් පනත මගින් නම් නොකරීම වරදකි. එම නිසා පනත අනුව පටිපාටි සකස්වන විට ඉතා දුර්වල සහ පක්‍ෂපාතී විය හැකි බව පෙනෙන සහ ¥ෂණ වංචා වලට යොමුවිය හැකි බවට පැහැදිලිව පෙනෙන එම ක‍්‍රමවේදය තහවුරු වනු ඇත. යම් ඉල්ලූම්කරුවෙක් විසින් වැරදි තොරතුරු ලබාදීම පනත යටතේ වරදක් වුවද රාජ්‍ය නිලධාරීන් හිතාමතා එම වරදට දායකවීම පනත යටතේ වරදක් ලෙස නොගැනේ. එම තත්වය තුළ පසුගිය යුද සමයේ රටපුරා පැවැති කූඨ ලේඛන කර්මාන්තය නැවත රටපුරා ආරම්භවීමට වැඩි ඉඩක් ඇත. යුද්ධය පැවැති කාලයේදී මිනිස් ජාවාරම් සඳහා මෙන්ම රටතුළ ව්‍යාජ අනන්‍යතාව ඔප්පු කිරිම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ කර්මාන්තය ආශි‍්‍රතව විශාල වෙළඳපලක් බිහිවිය. රාජ්‍ය නිලධාරීන් එම වෙළඳපල තුළ ගාමක බලවේගයක් බවට පත්වූ අතර එය පාලනය කිරීම උභතෝකෝටිකයක් බවට පත්විය. එම කර්මාන්තයට අදාළ සැපයුම් දම්වැලේ පහලම පුරුක වූයේ ග‍්‍රාම නිලධාරියාය.

                මෙම සමස්ථ ක‍්‍රියාවලියේ අවසන් අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහකයා තීන්දු කිරීමේ අවසන් බලය දෙමළ ඩයස්පෝරාව අතට ගැනීමය. ඒ මහා උවමනාව තුළ විවිධ ආගමික සහ දේශපාලන අන්තවාදී කොටස්වලට තම තමාගේ උවමනාවන් යම් පමණකට ඉටුකර ගැනීමේ අවස්ථාව උදාවේ. ඌරා කැකුණ තලන විට හබන් කුකුලන්ටද යමක් ලැබේ. ඩයස්පෝරා සාමාජිකයන් ලක්‍ෂ 2ක් නව ඡුන්ද හිමි නාම ලේඛනයට ඇතුලත්කර ගතහොත් පවතින් තත්වය තුළ ඔවුන්ගේ අරමුණු පහසුවෙන් ඉටුකර ගත හැක.

                පසුගිය වසර 2ක කාලය තුළ යහපාලන ආණ්ඩුව පොදු මහජනයාගේ ප‍්‍රශ්න විසදීමට හෝ රටේ ආර්ථිකය ගොඩ දැමීමට වඩා ප‍්‍රමුඛතාවය දෙනු ලැබුවේ ඩයස්පෝරාව ඇතුළු විවිධ විදේශිය බෙදුම්වාදී බලවේගවලට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමටය. ඉතා කෙටිකලකදී ආණ්ඩුව විසින් තමාට එල්ල වූ පීඩනයන්ට යටත්ව එසේ එම විදේශිය බලවේග විසින් ඉල්ලා සිටි පනත් කීයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාද? තමා බලයට පත්කළ බලවේගවල ඉල්ලීම ඉවත දැමිය හැකි කේවල්කිරීමේ බලයක් ආණ්ඩුවට නොමැති බව ඉන් පැහැදිලව පෙනේ. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති එසේ රටේ පොදු යහපතට හේතු නොවන එම පනත් මෙසේ හඳුනාගත හැක. පළමු වැන්න අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතයි. දෙවැන්න ඒ හා බැඳුනු අතරුදහන්වීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත හෙවත් දේශිය යුධ අපරාධ යාන්ත‍්‍රණ පනතයි. තුන්වැන්න නව විදේශ විනිමය පනතයි.එම පනත මගින් රටේ මුල්‍ය වෙළඳපල සම්පූර්ණයෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ජාවාරම්කරුවන්ට ගොදුරු කෙරෙනු ඇත. දැන් හතර වැන්න ඩයස්පෝරා සාමාජිකයන්ට රට තුළ ක‍්‍රියාත්මක වීමට නීතිමය අයිතිය ලැබෙන මෙම නව පනතයි. මේ ආකාරයට ආණ්ඩුව විසින් දෙමළ ඩයස්පෝරාවේ බලපැම්වලට යටත් වෙමින් සැලසුම් සහගතව රට ආනාරක්‍ෂිත කිරිම දිගින් දිගටම කරගෙන බව දැන් ඉතා පැහැදිලිව දැකගත හැක. එහෙත් විපක්‍ෂය ආණ්ඩුව යොදන දින වලට සහ න්‍යාය පත‍්‍රවලට අනුව ආංශික කාරකසභාවල සිටිමින් අෘන්ඩුවේ මාර්ග සිතියමට පහසුකම් සලසති. දැන් උස් හඩින් නවතනුයන සංඥාව නිකුත් කිරීමට කාලය පැමිණ ඇති බව විපක්‍ෂය විසින් වටහා ගන්නවානම් එය රටට ඉතා යහපත් වනු ඇත.

                ඒ අතර මහජනයාගේ පැත්තෙන් ගත්විට ඔවුන් පොදු ආණ්ඩු විරෝධි බැනරයට යටතට එක්වීමට උන්දුව දැක්වුවද ඔවුන්ට තමන් විසින් පරාජය කළ යුතු ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රය පිළිබඳ අවබෝධයක් නැත. ඊට වගකිව යුත්තේ විපක්‍ෂයේ ඉහළ නායකත්වය බවට සැකයක් නැත. ආණ්ඩුවේ න්‍යායපත‍්‍රය පරාජය කිරීමෙන් තොරව ආණ්ඩුව පරාජය කිරීමට කථා කිරීම නිසා එම පටලැවිල්ල සිදුවී ඇත. කෙසේවෙතත් ආණ්ඩුව තවමත් කල්පනා කරන බව පෙනෙන්නේ 2015ට පෙර ආකාරයටමය. මෙවර මැයි දිනයෙන් පසුව එම මනෝභාවයන් සමහර විට වෙනස් වූවා විය හැක. ඔවුන් හිතන්නේ පොදු මහජනයාට විශේෂයෙන්ම සිංහලයාට ලනු ගිල්ලවීම සඳහා ලනු ඇඹරිය යුතු නැති බවය. ඔවුන් කොහු දුන් විට ලනු අඹරාගෙන ගිලිනු ඇති බව අෘණ්ඩුව විසින් තවමත් විශ්වාස කරන බව පෙනේ. සමහර ඇමතිවරුවරුන් සිතන්නේ පොල් ලෙල්ලක් සහ පොල්ලක් දුන් විට සිංහලයා ලෙලි තලාගෙන කොහු අඹරාගෙන ගිලිනු ඇති බවයි. එම තත්වය දැන් වෙනස් වී ඇති බව විපක්‍ෂයේ නායකයන් කෙසේ වෙතත් මහ ජනයා විසින් හෝ වහා පෙන්විය යුතුය. එසේ නොමැති වුවහොත් ඉතා කෙටිකලකින් ආරම්භ වන්නේ ආපසු හැරවිය නොහැකි ගමණක් බව දැන් පැහැදිලිව පෙනේ.   

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
               

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: