නව පනතින් රණවිරුවන් දඩයම් කරන්නේ මෙහෙමයි
අතුරුදහන්වූවන්ගේ
කාර්යාල පනතින් රණවිරුවන් දඩයම් කිරීමක් සිදුවන්නේ නැතැයි අතිගරු ජනාධිපතිතුමා
විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදුකොට ඇත. බොහෝ විට එතුමා එවැනි ප‍්‍රකාශයක් විශේසිතව
සිදුකරන්නේ පනත සම්මතකර ගැනීමේදී ආණ්ඩුව විසින් තම යහපාලන සළුපිළි සියල්ල උනාදැමීම
නිසා ඇතිවූ ලැජ්ජාව නිසා විය හැක. ඒ ආකාරයට විවාදයට ඉඩක් ලබානොදී බලහත්කාරයෙන්
පනතක් සම්මත කළ අවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදීවත් සිදුවූයේ නැත. එදා 1987දී පළාත් සභා පනත සහ 13 වැනි ව්‍යවස්ථා
සංශෝධනය ජනතා විරෝධය මැද පාර්ලිමේන්තුව සහ අධිකරණය පවා නෙම`ග යවමින් සවිමත් කළ බව
සත්‍යයකි. එහෙත් එදා විපක්‍ෂයට විවාද කිරීමට සාධාරණ ඉඩක් ලබාදුන් අතර විධිමත්ව
ඡුන්ද විමසීමක් සිදු කෙරිනි. ඒ අනුව මහජන විරෝධය පමණක් නොව පාර්ලිමේන්තුව තුළ පවා
ප‍්‍රභල විරෝධයක් තිබියදී පැය කිහිපයක් තුළ එම පනත සම්මත කිරිමෙන් පෙනී යන්නේ සැ`ගවීමට දෙයක් තිබෙන
බවය.
එම පනත සම්මත කිරිමේ ක‍්‍රියාවලිය
තුළ පාර්ලිමේන්තුවේදී පෙනවූ බලහත්කාරයට පෙර ජනාධිපතිතුමා සහ අධිකරණය පවා නොම`ගයැවීමේ පැහැදිලි
උත්සාහයක් ගැනුනි. සාමාන්‍ය ක‍්‍රියා පටිපාටිය තුළ නිල වශයෙන් පනත් කෙටුම්පත්
විධායකයෝ ප‍්‍රධානියා ලෙස ජනාධිපතිතුමා අතට පත්වන්නේ එය අමාත්‍ය මණඩලයට ඉදිරිපත්
කරන අවස්ථාවේදීය. එහෙත් පනතට අදාල අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍යවරයා ඉතා කූඨ ලෙස
මෙම පනත අමාත්‍ය මණ්ඩලයට නිළ වශයෙන් ඉදිරිපත් නොකර ගැසට් කිරිමෙන් පසුව ඍජුව
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පසුගිය මැයි 24 වැනිදා ඔහු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්
කරන්නේ එවැනි පනතක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්න සහ එහි මූලික අංග විස්තරයක්
පමණි. එහිදී ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපතිවරයා විසින් අනුමත කළ පනත් කෙටුම්පත
අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ නැත. එවැනි
අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු වන්නේ සකස් කිරිම ආරම්භ කිරීම සඳහා
මූලික ප‍්‍රතිපාදනයක් ලෙසය. නමුත් 24 වැනිදා එසේ අමාත්‍ය මණ්ඩලයෙන් අවසරය ලබාගෙන 27 වැනිදා වන විට පනත්
කෙටුම්පත ගැසට් කිරීමට අගමැතිවරයා ක‍්‍රියා කළේය. එසේ නම් ඔහු දින 3ක් ඇතුළත පනත්
කෙටුම්පත සකස් කොට නීති කෙටුම්පත් සහ නීතිපතිගේ අනුමැතියක් ලබාගෙන එය ගැසට් කිරීම
සඳහා රජයේ මුද්‍රණාලයට යැවීම මගින් ගිනිස් වාර්තාවක් පිහිටුවාඇත. නමුත් ඉතා
පැහැදිලිව සතඨ්‍ය තත්වය වන්නේ පනතට වගකිවයුතු අග‍්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යමණ්ඩලය
සහ ජනාධිපතිතුමා නොම`ග යවා ඒ වන
විට තමා සතුව තිබූ කෙටුම්පත වෙනුවට මූලික ඉල්ලීම පමණක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්
කළ බවයි. ලෝකයේ කිසිදු රටක එවැනි කූඨ ක‍්‍රියාවලියක් සිදු වී ඇතැයි සිතය නොහැක. ඒ
අනුව පනත් කෙටුම්පත පිළිබඳව පමණක් නොව එය සම්මත කිරීමට අදාලව කිසිදු කූට ක‍්‍රියාවලිය
පිළිබඳව ජනාධිපතිතුමාට අවබෝධයක් තිබෙනවාද යන්න සැක සහිතය. හොරාගේ අම්මාගෙන් පේන
අසන්නා සේ පනත සකස් කළ වුන්ගේ නිර්වචන වලින් පනතේ සැබෑ භයානක කම අවබෝධ කරගත නොහැක.
එම තත්වය තුළ
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවෙන් නිර්දේශිත ක‍්‍රියාපටිපාටිය
උල්ලංඝණය කරමින් ඉදිරිපත් වූවකි. ඒ අනුව එය පනතක් ලෙස සම්මත වුවත් අදාල කොටුම්පත
නීතිය අනුව ඉදිරිපත් වූවක් නොවනා නිසා පනත බල රහිත වේ යැයි නව නීතිමය තර්කයක්ද
මතුවේ. ඊට අමතරව එය ඉදිරිපත් කිරිමේදී අග‍්‍රාමාත්‍යවරයා විසින් පනත අමාත්‍යමණ්ඩයෙන්
අනුමත වූ බවට පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් සිදු නොකිරීම නිසා තවදුරටත් එහි නීත්‍යානුකූල
භාවය අභියෝගයට ලක්වේ. එසේම පනත සම්මත කිරිමේ ක‍්‍රියාවලිය තුළ අදාල සංශෝධන ආංශික
කමිටු වලට ඉදිරිපත් නොකිරීම නිසා සහ සභාවේ මන්ත‍්‍රීවරුන් බහුතරයක් ඝෝෂාකරමින්
නැගී සිටින තත්වයක් තුළ ඡුන්ද විමසීම මගින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝණය
කොට ඇත. ඒ අතර අතුරුහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම පනතට සම්බන්ධ කොට ඇතත්එම
ගිවිසුමේ පිටපත් මන්ත‍්‍රීවරුන්ට ලබාදුන්නේ නැත. එහි සංහල පිටපතක් විදේශ අමාත්‍යාංශය
සතුව නැත. එම ගිවිසුම රටේ නීතියට සම්බන්ධ කිරීමට පෙර එය ව්‍යවස්ථාවේ 159 වගන්තිය යටතේ
පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කෙට නැත. එය බරපතල වරදකි. ඒ අනුව ආණ්ඩුවේ
යහපාලන යට ඇඳුමවත් බේරාගැනීමට නම් මේ සියල්ල පිළිබඳ විධිමත් පරික්‍ෂධණයක් කිරීම
අවශ්‍යවේ. එහෙත් එවැන්නක් සිදුවේයැයි විශ්වාස කළ නොහැක. ඊට හේතුව විවිධ විද්වතුන්
විසින් අදාල පනත ජනාධිපති බලතල යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට නිර්ේශ
ලබාගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම් එතුමා විසින් ප‍්‍රතික්‍ෂේප
කිරීමය. දැන් එතුමා විසින් කථනායකතුමා උපුටා දක්වමින් පාර්ලිමේන්තුවේ සභාගැබ
වැසිකිලියක් කරගත් බවට විපක්‍ෂයට චෝදනා කිරීම පලක් නැති ක‍්‍රියාවකි. ඇත්ත වශයෙන්ම
මහජනයාට පෙනෙන්නේ ආණ්ඩුව සහ විේෂයෙන්ම කථානයකවරයා විසින් සමස්ථ පාර්ලිමේන්තුව
වැසිකිලියක් බවට පරිවර්ථනය කළ බවය. කෙසේ වෙතත් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරිමේ සහ
එය සම්මත කිරිමේ ක‍්‍රියාවලිය තුළ සිදුවූ අශෝබන සිදුවීම් වලට වඩා පනතේ අන්තර්ගතය
සත්‍ය වශයෙන්ම ඉතා භයානක බව එය ක‍්‍රියාත්මක වන විට රණවිරුවන්ට අවබෝධ වනු ඇත. එවිට
ජනාධිපතිතුමා විසින් මේ අවස්ථාවේදී ලබාදෙන සහතිකද අවලංගු වී යනු ඇත. එය කාලය
පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි.
නමුත් මේ අවස්ථාවේදී
පනතේ භයානකකම සහ එහි සැගවී ඇති කූඨ අරමුණ පිළිබඳ සංවාදය පවත්වාගෙන යාම යනු
රණවිරුවන් වෙනුවෙන් ඉටුකළ හැකි අවම යුතුකමකි. පළමුවෙන්ම අතුරුදහන්වූවන් ගැන සොයා
බැලීම සඳහා මෙවැනි විශේෂ පනතක් අවශ්‍ය බවට ඉදිරිපත් කරන තර්කය ඉතා දුප්පත් එකක් බව
කිය යුතුය. අතුරුදහන්වූවන්ට මරණ සහතික හෝ ජීවක් නොවන බවට සහතික ලබාදීම සඳහා අදාල
පනත සංශෝධනය කරනු ලැබුවේ 2010දීය ඒ අනුව
සාමාන්‍ය නීතිය යටතේ අතුරුදහන්වූවන්ව පුද්ගලිකව සහතික ලබාදීමේ හෝ අවශ්‍ය නම් වන්දි
ලබාදීමේ නීතිමය බාධාවක් නැත. නමුත් පෙලීසියට පැමිණිලි කිරීම මගින් ආරමස්භවන එම ක‍්‍රියාවලිය
කාර්යක්‍ෂම නොවන බවට විවාදයක් නැත. නමුත් සුප්‍රසිද්ධ’ එෆ්.සී.අයි.ඞී. පොලිස් ඒකකය වැනි විශේෂ
ඒකකයක් පිහිටුවීම මගින් ඒ අභියෝගය ජයගත හැක. ඊට අමතරව එක් එක් පුද්ගලයාට හෝ පවුලේ
ඥාතීන්ට සාධාරණය ඉටුකිරීම සහ පොදුවේ අතුරුදහන්වීම වැළැක්වීමට අදාල පියවර ගැනීම යන
අරමුණු දෙකම යටතේ පිහිටවූ ‘‘පරණගම කොමිසමඳ
මේ වන විටත් බරපතල වැඩකොටසක් ඉටුකර ඇත. අතුරාදහන්වූවන් පිළිබඳ සොය බැලීමේ ජනාධිපති
කොමිසම හෙවත් ‘‘පරණගම කොමිසම’’
අත්හිටුවීම සඳහා
ජනාධිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කරනක විට ඊට පැමිණිලි 20,000කට ආසන්න ප‍්‍රමාණයක්
ලැබී තිබිණි. එම පැමිණිලි පුද්ගලිකව පැමිණිලිකරුවන් විසින්ම ඉදිරිපත්කළ පැමිණිලි
නිසා ඔවුන්ට කොමිසම පිළිබඳ විශ්වාසයක් තිබුබවද පැහැදිලි වේ. එම කොමිසම විසින්
පැමිණිලි 500කට අදාලව
පරික්‍ෂා කිරිම් ආරම්භ කොට තිබූ බවද වාර්තා විය. අවශ්‍යනම් එහි බලඅධිකාරිය පුළුල්
කිරීම මගින් සහ නිර්ලෝභීව අවශ්‍ය සම්පත් ලබාදීම මගින් එහි කාර්්‍යක්‍ෂමතාවය වැඩිකළ
හැක. ඊට අමතරව එම කොමිසමේ නිර්දේශමත මරණ සහතික වලට අමතරව වන්දි ලබාදීම සඳහාද
පුනරුත්ථාපන අමාත්‍යාංශය හෝ වෙනත් සුදුසු අමාතශාංශයක් යටතේ යාන්ත‍්‍රණයක් සකස්
කිරීමට අවශ්‍ය වන්නේ මඅතා්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කිීම පමණි. ඒ සඳහා නව
පනතක් අවශ්‍ය වන්නේ නැත. එසේ නම් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මගින්
නිර්දේශකොට ඉන්පසුව ඇමෙරිකානු යෝජනාවටද ඇතුල්කොට සුවිශේෂි පනතක් මගින් කොමිසමක්
පිහිටුවීමට ආණ්ඩුවට බලකෙරෙන්නේ කුමක් නිසාද? විවිධ ජාත්‍යන්තර බලවේග විසින් ආණ්ඩුවට කරනු
ලබන බලපෑමේ තරම ජනාධිපතිවරයාගේ මන්දගාමී ක‍්‍රියාපිළිවෙත සහ අගමැතිවරයාගේ සීග‍්‍රගාමී
ක‍්‍රියාපිළිවෙතිත් පැහැදිලි වේ. විශේසයෙන්ම අරමුදල් සහ ජාත්‍යවන්තර සංවිධාන
යොදාගනිමින් පිහිටුවනු ලබන යාන්ත‍්‍රණ හරහා කළමනාකරණය කරනු ලබන ක‍්‍රමවේදයක් පනත
මගින් හදුන්වා දෙන්නේ කුමක් නිසාද? ඒ මගින් සමස්ථ ක‍්‍රියාවලිය බාහිර පාර්ශ්ව විසින් හැසරවීමේ
ඉඩකඩ විවෘත වේ. ඔවු ශ‍්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳ විශ්වාසය හීන වී ඇති බැවින් ජාත්‍යන්තර
විනිසුරන් අවශ්‍ය බවට එදා තර්ක මතු කළේය. ඊට සමාන ආකාරයට පරණගම කොමිසම පිළිබඳ
විශ්වාසයක් නැති බවට මතයක් ඉදිරිපත් කෙළ් මෙම පනත යටතේ එවැනි ජාතා්‍යන්තර
මැදිහ්වීමක් සාධාරණිකරණය කිරීමට බව ඉතා පැහැදිලිව පෙනේ. මෙම පනත මගින් ජාත්‍යන්තර අරමුදල් උපාංගයක් ලෙස
යොදාගන්නවාට අමතරව රාජ්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සම`ග ඇතිකරගන්නා ගිවිසුම් හරහාද එම මැදිහත්වීමට
ඉඩ සැලසේ. ඊට අමතරව එම සංවිධාන හරහා තොග වශයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමටද ඉඩක් ඇත.
එසේම සාක්‍ෂි ආඥාපනත නොසලකා ඉතා පහසුවෙන්
ඕනෑම ආකාරයකට බොරු පැමිණිලි සහ සාක්ෂි ගොනු කිරිමේ ඉඩක් ඇත. පරීක්‍ෂණ
පැවැත්වීම සඳහාද විදේශිකයන් යොදාගත හැකි අතර ඔවුන්ට හමුදා කඳවුරුවලට කඩා පැනීමටද
බලය ලැබේ. එම ක‍්‍රියාදාමයට නීතිය ඉදිරියේ අභියෝග කිරීමටද ඉඩක් නැත. ඒ අනුව
ජනාධිපතිතුමා පනතේ භයානකකම ආවරණය කිරීම සඳහා වචනවලින් කොතෙක් සුදුහුනු ගෑවත්
සිදුවන්නේ කුමක්දැයි සිතින් මවා ගැනීම කුඩා ළමයකුට වුවද කළ හැක.
ජනාධිපතිතුමාගේ සිතතුල
මෙම පනත මගින් රණවිරුවන් දඩයම් කිරීමට උවමනාවක් නැති බවට විවාදයක් නැත. එහෙත් එහ ක‍්‍රියාවලිය
ආරම්භ වූ පසුව එතුමාට එය කිසිසේත්ම නැවැත්විය නොහැක. ජාත්‍යන්තර බලවේග මෙම පනත
මගින් තොග වශයෙන් රණවිරුවන් දඩයම් කිරීමට උත්සාහ කරන්නේ නැත. එසේ කිරීමට ඔවුන් තුළ ආශාවක් තිබිය හැකි
වුවත් ප‍්‍රායෝගිකව එය ඉටුකරගැනීම පහසුවන්නේ නැත. එම බලවේග වලට මූලික වශයෙන් අවශ්‍යවන්නේ
අරමුණු 04ක් ඉටුකර
ගැනීම පමණි. පළමුවැන්න අතුරුදහන්වීම්වලට අදාලව ප‍්‍රමාණාත්මකව සහ ගුණාත්මවකව බරපතල
ජාත්‍යන්තර මතයක් ඇති කිරීමය. දැනටමත් පරණගම කොමිසමට පැමිණිලි 20,000ක් පමණක් ලැබී තිබියදී
කිසිදු තර්කානුකූල සාක්‍ෂියතින් තොරව අප රටේ විදේශ අමාතශාංශය කියන්නේ එම ප‍්‍රමාණය
65,000ක් බවය. ඊට
අමතරව අතුරුදහන්වීම් සිදුවූ ආකාරයේ ‘‘කෘර බව’’ පෙන්වීම මගින්ද බෙදුම්වාදීන්ට විශාල වාසියක් ලැබේ. ‘‘චැනල් 4’’ ආයතනය මෙම කොමිසමට
ඉදිරිපත්වන ඊනියා සාක්‍ෂි මත පදනම්ව තව චිත‍්‍රපට දෙක තුනක් නිෂ්පාදනය කරනු ඇත.
විෂ එන්නත් මගින් පුනරුත්ථාපනය කළ ත‍්‍රස්තවාදී සැකකරුවන් මරාදැමූ බවට කරන ප‍්‍රකාශ
මගින්ද ඒ අරමුණ ඉටුවේ.
දෙවනුව ජාත්‍යන්තර
බලවේගවලට අවශ්‍ය වන්නේ සමූල ඝාතන චෝදනාව ඔප්පු කිරීම සඳහා එම බරපතල පින්තූරය
යොදැගැනීමය. තුන්වනුව ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ විදේශීය රටවල් කිහිපයකදී රණවිරුවන්ට
එරෙහිව නඩු පැවරීම මගින් විශාල ඝෝෂාවක් ඇති කිරීමද ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණකි. නව
පනත මගින් චෝදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව විදේශීය අධිකරණ වලදී නඩු පැවරිය හැක.
එසේ නඩු පවරණ ලෙස මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් තම වාර්තාව මගින් ජාත්‍යන්තර
ප‍්‍රජාවට ඉල්ලීමක්ද ඉදිරිපත්කොට ඇත. ඔවුන්ගේ හතරවැනි එහෙත් ප‍්‍රධානම අරමුණ වන්නේ
තෝරාගත් නම් වශයෙන් ලැයිස්තු ගතකළ රණවිරුවන් පිරිසකට එරෙහිව ව්‍යාජ චෝදනා සහ සාක්‍ෂි
ගොනුකොට ඔවුන් වරදකරුවන් බවට නම් කිරීමයත එවිට ඇමෙරිකානු යෝජනාවේ 8වැනි වගන්තිය අනුව
සේවයේ යොදී සිටින සහ විශ‍්‍රාමගත් රණවිරුවන්ට විරුද්ධව පරිපාලන වශයෙන් දඩුවම්
කිරීමට ඉඩ ලැබේ. එම ලැයිස්තුවට අදාළ රණවිරුවන්ට දඩුවම් කළ පසුව ඔවුන්ගේ දොළදුක
සංසිදෙන බවට කිසිදු සැකයක් නැත.
එසේ තෝරාගත් රණවිරුවන්
පිරිසකට අපරාධ නීතිය යටතේ දඩුවම් කිරීම යුද අපරාධ අධිකරණය මගින් ඉටුකර ගැනීමට ඔවුන්
බලාපොරොත්තු වේ. මෙම ක‍්‍රමවේද දෙක අවශ්‍ය ආකාරයට ගලපා ගැනීමේ ඉඩ අදාල පනත් වලින්
පිහිටුවන රට දෙකඩ කිරිමේ අවසාන ක‍්‍රියාමාර්ග කිහිපය සාර්ථක කරගැනීම සඳහා සහ
ඉන්දියානු සහ ඇමෙරිකානු හමුදා වලට ශ‍්‍රී ලංකාව තුළ පය ගබාගැනීමේ පූර්ව
කොන්දේසියක් වශයෙනි. එනම් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා දුර්වල කොට දුර්මුඛ කිරීම
සහ ඒ තුළ පවතින දේශපේ‍්‍රමී ප‍්‍රවනතාවය මකා දැමීම සඳහාය. ඔවුන්ට අවශ්‍යවන්නේ ශ‍්‍රී
ලංකාවේ හමුදාව පිලිපීනයේ හමුදාව භෞතිකව සහ අධ්‍යාත්මයෙන් ඇමෙරිකානු හමුදාවේ කුලී
හමුදාවක් බවට පත් කිරීමය. පිලිපිනයේ හමුදාවේ උසස් නිලධාරීන්ගේ දුවා දරුවන් අධ්‍යාපනය
ලබන්නේ ඇමෙරිකාවේය. ඔවුන්ගේ දෙවන නිවස පමණක් නොව සමහර දෙවන භාර්යාවන්ද ඇමෙරිකාවවට
අයත් වේ. ඔවුන් නිවාඩු ගත කරන්නේ සහ වැඩි දුර අධ්‍යාපනය ලබන්නේද විවිධ ඇමෙරිකානු
ව්‍යාපෘතිවලින් ලැබෙන අරමුදල් මගිනි. ශ‍්‍රී ලංකා හමුදාව ඒ මට්ටමට වෙනස්කර ගැනීම
එතරම් අමාරුකාර්යක් නොවන බව මෑත කාලීනව ඔප්පු විය. දැනටමත් යුද්ධයට සම්බන්ධ වූ
දේශපේ‍්‍රමී නිලධාරීන් රාශියක් විශ‍්‍රාම ගන්වා ඇත. විශ‍්‍රාම වයසට පෙර ඉවත්වන
නිලධාරීන් දිරිගැන්වීම සඳහා උසස්වීම් ලබාදීමේ ක‍්‍රමයක්ද හඳුන්වා දී ඇත. එසේම
ඉන්ධන කපා හැීම සහ වෙනත් දිරිගැන්වීම් කපා හැරමී හරහාද සේවය හැරයාද දිරිගැන්වේ.
මෑතකාලීනව අභ්‍යන්තර
හමුදා අධිකරණ මගින් විවිධ චෝදනා මත 5000කට අධික රණවිරුවන් පිරිසකට දඩුවම් කර ඇත. ඔවුන් අතරින්
බහුතරයක් යුද්ධ කාලයේදී විවිධ තීරණාත්මක භූමිකාවන් ඉටුකළ අය බවද වාර්තාවේ. ඒ අතර ගිරිතලේ
බුද්ධි අංශ රණවිරුවන් දැන් වසරක් තිස්සේ සිරගතකොට තබා ගැනීම මගින්ද දේශපේ‍්‍රමී
රණවිරුවන්ට නිශේධනාත්මක පණිවිඩයක් ලබාදේ. මෑතකාලිනව හමුදාවේ උසස්වීම් ලබාදීමේදීද
යුද්ධයේදී දක්‍ෂකම් පෙන්වීම නුසුදුසුකමක් බවට පත්වී ඇති බවද විවිධ පිරිස් චෝදනා
එල්ල කරති. මේ සියල්ල අනුව සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි තේරුම් ගැනීම එතරම්
අමාරු නැත. එහෙත් පොදු මහජනයා මෙවැනි ලිපි කියවන්නේ නැති අතර විපක්‍ෂයේ දේශපාලන
පක්‍ෂද එම සංවාදයට එළබෙන්නේ නැත. එම නිසා කලයුතු දේට ප‍්‍රතිවිරුද්ධ දේ කිරීමේ ප‍්‍රවනතාවයක්ද
විපක්‍ෂයේ බලවේග තුළ දක්නට ඇත. රණවිරුවන් දඩයම් කිරීම සහ ව්‍යවස්ථා සම්පාදක සභාව
හරහා රාජන් ව්‍යුහය වෙනස් කිරිමේ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම යනු එකම අසිපතේ තළ
දෙකක් බව ඔවුන් තේරුම් ගන්නා බවක් පෙනෙන්නේ නැත. ආණ්ඩුව විසින් ඔවුන්ට පා පහර දෙන
විට ව්‍යවස්ථා සම්පාදන සභාවේ සිට එම පාදවල පැළදි සපත්තු පොලිෂ් කිරිමේ ක‍්‍රියාව
දේශපාලන වශයෙන් පැහැදිලි කරන්නේ කෙසේද?
වෛඳ්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

Comments
Post a Comment