ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ බින්නබහිවිද?
පසුගිය දිනවල කටුනායකට පැමිණි ඇමෙරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් හමුදාවලට අවශ්‍ය සැපයුම් ගොඩ බාන ආකාරය මාධ්‍යවලින් දැක ගත හැකි විය. එම භාණ්ඩ කුමන ඇමෙරිකානු හමුදා කඳවුරට රැගෙන යන ඒවා ද යන ප්‍රශ්නය මෙන්ම ලංකාවේ ඇමරිකානු හමුදා කඳවුරක් තිබෙනවාද යන ප්‍රශ්නය මහජනයා අතර කතාබහට ලක්විය. ඊට පෙර ජෝන්.සී ස්ටෙනිස් නම් වූ ගුවන් යානා රදවන මහා පරිමාණ යුද නෞකාව ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව ස්ථානගත කෙරෙන බව ඇමරිකානු නිලධාරීන් විසින්ම ප්‍රකාශ කරන්නට යෙදුණි. නමුත් ජපානයේ ඔකිනාවා කඳවුර හෝ දකුණු කොරියාවේ හම්ප්‍රෙස් කඳවුර මෙන් මහා පරිමාණ ඇමරිකානු යුද කඳවුරු ශ්‍රී ලංකාවේ පිහිටුවීමට දේශපාලන සක්‍යතාවයක් නොමැති බව ප්‍රකට කරුණකි. එසේනම් මේ සිදුවන්නේ කුමක්ද? ජෝන්.සී ස්ටෙනිස් යුද නෞකාව අයත් ඇමරිකාවේ 7 වැනි පැසිපික් නාවික හමුදා බලඇනිය යනු ලෝකයේ භූමියෙන් 50% කට වැඩි ප්‍රමාණයකට බලපෑම් කළ හැකි මුහුදු සීමාවක බලය පෙන්වන හමුදා බලඇණියකි. ඒ අනුව එය ලෝකයේ විශාලතම හමුදා බලඇණිය ලෙස හැඳින්වීමේ වරදක් නැත. එම බලඇණිය යුද, ගුවන්, නාවික, මැරීන් සහ විශේෂ හමුදා අනු ඛණ්ඩ වලින් සමන්විත වන අතර ඊට දකු...