ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ බින්නබහිවිද?
පසුගිය දිනවල කටුනායකට පැමිණි ඇමෙරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් හමුදාවලට අවශ්‍ය සැපයුම් ගොඩ බාන ආකාරය මාධ්‍යවලින් දැක ගත හැකි විය. එම භාණ්ඩ කුමන ඇමෙරිකානු හමුදා කඳවුරට රැගෙන යන ඒවා ද යන ප්‍රශ්නය මෙන්ම ලංකාවේ ඇමරිකානු හමුදා කඳවුරක් තිබෙනවාද යන ප්‍රශ්නය මහජනයා අතර කතාබහට ලක්විය. ඊට පෙර ජෝන්.සී ස්ටෙනිස් නම් වූ ගුවන් යානා රදවන මහා පරිමාණ යුද නෞකාව ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව ස්ථානගත කෙරෙන බව ඇමරිකානු නිලධාරීන් විසින්ම ප්‍රකාශ කරන්නට යෙදුණි. නමුත් ජපානයේ ඔකිනාවා කඳවුර හෝ දකුණු කොරියාවේ හම්ප්‍රෙස් කඳවුර මෙන් මහා පරිමාණ ඇමරිකානු යුද කඳවුරු ශ්‍රී ලංකාවේ පිහිටුවීමට දේශපාලන සක්‍යතාවයක් නොමැති බව ප්‍රකට කරුණකි. එසේනම් මේ සිදුවන්නේ කුමක්ද?
ජෝන්.සී ස්ටෙනිස් යුද නෞකාව අයත් ඇමරිකාවේ 7 වැනි පැසිපික් නාවික හමුදා බලඇනිය යනු ලෝකයේ භූමියෙන් 50% කට වැඩි ප්‍රමාණයකට බලපෑම් කළ හැකි මුහුදු සීමාවක බලය පෙන්වන හමුදා බලඇණියකි. ඒ අනුව එය ලෝකයේ විශාලතම හමුදා බලඇණිය ලෙස හැඳින්වීමේ වරදක් නැත. එම බලඇණිය යුද, ගුවන්, නාවික, මැරීන් සහ විශේෂ හමුදා අනු ඛණ්ඩ වලින් සමන්විත වන අතර ඊට දකුණු කොරියාවේ සහ ජපානයේ රඳවා සිටින හමුදා අනුඛණ්ඩ ද ඇතුළත් වේ. ජපානයේ ඔනිකාවා දූපතේ පිහිටුවා ඇති ඇමෙරිකානු යුද කදවුරේ නිලධාරීන් සහ භටයයින් 26,000ක් රදවා සිටින අතර කොරියාවේ 24,000ක් රදවා සිටින බව සදහන්වේ. එම කදවුරු 7 වැනි පැසිපික් නාවික බලඇණියේම කොටසකි. එම බලඇණිය ට්‍රම්ප් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ඉන්දු පැසිෆික් හත් වන බළඇණිය ලෙස නැවත නම් කළේය. ඒ මගින් හත්වැනි බලඇණියේ ඉන්දියානු සාගරය ආශ්‍රිත මැදිහත්වීම අවධාරණය කෙරිණි. දෙවන ලෝක යුද්ධය සමයේ දී පිහිට වූ මෙම බලඇණිය අද වන විට මහා පරිමාණ යුද නැව් 70කින් සහ ගුවන් යානා 300කින් මෙන්ම නාවික සහ මැරීන් භඨයින් 40,000කින් සමන්විත වේ. කොරියාවේ සහ ජපානයේ රඳවා සිටින භට පිරිස් සමග සමස්ත පිරිස් බලය ලක්ෂය ඉක්මවා යයි.
අනු ඛණ්ඩ නවයකින් සමන්විත මෙම බලවත් හමුදා බලඇණියේ හතයි බිංදුව හෙවත් 70 ලෙස හැඳින්වෙන්නේ යුද ප්‍රහාරක අනුඛණ්ඩයයි. හතයි එක හෙවත් 71 අනුඛණ්ඩය ලෙස හැඳින්වෙන්නේ නාවික ප්‍රහාරක අනුඛණ්ඩයයි. එසේම 72 ලෙස හැඳින්වෙන්නේ සංචාරක සහ ආවේක්ෂණ අනුඛණ්ඩයයි. ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට නියමිත 73 අනුඛණ්ඩය යුධ සැපයුම් අනුඛණ්ඩය ලෙස හැඳින්වේ. එම අනුඛණ්ඩ මූලස්ථානය මේ වන තුරු පැවැතියේ සිංගප්පූරුවේය. නමුත් දැන් එම සැපයුම් කේන්ද්‍රය තාවකාලික ලේබලය අලවා ශ්‍රී ලංකාවේ ස්ථාන ගත කිරීමට සැලසුම්කොට ඇත. ඊට තාවකාලික ලේබලයක් ඇලවිය හැකි වන්නේ එම සැපයුම් කේන්ද්‍රය නෞකාවක් යොදා ගනිමින් ස්ථානගත කිරීමය. නමුත් එය ප්‍රායෝගිකව ගත් විට ස්ථිර සැපයුම් කේන්ද්‍රයක් බවට පත්වන බවට විවාදයක් නැත.
ත්‍රීකුණාමල වරායේ ස්ථාන ගත කොට ඇති මෙම සැපයුම් කේන්ද්‍රයේ හෙවත් ජෝන් සී ස්ටෙනිස් නෞකාවේ යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර් 100කට අධික ප්‍රමාණයක් රඳවා තැබිය හැකි අතර හමුදා භටයින් 6500කට පහසුකම් සැලසිය හැක. එම නෞකාව යොදාගනිමින් යුද්ධයක් පවතින අවස්ථාවක් හෝ එසේ නොවන අවස්ථාවක ගුවන්යානා පිටත් වීමට හෝ ගොඩබෑමට හැකියාව ඇත. එසේම එම නෞකාව යොදාගනිමින් ඉන්දියානු සාගරයේ යාත්‍රා කරන යුද නැව් සහ සබ්මැරීන වලට යුදමය සැපයුම් ලබාදිය හැක. ඊට අවශ්‍ය සැපයුම් කටුනායකගුවන්තොටුපල හරහා ලබා ගැනීමේ හැකියාව ඇත. පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් දැකගත හැකි වූයේ ජෝන් සී ස්ටෙනින් නැව යොදාගනිමින් පිහිටුවා ඇති යුද සැපයුම් කේන්ද්‍රයට කටුනායක ගුවන් තොටුපළ හරහා සැපයුම් ලබා දෙන ආකාරයයි .
කෙසේ වෙතත් මේ වන විට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිහිටුවා ඇති ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ නම් වූ ආයතනය විසින් දියත් කොට උපායමාර් ගික සැලසුමට අනුව නුදුරු අනාගතයේ දී ත්‍රීකුණාමල වරායේ සැපයුම් කේන්ද්‍රයට අවශ්‍ය සැපයුම් ත්‍රීකුණාමලය ගුවන්තොටුපළ යොදා ගනිමින් ගොඩබෑමේ අවස්ථාව උදාවනු ඇත. එම බලවත් ආයතනයේ සභාපති වරයා ලෙස කටයුතු කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ය. එම ආයතනය මේ වන විට ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිත ආයෝජන කලාපයක් ඇතුළත් ව සමස්ත දිස්ත්‍රික්කයටම සංවර් ධන සැලසුමක් සකස් කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කොට ඇත. ඒ අතර දැනටමත් ඉන්දියාවට පවරා ඇති තෙල් ටැංකි සංකීර් ණය මගින් සැපයුම් කේන්ද්‍රයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ හැකියාව ඇත. ඇමරිකානු හත්වන නායක බලඇණියේ යුද සැපයුම් අංශයේ අණදෙන නිලධාරි ලෙප්ටිනන් කමාන්ඩර් පෙඩ්රික් එස්පයි සදහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවෙ පිහිටුවන යුධ සැලසුම් කේන්ද්‍රය උපාය මාර් ගික වශයෙන් ඉතා වැදගත් ලෝක මට්ටමේ ක්‍රියාන්විතයකි. ඒ මගින් ඇමරිකානු නාවික හමුදාවේ පැවැත්ම සහ බලවත්කම තවදුරටත් වර්ධනය වේ. ඔහුට අනුව මෙම යුද සැපයුම් කේන්ද්‍රය නිසා ශ්‍රී ලංකාවේ වාණිජ සමාගම් වලට විශාල වශයෙන් ආර් ථික ඉඩ ප්‍රස්ථා විවර වනු ඇත. ඔහුගේ එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට කැරට් අලයක් දිගු කරන බව පැහැදිලිය.
ජපානයේ හෝ කොරියාවේ පිහිටුවා ඇති යුද කඳවුරු තරමටම වැදගත් වන මෙම සැපයුම් කේන්ද්‍රය පිහිටුවීම සඳහා නීතිමය ආවරණය සැපයෙන්නේ 2018 අගෝස්තු 28 දින ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සමඟ ඇති කරගත් ගිවිසුමක් මගිනි. එම ගිවිසුම නීතිමය ලියවිල්ලක් බවට පත් වන්නේ ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් හෙවත් කොන්දේසි වලට ශ්‍රී ලංකාව විසින් ලිඛිතව එකගත්වය පලකිරීම මගිනි. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ 1995 දී එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී ඇති කර ගත් සරල ගිවිසුමක් තව දුරටත් වර් ධනය කිරීමේ උපක්‍රමයකි. ඒ අනුව එම වසරේ පෙබරවාරි 9 දින සහිතව ඇමරිකානු ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් මැයි 16 දින සහිත ලිපියක් මගින් ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම තුලින් ඇතිකරගත් ගිවිසුම නව එකතුකිරීම සහිතව තව දුරටත් දීර් ග කොට ඇත.
එදා එම ගිවිසුම ඇතිකර ගන්නේ පුහුණු කිරීම් සහ සිවිල් කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු හමුදා නිලධාරීන්ට සහ සිවිල් නිලධාරීන්ට තානාපති මුක්තිය ලබා ගැනීම සඳහා ය. නමුත් දැන් එම ගිවිසුමට ‘ඇමුණුම බී’ යනුවෙන් නව කොන්දේසි ඇතුළත් කොට යුදමය සැපයුම් ආදී සියලු ක්‍රියාකාරකම් ඇතුලත්කොට ඇත. දැන් එම නව ගිවිසුමට අනුව ඇමෙරිකානු හමුදා සහ සිවිල් නිලධාරීන්ට පමණක් නොව ඇමෙරිකානු හමුදාවේ කොන්ත්‍රාත්කරුවන්ට සහ එම සමාගම්වල සේවකයන්ට ද තානාපති මුක්තිය ලැබේ. ඒ අනුව ඔවුන් විසින් ශ්‍රී ලංකාවට ගෙන එන හෝ ශ්‍රී ලංකාවෙන් පිට කරන කිසිදු භාණ්ඩයක් පරීක්ෂා කිරීම හෝ බදු අය කිරීම නොකළ යුතුය ඔවුන් ශ්‍රී ලංකාව තුළ යම් අපරාධයකට සම්බන්ධ වුවහොත් ඇමරිකානු නීතිය යටතේ නඩු දැමීම සඳහා ඇමරිකානු රජයට බාර දීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි.
මෙම ක්‍රියාවලිය හුදකලාව සිදුවන්නක් නොවේ. ඒ ආකාරයට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර හමුදා සැපයුම් කේන්ද්‍රයක් පිහිටුවීිමට සමගාමීව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද තවත් විශේෂ ව්‍යාපෘතියක් දියත් කොට ඇත. ඉහත සඳහන් කළ ආකාරයට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමින් පිහිටුවා ඇති ආයතනයක් මගින් ශ්‍රී ලංකාව තුළ දියත් කෙරෙන ව්‍යාපෘති දෙකක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක්(රු මිලියන 90,000ක්) වෙන් කොට ඇති බව වාර් තාවේ. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනයට එරෙහිව පවතින බාධක ඉවත් කිරීමේ නාමයෙන් අදාළ ව්‍යාපෘති දියත් කෙරේ. එක් ව්‍යාපෘතියක් මගින් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ආයෝජන කලාපයක් ඇතුළුව සමස්ත දිස්ත්‍රික්කය සඳහා සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කොට ඇත. ඒ සඳහා සුඛානා ජුරෝන්ග් නම් වූ සිංගප්පූරු සමාගමක් යොදාගෙන ඇත. එම සමාගම විසින් සකස් කළ ආයෝජන සැලසුමට අනුව ආයෝජන සදහා දායක වන්නේ ඇමරිකානු ඉන්දියානු සහ ජපාන සමාගම් පමණක් වීමද විශේෂයකි.
ඊට අමතරව එම බාධක ඉවත් කිරීම යටතේ ඉඩම් පරිහරණය ට අදාළ බාධක ඉවත් කිරීම සඳහාද සැලසුම් ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇත. ඊට අනුව ඉඩම් හිමිකම් සහ පරිහරණයට අදාළව නව පනත් දෙකක් සකස් කොට සම්මත කිරීමට නියමිත අතර එම ක්‍රියාවලියට අදාල තොරතුරු පද්ධතියක් ගොඩ නැගීම ද සිදුවේ. පළමු පනත ඉඩම් බැංකු පනත ලෙස හැඳින්වෙන අතර ඒ මගින් පුද්ගලික අංශයට ලබා දීම සඳහා සියලු රාජ්‍ය ආයතන සතු ඉඩම් ලියාපදිංචි කෙරේ. 1972 දී පිහිටවූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ද මෙම බැංකුව යටතට ගැනේ. ඒ අනුව එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලබාගත් ඉඩම් ආයෝජන නාමයෙන් නැවත ඒ අයටම දීම සඳහා මෙම පනත මගින් අවස්ථාව නිර් මාණය වේ. එම පනතට අනුව යම් දේශීය හෝ විදේශීය ආයෝජකයකුට ඉඩමක් අවශ්‍යනම් ඉඩම් බැංකුවෙන් තොරතුරු ලබාගෙන අයදුම් කළ හැක. එහිදී ඉඩම නිකුත් කිරීමේ අවසාන බලය අදාල රාජ්‍ය ආයතන භාරව අමාත්‍යවරයාට ලබා දී ඇත. ඒ අනුව එසේ ඉඩම් විකිණීම මගින් දේශපාලන අධිකාරියට තම මැතිවරණ ව්‍යාපාරයට අනුග්‍රහය ලබා ගැනීමේ අවස්ථාවවද උදා වේ.
ඇමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනය සඳහා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් නිර් දේශ කොට ඇති දෙවන පනත ඉඩම් විශේෂ විධිවිධාන පනතයි. ඒ මගින් බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට වාණිජ වටිනාකම අනුව විකිණිය හැකි සින්නක්කර ඔප්පු ලබා දීම සිදු වේ. එවිට ඉඩම් වෙළඳපල කාර් යක්ෂම වන බව ඔවුන්ගේ තර් කය වී ඇත. විශේෂයෙන්ම ඒ මගින් කෘෂිකර් මාන්තය අත්හරිමින් සිටින ගොවියා ඉඩම් විකිණීමට පෙළඹෙන බැවින් ඒවා එකතුකොට මහා ඉඩම් නිර් මාණය කොට මිලදී ගැනීමට අවස්ථාවක් මහා සමාගම් වලට ලැබේ. මේ සියල්ල වැදගත් වන්නේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ය. ආයෝජන ප්‍රවර්ධන සැලසුමට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පමණක් නොව ත්‍රිකුණාමලය සහ කොළඹ යාකරණ මහාමාර් ගය ආශ්‍රිත ‘ආයෝජන පටිය’ නම් වූ විශේෂ ආයෝජන කලාපය ද අයත් වේ. ඒ සියල්ල ත්‍රීකුණාමලයේ පිහිටුවන යුද සැපයුම් කේන්ද්‍රයේ දීර්ඝකාලීන පැවැත්ම සමඟ බැඳී ඇත.
දැන් ඒ සියල්ලට අමතර ව මේ මෙරිකානු ස්වේච්ඡා ව්‍යාපාරයක් වන ‘පීස් කෝප්ස්’ හෙවත් සාම බලකාය නැවත ශ්‍රී ලංකාවට පැමිණේ. ඔවුන් පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි ඉගැන්වීම සඳහාය. එසේනම් ඇමෙරිකානු උවමනාවන් අප රට තුළ අලෙවි කිරීම සහ සාධාරණීකරණය කිරීම සඳහා ඇමරිකානුවන්ගෙන් සමන්විත අලෙවිකරුවන් හෝ ඔත්තුකරුවන් බළඇණියක්ද රට තුළ ක්‍රියාල ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව ඇමරිකාවේ සැබෑ උවමනාව කුමක් දැයි වටහා ගැනීම සඳහා මෙම සමස්ථ පින්තූරයේ දිග පළල සහ හැඩතල ගැඹුරින් තේරුම් ගැනීමට සිදුවේ.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර
Comments
Post a Comment