කිරි ආර්ථිකයේ සැබෑ මුහුණු සහ වෙස් මුහුණු Get link Facebook X Pinterest Email Other Apps April 28, 2006 වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර මහතා විසින් මුරගල සඟරාව වෙත ඉදිරිපත් කළ ලිපියකි...වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර Get link Facebook X Pinterest Email Other Apps Comments
හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද? December 06, 2020 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ නාමයෙන් පසුගිය යහපාලන ආණ්ඩුව ඉන්දියානු සහ ජපාන ආණ්ඩු සමඟ 28/5/2019 වන දින අත්සන් කළ සහයෝගිතා ගිවිසුමේ මෙසේ සඳහන් වේ. ”කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය අත්පත් කර ගැනීම ඉන්දියාවට සහ ජපානයට භූ දේශපාලන උපායමාර්ගික වශයෙන් වැදගත් වේ.” යහපාලන රජයේ වරාය ඇමැති සාගල රත්නායක මහතා ”කණ අත්සන” ගැසූ එම ගිවිසුම අනුව පර්යන්ත මෙහෙයුම් සමාගමේ 49% ක අයිතිය ලබා ගන්නා ඉන්දියාවට එම පර්යන්තය කළමනාකරණය කිරීමේ අයිතිය ලැබෙන අතර ජපානයේ වගකීම පොලියට ණයක් ලබා දීම පමණි. එනම් වරායේ කළමනාකරණය අත්පත් කර ගැනීමට මාන බලන ඉන්දියාවේ අධානි නම් වූ සමාගම එක රුපියලක් හෝ ආයෝජනය නොකර කළමනාකරණ අයිතිය ලබා ගනියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ රජය ඩොලර් මිලියන 80 ක් වැය කොට ඉදිකළ ජැටිය අධානි අතට නොමිලේම ලැබේ. එම එකඟතාව අත්සන් කිරීමෙන් පසුව 29/5/2019 දින මාධ්‍ය අමතමින් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ රජයට මුදල් නොමැති නිසා සහ ඉන්දියාව සමඟ ගැටුම් ඇතිකර ගැනීමට නොහැකි නිසා එම ගිවිසුමට එළඹුනු බවය. ඒ අනුව ඉන්දියානු රජය නැගෙනහිර පර්යන්තය ඉල්ලා ශ්‍රී ලංකාවට බලපෑම් කළ බව සහ ගැ... Read more
දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය December 06, 2020 ජනාධිපතිවරයාගේ විධායක බලතල සියල්ල නැවත ශක්තිමත් කිරීමෙන් හෙවත් ජේ. ආර්. යුගයට ආපසු යාමෙන් තොරව රටට ගමනක් නොමැති බවට ආණ්ඩුවේ යම් පාර්ශ්ව තර්ක කරති. එම උවමනාව දැන් ඉටු වී ඇත. මෙම ලිපියේ මූලික අරමුණ ජනාධිපතිවරයාට 20 වන සංශෝධනයට පෙර තිබූ බලතල යොදා ගනිමින් වුවද ඉතා පහසුවෙන් රට වෙනස් කරන බොහෝ තීරණාත්මක ක්‍රියාමාර්ග ගත හැකි බව පෙන්වා දීමය. එසේ දැනට තිබෙන බලතල යටතේ ක්‍රියාත්මක කළ හැකි එහෙත් නොකරන දේ බලතල වැඩි වූ පමණින් ක්‍රියාත්මක වනු ඇති බවට සහතිකයක් ලබා දිය හැකිද? එසේ තිබෙන බලතල යටතේ කළ යුතු තීරණාත්මක දේ නොකරන්නේ නම් අන් කුමක් සිදුකළත් රට ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගත නොහැකි බව පෙන්වාදීමට සිදුවේ. එය සර් ව බලධාරී ජනාධිපති ජේ. ආර්. නොව සක්‍රයා නැවත පහළ වුවත් අදාළ වන බව සඳහන් කිරීමට සිදු වන්නේ කළ යුතු දේ ඒ තරමට තීරණාත්මක සහ මූලධාර්මික වන බැවිනි. වෙනත් වචනවලින් කියන්නේ නම් කොරෝනා වසංගතයට පෙර සිටම ප්‍රපාතයට ගමන් කරමින් තිබෙන රටේ ආර්ථිකය නැවත ගොඩ ගැනීම මුල්කරගෙන රටේ නිෂ්පාදන ආර්ථිකය උද්දීපනය කිරීම සඳහා අවශ්‍යවන මූලික පූර්ව කොන්දේසියක් සැපිරීමෙන් තොරව කිසිදිනෙක එම ආර්ථිකය ප්‍රපාතයෙන් ගොඩ ඒමට නොහැ... Read more
යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: March 27, 2020 ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුල ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය ක්‍රමයෙන් තහවුරු වන විට මහජනයා විසින් ඊට විවිධ හේතු සාධක ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ගෝඨාභය රාජපක්ෂ නම් වූ දේශපාලනයේ කුරුවල් නොවූ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාගේ අතීත භූමිකාව පමණක් නොව ඔහු විසින් මැතිවරණ ක්‍රියාවලිය තුල පෙන්වූ උසස් නායකත්ව ගුණය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රභල සාධකයක් බවට විවාදයක් නැත. ඔහු විසින් තර්කාණුකූලව ඉදිරිපත් කළ තිරණාත්මක ප්‍රතිපත්තිමය කාරණා පිළිබව ප්‍රභල මහජන අවධානයක් යොමුවූ බවද සත්‍යයකි. එහෙත් ඔහු විසින් ඉදිරිපත් කළ යම් පොරොන්දු පිළිබඳව මහජනයා විශේෂ අවධානයක් යොමුකළ බව පිළිගත නොහැක. ඊට හේතුව ව්‍යාජ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ ක්‍රියාවලියේදී ඔහුට තම ප්‍රතිවාදියා ආසන්නයටවත් ලඟාවීමට නොහැකි වීමය. කෙසේ වෙතත් මැතිවරණ ක්‍රියාවලිය තුළ බහුතර සිංහල ජනතාව, විශේෂයෙන්ම සිංහල, බෞද්ධ ජනතාව අතර වර්ධනය වූ අනාරක්ෂිත මනස ජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් වු බව පිළිගැනීමට සිදු වේ. ඒ බව බිම් මට්ටමේදී ජනතාව සමඟ සංවාදයේ නියුක්ත වූ දේශපාලන නායකයින්ට නම් රහසක් නොවේ. ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත් වල දෙමළ ජනතාවගේ කැමැත්ත සහ සමස... Read more
Comments
Post a Comment