13න් එහාට යාම සහ 13මත ගොඩනැගීම:



මත දෙකේ යටි අරමුණු

මේ දිනවල ජාතිවාදී දේශපාලන විද්වතුන් යයි කියා ගන්නා පිරිස් සහ ටී.එන්.ඒ පක්ෂයේ න්‍යායාචාර්යවරුන් අතර බරපතල මතවාදී ගැටුමක් පවතින බවට විවිධ ක‍්‍රමවේද මගින් හුවා දැක්වේ. ඒ අතර ටී.එන්.ඒ පක්ෂයේ ඊනියා‘‘මධ්‍යස්ථ මතධාරීන්’’ සහ ‘‘ බෙදුම්වාදී අන්තවාදීන්’’ අතර මාරාන්තික ගැටුමක් ඇතිවී තිබෙන බවටද විවධ විර්තා නිර්මාණය වේ. එම ගැටුම් තුලින් මහජනයාට පෙන්වීමට උත්සහ කරන්නේ ව්‍යවස්ථාවට අදාළව ටී.එන්.ඒ පක්ෂය යම් මධ්‍යස්ථ තැනකට පසු බැසීමට යථාර්තවාදී වුවත් අන්තවාදීන් නව ෆෙඩරල් ව්‍යවස්ථාවක්ම ඉල්ලා සිටින බවයි. ඒ මගින් ප‍්‍රධාන වශයෙන් බහුතර සිංහල ජනතාවගේ මනස තුල ගම්‍ය වන්නේ අන්තවාදීන් භයානක වුවත් මධ්‍යස්ථවාදීන් ‘‘බෙදුම්වාදී අන්තවාදීන්’’ ඉල්ලා සිටින්නේ නැති බවයි. අන්තවාදීන් පරාජය කිරීම සදහා මධ්‍යස්ථවාදීන්ගේ මතයට එකගවීම තර්කානුකූලයැයි මතයක් ඒ මගින් තහවුරුවේ. 

ඒ ආකාරයට ම්‍යස්ථ මතධාරී සහ අන්තර් මත අතර පවතින ගැටුම අතිශෝක්තියෙන් සමාජගත කිරීම සදහා පසුගිය දිනවල විශේෂ සම්මන්ත‍්‍රණයක්ද සංවිධානය කොට තිබුණි. එහිදී නාට්‍යමය ආකාරයට එම ගැටුම  ඉදිරිපත් කෙරිනි. එහිදී දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ ඉහත සදහන් කළ අන්තර්වාදී සහ මධ්‍යස්ථ යන පාර්ශව දෙකට අමතරව තවත් තුන්වන පාර්ශවයක්ද සිටින බවයි. ඒ අනුව අන්තවාදීන්ගේ ඉල්ලීම වන්නේ බුද්ධාගමට හිමි තැන සහ ඒකීය යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ආකාරයට නව ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලබා ගැනීමය. ඒ තුළ සැගවී ඇති අනෙක් මතය වන්නේ රට ෆෙඩරල් කිරීමට නම් ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය ඉවත් කළ යුතු බවය. එහෙත් ව්‍යවස්ථා විරුද්ධවාදීන්ගේ මතය වන්නේ ව්‍යවස්ථාවේ ඒකීය වචනය එසේ තිබියදී රට ෆෙඩරල් කළ හැකි බවය. සුමන්තිරන් මන්ත‍්‍රීවරයාද එය අනුමත කර ඇත.

කෙසේ වෙතත් ඊනියා මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වන්නේ එවැනි නව ව්‍යවස්ථාවක් වෙනුවට 13වන සංශෝධනය ඉක්මවා යන බලතල ලැබේනම් සෑහීමට පත්විය හැකි බවයි. එසේනම් ඉහත සදහන් කළ තුන්වන පාර්ශවයේ මතය කුමක්ද? ඔවුහු ඉතා සුවිශේෂී මතයක් ඉදිරිපත් කරති. ඊට අනුව 13වන සංශෝධනයෙන් එහාට නොයා යුතුය. නමුත් ඒ මත තවදුරටත් ගොඩනැගිය යුතුය. එම මතය අනුව 13මත ගොඩනැගීම යනු වර්තමාන ව්‍යවස්ථාවේ පවතින 13වන සංහෙෘ්ධනය මගින් ලබා දී ඇති බලතල ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට නව ප‍්‍රතිපාදන මගින් එය තවදුරටත් එය ශක්තිමත් කිරීමය. ඒ මගින් ගම්‍ය වන්නේ තිබෙන  බලතල සිරස් අතට තවදුරටත් ශක්තිමත් කෙරෙන බවය.

එනම් ඊනියා මධ්‍යස්ථ මතධාරීන්  13 වන ව්‍යවස්ථාව ඉක්මවා යන ආකාරයට තිරස් අතට නව බලතල ප‍්‍රමාණයක් එකතු කරමින් 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමද? පවතින 13වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට ඊට තිරස් හෝ සිරස් යන යන කුමන ආකාරයට බලතල එකතු කළත් ඒ මගින් 13 වැනි සංශෝධනය ඉක්මවා යන බෙදුම්වාදී බලතල ප‍්‍රමාණයක් ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට උත්සාහ කෙරෙන බව කුඩා දරුවන්ට වුවද තේරුම් ගත හැක. ඒ අනුව ‘‘ සිරස් 13  සහ තිරස් 13 අතර ගැටුම මහජනයා නොමග යැවීම සදහා කෙරෙන නාට්‍යය ඉදිරිපත් කිරීමක් බව පැහැදිලිව පෙනේ. 

ඊනියා මධ්‍යස්ථ මතධාරීන් සහ තුන්වන පාර්ශවය අතර මත ගැටුම ව්‍යාජයක්නම් මධ්‍යස්ථ මතධාරීන් සහ අන්තවාදීන් අතර පවතින ගැටුම කුමක්දැයි කෙනෙකුට ප‍්‍රශ්න කළ හැත. පිළිතුර ලෙස කිවහැක්කේ එයද එක්තරා ආකාරයක ව්‍යාජයක් බවය. එසේනම් මේ නාට්‍යයේ නාට්‍යයේ සැෑ අරමුණ පැහැදිල කරන්නේ කෙසේද? මෙම පාර්ශව ත‍්‍රිත්වය අතර කෙරෙන ව්‍යාජ සංවාදය පැහැදිලි කළ හැක්කේ සැබෑ ලෙසම බෙදුම්වාදීන්ට අවශ්‍ය කුමක්ද යන්න තේරුම් ගැනීමෙනි. 

ඉන් පසුව එසේ ඔවුනට අවශ්‍යදේ ලබා ගැනීම සදහා කේවල් කිරීමේදී බහුතර සිංහල ජනතාව ගොනාට ඇන්දවීම සදහා යොදා ගන්නා මානසික යුද උපක‍්‍රම තේරුම්ගත යුතුය. බෙදුම්වාදී බලවේග වලට මූලික වශයෙන් තාක්ෂණිකව අවශ්‍ය වන්නේ නීත්‍යානුකූලව වෙනම රාජ්‍යයකට ආසන්න බල ව්‍යුහයක් හෙවත් ෆෙඩරල් බලතල සහිත රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමය. ජාත්‍යන්තර අත්දැකීම් අනුව ඒ සදහා ක‍්‍රමවේද දෙකක් යොදා ගැනේ. පළමුවැන්න ව්‍යවස්ථා සංශෝධන මගින් එවැනි රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය කිරීමය. දෙනව ක‍්‍රමය වන්නේ සුඩානය බෙදා වෙන්කිරීම සදහා යොදාගත් ක‍්‍රමය වන ජාත්‍යන්තර ගිවිසුමක් මගින් රාජ්‍ය පාලන ව්‍යුහයක් නිර්මාණය කිරීමය. 2002 දී ශ‍්‍රී ලංකාවේදී  සටන් විරාම ගිවිසුම හරහා තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කරමින් ක‍්‍රමවේද දෙක දෙමුහුන්  කිරීමේ උත්සාහයක් දියත්විය.

 ව්‍යවස්ථානුකූලව මෙනම රාජ්‍යයකට ආයතන බලතල සහිත ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමෙන් පසුව වෙනම රාජ්‍යයක් දක්වා යන ගැටුම සහිත මාවත නීතයානුකූල හෝ ව්‍යවස්ථානුකූල නොවේ. නමුත් එම ගැටුම් නිර්මානය කරනු ලබන්නේ නීත්‍යානුකූල බලතල ක‍්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ නොදෙනවා යන තර්කය මතය’ ඒ අනුව එම ගැටුම් සාධාරනීය නකකරණය කිරීම සදහා නිරායුධ මහජනයා වීදි සටන් වලට යොමු කොට ඔවුන්ගේ මළ මිනී මතින් ජාත්‍යන්තර මැදිහත් වීමට ආරාධනා කරනු ලැබේ. ඒ පිළිබදව හොදම උදාහරනයක් කොන්ගෝව රාජ්‍ය වෙන් කිරීමේදි සර්බියන් හමුදාවට එරෙහිව නේටෝ ප‍්‍රහාර කැදවීමේ උපක‍්‍රම තුලින් ඉගන ගත හැක. ආර් සම්බන්ධන් මහතාගේ ප‍්‍රකාශයකට අනුව ඔවුන් ඊළාම් අරමුණ අතහැර නැත. එහෙත් ඔවුන් ඒසදහා යොදාගන්නා උපායමාර්ගය වෙනස්කොට ඇත. එනම් යුද්දය වෙනුවට‘‘ගාන්ධිවාදී’’ මහජන වීදි සටන් යොදා ගැනීමට එම සටන් වලට රජයේ හමුදා පහර දුනහොත් මැදිහත් වන ලෙස ඔහු ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලා සිටී. එසේනම් බෙදුම්වාදී උපාය මාර්ගය අනුව වෙනම රාජ්‍යයකට ආයතනික බල තල සහිත ෆෙඩරල් රාජ්‍යයක් ලබා ගැනීම සදහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යද? එසේ උවහොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්නෙකාට එය ශක්තිමත් කිරීමෙන් පමණක් එම අරමුණ ඉටු කරගත හැකිද? 

හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව 13 වැනි සංශෝධනය මගින් ඉන්දියාවේ පවතිනවාටත් වඩා බරපතල ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණයවේ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ පළාත් විෂයකට අදාළව මධ්‍යම රජය විසින් නීතියක් සම්මත කරන්නේනම් ඒ සදහා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය ප‍්‍රමාණවත්වේ. නමුත් ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය බහුතරය ප‍්‍රමාණවත්වේ. නමුත් ශ‍්‍රී ලංකාවේ 13 වැනි සංශෝධනයට අනුව එවැනි නීතියක් සම්මත කිරීම සදහා ව්‍යවස්තාවක් සංශෝධනය කිරීම සදහා අවශ්‍ය විශේෂ බහුතරය අවශ්‍යවේ.  එසේනම් 13 වැනි සංශෝධනය මගින් හුදු වචන මාත‍්‍රයක් පමණක් බවට පත්කොට න්‍යායාත්මකව ෆෙඩරල් රාජ්‍යයක් බිහිනොට ඇත. එසේනම් බෙදුම්වාදීන් දිගින් දිගටම එම රාජ්‍ය ව්‍යුහය බාර ගැනීමට අකමැති වන්නේ ඇයි? එයට හේතුව 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව යම් බාධක ප‍්‍රමාණයක් පැවතීම සහ එය තව දුරටත්  ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබීමය.

හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව එම බාධක පැනවෙන්නේ විධායක ජනාධිපතිවරයාට සෘජුව සහ ආණ්ඩුකාරවරයා හරහා ක‍්‍රියාත්මක කළ හැකි බලතල නිසාය. එම බලතල ඉවත් කළහොත් හෝ ව්‍යවස්ථාවේ වචන හරඹ මගින් දුර්වල කළහොත් 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරමින් ෆෙඩරල් රාජ්‍යක් නිර්මාණය කිරීමට හැකිවේ. ව්‍යවස්ථා සම්පාදක සභාවට ඉදිරිපත්වූ උප කමිටු වාර්තාවල සදහන් යෝජනා අතරින් ප‍්‍රධාන වන්නේ එසේ 13වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත් කිරීමය. 

බෙදුම්වාදී මාර්ග සිතියම තුළ බාධාවකින් තොරව ඉදිරියට යාම සදහා එම බාධක ඉවත් කිරීම පමණක් ඉවත්කිරීම පමණක් වුවද ප‍්‍රමාණවත්වේ. එහෙත් එවිට එම මාර්ග සිතියම ඔස්සේ බලතල භුක්ති විදිමින් නීත්‍යානුකූලව යාමට බලාපොරොත්තු වන දුර අඩුවේ. එනම් මධ්‍යම රජයට එම ගමනට එරෙහිව යම් නීත්‍යානුකූල බාධක පැනවීමට ඉඩක් ලැබේ. වෙනත් වචන වලින් කියන්නේනම් එවිට බෙදුම්වාදීන්ට මහජන වීදි සටන් හරහා ජාත්‍යන්තර මැදිහත්වීමට පාර කපන කනුවම ගැලවීමට පෙර මධ්‍යම ආණ්ඩුවේ නීත්‍යානුකූල කකුලෙන් ඇදිලි වලට මුහුණ දීමට සිදුවේ.

යහපාලන ආණ්ඩුව යටතේ ලැබී ඇති වාසිදායක තත්වය තුල එවැනි කුඩා ඇවාසියකට වුවද මුහුණ දීමට බෙදුම්වාදීන් සූදානම් නොවනු ඇත. ඔවුන් 13වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට එනම් එය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කොට ඉන් ඔබ්බට යා යුතුයයි කියන්නේ ඒ නිසාය. ඊනියා මධ්‍යස්ථ බෙදුම්වාදීන් සහ ජාතිකවාදීන්ට හිතවාදී බව පෙන්වන ඊනියා බෙදුම්වාදී විරෝධී තුන්වන පාර්ෂවය විසින් 13වන සංශෝධනයෙන් එහාට යාම සහ ඒ මත ගොඩනැගීම යනුවෙන් දෙයාකාරයකට ඉදිරිපත් කරන්නේ ඒ එකම අවශ්‍යතාවය බව ඉතා පැහැදිලිව පෙනේ. එවැනි් තත්වයක් තුල බෙදුම්වාදී බලවේග විසින් දියත්කොට ඇති ක‍්‍රියාවලිය පරාජය කිරීමටනම් එකම අවශ්‍යතාවය වෙනස් මත දෙකක් ලෙස ඉදිරිපත් කිරීමේ මානසික යුද උපක‍්‍රමය තේරුම්ගත යුතුය. දෙවනුව 13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම මගින් බෙදුම්වාදීන්ගේ මූලික තාක්‍ෂණික අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉටුවන්නේනම් නම් න ව්‍යවස්ථාවක් ඉල්ලමින් රන්ඩු කිරීමේ මානසික යුද උපක‍්‍රමයද තේරුම්ගත යුතුය. කෙසේ වෙතත් මහා පින්තූරය තේරුම් ගැනීම සදහා දෙවන මානසික යුද උපක‍්‍රමය පළමුව තේරුම් ගැනීම වැදගත්වනු ඇත. ඇත්ත වශයෙනක්ම ඇය එය ඉතා පැරණ්ි ප‍්‍රාථමික උපක‍්‍රමයකි. එනම් මහා විශාල ඉල්ලීමක් ඉදිරිපත්කොට ‘‘ සුළු දෙයකට’’ එකග වීමය. ඒ මගින් මහජන මනසේ පමනක් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් තුලද සුභවාදී මනෝභාවයක් තහවුරුවේ. නමුත් සැබවින්ම ඒ ‘‘සුළුදේ’’ හරයෙන් ‘‘මහදේට’’ සමාන වන අතර ඒ සුළුදේ ලබා ගැනීම මගින් මූලික බෙදුම්වාදී උපාය මාර්ගික අවශ්‍යතාවය ඉටුවේ.

ඒ ආකාරයට නව ව්‍යවස්ථාවක්සදහා වූ ඉල්ලීම් අතහැරීමට න්‍යායාත්මකව බෙදුම්වාදීන්ට ගැටළුවක්නොවේ. නමුත්නව ව්‍යවස්ථාවක් ඉල්ලීම මගින් සිංහල ජනයාගේ මොළ සේදීම සදහා පදනමක් දමා ගන්නා ආකාරයට දෙමළ අන්තවාදී පාර්ශව සතුටු කිරීමද අරමුණු කෙරේ. දෙමළ ජාතිකවාදය යුද්ධයෙන් දණ ගැස්සූ සිංහල ජාතිකවාදය දණ ගැස්සවිය හැක්කේ කෙසේ හෝ ව්‍යවස්ථා සටනින් සිංහල ජාතිකවාදීන් පරාජය කිරීම මගිනි. ඒ පිළිබද විවාදයක් නැත.  එහෙත් සිංහල ජාතිකවාදයට පරපීඩකකාමීව පහරදීමේ මානසික උවමනාව තෘප්තිමත් වන්නේ නව ව්‍යවස්ථාවක් මගින්  බුද්ධාගමට හිමි තැන අහිමි කිරීම ,ඒකීය වචනය ඉවත්කිරීම, ජාතික කොඩිය වෙනස් කිරීම සහ ජාතික ගීය වෙනස් කිරීම වැනි ඉල්ලීම් මගිනි. ඒ මගින් තවත් අතුරු උවමනාවක්ද ඉටුවේ. එනම් සුමන්තිරන් මන්ත‍්‍රීවරයාම කියන ආකාරයට මෝඩ සිංහල ජනතාවට එවැනි ලේබල්ගැනකරදර වීමට ඉඩ හැර සැබෑ බෙදුම්වාදී ප‍්‍රතිපාදන පිලිබදව කථිකාව යටපත් කළ යුතුය.

ඉහත සදහන්කළ පළමු යුද උපක‍්‍රමය හෙවත් 13 වන සංශෝධනය බලාත්මක කිරීමට අදාළව 13න් එහාට යාමට සහ 13 මත ගොඩනැගීම යනුවෙන් ආයතන වශයෙන් සමාන මතදෙකක් දෙපිරිසක් දෙකට බෙදී ඉදිරිපත්කරන්නේකුමක් නිසාද? පළමුවෙන්ම ඒ මගින් ඒ ආකාර දෙකෙන් කුමන ආකාරයට එකග වුවත් නව ව්‍යවස්ථාවක් ....භයානක හානි බවට මතයක් තහවුරුවේ. දෙවැන්න මධ්‍යස්ථ බෙදුම්වාදීන් සහ ජාතිකවාදීන්ට හිතවත් බව පෙන්වන තුන්වන පාර්ශවය අතර පරස්පරයක් හෝ ගැටුමක් තිබෙන බව පෙන්වීමය. ඒ මගින් තුන්වන පාර්ශවය හෙවත්ජාතිකවාදී සළු පිළි පොරවාගත් පිරිස් වලට ජාතිකවාදී ජාතිකවාදී බලවේග උතර වැඩි පිළිගැනීමක් ලැබේ. එම පිලිගැනීම භාවිතාකොට එම බලවේගවලමොළ සේදීමේ බලයක්ද මෙම ව්‍යාජ ජාතිකවාදීන්ට ආරෝපණය වේ. එමනිසා ඒ මගින් තුන්වන පාර්ශවය විසින් ඉදිරිපත්කරන යෝජනාව සහ ඊනියා මධ්‍යස්ථ බෙදුම්වාදීන්ගේ යෝජනාව අතර තාක්‍ෂණික වෙනසක් නොමැතිි වුවත් එක් යෝජනාවක් ජාතික බලවේග වලට ගිල්ල වීමට ඉඩ ඇත. 

මෙම මහා පින්තූරය තුළ 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙෂ ගෙන එන්නේ ඉහතසදහන්කළ ව්‍යාජ ජාතිකවාදීන්ට ගිල්ලවනු ලබන යෝ ජනාව බවට කිසිදු සැකයක් නැත.එනම් 19 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධකඉවත්කොට ඒ මතතව දුරටත් ගොඩනගමින් එය ශක්තිමත් කරන යෝජනාවලියකි. එවිට යම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් 13 න් එහාට යාමට ඉඩ නොදුන් බව පවසා උදම් ඇනීමටද ඉඩ ඇත. ඊට අමතරව තවත් පිරිසක් තමා ව්‍යවස්ථා සම්පාදකසභාව කුළ දිගටම රැුදී සිටි බැවිින් භයානක නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය පරාජයකොට ‘‘හානිදායක නොවන’’ සංශෝධනයක් ගෙන ඒමට හැකිවූ බවට උදම් අනනු ඇත. එවිට ශ‍්‍රී ලාංකික ජාතියට ඉතිරි වන්නේ එම සංශෝධන වලට විශේෂ බහුතරය ලබාදෙන මන්ත‍්‍රීවරුන්ට පමණක් නොව ඊට ඉඩ සලසමින් නිහඩව සිටි අයටද සදාකාලිකව සාපකරමින් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයේ අවසන් ජවනිකාව පෙළගැස්සීමේ අවස්ථාව පමණි. 

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර 

                                                                                                  


Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: