1956 ජයග‍්‍රහණයේ රහස - පුර්විකාව


      සැප්තැම්බර් 02 වනදා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගැනිමෙන් පසුව එම පක්‍ෂය ඉකල්ල කළ අනගාරික ධර්මපාලතුමා විසින් අවධිකල ජාතිකවාදී බලවේග ඒකරාශී කිරීමට පුළුල් දැක්මක් හෝ වැඩපිළිවෙලක් තිබුණේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ 1952දී පැවති මහා මැතිවරණයේදී එස්.බඞ්ලිව්. ආර්ඞී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ඡුන්දයට ඉදිරිපත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බරපතල පරාජයක් අත්පත් වීමයි. එදා සමාසමාජ පක්‍ෂය ආසන 9ක් දිනාගන්නා විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද දිනාගත හැකි වූයේ අංසන 9කි. ලබාගත් ඡුන්ද ප‍්‍රමාණය අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විපක්ෂ නායකකම හිමි වුවද බලවත් එක්සත් ජාතික පක්‍ෂය පෙරලා දැමීමට මහා සමාජ බලවේගයක් ඇවිලවීමේ හැකියාව ඔවුන්ට නොතිබුනි.
 1951

                නමුත් 1956දී මහා බලසම්පන්න එක්සත් ජාතික පක්‍ෂය පරදවා ජයග5හණය අත්පත්කරගත හැකිවූයේ අනගාරික ධර්මපාලතුමා විසින් අවධිකොට ඒ වන විට නිද්‍රශිලීව සිටි ජාතිකවාදී බලවේග අවධිකිරීමට මහා අවස්ථාවක් ඉතිහාසය විසින් නිර්මාණය කළ බැවිනි. ඒ 1956 පෙබරවාරි 4 වැනිදා නිකුත් කරනක ලද බෞද්ධ තොරතුරු පරීක්‍ෂණ සභාවේ නිර්දේශ මගින් උද්දාමයට පත් වූ ජාතිකවාදී සම්පාදනය කිරීමට සමත්වීම නිසාය. එදා 1956 මාර්තු 03 වැනිදා හේනිපිට ගෙදර ඥානිසංහ හිමිපාණෝ, සහ මැද්ගොඩ සුමනතිස්ස හිමිපාණෝ ප‍්‍රමුඛ එක්සත් භික්‍ෂු පෙරමුණ විසින් දස පනතක් ඉදිරිපත් කොට එය පිළිගන්නා පක්‍ෂයට ඉදිරි මැතිවරණයේදී ඡුන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ. එදා එම සභාවට සහභාගී වූ බණ්ඩාරනායක මහතා තමා එම දස පනත හිස් මුදුනින් පිළිගන්නා බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කොට ඒ ජාතික වාදී න්‍යාය පත‍්‍රය තම අතට ගත්තේය.ත එම නිර්භිත පියවර 1956 මහ ජයග‍්‍රහණයට හේතු විය. අද වන විට එදා 2009 යුද ජයග‍්‍රහණයෙන් පසුව ජාතිකවාදී බලවේග නොසලකා ජාතිවාදී බලවේග නොසලකා ජාතිවාදී බලවේග වලට යත්ව මහින්ද රාජපක්‍ෂ මහතා තම දේශපාලන ගමන 1952 දක්වා ආපසු රැුගෙන ගොස් ඇත. ඒ නිසා ඉතිහාසය නැවත ප‍්‍රතිනිර්මාණය කරමින් සියළු ආකාරයේ ජාතිවාදී ප‍්‍රවනතාවයන් පරාජය කොට සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් මහා සමාජය අවධි කිරිමේ ඉඩක් විවර වී ඇත. එම තත්වය තුළ එදා හේන්පිටගෙදර ඥානසිංහ පරපුරේ භික්ෂූන් වහන්සේලාට ඉතිහාසය විසින් නව භූමිකාවක් නිර්මාණය කොට ඇත.


බණ්ඩාරනායක මහතාගේ ජයග‍්‍රහණයට මුල් වූ එදා 1956 දී එක`ග වූ දසපනත

                01. සියලූ ක‍්‍රියාවන්හි අවිහිංසා ප‍්‍රවෘත්ති අනුගමනය කිරීම
                02. කවර ස්වරඋපයකින් හෝ පැමිණෙන අධර්මයට හෝ මැර බලයට විරුද්ධව ක‍්‍රියා කිරීම.
                03. බෞද්ධ කොමිසන් සභාවේ වාර්තාවේ යෝජනා ක‍්‍රියාත්මක කිරීම
                04. රාටේ රාජ්‍ය භපාෂාව සිංහල විය යුතු හැටියට වහාම නීති සම්පාදනය කිරීම හා එය                        ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැම ම`ගක්ම ගැනීම.
                05. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දියුණුවක් , ආරක්‍ෂාවන් සලසීම සහ පැසිස්ට් ඒකාධිපති ආණ්ඩුවක් හෝ              කොමියුනිස්ට් ඒකාධිපති ආණ්ඩුවක් ඇති කිරීමට අදාලවන දේ වැළැක්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග                    සකස් කිරීම සහ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව කර තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි සංවිධානද,                                ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාවන්ද වෙනස් කිරීම.
                06. ජාතික කලා ශිල්ප, ආයුර්වේද හා අනෙතුක් ජාතික උරුමයන්ට අයත් සකලාංග පුනර්ජීවනයට                   පත්කිරීම සහ චාම් ජීවිත අනුගමනය කිරීම.
                07. තම තමන්ට අභිමත ආගමක් විශ්වාස කිරීමට හා ඇදහීමට ඇති සම්පූර්ණ නිදහස දීමටද                 ආගම් භේදයක් නොමැතිව සියළු දෙනාට සමාන ලෙස සැලකීමද සහතික වන අතර මේ රටේ                        වැඩි ජනතාවගේ ආගම වන බුද්ධාගමට මේ රටේ හිමි තැන පිළිගැනීම.
                08. රටේ සියලූ තරාතිරමේ අයට සතුටුදායක ජීවන තත්වයක් ලබාදීමට නොවරදින සේ කටයුතු                       පිළියෙල කිරීම.
                09. ධනය සෑම දෙනකම අතර වඩා සාධාරණව බෙදීයන සේ කටයුතු පිළියෙල කිරීම.
                10. ජාති මමත්වයේ දියුණුවට බාධාවන පරිදි ජාතිභේද විදහා පාන දියුණු කරන එමෙන්ම ජාතින                      අතර අසමගිය හා අසමානකම් ඇති කරවන කිසිම සංස්ථාවකට ආණ්ඩුව ආධාර නොදීමට              වගබලා ගැනීම.

නූතන දස පනත

                01. අවිහිංසාවාදී ප‍්‍රතිපත්ති අනුගමණය කරමින් පසුගිය ආණ්ඩු පෙරළියෙන් පසුව සිදුවූ නොයෙකුත් දේශපාලන අකට යුතුකම් සහ පළිගැනීම් නැවත සිදු නොවීම සඳහා මැදහත් සහ උසස් මනසින් ඊට දායකවූ සියළු දෙනාම පොදු සමාවක් ලබාදීම සහ පටු දේශපාලන ගැටුම් අවසන්කොට සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ථ ජාතියම පොදු ජාතික දියණුව සඳහා පෙළ ගැස්වීම. මුල්කරගෙන මෙම මූලික ප‍්‍රතිපත්මය රාමුවට එක`ගවීම.

                02. සියළුම ආකාරයේ අධර්මයට, මැර බලයට විදේශිය බලපෑම්වලට සහ විවිධ ජාතිකවාදී බෙදුම්වාදී බලවේගවල දේශපාලන කේවල් කිරිම් වලට යාටත් නොවීම. ඊට අනුව මත්කුඩු, කැසිනෝ සහ පාතාල ක‍්‍රියාකාරකම් වලට විරුද්ධව සියළු බලය යොදා ඒවා මැඩ පැවැත්වීම සහ සිංහල, දෙමළ මුස්ලිම් සියළු ජනතාව යුද්ධයේ පීඩාවෙන් ගලවාගෙන විරෝධාර රණවිරුවන්ට දඩුවම් කිරීම සඳහා කරනු ලබන ජාත්‍යන්තර බලපෑම් වලට යටත් නොවීම.

                03. 2013 බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව විසින් පෙන්වාදෙන ශ‍්‍රී ලංකාවට හතුරු අධිරාජ්‍යවාදී බලවේග විසින් දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්‍ෂෙත‍්‍රවල සිදුකරන විවිධ ස්වරූපයේ ආක‍්‍රමණ වලට එරෙහිව ජාති, ආගම්,බේදයකින් තොරව සමස්ථ ජාතියම මෙහෙයවීම සඳහා සියළු ජාතිකත්ව, සහ ආගමික නියෝජනය සහිත ජාතික උපදේශක සභාවක් පත් කිරීම.

                04. සිංහල භාෂාව රටේ නිල රාජ්‍ය භාෂාව ලෙසත් දෙමළ භාෂාව දෙවන නිළ රාජ්‍ය භාෂාව ලෙස පිළිගන්නා අතර භාෂාව හෝ ජාතිකත්වය හෝ ආගම මත කිසිදු පුරවැසියකුට වෙනස්කමක් සිදු නොවන ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් සියළු පුරවැසියන්ට එක සමානව සලකීම සහ ඊට අදාල පැමිණිලි විළඵාග කොට සාධාරණ නිවැරදි කිරීම් රජයට නිර්දේශ කිරීම සඳහා ජාතික සමානාත්මතා කොමිසමක් පිහිටුවීම.

                05. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා ජන සම්මුතිවාදයේ ආරක්‍ෂා කිරිම සඳහා දේශපාලන පක්‍ෂ විසින්                   මහජන නියෝජිතයන් සහ පොදු මහජනතාව වෙත එල්ල කරනු ලබන බලපෑම් අවම කිරීම                සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් ඇතුළු සියළු මහජන නියෝජිතයන්ට හෘද සාක්‍ෂියට එක`ගව පොදු මහජන යහපත සලකා කටයුතු කිරීමට ඉඩ සැලසීම සහා පොදු මහජනයාට තමා ජීවත්වන ප‍්‍රදේශයේ සිට රාජ්‍යපාලනයට සම්බන්ධවීම සඳහා ගම්සභා/ජනසභා මට්ටමින් පාලන ව්‍යුහයක් සකස් කිරීම.

                06. ජාතික සංස්කෘතික අං`, කලා ශිල්ප, දේශිය වෛද්‍ය ක‍්‍රමය ඇතුළු ජාතික උරුමයන්ට අයත්         සකලාංග පුනර්ජීවනයට පත් කිරීම සහ එම ක‍්‍රියාවලයි තුළ ජාතික සමගියට, සංහිදියාවට සහ ප‍්‍රතිසන්ධානයට අවශ්‍ය මූලික පදනම සකස් කිරීම.

                7. තමතමන්ට අභිමත ආගමක් විශ්වාස කිරීමට හා ඇදහීමට ඇති සම්පූර්ණ නිදහස දීමටද                    ආගම් බේදයක් නොමැතිව සියලූ දෙනාට සමාන ලෙස සැලකීමද සහතික වන අතර රටේ                  බහුතර ජනතාවගේ ආගම වන බුද්ධාගමට ඓතිහාසික සහ සංස්කෘතික වශයෙන් හිමි නිසිතැන පිළිගැනීම. සිංහල දෙමළ මුස්ලිම් පොදු ජාතිමාමකත්වයේ දියුණුවට බාධාවන පරිදි ජාති බේද, ආගම්බේද, කුල බේද, විදහාපාන සහ ප‍්‍රචලික කරන, ජාතිකත්ව අතර අසමගිය මසහ අසමානකම් ඇතිකරවන ක‍්‍රියාමාර්ග වලට කිසිදු ඉඩක් ලබා නොදීම.

                08. රටේ සිදුවන තරාතිරම්වල ජනතාවට, විශේෂයෙන්ම බහුතර ග‍්‍රාමීය ජනතාවට සතුටුදායක              ජීවන තත්වයක් ලබාදීමට නොවරදින සේ විශේෂ ප‍්‍රමුඛතාවයකින් කටයුතු කිරීම. රටේ බහුතරයක්                   වන ගොවි ජනතාවට විශේෂයෙන්ම වී ගොවියාට සහ කිරි ගොවියාට තම සම්ප‍්‍රදායානුකූල ජීවන                වෘත්තීය බාධාවකින් තොරව කරගෙන යාම සඳහා බහු ජාතික ආහාර සමාගම් විසින් ආයනික                 ආහාර ප‍්‍රතාපනය කිරීම වැලැක්වීම, රටේ පොදු ජනතාවගේ ආහාර සුරක්ක්‍ෂිතතාව තහවුරු                         කිරීම සහ වස විස නැති, පොෂ්‍යදායී සහ ආරක්‍ෂාකාරී ආහාර මහජනයාට ලැබෙන බව සහතික                        කිරීම.  

                09. බහුතර ජනතාව අතර සාධාරණ බෙදී යාම සහතික කිරීම සඳහා සාධාරණ බදු ප‍්‍රතිපත්තියක්                       සකස් කිරී, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය උතුම් වූ ශුද්ධවූ රාජ්‍ය සේවාවක්                     ලෙස තහවුරු කිරීම සහ දියුණු කිරීම.

                10. රටේ සිංහල, දෙමළ, මුස්ලිම් පොදු ජාති මාමකත්වයේ දියුණුවට බාධාවන පරිදි ජාතිබේද,                   ආගම්බේද, හෝ කුල බේද විදහා පාන හෝ වර්ධනය කරන හෝ ප‍්‍රචලිත කරන සහ ජාතිකත්ව                   අතර අසමගිය සහ අසමානකම් ඇතිකරවන ක‍්‍රියා මාර්ග වලට කිසිදු ඉඩක් ලබා නොදීම. විවිධ               ජාතිවාදී බලවේග වල නායකයන්ට යටත් වී ඔවුන්ට ලබාදෙන වරප‍්‍රසාදයන් ලෙස බහුතර පොදු               ජනතාවගේ අපෙක්‍ෂාවලට පටහැනිව යම් ජනවර්ගයකට විශේෂ භූමි ප‍්‍රදේශ අයත්වන බවට                         කරුනු ලබන ඉල්ලීම් වලට ඉඩ නොදීම සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට එක සමානව                         සළකණ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ සෑම ශ‍්‍රී ලාංකිකයකුටම ජාති ආගම් කුළ                බේදයකින් තොරව තමා කැමති ප‍්‍රදේශයක ජීවත්වීමට සහ එම ප‍්‍රදේශයේ ගම් සභා/ජන සභා                   මට්ටමේදී රටේ පාලනයට හවුල්වීමට ඉඩ සැලසීම. 
   

       

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: