ශ‍්‍රී ලාංකිකයින් ජාත්‍යන්තර යුද අපරාධ නීතියට ගොදුරු කරන නව පනතක් පාර්ලිමේන්තුවට
දැන් එම ප‍්‍රඥප්තිය අප රටේ නීතියට ඇතුල්කොට බලාත්මක කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුල්කොට ඇත.එම නව පනත මගින් මීට පෙර සම්මතකළ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසම තවදුරටත් ශක්තිමත් කෙරෙයි. ඊට අමතරව අතුරුදහන් කීරිම් පිළිබඳ චෝදනා ලබන්නන්ට එරෙහිව ඍජුව මහාධිකරණයේ නඩු පැවරීමටද ප‍්‍රතිපාදන සැලසේ. එසේම එම නව පනත මගින් ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අනුව ශ‍්‍රී ලංකාව විසින් ඇතිකරගනු ලබන බැදීම් සියල්ල ඉටු කිරීම සඳහා නීතිමය ආවරණය සැපයේ. එම බැදීම් අනුව අතුරුදහන් කිරීම පිළිබඳව චෝදනා ලබන ශ‍්‍රී ලාංකිකයකුට විරුද්ධව වෙනත් සාමාජික රටක් විසින් නඩු පවරනු ලබන අවස්ථාවක එම චූදිතයා එම රටට පිටුවහල් කිරීමට පවා ශ‍්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ ආකාරයටම වෙනත් සාමාජික හෙවත් ‘‘සම්මුති රාජ්‍යයක’’ පුරවැසියෙක්ට විරුද්ධව එම අපරාධය යටතේ ශ‍්‍රී ලංකාවේදී නඩු පැවරිය හැක.
ජාත්‍යන්තර නීතිය යටතේ පුද්ගලයින් අතුරුදහන් කිරීම මානව සංහිතයට එරෙහිව කරනු ලබන අපරාධ ඝනයට වැටෙන යුද අපරාධයකි. ඒ අනුව මෙම නව පනත මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව එම චෝදනා එල්ලවන්නේ නම් ඔවුන්ට විරුද්ධව ශ‍්‍රීලංකාව තුළදී විශේෂ මහා අධිකරණයකදී අපරාධ නඩුවක් පැවරිය හැක. එසේම ඉහත සඳහන් කළ ආකාරයට එසේ චෝදනා ලැබූවකට විරුද්ධව දෙමළ ඩයස්පෝරාව විසින් වෙනත් රටකදී පැමිණිලි කළහොත් ඔහුට විරුද්ධව එම රටේදී නඩු පැවරීමට සහ පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටීමට ජාත්‍යන්තර නීතිය යටතේ බලය ලැබේ. එම රට සහ ශ‍්‍රී ලංකාව අතර චූදිතයින් පිටුවහල් කිරීම පිළිබඳ ගිවිසුමක් නොමැති වුවද මෙම නව නීතිය මගින් එම අඩුව සැපිරේ. විවිධ ආකාරයේ යුද අපරාධ පිළිබඳව ශ‍්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව අභූත චෝදනා එල්ලවුවත් පහසුවෙන් විශාල පිරිසකට දඩුවම් කළ හැක්කේ අතුරුදහන් කිරීම නැමැති යුද අපරාධය යොදා ගනිමිනි.
ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් ඒ ආකාරයට ජාත්‍යන්තර නීතියට යටත් කෙරෙන මෙම පනත පාර්ලිමේන්තුවේදී පළමුවර කියවීමෙන් පසුව දින 7ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයකට ලක් වූයේ නැත. ඉතා පැහැදිලිව පෙනෙන ආකාරයට අප රටේ පුරවැසියන් ජාත්‍යන්තර අපරාධ නීතියට ගොදුරු කිරීමට නිති හැදීම සඳහා එම පුරවැසියන් විසින් තම පරමාධිපත්‍යයේ බලය පාර්ලිමේන්තුවට පවරා නැත. ඒ නිසා එවැනි පනතක්් සම්මත කිරීම ව්‍යවස්ථා විරෝධී වේ. එම තත්වය තුළ එම පනත් කෙටුම්පත ශේෂ්ඨෘධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වූවා නම් එය අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත අවශ්‍ය වීමට ඉඩ තිබුණි. ඒ පිළිබඳව දැනුම්වත් වී අවසාන මොහොතේදී එම පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට රටට ආදරය කරන් නීතිඥවරුන් පිරිසක් විසින් උත්සාහයක් ගනු ලැබීය. නමුත් දින 7යි විනාඩි 1ක් ගතවී තිබූ බැවින් පෙත්සම බාර ගැනුනේ නැත.
මෙම නව පනත දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ඒ මගින් අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනා එල්ල වන පිරිස් වලට ඍජුව මහාධිකරණයේදී නඩු පැවරිය හැකි බවයි. මතුපිටින් කල්පනා කරන අයෙකුට එය ඉතා හොඳ දෙයක් ලෙස පෙනිය හැක. නමුත් ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය මහාපරිමාණයෙන් උපාංගයක් ලෙස යොදා ගනිමින් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ මෙහෙයුමක් දියත් කිරීමට එම පනත මගින් ඉඩ සැලසේ. කෙසේ වෙතත්, නීතියක් තිබූ පමණින් එම නීතිය රජය විසින් පොදු සමාජ යහපතට යොදා ගන්නවා යැයි සම්මතයක් ලෝකයේ නැත. ලෝකයේ ඕනෑම රජයක් රටේ නීති පද්ධතිය තම දේශපාලන උවමනාවන්ට අනුව ක‍්‍රියාත්මක කරන බව ප‍්‍රසිද්ධ රහසකි. අප රටේ පොදු දේපළ පනත සැබෑ ලෙසම ක‍්‍රියාත්මක කරනවා නම් රටේ දේශපාලනඥයින් සහ නිලධාරින්ගෙන් අඩකට වඩා සිරිගෙවල් වල ලැගීමට සිදුවනු ඇත. නමුත් එම නීතිය ක‍්‍රියාක්මක වන්නේ රජයේ දේශපාලන සතුරන් දඩයම් කිරීම සඳහා පමණි.
අතුරුදහන් කිරීම වැලැක්වීම සඳහා අප රටේ රජයට අවංක උවමනාවක් තිබේනම් පරිපාලන ක‍්‍රියාමාර්ග සහ දන්ඩනීති සංග‍්‍රහයේ පවතින නීති යටතේද එය කළ හැක. අවශ්‍ය නම් දන්ඩනීති සංග‍්‍රහය සංශෝධනය කොට අදාළ ප‍්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් කළ හැක. එසේනම් ජාත්‍යන්තර සංවිධානවලට ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇ`ගිලි ගැසිය හැකි ආකාරයට නව පනතක් සම්මත කරන්නේ කුමක් නිසාද? එම නව පනත මගින් අපරාධකරුවනට එරෙහිව නඩු පවරනවාට අමතරව අණදීමේ වගකීම මත නම් කරනු ලබන හමුදා නිලදාරීන් එම අපරාධයට පටලවා ගැනීමට ඉඩ ලැබේ. එම අධිකරණය ඉතා පැහැදිලිවම දේශීය යුද අපරාධ අධිකරණයකි. අනෙක් පැත්තෙන් එම නව නීතිය මගින් ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ කොන්දේසි දේශිය නීතිය තුළ බලාත්මක කෙරේ. මෙම නව පනත මගින් මීට පෙර සම්මත කළ අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත හරහා පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසමේ කටයුතු වලට මැදිහත්වීමටද විවිධ ජාත්‍යන්තර බලවේගවලට ඉඩ සැලසේ. අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බලන අර්ධ අධිකරණ කොමිසමේ කටයුතු වලට සාක්ෂි ආඥාපනත අදාළ නොවේ. එම නිසා එහිදී දරුස්මාන් කොමිසම හමුවේ බොරු චෝදනා සහ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා ‘‘ආදර්ශ පැමිණිලි පත‍්‍රිකා’’ යොදාගත් ආකාරයට බොරු චෝදනා සහ සාක්ෂි තොග වශයෙන් ගොතා ඉදිරිපත් කිරීමට ඉඩ ලැබේ. ඒ සඳහා සාක්ෂිකරුවන් පුද්ගලිකව ඉදිරිපත් වීම අවශ්‍ය නොවේ. අන්තර්ජාලය මගින් සහ ලිඛිතව එසේ බොරු චෝදනා සහ සාක්ෂි ඉදිරිපත් කළ හැක.
ඒ අනුව තෝරාගත් හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව එම ලැයිස්තුව කොතෙක් දිගු වුවත්, චෝදනා ඉදිරිපත්කොට ඊනියා පරීක්‍ෂණයකට පසුව ඔවුන් වැරදි කරුවන් ලෙස නම්කළ හැක. එසේ චෝදනාවන්ට ලක්වූ ව්ට එම අර්ධ අධිකරණ කොමිසම මගින් ඍජුව දඩුවම් නොකළද ඔවුන් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරුවේ. නව පනත මගින් ඒ සඳහා උපරිම පහසුකම් සැලසේ. නව පනත යටතේ බලාත්මක කෙරෙන අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට පාර්ශ්ව කරුවන් වන සම්මුති රාජ්‍යයන්ට සහ ඊට අදාළව පිහිටුවනු ලබන ජාත්‍යන්තර කමිටුවට එසේ මැදිහත්වීමේ බලය ලැබේ. කෙසේ වෙතත් එම ජාත්‍යන්තර කමිටුවට බලය ලැබෙන්නේ යම් සීමාවන් යටතේ පමණි. ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය බලාත්මක වීමට පෙර සිදුවූ යම් නිශ්චිත අතුරුදහන්වීමක් පිළිබඳව පැමිණිළි කිරීමට හෝ සොයා බැලීමට එම කමිටුවට බලයක් නැත. නමුත් අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පිහිටුවනු ලබන යාන්ත‍්‍රණ පිළිබඳ සොයා බැලීමට, වාර්තා කිරීමට සහ බලපෑම් කිරිමට එම කමිටුවට බලය ඇත.
එම තත්වය තුළ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා සාමාන්‍ය නීතිය යටතේ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමේ හැකියාව තිබියදී මෙන්ම ඒ සඳහා ජනාධිපති කොමිසමක් පිහිටුවා තිබියදී විශේෂ නීතියක් මගින් විශේෂ යාන්ත‍්‍රණයක් පිහිටුවීමේ රහස ද වටහාගත හැක. එම පනත් දෙක මගින් පිහිටුවන ලබන යාන්ත‍්‍රණවලට මැදිහත්වීම සඳහා ඉඩ සලසන ප‍්‍රතිපාදන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට පමණක් නොව අදාළ පනත් වලට මෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ 2015,30/1 ‘‘යෝජනාවටද ඇතුල්කොට ඇත. නීතිමය බලය හරහා කරනු ලබන මැදිහත්විම්වලට අමතරව අරමුදල් සැපයීම සහ ඊනියා විශේෂඥ සහය වැනිදේ උපාංග ලෙස යොදා ගනිමින් එසේ මැදිහත්වීමට පුළුල් ඉඩක් විවරකොට ඇත. මෙම ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය නීතිගත කිරීමේ පනත වහා සම්මත කළ යුතු බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා තම 2017 පෙබරවාරි 27 - මාර්තු 24 වාර්තාව’’ මගින් නිර්දේශ කොට ඇත. විදේශ අමාත්‍යවරයා තම කථාවේදී එම පනත වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වී ඇත. කෙසේ වෙතත් අෘණ්ඩුව දැන් නව පනත කෙටුම්පත සමග පැරණි පනත් හෙවත් තවමත් ක‍්‍රියාත්මක වීම ආරම්භ නොවූ අතුරුදහන්වුවන්ගේ කාර්යාල පනතට අදාලව සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත්කොට ඇත. එමගින් සංශෝධනය කිරීමට යෝජනා කරන්නේ එක් වගන්තියක් පමණි. ඒ මගින් එම කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසම විසින් විදේශ අරමුදල් ලබාගැනීමට ඉඩ සලසන වගන්තිය ඉවත්කොට ඇත. නව පනතින් ඒ සඳහා වඩා පුළුල් අවකාශයක් සපයන බැවින් එම වගන්තිය අවශ්‍යය නැත.
ටී.එන්.ඒ පක්‍ෂය මෙම නව පනත පිළිබඳව පමණක් නොව ඊට පෙර අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත ඉදිරිපත් කිරීමේදී ඉතා උපක‍්‍රමශිලීව වැඩි ඝෝෂාවක් නොකර සිටීමේ ප‍්‍රතිපත්තියක් කරන කරන බවක් සහ කළ බවක් පෙනේ. ඔවුන් දැඩි ලෙස ඒ වෙනුවෙන් පෙනී සිටියාහොත් එහි භයානක කම සමාජයට අවධාරණය වේ ඔවුන් දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල් දැමීමේ යෝජනාවට ආණ්ඩුව සම``ග රහසිගතව එක`ගතාවයකට පැමිණෙන්නේ ඒ හිලව්වට මෙම අතුරුදහන්වූවන් පිළිබඳ යාන්ත‍්‍රණ පිහිටුවීම සඳහා බව පැහැදිලිව පෙනේ. මීට පෙර එම පක්‍ෂයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල පරිදි 2015 ජිනීවා යෝජනාවට එක`ගතාවය පළකිරීමේදී ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිටදී ඔවුන් සහ ශ‍්‍රී ලංකා ආණ්ඩුව අතර එක`ගතාවයක් ඇතිකරගෙන ඇත. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් වෙනුවට දෙමුහුන් යුද අපරාධ අධිකරණයට එක`ග වන්නේ ඔවුන්ගේ වෙනත් ඉල්ලීමකට ආණ්ඩුව එක`ග වූ බැවිනි.
ඇත්ත වශයෙන්ම, දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් යනු ආණ්ඩුවේ අත කරකැවීම සඳහා යොදාගන්නා දේශපාලන දඩු අඩුවක් මිස මහා පරිමාණයෙන් හමුදාව දුර්වල කිරීම සඳහා යොදාගත හැකි උපාංගයක් නොවේ. උදාහරණයකන් ලෙස ලෝක ප‍්‍රසිද්ධ වූ කාම්බෝජයේ දෙමුහුන් යුද අපරාධ අධිකරණය මගින් මේ වන විට දඩුවම් කොට ඇත්තේ චූදිතයින් 03 දෙනෙකම පමණි. ඒ සඳහා 2003 සිට 2017 දක්වා වසර 14ක් ගතවිය. ඊට හේතුව එම ක‍්‍රියාවලිය තුළ සාක්ෂි ආඥා පනත්අනුව සාක්ෂි කරුවන් කැදවීමට සහ හරස් ප‍්‍රශ්න ඇසීමට ඉඩ ලැබීමයි. ඊට අමතරව එහිදී සැකයෙන් තොරව ඔප්පු කිරීමේ භාරය අභිචෝදක වෙත පැවරේ. ඒ අනුව දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල් දැමීමේ හිලව්වට ඉතා ලිහිල් ආකාරයට බොරු චෝදනා සහ සාක්ෂි මත චූදිතයින් නම්කළ හැකි සහ දඩුවම් කළ හැකි යාන්ත‍්‍රණ දෙකක්් ලබාගැනීම යනු ටී.එන්.ඒ පක්‍ෂයේ දියුණු උපාය මාර්ගික තේරීමක් නොවේද?
ප‍්‍රායෝගිකව ගත්විට හමුදාවට එරෙහිව විදේශ විනිසුරන් සහිත දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම යනු කෙටිකාලීන දේශපාලන මර උගුලකි. දීර්ඝ කාලීනව ඊට වඩා සිය ගුණයකින් භයානක යාන්ත‍්‍රණයකට එක`ග වීම මගින් දෙමුහුන් අධිකරණ කල්දමා ගැනීම යනු කෙටිකාලීන දේශපාලන ජයග‍්‍රහණයකි. ජාත්‍යන්තර බලවේග පැත්තෙන් ගත්විටදී එය ඉතා ලාභදායී එක`ගතාවයකි. එයට හේතුව දෙමුහුන් යුද අපරාධ අධිකරණයක සැබෑ උපායමාර්ගය වන ඉහළ දේශපාලන නායකයින් දඩයම් කිරීමේ උවමනාව යම් කාලයකට කල්දමා ගැනීම ඔවුන්ට වඩා වාසි සහගත වේ. එය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දමා ගැනීමේ උපාය මාර්ගයකි. එක් පැත්තකින් වඩා භයානක හා කාර්්‍යක්ෂම පනත් දෙකක් මගින් ආරක්‍ෂක හමුදාවලට එරෙහිව තොග වශයෙන් දඩුවම් කිරීමේ අවස්ථාව උදාවේ. අනෙක් පැත්තෙන් ගත්විට ඒ මගින් දෙමුහුන් යුද අපරාධ අධිකරණ නිර්දේශය ඉවත් කර ගන්නනවා වෙනුවට එය යම් කාලයකට කල්දමා ගැනීම පමණක් සිදුවේ. එම කාලය තුළ එම දේශපාලන උවමනාව නිල වශයෙන් ජාත්‍යන්තර න්‍යායපත‍්‍රය තුළ දිගින් දිගටම පවතිනු ඇත. එවිට අවශ්‍ය අවස්ථාවක එය සක‍්‍රිය කිරීමට ඉඩ ලැබේ. උදාහරන්‍ණයක් ලෙස අනාගතයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් හෝ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුවහොත් දෙමුහුන් යාන්ත‍්‍රණය පිහිටුවීමට ශ‍්‍රීලංකා රජය කටයුතු- නොකල බැවින් ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍ය බවට යෝජනා කළ හැක.
අතුරුදහන් වූවන් පිළිබඳ දඩුවම් කිරීම සඳහා යොදාගන්නා ජාත්‍යන්තර සම්මුතිය සහ ඒ හා බැදුණු පනත් දෙක පමණක් නොව 2015,30/1, ජිනීවා යෝජනාවේ 8 වැනි වගන්තිය අනුවද ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට දඩුවම් කිරීම සඳහා අධිකරණමය යාන්ත‍්‍රණවලට අමතරව පරිපාලන යාන්ත‍්‍රණයක් සාකස්වේ. ඒ මගින් චෝදනා එල්ලවන හමුදා නිලධාරීන්ට එසේ චෝදනා එල්ල වූ පමණින් පරිපාලන වශයෙන් දඩුවම් කිරීමේ අවස්ථාව උදාවේ. ඊට අනුව එම නිලධාරීන් සේවයෙන් පහකිරීමට, ඔවුන්ගේ සේවය අත්හිටුවීමට, ඔවුන්ගේ උසස්වීම් සහ වරප‍්‍රසාද අහිමි කිරීමට මෙන්ම විදේශගත සේවා අවස්ථා හෝ පුහුණු අවස්ථා අහිමි කිරීමට ඉඩ සැලසේ. ආරක්‍ෂක හමුදා සාමාජියන්ගේ පැත්තෙන් මෙන්ම රටේ ජාතික ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාවය පැත්තෙන් බැලූවිට මෙම තත්වය බරපතළ ජාතික ඛේදවාචකයක් ලෙස දැකිය හැක. නමුත් එම සැබෑ තත්වය මහජනයා අත්විදිනුයේ යම් කාලයකට පසුවය. අගමැතිවරයා මෑතකදී ඉතා අගය කරමින් පිළිගත් ඊනියා සංහිඳියාව කාර්ය සාධන බලඇනියේ වාර්තාව මගින් සහ එම වාර්තාව ක‍්‍රියාත්මක කළ යුතු බව කියන මානව හිමිකම් කොමසාරිස්ගේ 2017 පෙබරවාරි/මාර්තු වාර්තාව මගින් ද හමුදා නිලදාරීන්ට පරිපාලන වශයෙන් දඩුවම් කිරීම අවධාරාණය කොට ඇත.
නමුත් ආණ්ඩුවේ ඉහළ කායකයින් තමා විසින් ඉටුකරනු ලබන කර්ත්‍යවයේ භයානකකම නොදන්නවා යැයි විශ්වාස කළ නොහැක. ඔවුන් අතුරුදහන් වූවන්පිළිබඳ කාර්යාල පනත සම්මත කළ ආකාරයටම ඉතා සූක්‍ෂම ලෙස සහ බලහත්කාරය යොදාගනිමින් නව පනතද සම්මත කර ගැනීමට ඉඩ ඇත. කෙසේ වෙතත් නව පනත පිළිබඳ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ට ගැඹුරු අවබෝධයක් නොමැති තත්වයක් යටතේ පළමු පනත සම්මත කිරීමේදී සිදුකළ ආකාරයට ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ නිරුවත පෙන්වීමට අවශ්‍ය නොවනු ඇත. එසේ වුවත් නව පනත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුව තටයුතු කළ ආකාරයෙන් ඔවුන්ගේ සැබෑ ක‍්‍රීඩා සැලසුම අවබෝධකර ගත හැක. අදාල පනත මගින් අතුරුදහන් වැළෑක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කෙරුනත් එම පනත් කෙටුම්පත සම`ග අදාළ ප‍්‍රඥප්තිය පාර්ලිමේනතුවට ඉදිරිපත් කළේ නැත. විශේෂයෙන්ම එය වලංගුකිරීමේදී හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බැවින් පනත් කෙටුම්පත සම`ග එය ඉදිරිපත් කළ යුතු බව කුඩා දරුවෙක්ට වුවද තේරුම්ගත හැක. නමුත් පාර්පලිමේන්තු මන්ත‍්‍රීවරු කිසිවෙකු ඒ පිළිබඳව අද වනතුරු විරෝධයපළකර නැත. එම ප‍්‍රඥප්තියේ සිංහල හෝ දෙමළ පරිවර්තන කිසිදු වෙබ් අඩවියක දක්නට නැත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්සන් කරන්නට යන්නේ ගනන් නොදැමූ චෙක්පතකටය. අහෝ පරමාධිපත්‍යයේ බලයෟ
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

Comments
Post a Comment