රනිල්ගේ ව්‍යවස්ථා පැකේජයට ඉඩ නොදෙමු ළඟ ළඟම එන ලාම්පු - කළගෙඩි සෙල්ලම පරදවමු


  •  රනිල්ගේ ව්‍යවස්ථා පැකේජයේ රට බෙදන යෝජනා හඳුනා ගනිමු-ඊට ඉඩ නොදෙමු


                01* ලාල් විජේනායකගේ සරුවපිත්තල යෝජනා -

                                1. ඒකීය වගන්තිය වෙනස් කිරීම
                                2. බුද්ධාගම මුල්තැන දීම වෙනස් කිරීම
                                3. සිංහ කොඩිය වෙනස් කිරීම
                                4. ජාතික ගීය වෙනස් කිරීම

                සිංගප්පුරුවේදී බෙදුම්වාදී සමුළුවක් අමතන එම්.ඒ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කියන්නේ ‘‘සිංහලයෝ මෝඩයෝ’, විශේෂයෙන්ම හාමුදුරුවරු, උන්ට  ඕන ලේබල් අපි උන්ට ලේබල් දීලා, අපේ අයිතිය අපි ගන්න  ඕන’’ කියාය. 

                සුමන්තිරන් කියන ඉහත සඳහන් ලේබල් ලාල් විජේනායක මහතා විසින් මහජන අදහස් ලෙස ඉදිරිපත් කොට ඇත. ඒ එම ‘‘ලේබල්’’ ටිකත් නැති කරන්න පුළුවන්නම් ඔවුන් ඉතා සතුටින් සහ පරපීඩක-කාමයෙන්’’ඒ දේ කරනු ඇත. නමුත් එය ලේසි නැහැ. අනෙත් පැත්තෙන් ගත්විට ඔවුන්ට  ඒ ලේබල් වැඩක් නැහැ. 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළු කරනු ලැබුවේ ඒකීය වගන්තිය එසේම තිබියදීය. ව්‍යවස්ථා කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් නොකර ඍජුව ජනමත විචාරණයට ඉදිරිපත් කිරීම නිසා යම් පරස්පරයක් තිබුණා වුවත් ඒවා තාක්‍ෂණිකව ගැටළුවක් වන්නේ නැත. එසේ වුවත් එම වගන්තිවල කුඩා වෙනසක් කිරීමට ඔවුන් උත්සාහ කරනු ඇත. එවැනි අවස්ථාවක දිවි හිමියෙන් එසේ කිරීමට ඉඩ නොදෙන බව පවසා ජනාධිපතිවරයාටද ලකුණු දමා ගැනීමේ ඉඩක් ලැබේ. එවිට මහජනයාද නරක දේ ඉවත් වුණා යැයි සිත්හි බිය ඉවත්කර ගැනීමට කටයුතු කළහොත් ඊට වඩා බොහෝ නරක දේ කොලේ වසා ව්‍යවස්ථාවට ඇතුළු කිරීමට ඉඩ ලැබෙනු ඇත.

                කෙසේවෙතත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපාය වන්නේ වෙනස්කම් රාශියක් යෝජනා කොට වඩා වැදගත් දේ ඉතිරි් කොට අනෙක් දේ ඉවත්කර ගැනීමයි. ඒ අනුව සමලිංගික අයිතිවාසිකම් වැනි ගැටුමට තුඩු දෙන දේවල් මෙන්ම ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ නොහැකි බොහෝ නව අයිතිවාසිකම් ද ව්‍යවස්ථාවට අතුළත් කෙරෙනු ඇත. එම සැරසිලි වලින්ද මහජනයාගේ ඇස් නිලංකාර කිරීමට උත්සාහ කරනු ඇත. එම නිසා මහජනයා වඩා භයානක දේ හදුනාගෙන ඊට එරෙහි වීමට කල්තබා සූදානම් විය යුතුය.

02* සෙයිඞ් අල් හුසේන්ගේ යෝජනා:-
                මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් 2016 ජුනි 28 ඉදිරිපත් කළ වාර්තාව මගින් ශ‍්‍රි ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවට වූ යෝජනා කිහිපයක් ඉදිරිපත් කොට ඇත. ඒවා ද බෙදුම්වාදී අරමුණු සහිත යෝජනා බව පැහැදිලිව පෙනේ. ඒවා මෙසේ හඳුනාගත හැක.

                ෂ. ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති යටතේ වන වැරදි ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය              යටතට ගැනෙන ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන

                ෂෂ. ජාත්‍යන්තර ප‍්‍රඥප්ති ශ‍්‍රී ලංකාවේ නීතියට ඇතුළු කිරීම සඳහා ප‍්‍රතිපාදන

                ෂෂෂ. අන්තර්කාලීන යුක්තිය සහ වගකීමේ ක‍්‍රියාවලියට අදාලව සහ ජාත්‍යන්තර විනිසුරුවරුන් ශ‍්‍රී                    ලංකාවේ කටයුතු කිරීම සඳහා ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන

                ෂඪ. ආරක්‍ෂක හමුදාවලට අදාළව ප‍්‍රතිපත්ති, මිලදී ගැනීම්, බඳවා ගැනීම් ආදී ක‍්‍රියාකාරකම්                   සිවිල් සංවිධාන විසින් සොයා බැලිමේ ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන.

03* සුමන්තිරන් - ජයම්පති වික‍්‍රමරත්න යුගල විසින් ඉදිරිපත් කරන දීර්ඝකාලීන බෙදුම්වාදී ඉල්ලිම්

                ෂ. තිම්පු සංකල්ප දෙකක් වන දෙමළ ජනතාව වෙනම ජාතියක් බව සහ ඔවුන් උතුරු නැගෙනහිර                    නිජබිම කොට ජීවත්වන බව ව්‍යවස්ථාවට ඇතළු කිරීම. ඒ සඳහා ජනසංයුතිය විස්තර කිරීමේ               වගන්තියක් ඇතුල් කිරීමට ඉඩ ඇත. ඒ මගින් අනාගතයේදී බෙදී වෙන්වීම සඳහා ජාත්‍යන්තර                     නීතිය යටතේ අවශ්‍යවන කොන්දේසි සැපිරේ.

                ෂෂ. තිම්පු සංකල්පයේ තුන්වන සංකල්පය වන ස්වයං තීරණ අයිතිය පොදු මූලික අයිතියක් ලෙස                    ව්‍යවස්ථාවට ඇතුළු කිරීම. ඒ සඳහා මූලික අයිතිවාසිකම් පුද්ගල සහ පොදු වශයෙන් දෙකට                       බෙදා ඉදිරිපත්කරනු ඇත. ඊට අමතරව වෙනත් නව දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්                ප‍්‍රමාණයක් ද සැරසිලි ලෙස ඊට ඇතුළු කරනු ඇත.

                ෂෂෂ. පරමාධිපත්‍යයේ බලය මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු අතර බෙදී යන බව සංකල්පීය                       ලෙස ව්‍යවස්ථාවට ඇතුල් කරන අතර අධිකරණ ව්‍යවස්ථාදායක සහ විධායක බලතල බලකේන්්ද්‍ර              දෙක අතර නිශ්චිතව බෙදා වෙන්කිරීමටද ව්‍යවස්ථා ප‍්‍රතිපාදන ඇතුල් කරනු ඇත.

                ෂඪ. සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කිරීම මගින් මධ්‍යම රජයේ බලතල සහ පළාත් බලතල                         නිශ්චිතව ඉරිගසා වෙන් කිරීම මගින් සමගාමී ලැයිස්තුවේ බලතල ප‍්‍රමාණයක් පළාත් ලැයිස්තුවට                      ඇතළු කිරීම. ඒ මගින් වැඩි බලතල ලැබෙනවාට අමතරව පරමාධිපත්‍යය බෙදීයාමේ සංකල්පයද                        තහවුරු වේ. සමහරවිට මධ්‍යම රජයේ බලතල ලැයිස්තුව පමණක් ඉතිරි කොට ඉතිරි බලතල                    සියල්ල පළාතට අයිති බවට ද ප‍්‍රතිපාදනයක් ඇතුළු කිරීමට ද ඉඩ ඇත.

                ඪ. ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීම. ඒ මගින් මධ්‍යම රජය සහ පළාත් අතර ඇතිවන ව්‍යවස්ථා                        ගැටුම් විසදීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කොට එන්.ජී. ඕ.අධිකරණයකට පැවරීම සිදුවේ.                එම ඊනියා අධිකරණය මගින් ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණ පවා නැවත සලකා                        බැලීමට              ඉඩ සැලසේ.

                ඪෂ. පාර්ලිමේන්තුවට උඩින් සෙනෙට් සභාවක් පිහිටුවීම ඒ මගින් බෙදුම්වාදීන්ගේ උවමනා ශක්තිමත්              කෙරෙන අතර ඊට එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ග පමා කිරීම ද අපෙක්ෂා කෙරෙනු ඇත.

                ඪෂෂ. පළාත් සභාවක් විසුරුවා හැරිමේ ජනාධිපති බලතල දියකර හැරීම සහ පළාත්                           ආණ්ඩුකාරවරයා පත්කිරිමේදී මහ ඇමතිගේ කැමැත්ත විමසීම අනිවාර්ය කිරීම.

                ඪෂෂෂ. මධ්‍යම රජයේ ව්‍යාපෘති සඳහා විශේෂයෙන්ම ජාතික ආරක්‍ෂාවට අදාළව ඉඩම් ලබාගැනීම                    සඳහා             පළාත් අවසරය අනිවාර්ය කිරීම මගින් උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ක‍්‍රමයෙන්                 ඉවත් කිරීමට සහ කුඩා කිරීමට හෝ නැවත ස්ථානගත කිරීමට ඉඩ සැලසීම.

                ෂඞ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම පළාත් දෙකක ඒකමතිකත්වයෙන් පමණක් සිදුකළ හැකි                    ලෙස ප‍්‍රතිපාදනයක් අති කිරීම

                ඞ. පළාත් මූල්‍ය බලය වැඩි කිරීම මගින් මහ ඇමතිවරයාට අරමුදලක් පවත්වාගෙන යාමට සහ                        විදේශ ණය සහ අරමුදල් මහ බැංකුවේ හෝ මූල්‍ය කොමිසමේ අවසරය නොමැතිව ලබා ගැනීමට              ප‍්‍රතිපාදන සැලසීම ඒ මගින් කොටින්ගේ කළු සල්ලි සුදු කිරීමට ද අවස්ථාව ලැබේ.

                ඞෂ. නැගෙනහිර මුස්ලිම් බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා ඒකාබද්ධ නොවූ මුස්ලිම් ප‍්‍රාදේශීය               පාලන ඒකක පවත්වාගෙන යාමට ප‍්‍රතිපාදන සැලසීම.

                ඞෂෂ. 13 වැනි සංශෙෘ්ධනයෙන් ලබාදුන් පොලිස් බලතල තවදුරටත් තබාගන්නා අතර ඉඩම්                      බලතලවලට අදාළව අධිකරණ තීන්දු මගින් සිදුකොට ඇති දුර්වලකම් ව්‍යවස්ථා ප‍්‍රතිපාදන මගින්                නිවැරදි කිරීම.  

                  

               

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: