ජන ගංගංවේ කිරුළපන පණිවිඩය කුමක්ද?


මැයි දිනයකදී පිට්ටනියක එක්රැස්වූ මහජනයාගේ ප‍්‍රමාණය රටේ ඉදිරිදේශපාලන උපාය මාර්ගයක් ලෙස වැදගත්වූ අවස්ථාවක් පසුගිය මැයි දිනයට පෙර ඉතිහාසයේ සොයාගත නොහැක. එයට හේතුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පර්ශවය එක්සත් ජාතික පක්ෂයේ ද ආශිර්වාදය ඇතිව තේරූ උපාය මාර්ගයක කාලීන වැදගත්කම බව කිව හැක. එනම් මහින්ද පාර්ශවයට තීරණාත්මක ප‍්‍රහාර එල්ල කොට යටත් කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කිරීම ස`දහා ඔවුනට එරෙහිව මෛත‍්‍රී පාර්ශවය විසින් ප‍්‍රදර්ශනාත්මක බලය පෙන්වීමක් අවශ්‍ය වූ බැවිනි. ජනවාරි 8 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයෙන් පසුව ඔවුන් විසින් හයිඞ් පිටියේදී පැවැත්වූ පළමු මැයි රැලියේදී මෛත‍්‍රී පාර්ශවයේ කාර්ය සාධනය සහ බලය පෙන්වීම ඉතා දුර්වල තත්වයක පැවතුනි. ඒකාබද්ධ විපක්ෂය වැඩි දැගලීමක් නොකර මෛත‍්‍රී පාර්ශවයට වඩා වැඩි බලයක් පෙන්වූවත් එය පෙබරවාරි 18 නුගේගොඩ නගරයේදී පෙන්වූ බලයට වඩා දුප්පත් විය. එය මෛත‍්‍රී පාර්ශවය සමග යම් එක`ගතාවයකට පැමිණීමේ උවමනාව නිසා ඊට එරෙහිව බලය පෙන්වීමේ උපායමාර්ගික උවමනාවක් මහින්ද පාර්ශවයට තිබුනේ නැත.

එම තත්නය තුල අගෝස්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෛත‍්‍රී පාර්ශවය යොදා ගනිමින් ඇටවූ උගුලට මහින්ද පාර්ශවය විසින් පය තැබීමද සාධාරණීයකරනය විය. එසේ එක්ව මැතිවරණයට තරග කිරීමට මහින්ද පාර්ශවය එක`ග වීම තුල හෙවත් ඔවුන් උගුලට පය තැබීමෙන් පසුව මැතිවරණයේ අවසන් දින දෙක තුල දී මහින්ද පාර්ශවයට නෙව්දිකාව අහිමි කිරීමට මෛත‍්‍රී සමත් විය. එහි ප‍්‍රතිඵලය වූයේ ජනාධිපතිවරණයේදී ඡුන්දපොළට ගිය 50ලක්ෂයෙන් 11 ලක්ෂයක් ඡුන්දපොළට නොයාම සහ ඒ මලින් එක්සත් ජාතික පක්ෂයට සැඉවින්ම බිමේ නැතිවූ බලය පෙන්වීමට ඉඩ ලැබිණ. එදා එක්සතිජාතික පක්ෂය සමල පොදු න්‍යායපත‍්‍රයකට කටයුතු කරන මෛතී‍්‍ර පාර්ශවය සමග මහින්ද පාර්ශවයකට පැමිණීම දැඩිලෙස ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂීකයා අනුමත කළේ නැත. විශේෂයෙන්ම එම පක්ෂයේ ප‍්‍රාදේශීයසභා මහජන නියෝ ජිතයන් ඇතුළු මැද පෙළ එම එක`ගතාවයට එරෙහිව සෘජුව තම විරෝධය ප‍්‍රකාශ කළේය.

ඉදිරි කාලය තුල මෛත‍්‍රී රන්ල් වික‍්‍රමසිංහ හවුල ජාත්‍යන්තර බලවේග විසින් පවරා ඇති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම යනු ඉතා බරපතල අභියෝගයකි. එය මහජන විරෝධයෙන් තොරව පහසුවෙන් ඉටු කළ හැක්කක් නොවේ. ඒ නිසා ජාතික ආණ්ඩු න්‍යාපත‍්‍රය ඉදිරියට යාම සදහා මහින්ද පාර්ශවයේ වැටීම පූර්ව කොන්දේසියක් බවට පත්වේ. ඒ සදහා මහින්ද පාර්ශවය ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයකට යාම වලක්වා දිගින් දිගටම ආරක්ෂා කාරී ප‍්‍රවේශයේ හෙවත් හොරගල් අහුලන භූමිකාව තුල ඔවුන් සිරගත කළ යුතුය. මහජන වීදි සටන් වෙනුවට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි සෙල්ලම් වලින් ආණ්ඩුව පෙරලිය හැකියයි විවිධ ‘‘දේශපාලන විද්වතුන් ’’විසින් න්‍යාය ඉදිරිපත් කරන්නේ එම උපාය මාර්ගයට අනුවය.නමුත් ඒකාබද්ධ විපක්ෂයේ පොදු වේදිකාව තුල මහින්ද පාර්ශවය ඉතා ඉක්මනින් ආරක්ෂාකාරී ප‍්‍රවේශයෙන් ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයකට මාරුවීමේ අනතුරක් ඇත. එම අනතුර ජාතික ආණ්ඩුවේ ඉදිරි න්‍යායපත‍්‍රයට අදාලව ගත්විට උපාය මාර්ගිකව ඉතා බරපතල තත්වයකි. එයට හේතුව වන්නේ මහින්ද පාර්ශවය නොසිතූ මොහොතක බාහිර බල පෑම් මත ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයකට මාරු වුවහොත් එය ආපසු හැරවීමේ ජන බලයක් මෛත‍්‍රී - රන්ල් හවුල් ආණ්ඩුවට නොමැති වීමය.

ඒ අනුව මෛත‍්‍රී පාර්ශවය පැත්තෙන් ගත්විට මහින්ද පාර්ශවය ආරක්ෂාකාරී ප‍්‍රවේගයේ තබා ගනිමින් ක‍්‍රමයෙන් දුර්වල කිරීමේ උපාය මාර්ගය සහ කෙටිකාලීනව දැඩි ප‍්‍රහාර එල්ල කොට යටත්කොට දුර්වල කිරීමේ උපාය මාර්ගය අතර තේරීමක් කිරීමට බල කෙරේ. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම  කල්  දැමීමද පහසු නොවන තත්වයක් යටතේ ඒ බල කිරීම වැඩිවේ. මෛත‍්‍රී පාර්ශවය සමග ඔළ්ගෙඩි සෙල්ලම් කිරීම මගින් එක්සත්ජාතික පක්ෂය බිත්තියටම හේත් තු කර බලය ලබා ගත හැකිය යන ඊනියා විද්වත් න්‍යායට මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්ම පහර දෙන්නේ එම තේරීම සිදුකිරීමෙන් පසුව බව පෙනේ. ඒ අනු ව දැඩි මහා ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයකට ගොස් තම බලය තහවුරුකර ගැනීමට මෛත‍්‍රී පාර්ශවය තීරණය කොට ඇති බව පැහැදිලිව පෙනේ.

මෛත‍්‍රී පාර්ශවය විසින් මහින්ද පාර්ශවයට එරෙහිව තෝරා ඇති ඒ මහා ප‍්‍රහාරයට අදාළ බිය වැද්දීමේ පළමු වෙඩිමුරය සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරයා සහ ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරිය සංවිධායක තනතුරු වලින් ඉවත් කිරීමය. මැයි දනයට පූර්වගාමීව එසේ බිය වැද්දීමේ වෙඩිමුරය තබන්නේ මැයි දිනය බලය පෙන්වීමේ සටනක් බවට පත්කොට ඒ මගින් මහින්ද පාර්ශවයේ දුර්වලකම සමාජගත කිරීමේ උපායමාර්ගික තේරීම අනුවය. ඊට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පමණක් නොව සම්බන්ධන් මහතාද අඩියක් පෙරට තබා සහයේගය  දෙන්නේ ඉහත සදහන් කළ ආකාරයට ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යාම සදහා මහින්ද පාර්ශවයේ ඇදවැටීම පූර්ව කොන්දේසියක් වන නිසායවව්නියාවෙන් පමණක් 2000කට ආසන්න පිරිසක් ගාල්ලට පැමිණි බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැක. ඔවුන්ට ආහාර පාන ගගගපමණක් නොව අතට රු 1000ක් ලබා දීමට  පවා මුදල් ආයෝජනයකොට තිබුණි. ඊට අමතරව එක්සත් ජාත්ක පක්ෂයේ ගාල්ල සංවිධායකවරුන් ගාල්ල ගාල්ල රැුලිය සාර්ථක කර ගැනීම සදහා ප‍්‍රබල සහයෝගයක් ලබාදුන් බවටද සික්ෂි ඇත.

නමුත් අවසානයේ සිදු වූයේ මෛතී‍්‍ර, රනිල් පාර්ශවය සැළසුම කළ දේට සම් පූර්ණයෙන්ම විරුද්ධ දෙයකි.මැයි දිනයේ කාර්යසාධනය මුල් කරගෙන මහින්ද පාර්ශවය බිත්තියට හේත්තු කිරීමේ මාර්ගය ‘‘ආපසු පත්තු විය’’. මහින්ද පාර්ශවයේ මැයි දිනයට අදාළ ක‍්‍රියාකාරිත්වය සහ මානසික ශක්තිය අඩපන කිරීම සදහා සහ මෛත‍්‍රී පිලේ බලය පෙන්වීම සදහා මෛත‍්‍රී පාර්ශවය විසින් සහ එක්සත් ජාතික පක්ෂයේ යම් පාර්ශව විසින් ඉටු කළ භූමිකාවන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහළ ස්ථර වල ඉරපතල විරෝධයට ලක් විය. ඒ තුලින් ඔවුන් තුල විශාල විශාල බලපෑමක් ඇති විය. මැයි දිනයට  දින 3-4 පෙර සිටම කිරුළපනට පැමිණීම සදහා බිම් මට්ටමේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා තුල වූ උනන්දුව පැහැදිලිව දක්නට ලැබුණු මහින්ද පාර්ශවය මෛත‍්‍රී පාර්ශවයට පාඩමක් ඉගැන්වීම සදහා තමා කිරුළපන යා යුතු බවට ඔවුන් අතර කථිකාවක් ඇති විය. ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පක්ෂ අතරද මෛත‍්‍රී රිදවීම සදහා කිරුළපන යාමේ උනන්දුව ප‍්‍රභලව දක්නට ලැබිණි. ඒ පිළිබදව මහින්ද පාර්ශවය විසින් බෙහෙවින් ස්තූති කළ යුතුය.

ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උදව්වෙන් ඉතිහාසයේ මැයි දිනයකදී ගැලූ විශාලම ජන ගග කිරුළපනට ගැලීය. කිරුළපන පොදු වෙළ`දපල අසල සිට නුගේගොඩ අනුලා විiාලය අසලට සහ බේස් ලයින් පාරේ කොළඹගේ හන්දිය අසලට විසිරී පොද්ිවී සිටි ජන ගග ඉතිහාසයේ එම ප‍්‍රදේශයේ කිසි දිනක දැක නැති බව ප‍්‍රදේශයේ කඩහිමියන් සහ නිවාස හිමියන් සාක්ෂි දරති. ආණ්ඩු බලය සහිතව එක්සත් ජාතික පක්ෂයට මෙන්ම මෛත‍්‍රී පාර්ශවයටද ඒ ජන ග`ග සමග සැසැදිය හැකි මට්ටමේ ජන බලයක් පෙන්වීමට නොහැකි විය.

කිරුළපන ජන ගංගාවේ හරස්කඩක් තුලට පිවසී බැලූ අපට පැහැදිලිව හදුනාගත හැකි ලක්ෂණ කිහිපයක් දක්නට ලැබුණි. පළමුවැන්න වැඩි තරුණ  සහභාගීත්වය. දෙවැන්න පොදුවේ පැවති උද්යෝගයි. තුන්වැන්න මෛත‍්‍රී වරෝධී සටන්පාඨ වලට මුල්තැන හිමිවීම. බොහෝ තරුණ තරුණියන් තම අතවූ සටන්පාඨ පත‍්‍රිකා අනුව සටන්පාඨ කියනවා වෙනුවට තමා විසින්ම නිර්මාණය කළ නිර්මානාත්මක සටන්පාඨ සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කරනු දැක ගත හැකි විය. එහෙත් කිරුළපනට එක් රැස්වූ සටන් කාමී ජනතාව ප‍්‍රමාණාත්මක වශයෙන් සහ ගුණාත්මක වශයෙන් මහින්ද පාර්ශවයට මෙන්ම පොදුවේ අනෙකුත් අනෙකුත් දේශපාලන බලවේග වලට ලබා දුන් පණිවිඩය අදාළ පාර්ශවය විසින් නිවරදිව කියවා ගත්තාද යන්න සැක සහිතය. එහෙත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂා අඩු කිරීම සහ ව්‍යාජ ලෙස වැට් ඉදු සංශෝධන වලට නැවත නැවත සංශෝධන එකතු කිරීම එක්සත් ජාතික පක්ෂය ගන්නා වූ උත්සාහයන්ගෙන් පෙනෙන්නේ ඔවුන්ට ඒ ජනතා පණිවිඩය යම් පමණකට හෝ ඇසී ඇති බවය. මෛත‍්‍රී පාර්ශවය විසින් මැයි දිනයට පෙර පාරම් බෑ ආකාරයට සහ සැළසුම් කර තිබූ ආකාරයට විනය කැඩූ අයට දෙනවා කියූ දඩුවම් අකුලා ගැනීමට එම පාර්ශවය අකුලා ගැනීමෙන්ද පෙනෙන්නේ ඔවුන්ද කිරුළපන පණිවිඩය යම් පමණ කට කියටාගෙන ඇති බවය.

නමුක් කිරුළපන පොදු ජන පණිවිඩය අඩුවෙන්ම කියවා ගත්තේ මහින්ද පාර්ශවය බවට තර්ක කළ හැක්කේ එම රැුස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා කළ කතාවට සවන් දුන් පිරිසටය. පාරවල්වල විසිරී පොදිවී සිටි අති බහුතරයක් ජනතාවට ශබ්ද විකාශන ජාලයේ අඩුපාඩු නිසා එම කතාව ඇසීමට ඉඩ ලැබුණේ නැත. එයද මහින්ද පාර්ශවයට ලැබුණ ආශිර්වාදයක් ලෙස සැලකිය හැකිය. මහ ජන අපේක්ෂා, ඔවුන්ගේ මුහුණු සහ ඒ ජන ගංගාවේ සැබෑ සංයුතිය ගැන මහින්ද රිජපක්ෂ මහතාට හොද අවබෝදයක් ලබා ගන්නට හැකි වූවානම් ඔහු තම කතාවේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සෘජුව අභියෝග කරන බවට සැකයක් නැත. එහෙත් තමා සද්භාවයෙන් පක්ෂය බාර දුකන්නේ මේ රටේ ජාතික බලවේගය සිරිකොතේ වලං සොදන තැනට තල්ලූ කිරීමට නොවන බව එතුමා විසින් කියනු ඇත. ඒ පාවාදීමේ ක‍්‍රියාවලිය වහා නැවැත්විය යුතු බවත් එසේ නොවන්නේනම් තමා බාරදුන් තනතුර ආපසු ජන බලයෙන් ලබා ගන්නා බවත් ඔහු කියන්නට ඉඩ තිබුණි. ඔහු එසේ මෛත‍්‍රී පාර්ශවයට සෘජුව අභියෝග කළේ නම් දහසක් දුක් කම්කටොළු මැද කිරුළපනට පැමිණි අහංසක මිනිස්සුන්ට සාධාරණය ඉටු වේ. එසේම ඒ මගින් මහින්ද පාර්ශවයේ ඉදිරි දේශපාලන උපාය මාර්ගයද පැහැදිලිවේ.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර




Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: