ජේ.ආර් නොකළ, වර්තමාන ජනපති නොකරන දේ කුමක්ද?


  පසුගියදා ජනාධිපති නිල නිවස අභියස සිට ජනමාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් සුවිශේෂී ප‍්‍රකාශයක් කරන්නට යෙදුණි. ඔහු එහිදී සඳහන් කළේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට අදාලව ජනාධිපතිතුමා සම`ග පවත්වන ලද සාකච්ඡුාවකදී එතුමා විසින් කරන්නට යෙදුනු ප‍්‍රකාශයක් පිළිඳවය. එනම් ව්‍යවස්ථා සංශෝධනයේදී එතුමා කිසිසේතම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා නොකළ දේවල් කරන්නට උත්සාහ නොකරන බවය. ජාතික බලවේගවල පැත්තෙන් බලන විට එම ප‍්‍රකාශය මගින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එතුමාගේ ස්ථාවරයට අදාලව මෙතෙක් කළක් පැවැත් අවිනිශ්චිතභාවය අහෝසි විය. ඒ වෙනතෙක් ව්‍යවස්ථා සංශෝධනයට අදාලව එතුමා විසින් මහජනතාවට හෝ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩයේ මෙහෙයුම් කමිටුවට ලිඛිතව හෝ වාචිකව නිශ්චිත ‘‘කඩ - ඉම්’’ ප‍්‍රකාශයක් සිදුකොට නැත.

එපමණක් නොව ඊට පෙර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ පීතෘවරුන් විසින් එතුමා මුණගැසී එතුමාගේ අදහස් විමසූ බවක් ද වාර්තා වී නැත. එම ක‍්‍රියාවලියේ නරකම අන්තයක් පිළිබඳව ද පසුගිය දිනවල වාර්තා විය. ඊට අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව නිකුත් වී දින දහයකට පසුව එහි තිබෙන්නේ මොනවාදැයි දැන ගැනීමට ජනාධිපතිතුමා විසින් තාක්‍ෂණික කමිටුවේ සම සභාපති එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයම්පති වික‍්‍රමරත්න මහතාට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත. ඉන් පැහැදිලි වන්නේ එතෙක් කාලයක් ජනාධිපති තුමාට එම වාර්තාව ලබාදී නොමැති බව මෙන්ම වගකිය යුත්තන් එතුමා මුණගැසී අදාළ පැහැදිලි කිරිම් සිදුකොට නැති බවයි. ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ප‍්‍රධානීන් විසින් රටේ පළමු පුරවැසියාට සළකන්නේ ඒ ආකාරයට නම් මහජන අදහස් ලබාගැනීම පිළිබඳ ඔවුන්ගේ සැබෑ ආකල්පය තෙරුම් ගැනීම අමාරු නැත.

කෙසේවෙතත් ව්‍යවස්ථා සම්පාදකයින්ගේ එම හැසිරීම තුළින් අදාළ ක‍්‍රියාවලියට එරෙහිව එල්ල වූ චෝදනා ඉතා හොඳින් සනාථ වේ. එම චෝදනා අතරින් පළමු චෝදනාව වූයේ එම ක‍්‍රියාවලිය ජනාධිපතිවරයා ලබාගත් මහජන වරම ඉක්මවා යන බවය. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමට ජනවරමක් ලබා නොගත්තා පමණක් නොව ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන නොකිරීමටද මහජනයාට පොරොන්දු විය. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම සහ ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන යෝජනා කිරීම මගින් ජනාධිපතිවරයාගේ මතය පමණක් නොව මහජන මතයද ව්‍යවස්ථා සම්පාදකයින් විසින් නොසලකා හැර ඇත. ඔවුන් විසින් පාර්ලිමේන්තුව හරහා සම්මතකර ගත් යෝජනාවද ඔවුන් විසින්ම බරපතළ ලෙස උල්ලංඝණය කොට ඇත.

එම යෝජනාව අනුව ව්‍යවස්ථා මණ්ඩලය විසින්ම මහජන අදහස් ලබාගත යුතු අතර උප කමිටුවල සාකච්ඡුා මාධ්‍යයට නිරාවරණයහ කළ යුතුය. නමුත් එම කොන්දේසි දෙකම අමු අමුවේ උල්ලංගණය කොට ඊට පෙර ලාල් විජේනායක කමිටුව විසින් සකස් කළ වාර්තාව පමණක් ඔවුන් විසින් සැලකිල්ලට ගෙන ඇත. ඒ අනුව එම සමස්ථ ක‍්‍රියාවලියටම කූඨ සහ පිළිගත නොහැකි ක‍්‍රියාලියක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මෙහෙයුම් කමිටුවට දැනුම්දී ඇත. ඊට එම පක්‍ෂයේ සභාපති වන ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබී ඇති බවට සැකයක් නැත. බොහෝ විට ජේ.ආර්. නොකළ දේ තමා නොකරන බවට ජනාධිපතිතුමා විසින් ප‍්‍රකාශ කරන්නේ ඉහත සඳහන් කළ සමස්ථ මහා පින්තූරය සැලකිල්ලට ගෙන විය හැක.

ඒ අනුව දැන් රට ඉදිරියේ පවතින ප‍්‍රධාන සාකච්ඡුාව බවට පත්විය යුත්තේ එදා 1987 දී සහ ඉන් පසුව බලයේ සිටි කාලය තුළ ව්‍යවස්ථා සම්පාදනයට අදාලව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නොකළ දේ මොනවාද යන්න නොවේද? එහිදී එම සාකච්ඡුාව 1987න් පටන් ගන්නට සිදුවන්නේ ව්‍යවස්ථාවට අදාලව ඔහු විසින් කළ දේ සහ නොකළ දේ බරපතළ ලෙස සමාජ අවධානයට ලක්වූයේ 13 වැනි සංශෝධනය නිසා බැවිනි. එසේනම් ඉන්දියාවේ බලපෑම් සහ ඇමෙරිකාවේ පාවාදීම නිසා 13 වැනි සංශෝධනයට අකමැත්තෙන් එක`ගවීමට සිදුවීමේදී  ඔහු නොකළ දේ මොනවාද?

එහිදී ඔහුගේ හැසිරීම් සහ අරමුණු පාලනය වූයේ කාරණා දෙකක් මතය. පළමුවැන්න තමා සැමවිටම සිහිනෙන් දුටු බලවත් මධ්‍යගත නව ලිබරල් රාජ්‍ය තුළ ඊනියා බලය බෙදීම හැකිතාක් සීමා කිරීමය. දෙවැන්න ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ආරම්භ වූ ප‍්‍රචණ්ඩ මහජන විරෝධතා වලට මුහුණ දීම සඳහා බලතල බෙදීම හැකිතාක් පරිස්සමින් සිදු කිරීමය. විශේෂයෙන්ම ජනමත විචාරණයක් වලක්වා ගැනීමේ උවමනාව ඔහුට තිබුණි. 1982දී පැවැත්වූ ජනමත විචාරණය ඔහු පහුසවෙන් ජයග‍්‍රහණය කළත් 1987දී පැනැනගී තිබූ දේශපාලන තත්වය ඊට හාත්සසින්ම වෙනස් බව ඔහු ඉන්දියාවට අවධාරණය කළ බවට සැකයක් නැත. ඒ නිසා ඒ වන විටත් ඉන්දියානු නිලධාරීන් විසින් සකස් කොට අවසන් කොට තිබූ ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ මූලික කොටුම්පතට ඉතා සූක්‍ෂම ලෙස යම් බාධක ප‍්‍රමාණයක් ඇතුල් කිරීමට ඔහු සමත්විය.

ඒ සඳහා ඔහු එච්.එල්. ද සිල්වා සහ එස්. එල්. ගුණසේකර වැනි ජ්‍යෙෂ්ඨ සහ ශ්‍රෙෂ්ඨ දේශපේ‍්‍රමී  ජාතිකවාදීන්ගේ උපදෙස් වලට පවා සවන් දුනි. අවසානයේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වැළැක්වීම සඳහා යම් බාධක ප‍්‍රමාණයක් ඇතුල් කිරීමට ඔහු සමත් විය. ඊට අමතරව ජනමතවිචාරණයක් වළක්වා ගැනීම යන නිදහසට කාරණය ඉදිරිපත් කොට යම් ප‍්‍රතිපාදන ඉවත් කිරීමට ද ඔහු සමත් විය. ඉන්දියාව විසින් ඇතුල්කොට තිබූ එහෙත් පසුව ඉවත් කිරීම සහ යම් බාධක පැනවීම මගින් ජේ.අරේ. ජයවර්ධන මහතා විසින් සිදුකළ වෙනස් කම් හෙවත් ඔහු නොකළ දේ ලෙස ව්‍යවස්ථා ප‍්‍රථිපාදන 8ක් හඳුනාගත හැක. ඒවා මෙසේ සංක්‍ෂිප්තව දැක්විය හැක.

පළමුවැන්න බලවත් ආණ්ඩුකාර තනතුරක් ඇති කිරීම මගින් පළාත් සභාව විසින් සම්මත කරන ප‍්‍රඥප්ති ආන්ඩුකාරයා මගින් ආපසු හරවා යැවීමට ප‍්‍රතිපාදන ඇතිකිරීම මෙන්ම පළාත් රාජ්‍ය සේවය මහ ඇමතිගේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමයි. එම බාධකය නිසා පසුගිය කාලයේදී උතුරු පළාත් සභාවට පොලිස්, ඉඩම් හෝ මූල්‍ය වැනි බලතල අත්පත් කර ගැනීම සඳහා ප‍්‍රඥප්ති සම්මතකර ගැනීමට නොහැකි විය. දෙවැන්න, ජාතික ප‍්‍රතිපත්ති හැදීමේ බලය නමින් සුවිශේෂ  බලයක් මධ්‍යම රජයේ බලතල ලැයිස්තුවට එකතු කිරීමය. ඒ මිගින් පළාත් විසින් ස්වාධිනව ප‍්‍රතිපත්ති හැදීම නොකළ යුතු බවට ප‍්‍රතිපත්තිමය සීමාවන් පැනවීමේ ඉඩක් විවෘත විය.

තුන්වැන්න, ඉන්දියාව විසින් ඇතුල්කොට නොතිබූ සමගාමී බලතල ලැයිස්තුව ඇතුල් කිරීමය. ඉන්දියානු ව්‍යවස්ථාවේ පවා එවැනි ලැයිස්තුවක් තිබීම නිසා ඒ සඳහා බලපෑම් කිරීමට ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් සාධාරණ හේතුවක් ද ඉදිරිපත් කරන ලදී. සමගාමී ලැයිස්තුව නොතිබුණානම් මධ්‍යම රජයට බලපෑම් කළ නොහැකි ආකාරයට පළාත් වලට අනන්‍ය වූ බලතල 37ක් ලැබේ. ඒ මගින් පරමාධිපත්‍යය පළාත් සහ මධ්‍යම රජය අතර නිශ්චිතව බෙදීයන බවට බෙදුම්වාදී නීති සංකල්පයක්ද තහවුරු කිරීමට හැකි වේ. හතරවනුව ජේ.ආර්.ජයවර්ධනමහතා විසින් ඉඩම් අන්සතු කිරීමේ අවසන් බලය මධ්‍යම රජය සතුව තබා ගනිමින් ජාතික ඉඩම් කොමිසම සහ ප‍්‍රතිපත්ති මගින් පළාත් වලට අදාළ ඉඩම් බලය සීමා කිරීමටද කටයුතු කෙළ්ය. අද වන විට ඉඩම් බලයට අදාලව පනවා ඇති එම බාධක ඉවත් කිරීම බෙදුම්වාදීන්ගේ ප‍්‍රභල ඉල්ලූමක් බවට පත් වී ඇත. එහෙත් පොලිස් බලයට අදාළව එවැනි සීමා පැනවීමට ජේ. ආර් ජයවර්ධන ජයවර්ධන අසමත් විය.

කෙසේ වෙතත් මූල්‍ය බලය පත්තෙන් ගත් විට මහ ඇමතිවරයාට ප‍්‍රඥප්තියක් මගින් මහඇමති අරමුදල් හැදීම සඳහා බලය දීමට ජේ.ආර්. ජයවර්ධන මහතාට සිදුවිය. එහෙත් ආණ්ඩුකාර බලය හරහා එවැනි ප‍්‍රඥප්තියක් සම්මත කිරීම වැළැක්වීමේ හැකියාව  ඉතිරි විය. එසේම පළාත් විසින් ස්වාධිනව බදු අයකිරීම සහ භාණ්ඩාගාරයක් පවත්වාගෙන යාමට නොහැකි වන ලෙස බාධක පැනවීමට ද ඔහු සමත් විය. ඊට අමතරව හදිසි අවස්ථාවකදී අභියෝගයකින් තොරව ජනාධිපතිවරයා විසින් තීන්දු ගත හැකිවන ආකාරයට මහජන ආරක්‍ෂක පනත යටතේ දැඩි පියවර ගැනීම සඳහා ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට ඔහු සමත්විය. ඒවා පිළිවෙලින් පස්වැනි සහ හත්වැනි බාධක ලෙස හඳුනාගත හැක.

ඊට එරෙහිව ඉන්දියාව පැත්තෙන් දැඩි ලෙස විරෝධය පළ කිරීමට ඉඩක් නොතිබුනි’ කෙසේ වෙතත් එහිදී ජනාධිපති සතු එම බලය දියාරු නොකර ඔහුගේ නිගෝය දින 14ක් ඇතුළත පාර්ල්ිමේන්තඤවේදී අනුමත කළ යුතු බවට පමණක් ප‍්‍රතිපාදන ඇතුල් කර ඉන්දියානු බලපෑම් සමනය කෙරෙනි. එසේ වුවත්් පාර්ලිමේන්තුව විසින් පළාත් විෂයයකට අදාළව පනතක් සම්මත කිරීමේදී විශේෂ බහුතරය අවශ්‍ය බවට ඇතුල්කොට ඇති ප‍්‍රතිපාදන ඉවත් කිරීමට ජේ.ආර්. ජයවර්ධන මහතා අසමත් විය. ඊට අමතරව පළාත් විෂයන්ට අදාලව පනවා තිබූ නීති පවා පළාත් ප‍්‍රඥප්ති මගින් බල රහිත කිරීමේ ප‍්‍රතිපාදනයක්ද ව්‍යවස්ථාවට ඇතුල්කෙරිනි. නමුත් ඉන්දියානු ව්‍යවස්ථාව අනුව මධ්‍යම රජය විසින් පළාත් විෂයකට අදාලව පනතක් සම්මත කිරීම සඳහා අවශ්‍ය වන්නේ සාමාන්‍ය බහුතරය පමණි. ඒ අනුව ශ‍්‍රී ලංකවේ ව්‍යවස්ථාව තුළ ඉන්දියානු ව්‍යවස්ථාවටත් වඩා බරපතළ ෆෙඩරල් බලතල ප‍්‍රතිපාදන තිබෙන බවද පිළිගැනීමට සිදුවේ. 

ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 13 වැනි සංත්‍ශා්ධනයට එරෙහිව යො¥ හත්වන සහ අටවන ව්‍යවස්ථා බාධක ලෙස හඳුනාගත හැක්කේ ඉන්දියාව විසින් යෝජනා කළ වූ ප‍්‍රතිපාදන දෙකකට ඉඩ ලබා නොදීමයි. ඒ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය වන බවට ඔහු විසින් තර්ක ඉදිරිපත්කොට ඇත. ඉන් පළමු වැන්න දෙවන මන්ත‍්‍රණ සභාවක් පිහිටුවීමය. ඒ මගින් පාර්ලිමේන්තුව සතු බලතල ප‍්‍රමාණයක් පළාත් නියෝජිතින්ගෙන් සැදුම්ලත් දෙවන සභාවකට හෙවත් උත්තර සභාවකට පැවරේ. විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයකදී පාර්ලිමේන්තුවට බාධා පැනවීමට එම දෙවන මන්ත‍්‍රණ සභාවට හැකියාව ලැබේ. එම සභාවේ සාමාජිකයන් 55 දෙනාගෙන 45 දෙනෙක් පත්කෙරෙන්නේ පළාත් සභාව මගිනි. දෙවන මන්ත‍්‍රණ සභාවක් පත් කිරීම පිළිබඳව 87 සිට දිගින් දිගටම විශේෂයෙන් මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී පවා, ඉන්දියානු නියෝජිතයන් විසින් ශ‍්‍රී ලංකා රජයට බලකරනු ලැබිණි.

13 වැනි සංශෝදනය බලවත් ලෙස ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් පනවන ලද 8 වැනි බාධකය වන්නේ ව්‍යවස්ථාව අධිකරණයට ඉඩ නොදීමය. ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවා තිබුණානම් ව්‍යවස්ථා අර්ථකථනය කිරීමේ බලය සහ පළාත් සහ මධ්‍යම රජය අතර බලතල ක‍්‍රියාත්මක කිරීමට අදාලව ඇතිවන ගැටුම් සමත කිරීමේ බලයද එම අධිකරණයට ලැබේ. එම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ස්වාධින අධිකරණයක් නොවන අතර ඊට අධිකරණ නිලධාරීන් නොවන පිරිස් ජාතිකත්ව පදනමින් පත්කළ හැකි බවටද ප‍්‍රතිපාදන යෝජනා විය. ඒ අනුව එම අධිකරණයට රටේ විධායකය හෝි ව්‍යවස්ථාදායකය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හැර සෙසු අධිකරණ විසින් පළාත් බලතල ක‍්‍රියාත්මක කිරීමට අදාලව ගනු ලබන තීන්දු නැවත සමාලෝචනය කිරීමට සහ අවශ්‍ය නම් ඒවා නිශ්ප‍්‍රභා කිරීමට පවා බලය ලැබේ.  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් දැනට ඉදිරිපත් කොට ඇති වාර්තා අනුව නව ව්‍යවස්ථාව සංශෝධනයට රට බෙදීම වැළැක්වීම සඳහා විශේස ප‍්‍රතිපාදන ඇතුල් කෙරෙනු ඇත. නමුත් ඒවා ගැඹුරින් විශේලේෂණය කිරීමේදී පෙනී යන්නේ එදා ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 154 වගන්තිය යටතේ පැන වූ ආරක්‍ෂාකිරී ප‍්‍රතිපාදන සියල්ල එක් නව ප‍්‍රතිපාදනයකින් නිශ්ප‍්‍රභ වන බවයි. එනම් ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවකදී දෙනු ලබන නියෝග ව්‍යවස්තා අධිකරණයේ අනුමැතියට යටත් කිරීමය.

ඒ අනුව පසුගිය කාලය පුරාම බෙදුම්වාදී බලවේග විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එරෙහිව පවතින බාධා ඉවත් කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඉතා හොඳින් පැහැදිලි වේ. මානව හිමිකම් සුමළුවේ 30/1යෝජනාව මගින් ඇමෙරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර බලවේග විසින් ඉල්ලා සිටින්නේද එපමණකි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ උප කමිටු වාර්තා වලින් පමණක් නොව ඊට පෙර විවිධ සාකච්ඡුා ක‍්‍රියාවලි තුළදී බෙදුම්වාදී බලවේග විසින් ප‍්‍රමුඛතාවයෙන් යුතුව ඉල්ලා සිටියේද එයම බව ඉතිහාසය පරික්‍ෂා කිරීමේදී පැහැදිලි වේ. වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ මූලික සහ අවසන් අරමුණද එයම බවට කිසිදු දැකයක් නැත. ඉහත සඳහන් කළ බාධා 8 හෙවත් ජේ.ආර්. ජවයර්ධන මහතා විසින් තැබූ ‘‘අඩ’’ ඉවත්කර ගත් පසු බෙදුම්වාදීන්ට තම මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට යාමට වෙනත් කිසිදු බාධාවක් එල්ල වන්නේ නැත.

එම ව්‍යවස්ථා බාධක ඉවත්කළ පසු වෙනත් පරිපාලන බාධක මගින් ඊනියා ‘පළාත් ස්වයං පාලනයට’’ බාධා කළහොත් එය බෙදුම්වාදීන්ට ආශිර්වාදයක් වේ. ඔවුන් කියන ජාත්‍යන්තර මැදිහත්වීම ල`ගාවන්නේ එවැනි අවස්ථාවක පැන නගින් ප‍්‍රචන්ඩ ගැටුම් දඩමීමා කරගෙන බවට කිසිදු සැකයක් නැත. ඊට අදාලව ජීවමාන සාක්‍ෂි කොසෝවෝ රාජ්‍යය බෙදා වෙන් කිරීමේ සූක්‍ෂම ජාත්‍යන්තර මැදිහත්වීම අධ්‍යනය කිරීමෙන් වටහා ගත හැක. නමුත් දැන් ඒ අඳුරු වලාකුළු අතුරින් මෛත‍්‍රීපාලි සිරිසේන මහතා රටට ලබාදී ඇති පොරොන්දුව රිදී රේඛාවක් සේ මතු වී පෙනේ. එතුමා ජේ.ආර්. ජයවර්ධන මහතා නොකළ දේ නොකරන බවට පොරොන්දු වන්නේ දැනුම්වත්ව සහ සද්භාවයෙන් නම් ඉහත සඳහන් කළ ප‍්‍රතිපාදන 8න් එකක් හෝ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.

එසේ වුවත් මේ වන විට ව්‍යවස්ථා සම්පාදන ගර්භාෂයේ වැඩෙන දරුවා කෙතරම් විකෘති වුවත් එම දරුවා ගබ්සා කිරීමට එරෙහිව එතුමාගේම මනසේ යම් මානසික බාධක පැනවෙන බවට සැකයක් නැත. එතුමාට එම මානසික බාධක ජයගත හැක්කේ රනිල් වික‍්‍රමසිංහ මහතා චන්දිකා මැතිණිය විසින් 1998 සිට 2000 දක්වා වසර 2ක් තිස්සේ කුස දරා සිටි ව්‍යවස්තා දරුවා පාර්ලිමේන්තුවේදී එක් ගිනිකූරක් ගසා ගබ්සා කළ ආකාරය මතක් කර ගැනීමෙනි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 




       

Comments

Popular posts from this blog

‘‘අතුරුදහන්වූවන්ගේ කාර්යාල’’ පනතේ රණවිරුවන් පාවාදෙන මාරක වගන්ති 10ක්

කිරි මෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම