විපක්ෂය නොදකින ආණ්ඩුවේ ගමන

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකදා නිදහස් පක්ෂය කඩාගෙන ගොස් එක්සත් ජාත්ක පක්ෂය සමග එක්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයබ පරාජය කළ බව දැන් එම පක්ෂයට අමතක වී ඇත. එදා ඔහු තම ජයග‍්‍රහණයෙන් පසු එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව තමාට හිමි නැති සභාපතිකම බලහත්කාරයෙන් ලබා ගත්තේය. ඉන් පසුව තමා මෙන්ම පක්ෂය කඩාගෙනගොස් පක්ෂය පරාජය කළ තවත් පුද්ගලයෙකුට පක්ෂයේ ලේකම් තනතුර ලබා දීමට ක‍්‍රියා කළේය. ඊට පෙර ඔහු රටේ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් එම  පක්ෂයේ අගමැතිවරයා තනතුරේ සිටියදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැතිවරයා අගමැති තනතුරට පත් කළේය. ඒ මගින් ඔහු ඒ වන විට පැවති බහුතර ආණ්ඩුව විපක්ෂය බවට පත් කොට තමාට කැමති අයෙකු විපක්ෂ නායකයා ලෙස පත්කළේය.

ඉන් පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී තම පක්ෂයේ අගමැති අපේක්ෂකයා පරාජය කිරීම සදහා කළ හැකි සියලූම ආකාරයේ ක‍්‍රියාමාර්ග ගණු ලැබීය. ඒ මගින් ඔහු තම පක්ෂයේ අගමැති අපේක්ෂකයා ජනාධිපතිවරණයේ ලබා තිබූ ඡුන්ද ප‍්‍රමාණයෙන් ලක්ෂ 11ක් ඔහුට අහිමිකොට තම පක්ෂයට ආණ්ඩුවක් ලබා දීමට තිබූ අවස්ථාව අහිමි කළේය. එම ක‍්‍රියාවළිය තුලදී ඔහු තම පක්ෂයේ අගමැති අපේක්ෂකයා පරාජය කිරීම සදහා රහසිගතව කටයුතු කළ බවට චෝදනා එල්ලවූ පිරිස් ක්‍න්දයෙන් පරාජය වූ පසුව ඔවුන් ජාතික ලයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට පත්කළේය. අවසානයේදී ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා කිසි දිනෙක අපේක්‍ෂා නොකළ ආකාරයට සහ එම පක්ෂයේ ජාතිකවාදී ඉතිහාසයට පස්ස හරවමින් එක්සති ජාතික පක්ෂය සමග එක්සත් ජාතික පක්ෂය සදග හවුල් ආණ්ඩුවක් හදමින් එම පක්ෂයේ මූලික ප‍්‍රතිපත්ති වලට පටහැනිව ගමනක් ආරම්භ කළේය. දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක් පැත්තකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සෑදීම තමාගේ සිහිනයක් බව පවසමින් අනෙක් පැත්තෙන් අනාගතයේදී එසේ ආණ්ඩුවක් සෑදීම සදහා තම පක්ෂයේ සාමාජිකයන් ආණ්ඩුවේ වැරදි විවේචනය කරන විට ඔවුන්ට දඩුවම් කරන බවට තර්ජනය කරයි. එපමණක් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විසින් කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා තම පක්ෂයට හිමිව තිබූ පළාත් පාලන විසුරුවා හැර බිම් මට්ටමේ බලයද තම අහිමි කළා පමණක් නොව එම ඡුන්දය කල් දමමින් පක්ෂයට නැවත නැගී සිටීමට ඇති ප‍්‍රභල අවස්තාව අහිමි කරමින් සිටියි. මෙම දීර්ඝ පුරෝකථනය රටේ පොදු ජනතාවට මෙන්ම විශේෂයෙන් ශ‍්‍රී ලංකා නිදහන්පක්ෂ සාමාජිකයන්ට රහසක් නොවේ. වෙනත්  ඕනෑම රටක ජීවත් වන එම රටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන කිසිදු පුද්ගලයෙකුට මෙම වචිත‍්‍රවත් කතාව සත්‍යයක් ලෙස පිළිනොගන්නා බවට සැකයක් නැත. එයට හේතුව එවැනි කතාවක් පිළිබදව උදාහරණයක් ලෝකයේ කිසිදු රටක සොයාගත නොහැකි වීමය. කෙසේ වෙතත් මෙම සිදුවීම් වලට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පොදුවේ තම තමාගේ හෘද සාක්ෂියට අනුව විග‍්‍රහ කර ගන්නවාද යන්න සැක සහිතය. එයට හේතුව විවිධ මාධ්‍ය සංදර්ශන වලදී ඔවුන් තම පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම් වරයා විසින් ගන්නා වූ ක‍්‍රියාමාර්ග වලට යම් මාත‍්‍රාවකට විරෝධය පළ කළත් එම නායකයන්ට පක්ෂ නායකත්වය දැරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි සෘජුව ප‍්‍රකාශ කළේ එක් මන්ත‍්‍රීවරයෙක් පමණක් වීමය.

දැන් සනත් නිශාන්ත නම් වූ තම හෘද ශාක්ෂියට අනුව කතා කළ මන්ත‍්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට ඇත. එම මන්ත‍්‍රීවරයාට එම තීන්දුවට එරෙහිව සෘජවු නායකත්වයට අභියෝග කළත් සෙසු මන්ත‍්‍රීවරුන් එම ක‍්‍රියාවේ වැදගත් කමට සාපේක්‍ෂව ...අලස ක‍්‍රියාවකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු විපක්ෂයේ ජාතිකවාදී පක්ෂ පාද යාත‍්‍රා විරෝධතා ව්‍යාපාරයට දියත් කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව නොවේ. එසේම මෛත‍්‍රීපාල සිරිසේන මහතා හෝ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධීව බලයෙන් පහ කිරීමේ අරමුණක් ඒතුල නැති බවද විරෝධතාකරුවන් ප‍්‍රකාශකොට ඇත.නමුත් එම විරෝධතාවයට හේතු වූ සැබෑ කරුණු හෙවත් සටන්පාඨ යටපත් කරමින් සහ ඊට අදාළව ඒ පිළිබදව කිසිදු සහතිකයක් හෝ ප‍්‍රකාශයක් විපක්ෂයට ලබා දීමට ක‍්‍රියා නොකරමින් විනය ක‍්‍රියාමාර්ග ගැන කතා කිරීම හාස්‍යජනක තත්වයකි. එහෙත් ඒ පිිළිබදව ආණ්ඩුවට එකතුවී නැති මන්ත‍්‍රීවරු විසින් පොදු ප‍්‍රකාශයක් නොකිරීම මගින් පෙන්වන්නේ සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා තනිව ප‍්‍රශ්නයට මුහුණදිය යුතු බවද?

පවතින රජය ජේ.ආර් ජයවර්ධන රජය මෙන් මහා ජන බලයකින් බලයට පත්වූ රජයක් නොවේ. බියවැද්දවීමේ ක‍්‍රමවේදය වරදාන මගින් ආණ්ඩුවේ බලය පවත්වාගෙන ගියත් මහා සමාජයේ ආණ්ඩුවට එරෙහිව බරපතල විරෝධයක් ගොඩනැගෙමින් ඇත. ඒකාබද්ධ විපක්ෂය මගින් දියත් කළ පාද යාත‍්‍රාව අති සාර්ථක වන්නේ එවැන් තත්වයක් තුලය. පාර්ලිමේන්තුවේදී සහ ජනාධිපති කාර්යාලයේදී සංවිධානාත්මක ආණ්ඩු බලය පෙන්වාගෙන ගියත් වීදියේ ආණ්ඩුව ක‍්‍රමයෙන් සැබෑ විපක්ෂය අතට පත්වෙමින් තිබේ. බදුබර, ව්‍යවස්ථා මර උගුලට, රණවිරු දඩයමට සහ රට පාවාදෙන එට්කා ගිවිසුමට විරුද්ධව මහජනයා පාරට බසින විට නිල විපක්ෂය සහ අර්ධ විපක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ එම විරෝධය විවේචනය කරයි. පසුගිය දිනෙක ජනතාවිමුක්ති පෙරමුණේ නායකයා සහභාගීවූ රැුස්වීමක දැකගත හැකිවූයේ 20ක් පමණ වූ එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පමණි. ජනතා අපේක්ෂා වලට එරෙහිව ආණ්ඩුව රැුකීමට උත්සාහ දරන පිරිස් වලට ජනතාව ප‍්‍රතිචාර දක්වන ආකාරය ඒ මගින් ඉතා හොදින් ප‍්‍රදර්ශනයවේ. එවැනි තත්වයක් තුල සැබෑ විපක්ෂයේ බහුතරය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු දැන් සෘජුව සිටගනිමින් සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා පෙන්වූ ආදර්ශය අනුව ක‍්‍රියා කිරීමට මැලි වන්නේ කුමක් නිසාද?

පොදු ජනතාව අතර යහපත් පසුබිමක් තිබියදී සහ සදාචාර බලය උපරිමයෙන් තමා සතුව තිබියදී සියලූම විනය නීති කඩ කළ නායකයෙකුගේ විනය නියෝග ඉවසා සිටීම පිළිබදව මහජනයාගේ පැත්තෙන් සැබෑ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට එල්ල වන චෝදනා දැන් ක‍්‍රමයෙන් වැඩිවන බව පෙනේ. ජනතාව විශේෂයෙන්ම බිම් මට්ටමේ ශ‍්‍රී ලංකා නිදහදස් පාක්ෂිකයා ‘‘ ඉවසුවා ඇති’’ නිසා හඩ නගන විට මන්ත‍්‍රීවරුන්ගේ ඉවසීම හාස්‍යයට ලක්වේ. එම පරස්පරයට ප‍්‍රධාන හේතුව ලෙස පෙනෙන්නේ එක් එක් මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කැමැත්තට වඩා දේශපාලන උපාය මාර්ග තේරීමේ ගැටළුව තිබෙන බවය.

බලය අත්වී යම් කෙටි කාලයක් තුල උපාය මාර්ගික ප‍්‍රවේශයක් තේරීමට අපහසු වන වික්‍ෂිප්තභාවයක් දේශපාලන පක්ෂයක් තුල ඇති විය හැක. විශේෂයෙන් විපක්ෂයේ නිල බලය අහිමිවීම තුල එම තත්වය බරපතලවේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා බන්දේසියක තබා පක්ෂ නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතට ලබාදීම මෙන්ම 19වන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීම පිළිබදව ජනතාවගෙන් යම් සමාවක් ලැබෙනු ඇත. එහෙත් එම අවස්තාවල වාසුදේව නානායක්කාර සහෝදරයා එම ක‍්‍රියාව මාරාන්තික වරදක් බව කීමට පසුබට වූයේ නැත. එමෙන්ම සරත් වීරසේකර මන්ත‍්‍රීවරයා තම හෘද සාක්‍ෂියට අනුව ඊට එරෙහි විය. අද එම දෙපළම නිවරදි බව දේශපාලනයේ ‘‘අයන්න’’ දන්න අයනම් පිළිගනී. මේ වන විට ඊනියා ස්වාධීන කොමිෂන් පත්කිරීමේ ව්‍යවස්ථාදායක සභාව රෙදි ගලවාගෙන තම ස්වාධීනත්වය ප‍්‍රදර්ශනය කරන ආකාරය නොපෙනෙන්නේ කාටද?

එවැනි තත්වයක් තුල ඒකාබද්ධ විපක්ෂය විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් මන්ත‍්‍රීවරු එදා කළ වැරදි නිවරදි කරනවා වෙනුවට ඒවා සාධාරණීය කරනය කිරීමට කටයුතු කිරීම යනු කණගාටුදායක තත්වයකි. විපක්ෂය විසින් සිදු කළ තුන්වන උපායමාර්ගික වරද වන ආණ්ඩුව විසින් ඇටවූ ව්‍යවස්ථාදායක සභා මණ්ඩලය නම් වූ මර උගුලට පය තැබීමයි. දැන් පමාවීහෝ එම උගුලේ භයනක කම පෙන්වීමට තැබූ පය ගලවා ගන්නවා වෙනුවට පය තැබීම නිවරදි බව පෙන්වීමට ගන්නා උත්සාහය තුල අනෙක් පයත් උගුලේ පැටලීම නැවැත්විය නොහැක. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන්   මහජනයා ඉදිරියේ පෙනී සියින උගතුන් යයි කියාගන්නා පිරිස් එම උගුලේ දැත්තක් දෙකක් කඩා දැමීමට ආණ්ඩුව එකගවීම  ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වීම බරපතල වරදකි. වරදක් පිළිගෙන නිවරදි කිරීමට නිහතමානී නොවන දේශපාලන පක්ෂ වලට සිදුවන්නේ එම වැරදි මාවතේම ඉදිරියට යමින් දේශපාලන අගාධයට ගමන් කිරීමය.

ව්‍යවස්ථා සම්පාදක උගුලේ හිරවීම යනු සුළු උපක‍්‍රමික වරදක් නොවේ.එය බරපතල උපායමාර්ගික වරදකි. රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ බෙදුම්වාදී හිතවත් දෙස් විදෙස් බලවේග මෛත‍්‍රීපාල සිරිසේන මහතා යෙදාගනිමින් දියත් කරන ප‍්‍රහාරයට දිගින් දිගටම ආරක්ෂාකාරීව පහරදීම පහර දීමේ වරද ඒ මගින් මැනවින් පිළිබිඹුවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ හදවත් තුල අවංකවම පවතින මෛත‍්‍රී විරෝධය එළිපිට දේශපාලන ක‍්‍රියාමාර්ග ලෙස ප‍්‍රදර්ශනය නොවන්නේ එම වැරදි උපායමාර්ගික තේරීම නිසාය. මෛත‍්‍රී , රනිල් දේශපාලන න්‍යායට එරෙහිව මහජනයා පෙළ ගැස්වීමේදී එම වරද බරපතල ලෙස පිළිබිඹුවේ. ආණ්ඩුවට එරෙහි නිවරදි ඉර ගසා ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයකට මාරුවීමෙන් තොරව ආණ්ඩුවේ දේශපානල න්‍යායපත‍්‍රයට එරෙහිව සෘජුව අභියෝග කිරීම වළක්වන මානසික බාධකය ජය ගත නොහැක. සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා මෙන් අනෙක් මන්ත‍්‍රීවරුද තම හෘද සාක්‍ෂියට එකගව සෘජුව සිටගන්නේ එසේ වුවොත් පමණි.

එදා මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ජාතික බවවේගය ඉන්දියානු සහ ඇමෙරිකානු ඔත්තුසේවා විසින් දියත් කළ මෙහෙයුමට ගොදුරු වූයේ ගොඩනැගෙමින් පැවති දේශපාලන තත්වය ගැඹුරින් තේරුම්ගෙන ඊට එරෙහිව නිවරදි උපාය මාර්ගය තෝරානොගත්  බැවිනි. එම ඔත්තුසේවා විසින් මෙහෙයවූ බලවේග තුල මහජන විප්ලවයක් කළ බව පැවසුවද සැබවින්ම සිදුවූයේ ....ක‍්‍රමවේද කිහිපයක් මගින් අංක ගණිතමය වශයෙස් නිවරදි ආකාරයට ඡුන්ද එකතු කිරීමේ මෙහෙයුමකි.

එදා  මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව සතුරා විසින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඊට පෙර සතුරා විසින් ඉදිරිපත් කිරීමට නියමිත සටන්පාඨ ” හයිජැක් ” කලයුතු බවත් ජාත්ක බලවේග ඵීසින් පෙන්වා දුනි’ ඊට ප‍්‍රතිචාර ලෙස ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයාට විරුද්ධව පෝෂ්ටර් මුද්‍රණය කිරීම සහ දැන්වීම් පල කිරීම ස‘දහා සැලසුම් සකස් කලේය’ අද නැවත වටයකින් සිදු වන්නේ එම වරදමද යන සැකය මහජනයා තුල ඇති වෙමින් ඇත’
එම නිසා බාහිර බලවේග ඵීසින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කොට මෛත‍්‍රී රනිල් රෙජිමය බලයට පත්කිරීමට මුල් වූ දේශපාලන වුවමනාව කුමක්දැයි විපක්ෂ බලවේග ඵලමුවෙන්ම වටහා ගත යුතුය’ මහින්ද රාජපක්ෂ පරාජය කල යුත්තේ ඊනියා ” දෙමල ජනතාවගේ ගැටළුව ” විසදීම ස‘දහා බවට වන සාක්ෂි මේ වන විට තොග වශයෙන් ඉදිරිපත් වී ඇත’ ඒවා එකින් එක නැවත නැවත ඉදිරිපත් කිරීම අවශ්‍ය නැත’ එම කොන්ත‍්‍රාත්තු ඉටු කිරීම ස‘දහා ආණ්ඩුව විසින් ඉටුකල යුතු මූලික කර්තව්‍යයන් දෙක අතුරින් පලමුවැන්න වන්නේ රාජ්‍යයේ ව්‍යුහය බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම ස‘දහා ව්‍යවස්ථාව සංශොධනය කිරීමයි’ දෙවැන්න රට ව්‍යවස්ථාවන් වශයෙන් බෙදුම්වාදී මර උගුලේ හිරකල පසුව අවසාන වශයෙන් බෙදා වෙන් කිරීම ස‘දහා අවශ්‍ය අනෙක් මූලික සාධකය සම්පූර්ණ කිරීමයි’ එනම් ආරක්ෂක හමුදා දුර්වල කොට දුර්මුක කිරීම ම‘ගින් බටහිර න්‍යාය පත‍්‍රයට එරෙහි නොවන හමුදාවක් බවට වර්තමාන හමුදාව පරිනර්තනය කිරීමයි’ අවසාන වශයෙන් ඉන්දියානු සහ බටහිර බලවේග වලට සහයෝගයෙන් පය තබා ගැනීම ස‘දහාද එය පූර්ණ කොන්දේසියක් වේ’

කොල්ලකාරී නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම ස‘දහා අවශ්‍ය නව නීති සහ පරිපාලන ක‍්‍රවේද ඉතා කෙටිකලකින් සකස් කිරීම වර්තමාන ආණ්ඩුව විසින් ඉටුකිරීමට නියමිත තුන්වන කොන්ත‍්‍රාත්තුව බවද පැහැදිලිව පෙනේ ඒ අනුව දැන් විපක්ෂයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුල සිටිමින් සාධාරණීකරණය කරන්නේ මහින්ද රාජපක්ෂ පාරාජය කිරීමට හේතු වූ මූලික කෝන්ත‍්‍රාත්තුව ඉටුකිරීම නොවේද? ඉන් රටට පමණක් නොව මහින්ද රාජපක්ෂයන්ටද ද්‍රෝහි වීමක් නොවේද? තමා විසින් සිදුකරමින් පවතින උපායමාර්ගික වරද දැනුවත්ව හෝ නොදැනුවත්ව සැ‘ගවීම ස‘දහා යම් පාර්ශව විසින් ඉදිරිපත් කරන තර්ක ඉතා හාස්‍යජනකය’ පාර්ලිමේන්තුවේදී තමන්ට සාධාරණව විපක්ෂය ලෙස කටයුතු කිරීමට හෝ අඩුතරමින් මන්ත‍්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව තුල සාධාරණ ප‍්‍රශ්ණයක් ඇසීමට ඉඩක් නොදෙන ආණ්ඩු වයවස්ථා සම්පාදක මන්ඩලය නමින් නව ව්‍යුහයක් ම‘ගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන බව පිළිගත හැකිද? එසේ පිළිගන්නා ලෙස බිම් මට්ටමේ මහජනයාගෙන් එක වචනයකින් හෝ බලපෑමක් සිදුවුනාද?

එසේම ආණ්ඩුව විසින් එම යෝජනා කෙටුම්පත් කොට මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය විසින් සිදුකල ආකාරයට තේරීම්කාරක සභාවක් හරහා එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පවතින බාධකය කුමක්ද? එසේම එම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පසුව එදා රනිල් වික‍්‍රමසිංහ මහතා කල ආකාරයටම එම කෙටුම්පතට” රනිල්ගේ පැකේජය ” නැමති ලේබලය අලවා ඊට ගිනිතැබීමට ඇති බාධකය කුමක්ද? රනිල්ගේ පැකේජයට සමස්ථ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පැකේජය ලෙස ලේබලයක් ගසා ඊට සුජාතභාවයක් ලබාදීමට විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට ඇති රුදාව කුමක්ද? රනිල් වික‍්‍රමසිංහ මහතා මේ රටේ සැබෑ ප‍්‍රශ්න විසදීම ස‘දහා අවංක උත්සාහයක් ගන්නවා යැයි විපක්ෂයේ මන්තී‍්‍රවරු විශ්වාස කරනවාද? ඔහු තම ස්වාමිවරුන් විසින් ඔහුට බලය ලබා සීමේදී එක‘ග වූ කොන්ත‍්‍රාත්තුව ඉටු නොකර රට වෙනුවෙන් ඔවුනට එරෙහිව ඇතැයි විපක්ධය සිහින දකිනවාද? තමා විසින් ඉදිරිපත් කරන යෝජනා ම‘ගින් රනිල් වික‍්‍රමසිහ මහතාගේ මූලික අරමුණ පරාජය කල හැකියැයි විපක්ෂය තවදුරටත් හිතනවාද? ඔහුගේ න්‍යාය පත‍්‍රය පරාජය නොකර ඔහු පරාජය කොට බලය ලබාගත හැකිදැයි විපක්ෂය කල්පනා කරනවාද?

දේශහිතෛෂී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: