විපක්‍ෂයට මොකද වෙන්නේ?
ජනවාරි 08 දා හසංයාට ඡුන්දය දුන් අයගෙන් ඊට මාස කිහිපයකට පසුවෙනස සනීපදැයි ඇසූ පිරිස් දැන් තමාගෙන්ම ප‍්‍රශ්න කරමින් විපක්‍ෂයට මොකද වෙන්නේ යනුවෙනි. ආණ්ඩු පෙරළියෙන් පසුව පෙබරවාරි 18 ‘‘නුගේගොඩ නැගිටීම’’ සම`ග සමාජය පුරා හමාගිය මහින්ද සුළ`ග නිසා උද්දාමයය පත්වූ බලවේග අගෝස්තු මහා මැතිවරණයේදී සිදුකළ මාරාන්තික වරදවා ගැනීම් වලින්ද පසුවද අණුසුම්ව තබා ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය සමත්විය. ඉන්පසුව දිගින් දිගටම මහින්ද පාර්ශ්වය මෛත‍්‍රී පාර්ශ්වය සම`ග හොරගල් අහුලමින් සිටීම නිසා සීතල වෙමින් පැවැති පේ‍්‍රක්‍ෂාගාරය නැවත උණුසුම් කිරීමට හයිඞ් පිටියේ විරෝධතා රැුලිය සමත් විය. ඊට දින කිහිපයකට පෙර හයිඞ් පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩුව විසින් සංවිධානය කළ විපක්‍ෂයට එරෙහි විරෝධතා රැුලිය ජන සහභාගීත්වය අඩුවීම නිසා ලිප්ටන් වටරවුම දක්වා පල්ලම් බැස්සවිය. ආණ්ඩුව ආණ්ඩු බලය සහිතව පෙන් වූ විපක්‍ෂ විරෝධයට වඩා විපක්‍ෂයේ ආණ්ඩු විරෝධදය සිය ගුණයකින් බලවත් විය. එම නිසා විපක්‍ෂයේ හයිඞ් පාර්ක් ර`ගදැක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද පාර්ශ්වයට සහ සෙසු විපක්‍ෂ බලවේග මහත් ශක්තියක් වූ අතර මෛත‍්‍රී පාර්ශ්වයට සහ පොදුවේ ආණ්ඩුවට භීතිය ගෙනදෙන්නක් විය.
එහෙත් වරින් වර මාරුවෙන් මාරුවට උණුසුම් සහ සීතල පිඹිමින් ඒකාබද්ධ විපක්‍ෂය විසින් පවත්වාගෙන යාමට උත්සාහ කරන ආණ්ඩු විරෝධය තව දුරටත් මෛත‍්‍රී පාර්ශ්වයට සහ ආණ්ඩුවට අභියෝගයක් වන ලෙස හෝ එම පාර්ශ්වය යටත් කරනු ලබන පරිමාවකට පවත්වාගෙන යා හැකිද යන ප‍්‍රශ්නයට විපක්‍ෂය දැන් මුහුණ දෙමින් සිටිති. ආණ්ඩුව මහජනයාට ලබාදුන් ඡුන්ද පොරොන්දු වලින් 90% කඩකොට ඇති තත්වයක් යටතේ සහ මහ බැංකු අධිපතිට එහෙිව නැවත නැවතත් වංචා ¥ෂණ එල්ලවීම සහ අල්ලස් කොමිසමේ ප‍්‍රධානීන්ගේ යහපාලන කෙරුවාව පවා ලැච්ඡුා සහගත ලෙස අභියෝගයට ලක්වෙද්දී විපක්‍ෂය විසින් ආණ්ඩු විරෝධී ජනබලවේග සක‍්‍රීය කිරීම සඳහා සැලකිය යුතු මැදිහත්වීමක් කරන්නේ නැත. ආණ්ඩු විරෝධී පොදු සමාජ මනෝභාවය පවත්වාගෙන යාම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය තෝරා ඇති මූලික උපාය මාර්ගික ප‍්‍රවේශය වන්නේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිම සම එසේ පෙනී සිටීම සඳහා අවස්ථා තේරීමයි. පන්සල් ආශ‍්‍රිතව මාධ්‍ය අවස්ථා ලබාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගන්නා උත්සාහය සාර්ථක වී ඇතත් මාධ්‍ය සාකච්ඡුා මගින් මාධ්‍ය ඉදිරියේ පෙනීසිටීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ගන්නා උත්සාහය එතරම් සාර්ථක බවක් පෙනෙන්නේ නැත. ඔවුන් මාධ්‍ය සාකච්ඡුා හරහා රජයට විරුද්ධව විවිධ විවේචන සහ චෝදනා ඉදිරිපත් කළත් ඒවා වීදියේ සටන් බවට පත්කිරීමට හෝ සෙසු මාධ්‍ය අවස්ථා මගින් තව දුරටත් අභියෝගාත්මකව දමා ගැසීමට උත්සාහ කරන්නේ නැත.
අද වන විට ඍජුව ආණ්ඩුව වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ පෙනීසිටින ‘‘විද්වතුන්’’ මොහොතකටවත් සොයාගත නොහැක. බොහෝ දෙනා එසේ ලැබෙන අවස්ථා ද ම`ග හැරිනි. විපක්‍ෂය ආණ්ඩුවට එරෙහිව ප‍්‍රහාර එල්ල කළ හැකි ක්ෂෙත‍්‍ර ගැඹුරින් හදරා තම ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශය ශක්තිමත් කර ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන බවක් පෙනෙන්නේ නැත. එවැනි වැඩපිළිවෙලක් තිබේනම් ඒ ඒ ක්ෂේත‍්‍ර වල වගකීම් බාරගත් නායකයන් කවුදැයි මහජනයා දැනගත යුතුය. නායකයින් ගොඩ නැගෙන්නේ මැතිවරණ වලදී බිත්තිවල අලවන පොස්ටර් ප‍්‍රමාණය අනුව නොවේ. ඒ සඳහා මහජනයහා සම`ග සටන්බිම්වල ජීවත්විය යුතුය. එහෙත් බිම් මට්ටමේ මහජනයාගේ ඇ`ගට දැනෙන ඔවුන් මුහුණ දෙන සැබෑ ප‍්‍රශ්න මුල්කරගෙන ඔවුන් සම`ග විදී බැසීමට ඒකාබද්ධ විපක්‍ෂය මැලි කමක් දක්වන බව පෙනේ.
වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා වී ගොවියා පාරට බසින විට විපක්‍ෂයේ දේශපාලන නායකයින්ගේ මුහුණු ඔවුන් අතර දක්නට නැත. ඒ නිසාම ව්‍යාජ විපක්‍ෂයේ ඊනියා ගොවි නායකයන්ට ඒ ජනතාව මැදට පැන මයික‍්‍රපෝනය අතට ගෙන මහා සටන්කරුවන් බවට පත්වීමට ඉඩ ලැබී ඇත. ව්‍යාජ විපක්‍ෂයේ නායයින්ට සටන අතට ගෙන එය පාවාදීමට ඉඩ ලැබෙන්නේ සැබෑ විපක්‍ෂය සටන් අතර නොගැනීම නිසාය. වී ගොවියා පාරට බස්සවා ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා කොළඹට එන පාරවල් 6ක් වසා දමන බවට පාරම් බෑ නායකයින් අද එම සටන් බිමේ දක්නට නැත. ආණ්ඩු සම`ග යමින් එක`ගතාවයට පැමිණ ස්වයංව පැන නගින මහජන සටන් අතට ගෙන ඒවා පාවාදීම පැරණි උපක‍්‍රමයක් වුවත් ඔවුන් එය සාර්ථකව කරති. එසේම ආණ්ඩුව රු.85ට මිල නියම කළ තේ දළු වල මිල දැන් රු. 50ට පහත බැස ඇත. රබර් මිල රු 180 දක්වා පහත බැස ඇත. ඒවාට වටිනාකම් එකතු කිරිමේ කර්මාන්ත පද්ධතියක් බිහි කිරීම මගින් එම ගැටළු වියදම සඳහා රජයට කිසිදු වැඩ පිළිවෙලක් නැත. එහෙත් අදාල ප‍්‍රදේශවල ප‍්‍රාදේශිය මට්ටමින් හෝ සටන් බිම් ආරම්භ කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් ඉදිරිපත් වන්නේ නැත. ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ ප‍්‍රාන්තයක් බවට පත්කොට ඉන්දීය වෘත්තිකයින් සහ ශ‍්‍රමිකයින්ගේ තර`ගකාරීත්වය මගින් ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම කොල්ලයකට පාර කපන ‘එට්කා’ ගිවිසුමට විරුද්ධව සියළු වෘත්තිකයින් පාරට බැස්සත් ඒකාබද්ධ විපක්‍ෂය එම සටන තම අතට ගැනීමට මැලිකමක් සහ බැරිකමක් පෙන්වති. ‘එට්කා විරෝධී සටන අදාල වෘත්තීකයින්ගේ වෘත්තීය සටනක් නොවේ. රටේ පොදු දේශපාලන ගැටළුවකි. එවැනි තත්වයක් තුළ සටන් බිම වෘත්තිකයන්ට බාරදී විපක්‍ෂයේ නායකයින් පේ‍්‍රක්‍ෂකයින් ලෙස කටයුතු කිරීම දේශපාලන වශයෙන් පැහැදිලි කරන්නේ කෙසේද?
ඒ අතර ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා හමුදා ඔත්තු සේවා නිධාරීන් 09 දෙනෙකු බොරු චෝදනා මත වසරකට ආසන්න කාලයක් සිරගතකොට ඇත. ඒ මගින් රටේ සමස්ථ හමුදාවටම ලබාදෙන්නේ ඔවුන් දුර්මුඛ කිරිමේ පණිවිඩයක් බව ඉතා පැහැදිළිව පෙනුනත් ඊට එරෙහිව තීරණාත්මකව විරෝධය පළකිරීමක් ඒකාබද්ධ විපක්‍ෂයෙන් කෙරෙන්නේ නැත. අඩුතරමින් ඔවුන් පාර්ලිමේන්තුව තුළදී හෝ ඊට විරෝධය පළකරන්නේ නැත. උසාවියේ එම නඩුව අසන දිනයකදී ර් රණ විරුවන් වෙනුවෙන් උසාවියේ වාඩිවී සිටීම වැනි ඇ`ග රිදෙන්නේ නැති සුළු බලපෑමක් කිරීම සඳහා හෝ ඉදිරිපත් වූයේ මන්ත‍්‍රීවරු තිදෙනෙක් පමණි. ඒ ආකාරයට ආණ්ඩුවට විරුද්ධව විවිධ පෙරමුණු තුළ සටන් ඇවිලවීමට සහ ආණ්ඩු විරෝධී ජනතාව උද්යෝගයෙන් තබා ගැනීම සඳහා මනරම් අවස්ථා රටේ පැන නැගුණත් විපක්‍ෂය ඒවා සවිඥානිකව යොදාගන්නා බවක් පෙනෙන්නේ නැත. විපක්‍ෂය විසින් එසේ කළයුතු දේ නොකර සිටිමේ අවස්ථා පිළිබඳ දිර්ඝ ලැයිස්තුවක් සකස් කළ හැක. නමුත් ඊට වඩා කණගාටුදායක වන්නේ විපක්‍ෂය විසින් නොකළයුතු දේ ඉතා හොඳින් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත්වීමයි. ඒ වරද ඔවුන් පටන් ගන්නේ 19 වැනි සංශෝධනයේ ව්‍යාජ වෙනස්කම් වලට සහාය දිමේ සිටය. ඒ ගමනේ නරකම සහ දුප්පත්ම අවස්ථාව වන්නේ දේශපාලන සාධක නොසලකා තාක්‍ෂණික නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන උගුලට පය තැබීමය. ආණ්ඩුව දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළදී හෝ විපක්‍ෂයට සාධාරණ අවස්ථාවක් ලබා නෙදෙමින් කිසිදු සම්මුතිවාදයකින් තොරව ක‍්‍රියාකරද්දී විපක්‍ෂය ආණ්ඩුව සම`ග එකගෙයි කෑමට යාම රටේ ආණ්ඩු විරෝධී පොදු මහජනතාව අනුමත කරනනේ නැත. ආණ්ඩුව යුද්ධ ප‍්‍රකාශකරන විට විපක්‍ෂය විසින් සුදු කොඩි එසවීම ආත්ම ගරුත්වය සහ කොන්ද කෙළින් තිබෙන මිනිසුන් මෙන්ම දේශපාලනයේ ‘‘අයන්න’’ තේරෙන මිනිසුන් අනුමත කරන්නේ නැත. වසරක් තුළ හත් වතාවක් ව්‍යවස්ථාව කඩකළ ආණ්ඩුවක් සම`ග ව්‍යවස්ථා හැදීමට වාඩිවීම දේශපාලන විහිළුවකි.
මේ ආණ්ඩුව 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මෙන් මාහා පොදුජන වරමක් ලැබුණු බලසම්පන්න ආණ්ඩුවක් නම් විපක්‍ෂයේ එවැනි දුර්වල හැසිරීමක් යම් පමණට හෝ සාධාරණිකරණය කළ හැක. කෙසේ වෙතත් වරතමාන පාලකයින් එදා විපක්‍ෂයේ සිටියදී හැසිරුණු ආකාරය වර්තමාන ඒකාබද්ධ විපක්‍ෂයේ භූමිකාව සම`ග සැසදීමේදී මේ විපක්‍ෂය ඉතා උසස් ලෙස තම යුතුකම් ඉටු කරන බවටද තර්ක කළ හැක. එක්සත් ජාතික පක්‍ෂය ජනතාව වෙනුවෙන් හෝ තමාට බලය ලබාගැනීම සඳහා දුක් මහන්සියෙන් විදිවල සටන් කළේ පිරිසක් නොවේ. ඔවුන් මිලේච්ඡු බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම සඳහා අඹමල් රේනුවක දායකත්වයක් ලබාදුන්නේ නැති අතර සැම විටම ආණ්ඩුවේ උත්සාහයන්ට විරුද්ධව මත ඵල කරන්නට යෙදුනි. රණවිරුවන් වෙනුවෙන් ඔවුන් එක් ලේ බිඳක් දන්දී නැති අතර රට වෙනුවෙන් ජීවිතය දුන් 20,000ක් අතපය අහිමිකරගත් 29,000ක් වූ රණවිරුවන් වෙනුවෙන් එක කඳුලක් හෙළා නැත. යුද්ධය නිසා අනාත වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට හෝ සුනාමිය නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීමට හෝ බත්පැකැට්ටුවක් බෙදා දීමට පක්‍ෂයක් ලෙස ඔවුන් වැඩපිළිවෙලක් දියත් කළේ නැත. දේශපාලන අලසයින් ඔවුන් බලයට කෙළහලමින් තමාගේ පක්‍ෂයේ සාමාජිකයා සම`ග පමණක් ගනුදෙනු කරමින් විවේකීව සිටින වි බලය ඔවුන්ගේ ඔඩොක්කුවට කඩා වැටුනි. ඔවුන් කලේ ජාත්‍යන්තර ඔත්තු සේවා දෙකක උපදෙස් පරිදි සරම ඇල්ලීම පමණි. නමුත් බලය ලබාගත් පසු එය රැුකගැනීම සඳහා ඕනෑම දුරක් යාම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේම ධෛර්ය ඇති බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.
එදා 2002දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ මහා පෞර්ෂය කළමනාකරණය කිරීමට ඔවුන් අසමත් වූ නිසා ඔවුන්ගේ මෙන්ම ජාත්‍යන්තරයෙ දේශපාලන න්‍යාය පත‍්‍රය සම්පූර්ණයෙන්ම අවුල්විය. ඒ බව නෝර්වේ සාම ක‍්‍රියාවලයි පිළිබඳව නෝර්වේ ආයතනය ප‍්‍රසිද්ධ කළ වාර්තාවේ විශේෂ අවධානයක් යොමුකොට ඇත. නමුත් අද ඔවුන්ට මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පෞර්ෂය කළමනාකරණය කිරිමේ කිසිදු ගැටළුවක් නැත. අද රනිල් මෛත‍්‍රී ප‍්‍රතිවිරෝධයක් ගැන ව්‍යාජ තර්කයක් ගොඩනගන්නේ විපක්‍ෂයට උපදෙස් දෙන ඒ තුළට රිංගා ඇති විද්වතුන් ලෙස පෙනී සිටින ඔත්තුකරුවන්ය. රනිල් වික‍්‍රමසිං මහතා එෆ්.සී.අයි.ඩිය සහ ජනාධිපති කෙමිසම හරහා දඩයම් බල්ලන් යොදා විපක්‍ෂය පසු පස හඹායන විට මෛත‍්‍රීපාල සිරිසේන මහතා උගුල අටවාගෙන බලාසිටියි. ඉහත සඳහන් කළ විද්වත් සළුපිළි හැදි පිරිස් මහින්ද පාර්ශ්වය සහ ඒකාබද්ධ විපක්‍ෂය මෛත‍්‍රීපාල ලාර්ශවය සම`ග එක`ගතාවයකට පැමිණිමේ ‘උපායමාර්ගික’ වැදගත්කම ගැන කියමින් එම උගුලට පය තබන ලෙසට උපදෙස් දෙති. එම ක‍්‍රියාවලිය තුළ එක් පැත්තකින් සාමාජිකත්වය තහනම් කරන බවට තර්ජනය කෙරෙන අතර ඒ සම`ගම අනෙක් පැත්තෙන් ‘‘මෛත‍්‍රී - මහින්ද ඞීල් එකක’’ වැදගත්කම හුවා දැක්වෙයි. ඞීල් තියරිය සාධාරණිකරනය කෙරෙන්නේ ඔළුගෙඩි එහා මෙහා කෙට බලය ලබාගැනීම පිළිබඳව සිහිනයක් නිර්මාණය කරමිනි. එසේ වුවත් මෛත‍්‍රී - රිල් සැබෑ ප‍්‍රතිවිරෝධයක් තිබේනම් ඔළුගෙඩි සෙල්ලම් දැමිය හැක්කේ මන්ත‍්‍රීවරු 106ක් සිටින පාර්ශවයටද එසේ නැතහොත් 95ක් සිටින පාර්ශවයටද යන්න කිසිවකු මේ විද්වතුන්ගෙන් ප‍්‍රශ්න කරන්නේ නැත. ඒකාබද්ධ විපක්‍ෂයට දේශපාලන වැඩමුළු පවත්වන එක් ‘විද්වතකු ගෝලීය දෙමළ සංසදයේ සුරේශ් සුරන්දිරන්ට ‘මචං’ කියා අමතන පුද්ගලයෙකි. සිංහල සංවිධාන හරහා ප‍්‍රතිසංධානය ප‍්‍රචලිත කිරම සඳහා සුරේන් සුරන්දිරන්ලා විසින් පවුම් මිලියනයක් වෙනුකොට ඇති බව වාර්තා වීමද විශේෂ තත්වයකි. එළුවගේ වෘෂණ කෝෂය හඹා යන නරියා මෙන් ඒකාබද්ධ විපක්‍ෂය ‘‘ඔළු ගෙඩි’’ තියරිය පසු පස හඹා යන විට සැබෑ මහජන සටන්වල වැදගත්කම අවතක්සේරු වේ. දැන් සිදුවී තිබෙන්නේ එයයි. පවතින ආණ්ඩුවෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලබාගත හැකි බවට විශ්වාසයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් පළකරන ඊනියා විපෂ නායකයා සම`ග ව්‍යවස්ථා සම්පාදන ගුබ්බෑයමට රිංගීමට ඒකාබද්ධ විපක්‍ෂයට ලැජ්ජාවක් ඇති නොවන්නේද ඒ නිසාය. කෙසේ වෙතත් ඒ ආකාරයට මහජනයාට වැරදි සංඥා ලබාදීමේ ප‍්‍රතිවිපාක මෙවර මැයි රැුළියේදී පිළිඹිබු විය හැක.
මෙවර මෛත‍්‍රී පාර්ශ්වයේ මැයි රැුළිය සාර්ථක කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය පමණක් නොව ටී.එන්.ඒ. පක්‍ෂය සහ කඳුකරයේ ජාතිවාදී පක්‍ෂද සහය ලබාදෙන්නේ එක්තරා උපායමාර්ගික තේරීමක් අනුවය. ඔවුන්ට අනුව මහින්ද පාර්ශවයේ ශක්තියට හේතුවන්නේ ඉහළ සහ පහළ ස්ථර වලට වඩා මැද මට්ටමේ හෙවත් ප‍්‍රාදේශීය සභා මට්ටමේ නායකයින්ගේ මානසික ශක්තියයි. එය දියකර හැරිය හැකිනම් මහින්ද සුළග, මෛත‍්‍රී සුළගක් බවට පත්කිරිමේ දේශපාලන පෙරලිය ආරම්භ කිරිමේ ඉඩක් විවර වේ. ඒ නිසා මෙවර තර`ගකාරීව පැවැත්වෙන මැයි රැුළි දෙකෙන් දැන් දේපාර්ශවයෙන් වැඩි ශක්තිය ඇත්තේ මෛත‍්‍රී පාර්ශ්වයට බව පෙන්වීම මගින් ඒ උපාය මාර්ගික කවුළුව විවර කරගත හැක.
මෛත‍්‍රී පාර්ශ්වයේ වැටීම යනු ආණ්ඩුවේ වැටීම බව කවුරු නැතත් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉතා හොඳින තේරුම්ගේන සිටින බයට සැකයක් නැත. එසේ මෛත‍්‍රී පාර්ශ්වයේ නැගීම කෙසේ වෙතත් රැුකීම මගින් පමණක් වුවද මහින්ද පාර්ශ්වය අඩපන වන බව ඔහු තේරුම්ගෙන ඇත. ඒ අනුව මහින්ද පාර්ශ්වය ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයකට නොයා දිර්ඝකාලීනව ආරාක්‍ෂාකාරී ප‍්‍රවේශයක තබා ගැනීමෙන් වුවත් ඔහුගේ අරමුණ ඉටුවේ. එම තත්වය තුළ ආණ්ඩු විරෝධි ජනතාව පාරට බැස්සවීම මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයිතීන් ඉල්ලා මෛත‍්‍රී පාර්ශ්වයට ඍජුව අභියෝග කිරීම වෙනුවට මෛත‍්‍රී පාර්ශ්වය සම`ග එක්ව ඔළුගෙඩි සෙල්ලම් කිරීම සඳහා නරියාගේ භූමිකාව ර`ගපාන තත්වයට මහින්ද රාජපක්‍ෂ පත්කළ හැකිනම් එය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රබල ජයග‍්‍රහණයකි. එදා 1977දී ඉන්දියාවේ කොන්ග‍්‍රස් පක්‍ෂයෙන් නෙරපූ ඉන්දිරා ගාන්ධි කොන්ග‍්‍රස් (අයි* නමින් කොන්ග‍්‍රස් පක්‍ෂයේ ඉන්දිරා පාර්ශ්වය ලෙස පෙනී සිටිමින් නිල කොන්ග‍්‍රස් පක්‍ෂයට අභියෝගකොට එහි බලය අතටගත් ආකාරයට මහින්ද රාජපක්‍ෂ ක‍්‍රියාකළහොත් මෛත‍්‍රී පාර්ශ්වය දුර්වල වී මෛත‍්‍රී -රනිල් ආණ්ඩුව බරපතළ අර්බුදයකට ගමන් කරනු ඇත.
ආණ්ඩුව කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වූ වානම් එම මැතිවරණයෙන් විශාල ජයග‍්‍රහණයක් අත්ප.ත්කර ගනිමින් මෛත‍්‍රි පාර්ශවය අන්ත අසරණ තත්වයට පත්කිරිමේ විභවය මහින්ද පාර්ශවය සතු විය. එහෙත් ඡුන්දය කල් දැමීම තුළ පන්සල්වල කතා පැවැත්වීමෙන් පමණක් එතෙක් කාලයක් තම බලවේගය කළමනාකරණය කිරීම මහින්ද පාර්ශ්වයට පහසු වන්නේ නැත. ඡුන්දය කල් දැමීමේ මූලික අරමුණද එසේ මහින්ද පාර්ශ්වය වෙහෙසට පත් කිරීමස බව පැහැදිලිව පෙනේ. අභ්‍යන්තර සහ භාහිර සියලූ බලවේගවල මූලික අරමුණ මහින්ද සාධකය දේශපාලනයයෙන් ඉවත් කිරීම බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව ජාත්‍යන්තරය පිළිගතහැකි චරිතයක් මහින්ද පාර්ශ්වයෙන් මතකුර ගැනීම සඳහා මහින්ද පාර්ශ්වයේ වැටීම පුර්ව කොන්දේසියක් බවට පත්වේ. මෛත‍්‍රී - රනිල් ජාතික ආණ්ඩුවට ජාත්‍යන්තර ඔත්තු සේවා විසින් බාරදී ඇති කොන්ත‍්‍රාත්තුව අවසන් කිරීම සඳහා මහින්ද සාධකය අහෝසි කිරීම පූර්ව කොන්දේසියක් වනවා සේම ඒ කොන්ත‍්‍රාත්තුව අවසන් වූ පසුව ඉතිරි වන වැඩ අවසන් කිරීම සඳහා වෙනත් ඔවුන්ට අනුව නායකයකුට ඉඩ සැලසීම සඳහාද මහින්ද සාධකයේ වැටීම පූර්ව කොන්දේසියක් වේ.
වෛi වසන්ත බණ්ඩාර

Comments
Post a Comment