ආණ්ඩු පෙරළිමේ වහසිබස්වල ඇත්ත සහ බොරුව


     පසුගිය දිනවල වේදිකාගත කළ ‘‘සන්ධීය නාඩගම’’ `ග දැක්වෙමින් තිබෙන අතර දැන් ‘‘ඔළුගෙඩි සෙල්ලම’’ නමින් ආණ්ඩු පෙරළිමේ නාඩගමක්ද වේදිකාවට කැඳවා ඇති බව පෙනේ. එහි අධ්‍යක්‍ෂකවරයා අසල්වැසි රටක ඔත්තුසේවා ප‍්‍රධානියකු බවට සැකයක් නැතත් දේශීය සංවිධායකවරයා දේශපාලන අනාතයෙකි. ඔහු සර්කස් සංදර්ශනයක අතරින් පතර විහිළු සැපයීම සඳහා වේදිකාවේ මතුවන විහිළු කාරයෙකුගේ භූමිකාව ඉතා හොදින් ර`ගදක්වයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුහුණ පෙන්නා යන්තම් පාර්ලිමේන්තුවට ගොඩවූ ඔහු එතුමාගේ ඡුන්ද ව්‍යාපාරයේද විශාල භූමිකාවක් ඉටුකළ බව පෙනෙන්නාට තිබුණි. යහපාලන ආණ්ඩුවේ එල්ලී ඇමතිකමක් ලබාගැනීමත් සම`ග මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම මහජනයාටද ඔහු ඉටුකළ භූමිකාව කුමක් විය හැකිදැයි පැහැදිලි විය. තමාගෙන් සියලූ වරප‍්‍රසාද ලබාගෙන තම ප‍්‍රතිරූපය  විනාශ කරන ආකාරයට මහා පරිමාන ¥ෂණවල සහ අවක‍්‍රියාවල නිරතවූ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රීවරයකු සහ ඇමතිවරයකු අද යහපාලන ආණ්ඩුවට හේත්තු වී කියන කරන දේ පිළිබඳව පවා අනුකම්පාවෙන් බලන මහින්ද රාජපක්‍ෂ මහතාට නම් මේ විහිළුකාරයා කරන්නේ කුමක්දැයි වැදගත් නොවනු ඇත.

                යහපාලන ආණ්ඩුව සහ විවිධ ඔත්තුසේවා විසින් අනුග‍්‍රහය දක්වන නමුත් මේ ඔළුගෙඩි සෙල්ලමේ සැබෑ අරමුණ කුමක්දැයි දැනගැනීම මේ රටට ආදරය කරන මිනිසුන්ට ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන්ම එසේ වන්නේ ඔළුගෙඩි සෙල්ලමක් මගින් ආණ්ඩු පෙරලිය හැකිය යන විශ්වාසය ඒකාබද්ධ විපක්ෂය තුළ ගොඩනැගීම සඳහා ඉහත සඳහන් කළ අනුග‍්‍රාහකයින් විසින්ම ඊට අදාලව විද්වත්කථිකාවක් සඳහා ද අනුග‍්‍රහය දැක්වීමයි. පසුගිය දිනවල ආණ්ඩුපෙරලීම පිළිබඳව න්‍යායාත්මක විග‍්‍රහ සාකච්ඡුාවට ලක්කල එවැනි විද්වත්කතිකාවකට අනුග‍්‍රහය දැක්වූයේ ගෝලිය දෙමළ සංසදයේ සුරේන් සුරන්දිරන්ට දුරකථනයෙන් මචංකියා අමතන විද්වතෙකි. එහිදී සිංහල බුද්ධිමතුන් හරහා ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය දිරිගැන්වීම සඳහා සුරෙන් සුරන්දිරන්ලා පවුම් මිලියනයක් වෙන්කොට ඇති බව වාර්තාවීමද විශේෂ තත්වයක් ලෙස සැලකිය යුතුය. මේ ඔළුගොඩි සෙල්ලම් නාඩගමේ යටි අරමුණ සමාජ සාකච්ඡුාවට ලක්කිරීම වැදගත්වන්නේ එවැනි තත්වයක් තුළය.

                මෙම නාඩගමේ සංවිධායකවරයා මාධ්‍යයට ප‍්‍රකාශ කරන ආකාරය අනුව සැබෑ නාඩගම වේදිකාවේ ර`ගදක්වන්නේ 2017`ගභාගයේදීය. ඔවුන් එතෙක් වේදිකාව පවත්වාගෙන යන්නේ පුරෝකථන මගිනි. මේ දිනවල මාධ්‍ය හරහා කරනු ලබන පුරෝකථනයන්ද ඊට අයත්වේ. මේ පුරෝහිතයා ඉදිරිපත් කරන නාට්‍ය පිටපත අනුව ඔළුගෙඩි සෙල්ලම අරම්භ කිරීමට ප‍්‍රථම ඉටුකළ යුතු වත්පිළිවෙත් ප‍්‍රමාණයක් ද ඇත. එනම් මූලික වශයෙන් බලය බෙදීමේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය අවසන්වනතුරු ඉවසා සිටිය යුතුය. ඉදිරියේ ර`ග දැක්වීමට නියමිත නාට්‍ය ජවනිකා ආරම්භවන තුරු ඉවසීමෙන් සිටින ලෙස ඔහු ඉල්ලා සිටින්නේ ඒකාබද්ධ විපක්‍ෂයෙන් සහ ඒවටා පෙළගැසෙන මහින්ද පාර්ශ්වයේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙනි. 

                ඇත්ත වශයෙන්ම මේ නාඩගමේ සංවිධායකයින්ට තිබෙන ප‍්‍රධානතම ප‍්‍රශ්නය මේ ඉවසීම බිදෙන මොහොත කුමන අවස්ථාවේ ආරම්භ වෙනවාද යන්න බව ඉතා පැහැදිලිය. එනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වය ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය දැනට පවත්වාගෙන යන ආරක්‍ෂාකාරී සටන් ප‍්‍රවේශය හෙවත් හොරගල් ඇහිලීම කුමන මොහොතේ ප‍්‍රහාරත්මක සටන් ප‍්‍රවේශයකට මාරුවෙනු ඇත්ද යන්න ඔවුන් මුහුණ දී සිටින උපායමාර්ගික උභතෝකෝටිකය බව පෙනේ. කෙසේ වෙතත් බලය බෙදීමේ වැඩකටයුතු අවසන් කිරීම ලෙස හදුන්වනු ලබන එහෙත් බෙදුම්වාදී උගුලට ආණ්ඩුව තීරණාත්මකව හිරකිරිමේ උපාය මාර්ගික අවශ්‍යතාව ඉටු කිරීම මේ නාට්‍ය සංවිධායකවරුන්ට බාහිර ඔත්තුසේවාවල අධ්‍යක්‍ෂකවරුන් විසින් බාරදී ඇති ප‍්‍රධාන වගකීම් හෙවත් කොන්ත‍්‍රාත්තුව බව දැන් ඉතා පැහැදිලිය. මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකොට දුර්වල මුරකාරයකු පත්කර ගැනීමට සියළු ජාත්‍යන්තර බලවේග එක පෙළකට සිටගත්තේ ඒ දුර්වලයින් හරහා බොදුම්වාදී කොන්ත‍්‍රාතුව ඉටුකිරීම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක් ඉටු කිරීමට නොවේද?

                මහින්ද රාජපක්‍ෂ බලයේ සිටියදී අධිරාජ්‍යවාදී බෙදුම්වාදී කොල්ලකාරී බලවේගවල න්‍යාය පත‍්‍රයට සම්පූර්ණයෙන්ම පිටුපාමින් හෝ ප‍්‍රතිවිරුද්ධව සිය පාලන බලය පවත්වාගෙන ගිය බවක් ඉන් අදහස් නොවේ. නමුත් ඔහු බලයේ සිටිනතුරු බෙදුම්වාදින්ගේ අවසන් ඉනිම ජය ගැනීමට අවස්ථාවක් නොමැති බව ඉතා පැහැදිලිව පෙනුනි. ‘‘අපට අවශ්‍ය වුයේ මහින්ද එළවීම පමණයි. දැන් මොන ම`ගුලක් උනත් අපට කමක් නැත.’’ යනුවෙන් ප‍්‍රවින කලාකරුවෙකු- යැයි හදුන්වාගන්නා එන්.ජී. ඕ බඩජාරියකු ප‍්‍රකාශ කරන්නේ එම තත්වය තවදුරටත් පැහැදිලි කරමිනි. එදා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත්කිරිමෙන් පසුව නව ලිබරල් පළමු පරම්පරාවේ ආර්ථික මොඩලය ගොඩනැගීම් සඳහා ඔහුට පැවරුණු භූමිකා රාශියක් තිබුණි. අද බලයට පත්කෙරුනු පාලකයින්ට එසේ ගොඩනැගීමකට අදාල වගකීමක් පැවරී නැත. ඔවුන්ට පැවරී ඇත්තේ සියල්ල විනාශකරන තෙක් ඊට පහසුකම් සහ ඉඩ සලසන බේබදු මුරකාරයාගේ භූමිකාවයි.

                නමුත් අධිරාජ්‍යවාදී බලවේග වැටපැන පොල් කඩාගෙන මවත්, දුවත් ¥ෂණයකර පලායන තෙක් මුරකාරයා බලාසිටියත් ජනතාව ඉවසීමෙන් බලාසිටින බවට ඔවුන්ට සහතිකයක් නැත. ඒ නිසා විපක්‍ෂ බලවේග ප‍්‍රමුඛ ජනතාව ප‍්‍රතිප‍්‍රහාරදීම වැලැක්වීම සඳහා ඔවුන්ගේ අවධානය වෙනතකට යොමුකරන ලෙස ඝෝෂා කිරිමේ සහ විවිධ නාඩගම් පෙන්වීමේ භුමිකාවද ඒ බේබදු මුරකාරයාටම පැවරී ඇත. දැන් දැන් ආණ්ඩු පෙරළීමේ ඝෝෂාව හරහා ඔවුන් ඉටුකරමින් සිටින්නේ ඒ භූමිකාවයි. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කිරිමෙන් පසුව නැවත වටයකින් ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයකට ගමන් කිරිමේ ඉඩ ඔවුන් ඉතා දක්‍ෂ ලෙස වළක්වාගත් බව රහසක් නොවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම බන්දේසියක තබා පිළිගන්වන තත්වයට පත්කිරීම පමණක් නොව මහින්ද පාර්ශවය අගෝස්තු මහා මැතිවරණයෙිදී ‘‘සතුරා සම`ග එකගෙයි කන’’ උගුලට තල්ලූ කිරීමටද ඔවුන් සමත්විය. සතුරාගේ එම දක්ෂතාවය එළිපිට කෙසේ වෙතත් අභ්‍යන්තරිකව හෝ අ`ගය කිරීම ඉදිරි සටන් තේරීමේදී ඉතා වැදගත්වේ. එහෙත් සතුරාගේ දක්‍ෂතාවය තමාගේ දක්‍ෂතාවයක් ලෙස වැරදියට නිර්වචනය කරගතහොත් උදාවන්නේ භයානක තත්වයකි. එම විහිළු සහගත තත්වය තුළ පැරණි උගුලට තෙල් දමා වර්ණ ගන්වා නැවත වටයකින් අටවීමට හැකියැයි සතුරා කල්පනා කිරීම පුදුමයක් නොවේ. අධිරාජ්‍යවාදී බෙදුම්වාදී කොන්ත‍්‍රාත්තුව ඉටුකරන තෙක් ආණ්ඩුව පවත්වාගෙන යාමේ මූලික කොන්දේසිය වන්දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද පාර්ශ්වය විසින් එහි මෛත‍්‍රී පාර්ශ්වයට පහරදී බිම දැමීම වැළැක්වීම බව දේශපාලනයේ අයන්වත් දන්නා අයට තේරුම්ගැනීම අමාරු නැත. නමුත් ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ මහින්ද පාර්ශ්වය තේරුම් නොගන්නේද ඒ සරල සත්‍යම නොවේද?

                මහින්ද පාර්ශ්වය විසින් මෛත‍්‍රී පාර්ශ්වයේ අතු කැපීම ආරම්භ කළහොත් එහි වසා සිටින වවුලන්ඉවතට පියාඹා යාම ආරම්භවන බව කවුරු දැන් නොසිටියත් මෛත‍්‍රී පාර්ශ්වය ඉතා හොඳින් දැනි සිටියි. බාහිර මැදිහත්වීම  හරහා ඉතා සුළු ජනබලයකින් බලයට පත්කළ ආණ්ඩුව පවතින්නේ අභ්‍යන්තර ශක්තියට වඩා බාහිර දුර්වලකම් මත බව ඔවුන්ට උපදෙස් දෙන පිරිස්වලට රහසක් නොවේ. ඔවුන් පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දමන්නේ මහින්ද පාර්ශ්වයට එක්ව සිටින ශ‍්‍රි ලංකා නිදහ් පක්‍ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ බලය කොතරම්දැයි ඉතා හොඳින් දන්නා නිසාය. නමුත් දිගින් දිගටම ආරක්‍ෂාකාරී ප‍්‍රවේශයක් තුළ හොරගල් අහුලමින් තව කාලයක් අල්ලාගෙන සිටීමට මහින්ද පාර්ශ්වයට පහසුවන්නේ නැත. එම ජනබලය රැුකගැනීමටනම් ඔවුන් වහා සටන් බිමට කැඳවීමේ ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශයට මාරුවිය යුතුය. එය වැළැක්වීම මෛත‍්‍රී පාර්ශ්වයේ ප‍්‍රධාන උපායමාර්ගික අවශ්‍යතාවයකි. ඒ සඳහා ඔවුන් යොදා ගන්නා උපාය මාර්ගික උපක‍්‍රමය වන්නේ ඔළුගෙඩි සෙල්ලමක් මගින් ආණ්ඩුව පෙරළිය හැකි බැවින් මහ පොළෙවේ සටන් කැදවීම අවශ්‍ය නොවන බව තහවුරු කිරීමයි.

                එසේ එළුවාගේ වෘෂණ කෝෂය වැටෙනතෙක් බලා සිටීම මගින් දේශපාලන අලසයින්ට දේශපාලන නිද්‍රවට වැටී අ`ගට පහසුවෙන් ජීවත්වීමේ ඉඩ වැඩිවේ. නරියාගේ භුමිකාව ඉටුකරන පිරිස්වලට පුවත්පත් සාකච්ඡුා මගින් අණ්ඩුවේ අවක‍්‍රියා සහ දුෂණවලට නාට්‍යමය විරෝධය පලකරන දුෂණ විරෝධී එන්.ජී. ඕ. නඩය මෙන් පුවත්පත් සාකච්ඡුා මගින් දේශපාලන පණ ගැටගසා ගත හැක. එවැනි තත්වයක් තුළ  අනෙක් අයට කිසිදු මානසික පීඩාවකින් තොරව ආණ්ඩුවේ ව්‍යවස්ථාසම්පාදක ගුබ්බෑයමට රිංගා එකගෙයි කෑම අනුමත කළ හැක. එසේම ආණ්ඩුව විසින් පළාත් පාලන ඡුන්දය දිගින් දිගටම කල්දමන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දිනපතා සත්‍යක‍්‍රියා කරනවා වෙනුවට පුවත්පත් සාකච්ඡුාවක් පවත්වා ආපසු ගෙදර යා හැක. ඒ නිසා එක පැත්තකින් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය පිහිටුවන අතර අනෙක් පැත්තෙන් ෆෙඩරල් යෝජනා ඉදිරිපත් කරමින් තර්ජනය කිරීම සිදුවන්නේ කුමන අරමුණකින්දැයි දේශපාලන විග‍්‍රහඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් කරමින් මහන්සි වීමට දැන් අවශ්‍ය වන්නේ නැත. එසේම මහ බැංකුවේ වංචා එකක් පිට එකක් දිගින් දිගට සිදුකරමින් කිසිදු හිරිකිතයකින්, චකිතයකින් තොරව මහජන දේපල කොල්ලකන විට ආණ්ඩුව ආපසු ගත්තාම ඒවා වෙනස් කරන බවට දැන් නව තර්කයක් ද ගොඩනැගියි හැකිය. ඊට අමතරව ඒ තුළ ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ කොලනියක් බවට පත්කරන එට්කා ගිවිසුමට එරෙහිව සියළු වෘත්තිකයින් පාරට බැස්සත් ඒකාබද්ධ විපක්‍ෂයට තව ටිකක් ඉවසා සිටිය හැක.ඒ සියල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස  මෙම සංක‍්‍රාන්ති කාලය තුළ විපක්‍ෂය විසින් තමාගේ මූලික පැවැත්ම සාධාරණිකරණය කරන සටන්බිම් වල තම ලකුණ සීග‍්‍රයෙන් දියාරුකර ගනිමින් ඇත.  

ඒ අනුව එක් පැත්තකින් මහින්ද පාර්ශ්වයෙන් මෛත‍්‍රීපාර්ශ්වයට පලාගිය දේශපාලන අනාතයන් ලවා සහ අනෙක් පැත්තෙන් සුරේන් සුරන්දිරන්ලාට මචංකියන විද්වතුන් ලවා ඉටුකර ගැනීමට උත්සාහ කරන්නේ එකම දෙයක් බව පැහැදිලිව පෙනේ.නමුත් හාස්‍යජනක තත්වය වන්නේ මළුගෙඩි සෙල්ලම් පහසුවෙන් කල හැක්කේ ඔළුගෙඩි 105ක් සිටින පාර්ශවයටද එසේ නැතහොත් 96ක් සිටින පාර්ශ්වයටද යන ප‍්‍රශ්නය කුඩා ළමයකු විසින් හෝ නොඇසීමය. එදා බ‍්‍රහ්මදත්ත රජතුමාට ඇත්ත පෙන්වා දීමට කුඩා ළමයකු හෝ සිටියමුත් අද එවැනි කුඩා දරුවන්ගේ හි`ගයක් පැවතීම ජාතියට මහා අවාසනාවකි.     


වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර          

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: