දේශපේ‍්‍රමීත්වය දේශද්‍රෝහීන්ගේ ආයුධයක් වෙන හැටි
රාජිත සේනාරත්න අමාත්‍යවරයාවරයාගේ යම් විග්රහයන්ට අනුව දේශපේ‍්‍රමීත්වය යනු දේශපාලන තක්කඩියන්ගේ අවසාන ආයුධයයි. ඒ තුළින් ගම්‍යවන්නේ තක්කඩියන් තමා සතු සියළු ආයුධ අවසන් වූ පසුව දේශපේ‍්‍රමීත්වය ආයුධයක් ලෙස යොදා ගන්නා බවය. දේශද්‍රෝහීන් අසරණ වූ විට දේශපේ‍්‍රමීත්වය භාවිතා කරන බවක් ද ඒ් තුලින් අදහස් වේ. නමුත් ඒ ආකාරයට දේශපේ‍්‍රමීත්වය අවභාවිතා කිරීම නිසා සැබෑ දේශපේ‍්‍රමී ව්‍යාපාර වලට විශාල ගැටළුවක් පැනනගින්නේ නැත. ඊට හේතුව දේශපාලන තක්කඩියන් හඳුනාගැනීම පොදු මහජනයාගේ පැත්තෙන් ගත්විට එතරම් ගැටළුවක් නොවීමය.
ඇත්ත වශයෙන්ම ගැටළුව පැන නගින්නේ මහජනයා විසින් සැබෑ ලෙසම දේශපේ‍්‍රමීන් ලෙස හඳුනාගන්නා පිරිස් විසින් දේශද්‍රෝහී උවමනාවන් සඳහා දේශපේ‍්‍රමීත්වය යොදා ගැනීමේදී ය. එසේ නැතහොත් සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස පෙනී සිටි පිරිසක් විසින් යම් අවස්ථාවක දේශද්‍රෝහී භූමිකාවකට අවතීර්ණ වීමේදීය. මෙම උභතෝකෝටිකය බේරාගැනීම සඳහා රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේම තවත් විග්‍රහයක් ඉතා වැදගත් වේ. එතුමා 80 දශකයේ අ`ග භාගයේ දී දේශපේ‍්‍රමීත්වයට නව විග්‍රහයක් ලබා දුනි. එහිදී ඔහු තර්ක කළේ ජනතා විමුක්ති පෙරමුණ දේශද්‍රෝහී භූමිකාවක් ඉටුකරන බවත් තමා ඊට ප්‍රතිවිරුද්ධ ක්රියාවේ නියැලී සිටින බවත් ය. එදා ඔහුගේ විග්‍රහය අනුව ජවිපෙ වැනි ජාතිවාදීන්ට දේශපේ‍්‍රමීන් විය නොහැක. ඒ අනුව ඔහු තමා ජාතිවාදී නොවන බැවින් දේශපේ‍්‍රමියෙකු වන බවට ද තර්ක කළේය. කෙසේ වෙතත් එම කතිකාව තුළ ඔහු ඉතා වැදගත් හෙළිදරව්වක් ද කළේය. ඊට අනුව ඔහුට දේශපාලන වශයෙන් නිවැරැුදි දේ තේරීම සඳහා වෙහෙස මහන්සි වී අධ්‍යනයන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. ඊට හේතුව ජනතා විමුක්ති පෙරමුණ විසින් තෝරන ක්‍රියාමාර්ග වලට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගය තේරීම මගින් ඔහුට දේශපාලන වශයෙන් නිවැරදි ස්ථාවරය තෝරාගත හැකි වීමය. ඒ නිසා අද රටේ ජනතාවට මෙන්ම රාජිත සේනාරත්න මහතාට ද බරපතළ ගැටළුවකට මුහුණ දීමට සිදු වේ. ඊට හේතුව අද ජනතා විමුක්ති පෙරමුණට සහ රාජිත සේනාරත්න මහතාට එකම මතය දැරීමට සිදුවී තිබීමය.
එම දීර්ඝ පූර්විකාව වැදගත් වන්නේ දේශපේ‍්‍රමී සහ දේශද්‍රෝහී ‘‘ලේබල්’’ කලින් කලට සහ දේශපාලන කණ්ඩායමෙන් කණ්ඩායමට වෙනස් ලෙස අර්ථ දැක්වෙන බව තේරුම් ගැනීම සඳහා ය. කෙසේ වුවත් මහජනයාගේ පැත්තෙන් ගත් විට දේශපේ‍්‍රමී භූමිකාව මෙන්ම දේශද්‍රෝහී භූමිකාව වෙන්කර හඳුනාගැනීම සඳහා යම් නිර්ණායකයක ප්‍රමාණයක් යොදා ගන්නා බව පෙනේ. බෙදුම්වාදී යුද්ධය පැවති කාලයේදී යුද්ධයට පක්ෂව සහ ආරක්ෂක හමුදාවලට පක්ෂව කතා කරන සහ ක්‍රියාකරන පිරිස් දේශපේ‍්‍රමීන් ලෙස හඳුනා ගැණුනි. එසේම බටහිර හෝ ඉන්දියානු මැදිහත්වීම් වලට විරුද්ධ මතධාරීන් දේශපේ‍්‍රමීන් ලෙස හඳුනා ගැනුණි. ඒ අනුව එම හැසිරීම් දෙකට ප්‍රතිවිරුද්ධ හැසිරීම්වල නියුක්ත වූවන් දේශද්‍රෝහීන් ලෙස හා හඳුනා ගැණුනි. එම වෙනස්කම් තව දුරටත් ලැයිස්තුගත කිරීම සදහා සාමාන්‍ය ජනතාව සතුව බොහෝ තර්ක විතර්ක ඇත. ඊට අමතරව බෙදුම්වාදී සහ ජාතිවාදී හෝ ආගම්වාදී මත ප්‍රකාශ කරන්නන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නන්ට දේශපේ‍්‍රමී ලේබලයට උඩින් ජාතිවාදී ලේබලය අලවන ආකාරය ද දක්නට ලැබේ. එසේ ලේබල් අලවන පිරිස් ජාතිවාදී ලේබලයට ඉදිරියෙන් සිංහල යනුවෙන් විශේෂණ පදයක් ද යොදති. නමුත් දෙමළ හෝ මුස්ලිම් ජාතිවාදය හෙළා දැකීම සඳහා එවැනි ලේබල් හෝ විශේෂණ පද යොදා ගැනීමක් දක්නට නැත. ඒ අනුව පැහැදිලි වන්නේ සැබෑ දේශපේ‍්‍රමී භූමිකාව හෙළා දැකීම සඳහා ‘‘සිංහල ජාතිවාදී’’ විශේෂණ පදය යොදා ගන්නා බවය.
නමුත් ඉහත සඳහන් කළ රාජිත සේනාරත්න මහතාගේ තර්කය අනුව සැබෑ දේශපේ්රමියකුට ජාතිවාදියෙකු විය නොහැක. එනම් ඔහු හෝ ජාතිවාදයට විරුද්ධ විය යුතුය. ඒ අනුව දෙමළ සහ මුස්ලිම් ජාතිවාදයට විරුද්ධ වීම දේශපේ‍්‍රමියකු වීමට බාධාවක් නොවේ. එසේ නම් ප්රශ්නය වන්නේ දෙමළ, මුස්ලිම් ජාතිවාදයට විරුද්ධ වන අතර සිංහල ජාතිවාදයට පක්ෂ වන්නේ නම් හෝ සිංහල ජාතිවාදියෙක් ලෙස කටයුතු කරන්නේ නම් පමණි. එවිට වෙනත් අතුරු ප්‍රශ්නයක් ද පැන නගියි. එනම් සිංහල ජාතියට සිදුවන විශේෂ අනතුරක් පිළිබඳව කතා කිරීම සහ දෙමළ මුස්ලිම් ජාතිවාදයට විරුද්ධ වීම එකවිට සිදු කළ නොහැකිද?. නමුත් දෙමළ මුස්ලිම් ජාතිවාදයට විරුද්ධ නොවන එහෙත් සිංහලයා ගැන කතා කිරීම ජාතිවාදයක් ලෙස හුවා දක්වන පිරිසක් ද සිටිති. එවැන්නෝ සෑමවිටම දේශපේ‍්‍රමීත්වය නම් වූ පොදු ගුණයද හෙලා දකිති.
කෙසේ වෙතත් රටට එරෙහිව එල්ලවන අනතුරක් සිංහලයාට හෙවත් බහුතර ජනතාවට එරෙහිව එල්ල වන්නක් ලෙස දැකීම වරදක් නොවේ යන තර්කය ද මතු කළ හැක. ඒ නිසා සිංහලයාට ඓතිහාසිකව සිදුවෙමින් පවතින අසාධාරණය පිළිබඳව කතා කරන අතර සහ ඊට එරෙහි වන අතර සිංහල, දෙමළ, මුස්ලිිම් සියළු ජාතිවාදයන්ට එරෙහිව පෙනී සිටීමේ බාධාවක් නැත.මෙම සංකීර්ණ විග්‍රහය තුළ දෙමළ, මුස්ලිම් ජාතිවාදයට එරෙහිවන සිංහල ජාතිවාදීන් ද දේශපේ‍්‍රමී ගොඩට වැටීම වැළැක්විය නොහැක. ඉහත සඳහන් කළ ආකාරයට දේශදෝහීන් විසින් වැඩි වශයෙන්ම ආයුධයක් ලෙස
භාවිතා කරන්නේ මෙම කාණ්ඩයට අයත් දේශපේ‍්‍රමීන් බවට විවාදයක් නැත. ඒ නිසාම එම දේශපේ‍්‍රමීන්ට දේශද්‍රෝහීන් විසින් වැඩි වටිනාකමක් සහ ප්‍රචාරයක් ලබාදීම ද පුදුමයට කරුණක් නොවේ.
මෑත කාලීනව කරළියට පැමිණි රාජ්‍ය නායකයින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය තුළින් එවැනි දේශපේ‍්‍රමී භූමිකාවක් ඉටුකළ පොලිස් ඔත්තුකරුවන් පිරිසක් ද සිටින බව එලිදරව් විය. ඔවුන් මෑතකදී ඉතා කෘතිම ලෙස මතු වූ බව පෙනුන ජාතිවාදී ගිනිදැල් ඇවිලවීමට ද දායක වූ පිරිසක් බව ද හෙළිදරව් විය. ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ ජාත්‍යන්තර මාර්ග සිතියම තුළ ජාතිවාදී ගිනිදැල් ඇවිලවීම සඳහා ඉතා වැදගත් ප්රමුඛස්ථානයක් ලබාදී තිබෙන බව රහසක් නොවේ. 1983 දී විවිධ ඔත්තුසේවා ඊට දායක වූ ආකාරය පිළිබඳව බොහෝ තොරතුරු හෙළිදරව් වී ඇත. දේශපේ‍්‍රමී ලේබල් අලවා ගත් පිරිස් ඒ සඳහා යොදාගත් බවට ද සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර ඔත්තුසේවා ඒජන්තවරුන් සහ එවැනි දේශපේ‍්‍රමීන් අතර පවතින යම් සබඳතා හෙලිදරව් වේ නම් ඒවා පිළිබඳව පුදුම වීමේ අවශ්‍යතාවයක් නැත. නමුත් එම පොලිස් ඔත්තුකරුවන් විසින් ම හෙළිදරව් කරනා ආකාරයට ඔවුන් යොදා ගනු ලබන්නේ උසස් පොලිස් නිලධාරීන් විසින්ම ය. ඒ අනුව ජාත්‍යන්තර ඔත්තු සේවා ඒජන්තයින් සහ පොලීසිය අතර පවතින සබඳතා මොනවාද යන සංකීර්ණ ප්රශ්නය ද මතුවේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ඔත්තු සේවා විසින් හෝ දේශීය ඔත්තු සේවා විසින් පමණක් නොව දේශපාලන පක්ෂ විසින් ද ඔත්තුකරුවන් නඩත්තු කිරීම අලූත් තත්ත්වයක් නොවේ. යම් පුද්ගලයෙකුට ඔත්තුකරුවෙක් ලෙස රැුකියාවක් සොයා ගැනීම සඳහා ඔහුට යම් දක්ෂතාවයන් ප්‍රමාණයක් පෙන්වීමට සිදුවේ. එහෙත් එවැනි සාමාන්‍ය පුද්ගල හැකියාවන්ට අමතරව වෙනත් චර්යාමය සුදුසුකම් ප්‍රමාණයක් ද තිබෙන බව එවැනි චරිත පිළිබඳ සාහිත්‍ය හැදෑරීමේ දී පැහැදිලි වේ. ඉන් ප්‍රධානම ලක්ෂණයක් වන්නේ බලවත් චින්තනමය අන්තවාදී ප්‍රවණතාවක් තිබීමය. ප්‍රබල ජාතිවාදී හැගීම් ඒ අතරින් ප්‍රධාන වේ. දෙවැන්න යම් සමාජ භූමිකාවක් අත්පත් කරගැනීමේ හැකියාවයි. එයද චින්තනමය ප්‍රවණතාවය සම`ග ගැට ගැසෙන බවට විවාදයක් නැත. ඊට අමතරව ණය බර සහ දැඩි මුදල් අවශ්‍යතාවය, කාන්තා ඇසුරට ගිජුකම, සූදු අන්තුවකු වීම වැනි ලක්ෂණ ද අමතර සුදුසුකම් ලෙස සැලකෙන බව ඊට අදාල සාහිත්‍යය මගින් හෙලිදරව් වේ. ඒ සියල්ලටම වඩා එම චරිතය මහජනයා අතර අලෙවි කිරීම සඳහා වැදගත් වන්නේ දේශපේ‍්‍රමීත්වය නම් වූ ලේබලය බවට විවාදයක් නැත. මෙම විශ්ලේෂණය අදාල පුද්ගලයින්ගේ පුද්ගලික චරිත වලට පහර දීම සඳහා යොදා නොගත යුතුය. මේ මොහොතේ එවැනි විශ්ලේෂණයක් වැදගත් වන්නේ රාජ්‍ය නායක ඝාතන කුමන්ත්‍රණය තුලින් හෙළිදරව්වන මහා පින්තූරයේ ගැඹුර දැකීම් සඳහා මිස පුද්ගලයින්ට දොස් පැවරීම සඳහා නොවේ. විශේෂයෙන්ම දේශපේ‍්‍රමී භූමිකාව දේශද්‍රෝහීන් විසින් ආයුධයක් ලෙස යොදා ගත හැකි ආකාරය පිළිබඳ එක් උදාහරණයක් වශයෙනි.
එසේ වුවත් එතරම් විචිත්‍රවත් නොවුවත් එවැනි උදාහරණ තව බොහෝ ඇත. අද දේශපාලන කරළිය තුළ දේශපේ‍්‍රමිත්වය තරම් අවභාවිතා කරන සහ ආයුධයක් ලෙස භාවිතා වන වෙනත් දේශපාලන ප්‍රවණතාවයක් දක්නට නැත. ඒ තුළ දේශපේ‍්‍රමීත්වය වැළඳ ගැනීම මෙන්ම එය හෙළා දැකීම සහ ඊට පහරදීම යන ක්‍රමවේද දෙකම දක්නට ලැබේ. දේශපාලන ඔත්තුකරුවා විසින් ඉටුකල යුතු අවසන් මෙහෙයට අනුව භූමිකාව තෝරාගැනීම සිදු වේ. යම් අවස්ථාවල මහජනයා නොමග යැවීම සඳහා භූමිකා දෙක මාරුවෙන් මාරුවටට ර`ගපාන අවස්ථාද ඇත. මෑත කාලීනව එවැනි සංකීර්ණ භූමිකා රැුසක් එකම වේදිකාවක ර`ගදැක් වූ අවස්ථාවක් ඇත. ජනාධිපතිතුමා විසින් එකිනෙකාට සමාව දීමේ පදනම මත ශ්‍රී ලංකාව මුහුණ දෙන ජාත්‍යන්තර පීඩනයෙන් ගැලවිය යුතු බවට ප්‍රකාශ කළ පසුව පෙළගැසෙනු සිදුවීම් මාලාව සහ ප්‍රකාශ හැදෑරීමේ දී එවැනි විචිත්‍රවත් පින්තූරයක් දක්නට ලැබේ. එම ප්‍රකාශය සිදුකළ වහාම කොටි ත්රස්තවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක සිටින චම්පික රණවක අමාත්‍යවරයා විසින් සියළු ත්‍රස්තවාදී සැකකරුවන්ට, චූදිතයන්ට සහ වැරදිකරුවන්ව දඩුවම් ලබන්නන්ට සමාව දිය යුතු බව ප්‍රකාශ කරන්නට යෙදුණි. එය දේශපේ‍්‍රමීත්වය අවභාවිත කිරීමක් ලෙස හැඳින්විය හැක. එහෙත් එතුමා විසින් එම භූමිකාව අතහැර දමා ඇතැයි ද මහජන මතයක් පවතියි. කෙසේ වෙතත් එම ප්‍රකාශය මගින් මහජනයා වික්ෂිප්ත වූ අතර ජනාධිපතිතුමාගේ ප්‍රවේශයට සුජාතභාවයක් ද ලැබුණි.
අනෙක් පැත්තෙන් එම මතයට ප්‍රතිචාර දැක්වූ දෙමළ ජනතාව අතර දේශපේ‍්‍රමී භූමිකාවක් ර`ගපාන සුමන්තිරන් මන්ත්‍රීවරයා ජනධිිපතිවරයාගේ ප්‍රකාශයට විරුද්ධ විය. දෙමළ සටන්කාමී සැකකරුවන් සහ ආරක්ෂක හමුදාවල යුධ අපරාධකරුවන් සම කළ නොහැකි බවට ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් දෙමළ දේශපේ‍්‍රමීත්වය හෙවත් ඊළාම් දේශපේ‍්‍රමීත්වය ඉතා ප්‍රභල ලෙස ආමන්ත්‍රණය කළේය. අනෙක් පැත්තෙන් ඔහු ජනාධිපතිවරයාගේ යෝජනාවට කොන්දේසි සහිතව එක`ග විය. සත්‍යසෙවීමේ සහ ප්රතිසන්ධාන කොමිසමක් යටතේ සමාව දීමට එක`ග විය හැකි බව ඔහු ප්‍රකාශ කලේය. ඒ මගින් ඔහු යම් සිංහල දේශපේ‍්‍රමීන් පිරිසක් ද ඇමතී ය. එහෙත් එය දෙමුහුන් යුද අපරාධ අධිකරණයට වඩා භයානක ඉල්ලීමක් බව දේශපේ‍්‍රමී කඳවුරෙන් ප්රබලව ප්‍රකාශ වූයේ නැත. ඒ වෙනුවට දේශපේ‍්‍රමී කඳවුරේ යම් පිරිසක් ජිනිීවාවල දී ප්‍රකාශයක් කරමින් ඊට වක්‍රව අනුකූලතාවය දැක්විය. ඔවුන් ප්‍රකාශ කළේ තමා 30/1 යෝජනාවට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කරන බව ය. මතුපිටින් බලන විට සහ ‘‘ප්‍රති‘‘ යන විශේෂණ පදය නිසා එය 30/1ට විරුද්ධ යෝජනාවක් බව හැගී යයි. එහෙත් පසුගිය වසර 3ක කාලය තුළ ඊට එරෙහිව ශ්‍රී ලංකා රජයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වූයේ නැත. දැන් ‘‘ප්‍රති යෝජනාවක්’’ අවශ්‍ය වන්නේ 34/1 යෝජනාව මගින් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදුන් වසර දෙකක කාලය ලබන මාර්තු මස අවසන් වන බැවිනි. එවැනි තත්ත්වයක් තුළ තව දුරටත් ශ්‍රී ලංකාව කොටු කිරීම සදහා ප්‍රති යෝජනාවක් නොව විකල්ප යෝජනාවක් අවශ්‍යය වේ.
එවැනි යෝජනාවක් 30/1 සහ 34/1 යෝජනා ඉදිරිපත් කළ රටවල් විසින් හෝ මානව හිමිකම් සමුළුව විසින් ඉදිරිපත් කළ නොහැක. තවදුරටත් කාලය දික් කිරීමට එම පාර්ශව විසින් යෝජනා ගෙන ඒම මගින් ඔවුන්ගේ බලය හීනවෙයි. ඒ නිසා දැන් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ විසින් එම යෝජනාව ඉදිරිපත් කරන තත්වයක් නිර්මාණය කිරීම ය. ඒ සඳහා එක් පැත්තකින් එය ජනාධිපතිතුමාගේ ගෞරවයට හේතුවන බව පෙන්විය යුතුය. එම නව යෝජනාව මගින් දෙමුහුන් අධිකරණ යෝජනාව ඉවත් වන්නේ නම් ඒ සඳහා ඉඩ විවර වේ. අනෙක් පැත්තෙන් එවැනි යෝජනාවක් දේශපේ‍්‍රමී කඳවුරෙන් ඉදිරිපත් කෙරෙන තත්ත්වයක් නිර්මාණයය කොට දේශපේ‍්‍රමී බලවේග ඊට පටලවා ගත යුතුය. දේශපේ‍්‍රමී බලව්්ග ශරහා ප්‍රති යෝජනා ගෙන ඒම අවශ්‍ය වන්නේ ඒ ආකාරයට එම ප්‍රවේශය සාධාරණීකරනය කිරීම සදහා නෝව්ද? දැන් වාසුදේව මන්ත්‍රීවරයා විසින් මෙම ක්‍රියාවලිය ඇගයීම තුළින් පැහැදිලි වන්නේ දේශපේ‍්‍රමීත්වය අවභාවිතා කිරීම හෙවත් ආයුධයක් ලෙස භාවිතා කිරීමේ උපක්‍රමය සාර්ථකව අත්හදා බැලෙන බව නොවේද?
වෛද්‍ය වසන්ත බණ්ඩාර
Comments
Post a Comment