Posts

ගෝඨාගෙන් මහජනයා ඉල්ලන්නේ කුමක්ද?

Image
වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් ඉතිහාසයේ කවර කලකවත් දක්නට නොලැබුණු ආකාරයේ මහා ව්‍යසනයකට අද වන විට රටත්, ජාතියත් රැගෙනයමින් තිබෙන බව රටේ අතිබහුතරයක් ජනතාවගේ පොදු පිළිගැනීම වී ඇත. මේ වන විට පවතින ආණ්ඩුවෙන් එක් පාර්ශවයක් ඉවත්වීම නිසා එනම් ජාතික ආණ්ඩුවක් නමින් පිහිට වූ සම්මුති ආණ්ඩුව බිඳ වැටීම නිසා ආණ්ඩුව තුළ බරපතල අභ්‍යන්තර ආරවුල් පැන නැගී ඇත. එම හේතුව නිසා සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම දුර්වල වෙමින් තිබෙන බව සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්වන බව ජනතාව විසින් ගතවන සැම දවසකම අත්විඳිති. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට අදාළව පවතින කණගාටුදායක තත්වය පසුගිය පාස්කු ඉරිදා මහා ජීවිත වන්දියක් ගෙවා අත් විඳිමට මහජනයාට සිදු විය. එවැනි මහා විනාශයකට පසුවද මහජනයා විසින් ලේ සෝදන ලොන්ඩරියක් ලෙස උපහාසයෙන් හඳුන්වනු ලබන තේරීම් කාරකසභාවක් හරහා සැබෑ චූදිතයන් නිර්දෝශී කරමින් සහ එකිනෙකාට චෝදනා කරගනිමින් මහජනයාට විහිළු සැපයීමට ආණ්ඩුවේ නායකයෝ ක්‍රියා කරති. එම තත්වය තුළ සැබෑ චූදිතයන්ට විශ්වාසභංග යෝජනා වලින් නිදහස් වී නැවත ඇමතිකම් දැරීමට පවා හැකියාව ලැබී ඇත. දැන් චුදිතයින් විනිසුරුවරුන් බවට පත් වී තමා නිර්දෝශී බවට නිර් භීතව සහ නිර...

ගව ඝාතණය තහනම් කිරීමෙන් ගවයා හෝ ගොවියා රැකිය හැකිද?

Image
ගව ඝාතන විරොධී දේශපාලන සටන් පාඨය සහ ගවමස් ආහාරයට ගැනීම අධෛර්යමත් කිරීම හෝ පොදුවේ මාංශ භක්ෂණයට එරෙහිවීම අතර විශාල වෙනසක් ඇත. එම සටන් පාඨය බොහෝ විට ආගම දේශපාලන අවියක් ලෙස යොදා ගත් අන්තවාදි පිරිස් විසින් ඉහළට ඔසවන ලද්දකි. පසුගිය කාලයේදි භික්ෂූන් වහන්සේ නමක් යොදාගනිමින් ගව ඝාතනය තහනම්කරන ලෙසට බල කරමින් සියදිවි නසාගැනිමට සලස්වා රජයට එරෙහිව බෞද්ධ විරෝධයක් ඇවිලවිමට ගනු ලැබු උත්සහාය එවැනි එක් අවස්ථාවකි. ධර්මපාල තුමා පවා " ගව මස් නොකනු " යන සටන් පාඨය යොදා ගනු ලැබුවේ ගවමස් බුදින සහ මත්පැන් පානය කරන කරන බටහිර සංස්කෘතිය පිටුදැකිම සඳහා මිස ආගමික අන්තවාදී ප්‍රවනතාවයක් ‍ලෙස නොවේ. ගවයා පූජනීය වස්තුවක් වන ඉන්දියාවේ පවා ගව ඝාතනය තහනම් කිරිම සඳහා නීති පනවා නැත.    නමුත් කිරි දෙනුන් මැරිම වැලැක්වීම සඳහා බලවත් නීති ඉන්දියාවට වඩා අප යොදා ගන්නා බව සත්‍යයකි. ඉන්දියාවේ ගවයින් රංචු පිටින් පාකිස්ථානයට සහ බංගලාදේශයට දේශ සිමා හරහා මස් පිණිස දක්කාගෙන යාමට එරෙහිව ඔවුන් පියවර ගන්නේ නැත. ඊට හේතුව ආර්ථික හේතු මත අතිරික්ත සතුන්ට වෙළඳපළ වටිනාකමක් ලබා ගැනිමට උවමනාවිමය. කිරි ගැනිමට නොහැකි සතුන්, පිරිමි සතුන්...

කිරි මෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම

Image
 පසුගිය වසර 15 කට අධික කාලයක් තිස්සේ විවිධ පාර්ශව විවිධ ප්‍රමාණවලින් සමාජ ගත කිරීමට උත්සාහ කළ කිරිපිටි ප්‍රශ්නය ට හදිසියේම ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇත. ඊට හේතුව කිරි ගොවීන් විසින් තමාට විකුණාගත නොහැකි කිරි මහාභාණ්ඩාගාරය ඉදිරිපිට මහ පාරේ හැලීම නොවේ. එසේම දේශීය කිරි කර්මාන්තකරුවන් තම කර්මාන්ත වසා දමා ගොවියන්ගෙන් කිරි මිලදී ගැනීම නවතා දැමීම නිසා ද නොවේ. එසේ නොවේනම් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහජන සෞඛ්‍යය සඳහා වන තම පරම යුතුකම ඉටුකිරීම සඳහා ආනයනික කිරිපිටි තොග වරායෙන් පිට කිරීමට  පෙර පරික්ෂා කිරීම සඳහා දැඩි තීන්දුවක් ගෙන ක්‍රියා කිරීම නිසා කිරිපිටි සමාගම්  විසින් කිරි පිටි ආනයනය කිරීම නතර කිරීම නිසාද නොවේ. බදු සහන ලබා දී බාල කිරිපිටි අඩුමිලට ආනයනය කිරීමට ඉඩ ලබාදී තම රටේ කිරි කර්මාන්තය සහ කිරි ගොවියාගේ ජීවන තත්ත්වය කඩා වැටීමට ඉඩ සලසන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වුවත් ඊට එරෙහිව එවැනි ප්‍රතිචාර දක්නට ලැබෙන්නේ නැත. එසේ නම් පසුගිය දිනවල කිරිපිටි ප්‍රශ්නය හෙවත් ‘කිරිපිටි සෙල්ලම’ පිළිබඳ මහජන සංවාදයක් ඇති කිරීමට හේතු වූයේ කුමක්ද? ඊට හේතු වූයේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් පාර්ලිම...

යළි යටත් කිරීමේ නව උපාංග සහ නිදහස

Image
මෑත කාලීනව අප ඉතා උත්කර්ෂවත් ලෙස සමරන සෑම නිදහස් දිනයක් පාසාම අප රටේ පොදු නිදහස හෙවත් ස්වයිරීභාවයට අදාළ තත්වයන් ක‍්‍රමයෙන් නරක අතර හැරෙමින් ඇත. නමුත් ඒ පිලිබදව බරපතල සමාජ කතිකාවක් පැන නැගී නැත. ඒ වෙනුවට පුද්ගල නිදහස හා මානව හිමිකම් පිලිබදව නව කථිකාවක් ආරම්භවී ඇත. මෑත කාලීනව අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් විසින් මෙහෙයවූ බෙදුම්වාදී ශ‍්‍රී ලංකා රජයේ ජයග‍්‍රහණය වැලැක් වීමට  අවසාන භාගයේදී යුද්ධය නතර කිරීම සදහා ප‍්‍රභල ජාත්‍යන්තර බලපෑමක් එල්ල විය. එය නිදහසින් පසු අප රටේ ජාතික නිදහසට එරෙහිව එල්ල වූ ප‍්‍රභලතම බලපෑම ලෙස හැදින්වීමේ වරදක් නැත. එසේ වුවත් එවකට පැවති රජය ඊට නොබියව මුහුණ දුන් බවට විවාදයක් නැත. ජාත්‍යන්තර බලපෑමකට යටත් නොවී යුද්ධය අවසන් කිරීමෙන් පසුව මානව හිමිකම්  සහ යුද අපරාධ සදහා වගවීමේ නාමයෙන් දිගින් දිගටම ජාත්‍යන්තර බලපෑම් එල්ල විය. එය එක්තරා ආකාරයට පුද්ගල නිදහසේ නාමයෙන් පොදු නිදහස හෙවත් ස්වයිරීභාවය  සහ භෞමික අඛණ්බතාවය අහිමි කිරීමේ උත්සාහයක් ලෙස හැදින්වීමේ වරදක් නැත. කෙසේවෙතත් එවකට පැවති රජය ඒ සියලූ බලපෑම් වලට සාර්ථකව මුහුණ දෙමින් රටේ ස්වයිරීභාවය ආරක්ෂා කිරීමට සමත් ...

සයිටම් අහෝසි කිරීම දේශපාලන යථාර්තයක්ද?

Image
    සයිටම් නමින් හදුන්වන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව වර්ධනය වෙමින් ඇත. රජයේ වෛද්‍ය විද්‍යාල වල සිසුහු මේ වන විට මාස 3කට අධික කාලයක් අඛණ්ඩව පන්ති වර්ජනයක නියැලී සිටිති. එම තත්වය ඉතා සුවිශේෂී බවට විවාදයක් නැත. ශිෂ්‍ය සටන් ඉතිහාසය දෙස බලන විට මෙම සටන දෙවැනි වන්නේ 1989 දී සිසුන් ජීවිත වලින් වන්දි ගෙවූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සටන් ව්‍යාපාරයට පමණි. නමුත් වර්තමාන සහ හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් කල්පනා කරන බව පෙනෙන්නේ විවිධ ව්‍යාජ විසදුම් වලින් සිසුන් ගොනාට ඇන්දවිය හැකි බවය. සමහර විට ඔවුන්  ඕනෑම ගොනෙකුට වර්ජන කරන්න පුළුවන් යැයි කල්පනා කරනවා විය හැක. විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ හදවතට හදවතට සමීප නොවන සටනක දිගු කාලයක් රදවා තබා ගැනීම ලෙහෙසි නැත. විශේෂයෙන්ම රට තුල පොදුවේ සටන් උණුසුමක් නොමැති තත්වයක් තුල එය වඩාත් දුශ්කර වේ. අප රටේ බහුතරයක් සිසුන් අතර දේශපාලන බේදයකින් තොරව නිදහස් අධ්‍යාපනය රැුක ගත යුතුය යන උතුම් හෘද සාක්‍ෂිය බලවත්ව පැවතීම නිසා සය...

විපක්ෂය නොදකින ආණ්ඩුවේ ගමන

Image
මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකදා නිදහස් පක්ෂය කඩාගෙන ගොස් එක්සත් ජාත්ක පක්ෂය සමග එක්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයබ පරාජය කළ බව දැන් එම පක්ෂයට අමතක වී ඇත. එදා ඔහු තම ජයග‍්‍රහණයෙන් පසු එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව තමාට හිමි නැති සභාපතිකම බලහත්කාරයෙන් ලබා ගත්තේය. ඉන් පසුව තමා මෙන්ම පක්ෂය කඩාගෙනගොස් පක්ෂය පරාජය කළ තවත් පුද්ගලයෙකුට පක්ෂයේ ලේකම් තනතුර ලබා දීමට ක‍්‍රියා කළේය. ඊට පෙර ඔහු රටේ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් එම  පක්ෂයේ අගමැතිවරයා තනතුරේ සිටියදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැතිවරයා අගමැති තනතුරට පත් කළේය. ඒ මගින් ඔහු ඒ වන විට පැවති බහුතර ආණ්ඩුව විපක්ෂය බවට පත් කොට තමාට කැමති අයෙකු විපක්ෂ නායකයා ලෙස පත්කළේය. ඉන් පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී තම පක්ෂයේ අගමැති අපේක්ෂකයා පරාජය කිරීම සදහා කළ හැකි සියලූම ආකාරයේ ක‍්‍රියාමාර්ග ගණු ලැබීය. ඒ මගින් ඔහු තම පක්ෂයේ අගමැති අපේක්ෂකයා ජනාධිපතිවරණයේ ලබා තිබූ ඡුන්ද ප‍්‍රමාණයෙන් ලක්ෂ 11ක් ඔහුට අහිමිකොට තම පක්ෂයට ආණ්ඩුවක් ලබා දීමට තිබූ අවස්ථාව අහිමි කළේය. එම ක‍්‍රියාවළිය තුලදී ඔහු තම පක්ෂයේ අගමැති අපේක්ෂකයා පරාජය කිරීම ස...

සම්බන්ධන් විපක්‍ෂනායක තනතුරට නුසුදුසු වන්නේ කුමක් නිසාද? (අනුර දිසානායකලාට නොතේරෙන ඇත්ත

Image
ටීඑන්.ඒ. පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායක තනතුරට නුසුදුස වන්නේ ඔහු දෙමළ වීම නිසා හෝ පටු ජාතිවාදියකු වීම නිසාද? නැත. කිසිසේත්ම නැත. එසේ නම් ඒ කුමන හේතු නිසාද? 01. පළමු හේතුව ඔහු බෙදුම්වාදියකු වීමය. මෙවර මහ මැතිවරණයට සහ ඊට පෙර පළාත් සභා මැතිබරණයට ඔහුගේ පක්‍ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයෙන් තමා උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව සඳහන් කොට ඇත. ඔහු ෆෙඩරල් පාලනයක් සහ ස්වයං පාලනයක් යන වචන එක විට පාවිච්චි කරන්නේ ඒ දෙක සමාන නිසා නොවේ. ෆෙඩරල් පාලනයක් යනු 13 වැනි ව්‍යවස්ථා සංශෝදධය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම මඟින් ඇතිවන තත්වයකි. ඔහු අදහස් කරන ස්වයං පාලනය නිත්‍යානුකූලව ලබාගන්නා තත්වයකි. ස්වයං පාලනයක් යනු වෙනම රටක් මිස අන් යමක් නොවේ. ඔහු විපක්‍ෂනායක තනතුර බාර ගැනීමෙන් පසුව කළ කථාවේදීත් තමාට ඉන්දියාවේ මෙන් ෆෙඩරල් පාලනයක් අවශ්‍ය බව පැවසීය. එහෙත් ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍යය ස්වයං පාලන ඒකක ලෙස හැඳින්වෙන්නේ නැත. කෙසේවෙතත් සහ-සන්දීය රාජ්‍යයක් හෙවත් ෆෙඩරල් පාලනයක් ඉක්මවා යන බලතල සහිත ප‍්‍රාන්ත රාජ්‍යයක් ස්වයං පාලන ඒකකයක් ලෙස හැදින්විය හැකි බවට තර...

ජන ගංගංවේ කිරුළපන පණිවිඩය කුමක්ද?

Image
මැයි දිනයකදී පිට්ටනියක එක්රැස්වූ මහජනයාගේ ප‍්‍රමාණය රටේ ඉදිරිදේශපාලන උපාය මාර්ගයක් ලෙස වැදගත්වූ අවස්ථාවක් පසුගිය මැයි දිනයට පෙර ඉතිහාසයේ සොයාගත නොහැක. එයට හේතුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පර්ශවය එක්සත් ජාතික පක්ෂයේ ද ආශිර්වාදය ඇතිව තේරූ උපාය මාර්ගයක කාලීන වැදගත්කම බව කිව හැක. එනම් මහින්ද පාර්ශවයට තීරණාත්මක ප‍්‍රහාර එල්ල කොට යටත් කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කිරීම ස`දහා ඔවුනට එරෙහිව මෛත‍්‍රී පාර්ශවය විසින් ප‍්‍රදර්ශනාත්මක බලය පෙන්වීමක් අවශ්‍ය වූ බැවිනි. ජනවාරි 8 වැනිදා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයෙන් පසුව ඔවුන් විසින් හයිඞ් පිටියේදී පැවැත්වූ පළමු මැයි රැලියේදී මෛත‍්‍රී පාර්ශවයේ කාර්ය සාධනය සහ බලය පෙන්වීම ඉතා දුර්වල තත්වයක පැවතුනි. ඒකාබද්ධ විපක්ෂය වැඩි දැගලීමක් නොකර මෛත‍්‍රී පාර්ශවයට වඩා වැඩි බලයක් පෙන්වූවත් එය පෙබරවාරි 18 නුගේගොඩ නගරයේදී පෙන්වූ බලයට වඩා දුප්පත් විය. එය මෛත‍්‍රී පාර්ශවය සමග යම් එක`ගතාවයකට පැමිණීමේ උවමනාව නිසා ඊට එරෙහිව බලය පෙන්වීමේ උපායමාර්ගික උවමනාවක් මහින්ද පාර්ශවයට තිබුනේ නැත. එම තත්නය තුල අගෝස්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෛත‍්‍රී පාර්...