Posts

ජාතිවාදී බළල් අත් ගැන අගමැති ප්‍රකාශය

Image
සමගි ජන බලවේගය ජාතිවාදී දේශපාලන පක්ෂවල බළල් අතක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සුවිශේෂි තත්වයකි. එතුමා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කරනු ලබන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උතුරු ප්‍රදේශයේදී කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් බව පෙනේ. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශකොට ඇත්තේ තමා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය. එම ව්‍යවස්ථා සංශෝධනය බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව ඒ තුළට පනවා ඇති ව්‍යවස්ථාමය බාධක නිසා බව රහසක් නොවේ. ටී.එන්.ඒ පක්ෂය ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග විසින් යුද්ධය පැවති කාලයේදී පවා ඉල්ලා සිටිනු ලැබුවේ එම ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන සංශෝධනයක් මඟින් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙසය. පසුගිය යහපාලන රජය විසින් පත්කරන ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ටී.එන්.ඒ පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා තුළින් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටිනු ලැබුවේ එම ව්‍යවස්ථාමය බාධක ඉවත් කරන ලෙසය. ඊට අමතරව ඔවුන් විසින් 13 වැනි සංශෝධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එනම් පරිධිය ශක්තිමත් කිරී...

ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ආනයනික භාණ්ඩ වලට බදු පැනවීම සහ බදු සහන දීම : දූෂිත සහ ආර්ථික ඝාතක සෙල්ලමක්

Image
වර්තමාන ආණ්ඩුව බලයට පත් වී ගත වූ මාස 6 ක කාලය තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව මුදල් අමාත්‍ය වරයාගේ අත්සනින් පමණක් අවස්ථා 5 කදී ආනයනික භාණ්ඩ සඳහා බදු සහන ලබා දීම සහ බදු පැනවීම සිදුකොට ඇත. ඒ සඳහා රේගු ආඥා පනත, ආනයන – අපනයන පාලන පනත, විශේෂ පරිභෝජන බදු පනත, වැට් බදු පනත ආදී පනත් වලින් මුදල් අමාත්‍යවරයාට බලය තිබෙන බව සත්‍යයකි. එහෙත් 1977 ට පෙර එසේ නව බදු පැනවිම හෝ සහන දීම සිදු කරනු ලැබුවේ අය වැය මඟින් හෝ රටට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන යම් විශේෂ හේතු දැක්වීම් සහිත ප්‍රකාශයක් මඟිනි. ඒ ආකාරයට බදු පැනවීම හෝ සහන දීම මඟින් ආර්ථිකය තුළ සිදුවන වෙනස එනම් දිරිගැන්වීම හෝ අධෛර්යමත් කිරීම කුමක්දැයි මහජනයාට පැහැදිළි වන අතර එය සාධාරණීකරනය කෙරේ. නමුත් 1977 න් පසු ආරම්භ වී දැන් එක්තරා උච්චතම අවස්ථාවකට පත් වී ඇති මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ සිදුකරනු ලබන බදු වෙනස්කම් පිළිබඳ තීන්දු ගනු ලබන්නේ නිලධාරීන් කිහිප දෙනෙකු විසිනි. බොහෝවිට එසේ ලබා දෙන බදු සහන පිළිබඳ සොයා බැලීමේදී පැහැදිළි වන්නේ අදාළ තීන්දු වලින් යම් තෝරාගත් සමාගම්, විශේෂයෙන්ම ආනයනික, භාණ්ඩ වෙළඳාමේ නියුක්ත සමාගම්, ක...

ටී.එන්.ඒ පක්ෂය දකුණෙන් වමට පීලි මාරුකිරීමේ රහස

Image
පසුගිය දිනවල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 50 වසරක දේශපාලන දිවියට සුභ පැතුම් ලිපියක් යවමින් ටී.එන්.ඒ පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. එහිදී ඔහු මහින්ද රාජපක්ෂ චරිතය වර්ණනා කිරීම සඳහා ඉතිහාසයේ ඔහු විසින් කිසි දිනෙක භාවිතා නොකළ බවට සඳහන් කළ හැකි ඉතා සුන්දර සහ යහපත් වචන රාශියක් යොදා ගෙන තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාගේ 50 වසරක විචිත්‍රවත් දේශපාලන ගමන විග්‍රහ කිරීම සඳහා ඊට වඩා ප්‍රභල වචන යොදා ගැනීම වරදක් නොවේ. එහෙත් සම්බන්ධන් මහතා ප්‍රමුඛ එදා එල්.ටී.ටී සංවිධානයේ දේශපාලන හස්තය ලෙස ක්‍රියාකළ පිරිස එම වසර 50 න් වසර 30 කට වැඩි කාලයක් මරාගෙන මැරෙන ආකාරයෙන් උත්සහා කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ චරිතය වර්ණනා කිරීමට නොව දේශපාලන වීමෙන් පමණක් නොව භෞතිකවද මිහිපිටින් ඉවත් කිරීමටය. යුද්ධය පැවති කාලයේදී එම දෙවන උවමනාව ඔවුන්ගේ ප්‍රමුඛතම ප්‍රාර්ථනාව වූ බව රහසක් නොවේ. ඉන්පසුව 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට සහ 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වැලැක්වීම සඳහා ටී.එන්.ඒ පක්ෂය දෙස් විදෙස් සියළු ප්‍රතිගාමී බලවේග සමඟ එකතු විය. ඇත්තවශයෙන්ම 2015 දී මහින්ද ර...

කෝවිඩ් 19න් පසු නැගී සිටීම: මඟ පෙන්වීමේ නාමයෙන් මඟ වැරැද්දවීම

Image
කොරෝනා වසංගතය ගෝලීය මට්ටමින් සමනය කර ගැනීම සඳහා තවත් මාස 6 ක් පමණ ගත විය හැකි බවට විවිධ වසංගත රොග විද්‍යාඥයින් විසින් සංඛ්‍යානමය ආකෘති යොදා ගනිමින් අනාවැකි පළ කොට ඇත. ඒ අතර ස්වාධීන යැයි පෙන්වන ආර්ථික විද්‍යාඥයින් මෙන්ම මූල්‍ය අරමුදල වැනි ආයතන නියෝජනය කරන පාර්ශවීය යැයි කියන විද්වතුන්ද එක් පොදු මතයක් ඉදිරිපත් කරති. ඒ 1930 ඇතිවූ මහා ගෝලීය ආර්ථික අවපාතයට පසුව එන දරුණුතම ආර්ථික අවපාතයකට ලෝක වැසියාට මුහුණ දීමට සිදුවන බවය. එසේ නම් කොරෝනා පාලනයේ දිගුවක් ලෙස ආර්ථික අවපාතය පාලනය කිරීමේ හෝ ඊට මුහුණදීමේ ක්‍රියාන්විතය දියත් කිරීමට ලෝකයේ සෑම රාජ්‍යයකටම සිදුවනු ඇත. නමුත් කොරෝනා වසංගතය පැන නැගීමට පෙර යුරෝපයේ බලවත් බැංකු කිහිපයක විශ්ලේෂකයින් විසින් අනතුරු අඟවා තිබුණේ යුරෝපයේ සහ ඇමරිකාවේ මූල්‍ය වෙළඳපළ බරපතල කඩා වැටීමකට ලක් විය හැකි බවය. එසේ නම් කොරෝනා වසංගතය එම රටවලට ආශිර්වාදයක් වූ බව පිළිගැනීමට සිදුවේ. එනම් බලවත් රටවල් පමණක් ඇද වැටීම වෙනුවට සමස්ථ ලෝකයම ඇද වැටීම මඟින් එම බලවතුන්ගේ ස්ථානය යම් පමණකට ආරක්ෂා වීමය. කෙසේ වෙතත් දැන් බලවතුන් මෙන්ම දුබලයින්ද වසංගතයෙන් පසුව නැවත නැගී සිටීම සඳහා විවිධ ක්‍රියාමාර්ග...

පිටරට දෙනුන්ගෙන් කිරි දොවා කිරි ආර්ථිකය ගොඩ දැමිය හැකිද?

Image
පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ කිරි දෙනුන් තොගයෙන් තවත් 2500 ක් ආනයනය කිරීමට තීන්දුවක් ගනු ලැබූ බව ප්‍රකාශයට පත් විය. මෙම කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 දී වන අතර 2019 වන විට දෙනුන් 20,000 ක් ආනයනය කිරීමට නියමිත විය. ඔස්ට්‍රේලියානු අපනයන මූල්‍ය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 100 ක ණය මුදලක් යොදා ගනිමින් මෙම කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය දියත් විය. කෙසේ වෙතත් 2019 වන විට ආනයනය කරනු ලැබුවේ දෙනුන් 5000 ක් පමණි. එම දෙනුන් අතුරින් 500ක් එනම් 10% විවිධ ලෙඩ රෝග නිසා මරණයට පත් වූ බව වාර්තා විය. 2015 සිට එම දෙනුන් සෘජුව ගොවීන්ට ලබාදීමට පටන් ගැනීමෙන් පසුව විවිධ පාර්ශව විසින් එම ව්‍යාපෘතියට එරෙහිව බරපතල විවේචන එල්ල කරන ලදී. ශ්‍රී ලංකාවේ විඝණකාධිපතිතුමා විසින් 2018 දී නිකුත් කළ වාර්තාව මඟින් අදාළ ව්‍යාපෘතිය බරපතල විවේචනයට ලක්වුණු අතර ඔස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය වලින් ද ඊට අදාළ කරුණු ප්‍රසිද්ධියට පත් විය. එසේම ශ්‍රී ලංකාවේ රජය සහ කිරි දෙනුන් අපනයනය කළ ” වේලාර්ඩ් ” නම් සමාගම අතර අත්සන්කළ ගිවිසුම විධමත්ව අත්සන්කොට නැති බවට සහ එම ගිවිසුමේ ප...

වෙල්ලාලයින්ගේ ‘‘ෆෙඩරල් සංහිදියාව’’ වෙනුවට සැබෑ ජාතික සංහිදියාව

Image
ජාතිකත්ව හෙවත් ජනකොටස් අතර සංහිදියාව ජාතියක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික සාධකයකි. ශ‍්‍රී ලංකාව තුළ ඓතිහාසික ව බහුතර සිංහල ජනතාව සහ දෙමළ ජනකොටස් අතර සංහිදියාව පලූදු වීමට මූලික වශයෙන් හේතු වන්නේ යටත් විජිත පාලකයන් විසින් රෝපණය කළ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරයයි. ක‍්‍රමයෙන් පොදු ජනතාව සහ රජයට එරෙහි සන්නද්ධ යුද්ධයක් බවට පත්වූ එම ප‍්‍රවණතාව දීර්ඝ ගැටුමකින් පසු ව යුදමය වශයෙන් පරාජය කෙරුනද ජාතිවාදය සහ බෙදුම්වාදය මතවාදී ව පරාජය නො වී ය. බෙදුම්වාදය ප‍්‍රචලිත කරන ජාතිවාදය පරාජය කිරීමෙන් තොර ව සංහඳියාව ඇතිකරන්නේ කෙසේ ද?  දෙමළ බෙදුම්වාදී තුවක්කු නිහ`ඩ කිරීම සඳහා අති බහුතරයක් වූ සිංහල සොල්දාදුවන්ට දස දහස් ගණනින් ජීවිත දන්දීමට සිදුවිය. ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයට ලක් වූ ලක්‍ෂ සංඛ්‍යාත අහිංසක දෙමළ ජනතාව මුදා ගැනීම මුල් කරගෙන දියත් වූ අවසන් සටනේදී බහුතර සිංහල ජනතාව සහ විශේෂයෙන් ම යුදහමුදාව පෙන්වූ උසස් මානුෂික ගුණය සංහිඳියාව නැවත ගොඩනැගීම සඳහා ඉතා නිර්මාණශීලී ව යොදාගත හැකි ව තිබුණි. එහෙත් යුද්ධය අවසන් වූ සැණින් බෙදුම්වාදීන්ට පක්‍ෂපාත සහ ඔවුන් පෝෂණය කළ ජාත්‍යන්තර බලවේග විසින් ‘‘මානව හිමිකම්’’ න...

දේශපේ‍්‍රමීත්වය දේශද්‍රෝහීන්ගේ ආයුධයක් වෙන හැටි

Image
රාජිත සේනාරත්න අමාත්‍යවරයාවරයාගේ යම් විග‍්‍රහයන්ට අනුව දේශපේ‍්‍රමීත්වය යනු දේශපාලන තක්කඩියන්ගේ අවසාන ආයුධයයි. ඒ තුළින් ගම්‍යවන්නේ තක්කඩියන් තමා සතු සියළු ආයුධ අවසන් වූ පසුව දේශපේ‍්‍රමීත්වය ආයුධයක් ලෙස යොදා ගන්නා බවය. දේශද්‍රෝහීන් අසරණ වූ විට දේශපේ‍්‍රමීත්වය භාවිතා කරන බවක් ද ඒ් තුලින් අදහස් වේ. නමුත් ඒ ආකාරයට දේශපේ‍්‍රමීත්වය අවභාවිතා කිරීම නිසා සැබෑ දේශපේ‍්‍රමී ව්‍යාපාර වලට විශාල ගැටළුවක් පැනනගින්නේ නැත. ඊට හේතුව දේශපාලන තක්කඩියන් හඳුනාගැනීම පොදු මහජනයාගේ පැත්තෙන් ගත්විට එතරම් ගැටළුවක් නොවීමය. ඇත්ත වශයෙන්ම ගැටළුව පැන නගින්නේ මහජනයා විසින් සැබෑ ලෙසම දේශපේ‍්‍රමීන් ලෙස හඳුනාගන්නා පිරිස් විසින් දේශද්‍රෝහී උවමනාවන් සඳහා දේශපේ‍්‍රමීත්වය යොදා ගැනීමේදී ය. එසේ නැතහොත් සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස පෙනී සිටි පිරිසක් විසින් යම් අවස්ථාවක දේශද්‍රෝහී භූමිකාවකට අවතීර්ණ වීමේදීය. මෙම උභතෝකෝටිකය බේරාගැනීම සඳහා රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේම තවත් විග‍්‍රහයක් ඉතා වැදගත් වේ. එතුමා 80 දශකයේ අ`ග භාගයේ දී  දේශපේ‍්‍රමීත්වයට නව විග‍්‍රහයක් ලබා දුනි. එහිදී ඔහු තර්ක කළේ ජනතා විමුක්ති පෙරමුණ දේශද්‍රෝහී භූමිකාවක් ඉ...

ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ බින්නබහිවිද?

Image
පසුගිය  දිනවල කටුනායකට පැමිණි ඇමෙරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් හමුදාවලට අවශ්‍ය සැපයුම් ගොඩ බාන ආකාරය මාධ්‍යවලින් දැක ගත හැකි විය. එම භාණ්ඩ කුමන  ඇම‍ෙරිකානු හමුදා කඳවුරට රැගෙන යන ඒවා ද යන ප්‍රශ්නය මෙන්ම ලංකාවේ ඇමරිකානු හමුදා කඳවුරක් තිබෙනවාද යන ප්‍රශ්නය මහජනයා අතර කතාබහට ලක්විය. ඊට පෙර ජෝන්.සී ස්ටෙනිස් නම් වූ ගුවන් යානා රදවන මහා පරිමාණ යුද නෞකාව ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව ස්ථානගත කෙරෙන බව ඇමරිකානු නිලධාරීන් විසින්ම ප්‍රකාශ කරන්නට යෙදුණි. නමුත් ජපානයේ ඔකිනාවා කඳවුර හෝ දකුණු කොරියාවේ හම්ප්‍රෙස් කඳවුර මෙන් මහා පරිමාණ ඇමරිකානු යුද කඳවුරු ශ්‍රී ලංකාවේ පිහිටුවීමට දේශපාලන සක්‍යතාවයක් නොමැති බව ප්‍රකට කරුණකි. එසේනම් මේ සිදුවන්නේ කුමක්ද?  ජෝන්.සී ස්ටෙනිස්  යුද නෞකාව අයත් ඇමරිකාවේ 7 වැනි  පැසිපික් නාවික හමුදා බලඇනිය යනු ලෝකයේ  භූමියෙන් 50% කට වැඩි ප්‍රමාණයකට බලපෑම් කළ හැකි මුහුදු සීමාවක බලය පෙන්වන හමුදා බලඇණියකි. ඒ අනුව එය ලෝකයේ විශාලතම හමුදා බලඇණිය ලෙස හැඳින්වීමේ වරදක් නැත. එම බලඇණිය යුද, ගුවන්, නාවික, මැරීන් සහ විශේෂ හමුදා අනු ඛණ්ඩ වලින් සමන්විත වන අතර ඊට දකු...