වොෂින්ටන් ගිවිසුම සහ ව්‍යවස්ථා මරඋගුලේ දිග-පළල
පසුගිය ජුනි 14 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ටී.එන්.ඒ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සුවිශේෂී එළිදරව්වක් කළේය. ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් මහතා ලගතබාගෙන ඔහු විසින් එම ප‍්‍රකාශය කරනු ලැබුවේ ‘‘ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික සහ ආගමික නිදහස සඳහා කොන්ග‍්‍රසය’ නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක සමුළු වාරයකදීය. එහිදී ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවේ එක`ගතාවයෙන් සම්මත වූ ඇමෙරිකානු යෝජනාව සකස් කිරීමට පෙර ඊට අදාලව ශ‍්‍රී ලංකා රජය ඇමෙරිකානු රජය සහ ටී.එන්.ඒ පක්‍ෂය අතර තුන් පාර්ශවීය ගිවිසුමක් ඇතිකරගත් බව ප‍්‍රථම වතාවට එළිදරව් කළේය. ඔහුට අනුව යුද අපරාධ විමර්ශනයක් සඳහා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් අවශ්‍ය වන බවට වූ ඔවුන්ගේ දැඩි ස්ථාවරය දේශිය සහ විදේශීය දෙමුහුන් අධිකරණයක් දක්වා වෙනස් වූයේ එම එක`ගතාවය අනුවය. නමුත් එසේ තම ස්ථාවරය පහලට ගැනීම ස\හා ශ‍්‍රී ලංකාව පැත්තෙන් ලබාදීමට එක`ග වූ වරදානය කුමක්ද? යන්න හෝ ඊට සහභාගී වූ ශ‍්‍රී ලංකා රජයේ නියෝජිතයන් කවුද යන්න ඔහු විසින් එළිදරව් කළේ නැත. සුමන්දිරන් මහතා ඔහු සහ මංගල ...